රාවණා රජ

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ අනුව විමසා බලනවිට රාවණා රජුට විරුද්ධව අප රට ආක්‍රමණය කළේ ඉන්දියානුවෙක්‌ නොව පිටසක්‌වල ජීවියෙක්‌වූ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හඳුනාගෙන ඇත. රාමා සමග පැමිණි හමුදාව වඳුරු හමුදාවක්‌ ලෙස රාමායනය සඳහන් කරන්නේ එම මිනිසුන් වඳුරන් වැනි මිටි සිරුරින් යුක්‌ත නිසාය.

    රාම - රාවණා මහා සංග්‍රාමයේදී දෙව් ලොව දෙවිවරුන්ගේ රාමාට සහාය ලැබුණ බැව් රාමායනය පවසයි. එය සත්‍යයක්‌ නම් රාවණා රජු ඝාතනයට පත් කළ රාමා ඉන්දියානුවෙක්‌ නොව පිට සක්‌වල සිට පැමිණි සටන් කාමියෙක්‌ නොවේද? පිට සක්‌වල ජීවියෙක්‌වූ රාමාට මිනිස්‌ වෙසක්‌ දීම පිණිස උතුරු ඉන්දියාවේ දස රථ රජු සහ පරපුර රාමායනයට මහත්a ආයාසයෙන් සම්බන්ධ කර ඇති බැව් රාමායනය බුද්ධිමත් ලෙස විමර්ශනය කරන විට අවබෝධ වනු සැක නැත.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    වාල්මිකී හඳුන්වාදී ඇත. වාල්මිකී සෘෂිවරයා රාමායනයේ වානර හමුදාව ලෙස හඳුන්වා තිබෙන්නේ වඳුරන් වැනි මිටි මිනිසුන්ගේ හමුදාව විය හැක. පිට සක්‌වල ඇතැම් ග්‍රහලෝකවල මිටි මිනිසුන් සිටින බැව් වත්මන් පර්යේෂණවලදී හෙළිවී ඇත.

    මාර දිව්‍යරාජයාගේ නාමය අනිත් අතට පෙරළා රාම නාමය සකස්‌ කර ගෙන ඇත. මේ අනුව සළකා බලන විට ශ්‍රී ලංකාවේ සිදුවුණු රාම රාවණා යුද්ධය පිට සක්‌වලින් පැමිණි රණවිරුවකුගේ සටනක්‌ මිස ඉන්දියානුවෙකුගේ වීරක්‍රියාවක්‌ නොවන බැව් කිවයුතුය.

    දැනට ශ්‍රී ලංකාවේ ශේෂවී තිබෙන "නිට්‌ටෑවා" එම වානර හමුදාවේ මෙහි රැඳුන කිහිපදෙනකුගෙන් පැවතෙන බවත් ඔවුන්ට පෘථිවියේ දේශගුණ ඔරොත්තු නොදෙන බැවින් නිට්‌ටෑවා සදහටම වඳවී ඇති බවත් ජුලියස්‌ කැබරේ කියයි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රාම - රාවණා යුද්ධයෙන් ලංකාවේදී ජය ලැබූ රාම කුමරු එම ජයග්‍රහණය සෙල් ලිපියකින් සහතික නොකළේ මන්ද යනු තවත් ප්‍රශ්නයකි.

    පිට සක්‌වලින් පැමිණි කිසිම පුද්ගලයෙක්‌ පෘථිවියේ සෙල් ලිපි පිහිටුවා නැත. රාම කුමරු දෙවියෙක්‌ යෑයි හින්දූන් පුන පුනා පවසන්නේද ඔහු මනුෂ්‍යයෙක්‌ නොවූ බැවිනි. එය සත්‍යයකි.

    ශ්‍රී ලංකාවේ රාවණා රජු පරාජය වූවේ මනුෂ්‍යයෙකුට නොව පිටසක්‌වලින් පැමිණි මාර දිව්‍ය පුත්‍රයාටය.

    මේ පිළිබඳව මා ශාස්‌ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 49 ක්‌ ලියා පළකර ඇත.


    ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ පිළිබඳව මා ශාස්‌ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ 49 ක්‌ ලියා පළකර ඇත
    :):)කොහෙද මේ ග්‍රන්ථ තියෙන්නේ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රාවණා කියන්නේ දෙමල රජ කෙනෙක් නෙවෙයි.නමුත් ඉන්දියන් කාරයන් රාවනා ඇඳලා තියෙන්නේ දෙමල විදිහට.මොකද උන්ගේ රටේ ඉන්න එවුන් විදිහට උන් ඇඳගෙන තියෙන්නේ?
    දෙමල අය ඒ කාලේ ලංකාවේ ඉඳලා නෑ.උන් මේ දිවයිනට එන්න බයයි.මොකද ටිකක් අද්භූත දෙවල් තිබුන නිසා:D
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රාවණා අන්තර්නයන මෝස්‌තරයක්‌ද? යන හිසින් ආචාර්ය සූරිය ගුණසේකර මහතා රචනා කරන ලද ලිපියට ප්‍රතිචාර දැක්‌වූ ලලින්ද්‍ර සන්නස්‌ගම මහා රාවණා ඓතිහාසික චරිතයක්‌ නොවන බව ප්‍රකාශ කරයි. 2010 ජුලි 21 දා ඔහු රචිත ලිපියෙන් මට පෙනෙන පරිදි ශ්‍රී ලංකාව පිළිබඳ හැඟීමෙන් ලිපි රචනා කරන සූරිය ගුණසේකරයන් පට්‌ට ගසා ඇති බව පෙනේ. ඉතිහාසගත පුවතක්‌ සනාථ වීමට නම් අනිවාර්යයෙන්ම ඓතිහාසික සාධක තිබිය යුතුය. ඒ අභිලේඛන හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකයන්ය.

    ශ්‍රී ලංකාව ආර්යයන් ජනාවාසකරණය වීමට පෙර අප රටේ ජනයා ජීවත් වූ බවට සාධක නොමැතිද? නැත. ඕනෑවටත් වඩා මෙරට ජනයා ජීවත් වූ බවට සාධක පුරාවිද්‍යාත්මක මෙන්ම සාහිත්‍යමය සාධකයන්ගෙන්ද සනාථ කර ගත හැකිය. ඉබ්බන් කටුව මෙන්ම පොම්පරිප්පු වැනි ස්‌ථානවලින් අප රටේ මැටි කර්මාන්ත තාක්‍ෂණය තිබූ බවට සාධක හමු නොවන්නේද? ලෙණගල, යටහලෙණ, පාහියන්ගල, බටදොඹලෙණ, දකුණේ මිනිහා ගල්කන්ද ආදී ස්‌ථානවල ගල්ලෙන් ආශ්‍රිතව හමුවන පුරාවිද්‍යා සාධක මෙරට ප්‍රාග් ඓතිහාසික ජනයා ජීවත් වූ බවට සාධක සපයයි. මහා වංසය , රාජාවලිය වැනි කෘතීන්හි සඳහන් වන කුවේණි කතා පුවත ද මෙරට ආර්යයන් පැමිණීමට පෙර ජනයා ජීවත් වූ බවට සාධක සපයයි. බුදුන් සත් සතිය ගත කරන අවධියේදී තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන්ට විළඳ හා මී පිඬු දන්දී ලබාගත් කේශධාතු මිටක්‌ රැගෙන මෙරටට පැමිණ ගිරිහඬු සෑය ඉදිකරන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. නමුත් අද අපට මේ ගිරිහඬසෑය හමුවන්නේ නැත. රමණීය ප්‍රදේශයක ඉදිව ඇති තිරිභය වටදාගෙය ආශ්‍රිතව නටබුන් මේ පැරැණි ගිරිහඩු සෑය ඉදිව තිබෙන්නට ඇතැයි සිතිය හැකි ප්‍රදේශයයි මතයක්‌ ඇත.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බෞද්ධ සාහිත්‍යයට අයත් වන වලාහස්‌ස ජාතකය, ඉන්දීය සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වන දිව්‍යාවදානය, හිsයුන්aසාං හිමියන්ගේ භ්‍රමණ වෘත්තාන්තය, පාහියන් හිමියගේ සීsයෑකි වාර්තාව අප රට තුළ ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබූ බවට සාධක සපයන සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ඉන්දියාවේ රචිත රාමායනය මෙන්ම මහා භාරතය ද අප රට පිළිබඳ තොරතුරු ලබා දෙන මූලාශ්‍රයන්ය. අප රට පිළිබඳ ඈත අතීතයේදී රචනා වූ මේවා බහුතරයක්‌ විදේශ මූලාශ්‍රයන්ය. මේ අතීතයේ පොතපතය. වර්තමානයේදී ලෝකය පිළිබඳ විවිධ රටවල උගතුන් පර්යේෂණ කොට තිබේ. ඇමරිකාවේ නාසා ආයතනය රාම සේතුව පිළිබඳ පර්යේෂණ කර ඇති අතර ඔවුන් පවසන්නේ ලංකාව හා ඉන්දියාව අතර පැරැණි පාලමක්‌ තිබූ බවය. මෙතෙක්‌ හඳුනාගෙන ඇති මිනිසා විසින් තනන ලද පුරාණතම පාලම් මාර්ගය බව නාසා ආයතනයේ විශ්වාසයයි. මෙය අනාගතයේදී වෙනස්‌ වීමට ඉඩ තිබුණත් දැනට පිළිගන්නා සත්‍යය එයයි. එසේ නම් ඉතිහාසය තුළ එවන් දස්‌කම් නොතිබෙන්නට නොහැකිද? මෙවන් තර්කයක්‌ මතු කරන්නේ නම් මෙරට ආර්යයන්ට පෙර ශිෂ්ටාචාරයක්‌ නොතිබෙන්නට ඇත්ද?

    ආර්යයන්ගේ ප්‍රධාන සාහිත්‍යයක්‌ ලෙස රාමායනය හා මහා භාරතය හඳුන්වාදීමට පුළුවන. රාමායනය රචනා කර ඇත්තේ ක්‍රි. පූ. 04-02 අතර කාලයේ ජීවත් වූවා යෑයි සැලකෙන වාල්මිකීය. නමුත් රාමායනය අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවසේ ගුප්ත යුගයේදීය. ඒ දක්‌වා රාමායණයට විවිධ කතා එකතු වූ බව පෙනේ. රාමායනය තුළ විස්‌තර වන්නේ එක්‌ කතාවක්‌ පමණක්‌ නොවේ. එහි කතාන්තර කීපයක්‌ විස්‌තර කරයි. අයෝද්‍යා නමින් හැඳින් වූ උතුරු ඉන්දීය අගනුවරක්‌ තුළ සිදු වූ රාජකීය කුමන්ත්‍රණයක්‌ පිළිබඳ මෙහි විස්‌තර ඇත. කෝසල රාජ්‍ය පිළිබඳව ද රාමායනයේ විස්‌තර ඇත. සීතා කුමරිය රාවණා රජු විසින් පැහැරගෙන යැම පිළිබඳව ද මෙහි විස්‌තර ඇතුළත්ය. මේ ප්‍රධාන කතා පුවත් දෙකේ එකතුවක්‌ ලෙස රාමායණය හඳුන්වා දීමට පුළුවන. අයෝධ්‍යාව මෙන්ම කෝසලය ද ඉන්දියාවේ ප්‍රදේශ නිසා රාමායණයේ ඇත්තේ ආර්යයන්ගේ ඉන්දියාවේ පිටත තොරතුරු නොවේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මහාභාරතය රචනා කර ඇත්තේ වේද ව්‍යාස නමැති පඬිවරයෙකි. මේ කෘතියද ක්‍රි. පූ. 4 සියවසේදී පමණ රචනා වීම ආරම්භ වන්නට ඇතැයි සිංහ හා බැනර්ජි ඉතිහාසකරුවන් ඉන්දීය ඉතිහාසය ෂ කාණ්‌ඩයේ සඳහන් කරයි. රාමායනය මෙන්ම මහා භාරතයද අවසන් වරට සකස්‌ වී ඇත්තේ ක්‍රි. ව. 5 සියවස්‌ පමණ ගුප්ත යුගයේදීය. මහා භාරතයේ ප්‍රධාන කතාව කුරු හා පාණ්‌ඩව වංශිකයන් තුරු ක්‍ෂේත්‍රය නමැති බිමට අරගල කිරීමයි. ඉන්දීය ඉතිහාසඥයන් බහුතරයක්‌ දෙනා රාමායණයේ එන කතා සාරය සත්‍ය විය හැකි යෑයි විශ්වාස කරයි. එසේ නම් රාමායණය දකුණු ඉන්දියාවේ ආර්ය ජනපද පිහිටුවීම පිළිබඳ තොරතුරු නොවන්නේද? එසේ නම් රාමායණයේ එන තොරතුරු පෙරදිග පඬියන් මෙන්ම අපරදිග පඬියන් ද දැන් පිළිගන්නා සත්‍ය නොවන්නේද?

    මේ කෘති දෙකේම එන චරිත විෂ්ණුගේ අවතාරයන් ලෙසද සලකණු ලැබේ. රාමායණයේ එන රාම මෙන්ම මහා භාරතයේ එන ශ්‍රී ක්‍රිෂ්ණාද විෂ්ණුගේ දස අවතාරයන් අතරට වැටේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ලලීන්දා සන්නස්‌ගම මහතා සඳහන් කරන්නේ රාමායණය වාල්මිකිගේ ආර්යයන්ගේ මුල් බිම පිළිබඳ ප්‍රපංචයක්‌ බවයි. නමුත් මට හැඟෙන්නේ නම් රාමායණය මෙන්ම මහා භාරතය ද පැරැණි ඉන්දියාවට අදාළ සිදුවීම් පෙළ ගස්‌වන මූලාශ්‍රයන් බවයි. අයෝධ්‍යාව, හස්‌තිනාපුරය, ඉන්ද්‍රප්‍රස්‌තය, කුරු ක්‍ෂේත්‍රය, මෙන්ම ලංකා රාජ්‍යයද පෙරදිග තිබූ දෙය අප පෙරදිග සංස්‌කෘතිය, දැනුම, බුද්ධිය පිළිගැනීමට අකැමැති ඇයිද යන්න ගැටලුවකි. ඉතිහාසකරුවන් බොහෝ ප්‍රමාණයක්‌ තම වාර්තාකරණයට ඇතුළත් කර ඇත්තේ ඔවුන් ඇසූදේය. දුටු දේ ඉතාමත් අල්පය. ඔබ ගෙනා තර්කය සාධාරණ නම් රාමායණය පමණක්‌ නොව ලංකාවේ මහා වංශයද පිළිගැනීම තරමක්‌ අපහසුය. ලංකාවේ දුටුගැමුණු පිළිබඳ මහානාම හිමි තොරතුරු වාර්තා කරන්නේ ඔහු මරණයට පත්ව වසර 700 ක්‌ පමණ කාලයක්‌ ගිය විටය. එවිට බොහෝ දේ වෙනස්‌ විය හැකිය. නමුත් අප ඒ සත්‍ය පිළිගනී. එහෙත් රාමායණයේ සඳහන් වන්නා වූ රාවණාගේ ලංකාපුරය පිළිගැනීමට අප මැළි වන්නේ ඇයි. එයට හේතුව ඓතිහාසික සාධක නොමැති නිසාද? නිකලෝ මකියාවෙලි, රචනා කරන කුමාරයා ග්‍රන්ථයේ කියෑවෙන මත්ස්‍ය න්‍යාය ඉන්දියාවේ ක්‍රියාත්මක වූයේ ක්‍රි. පූ. 06 වන සියවසේදීය. එසේ නම් අප යුරෝපීයන්ට පෙර දේශපාලන වශයෙන් ශක්‌තිමක්‌ නොවූවෝද? කුමාරයා ග්‍රන්ථය කෞටිල්‍යයේ අර්ථ ශාස්‌ත්‍රයේ පිටපතක්‌ විය හැකි බවටද ඉතිහාසඥයන් සැක පහළ කරයි. එය සත්‍යනම් යුරෝපයට දේශපාලන න්‍යාය ලබාදුන්නේද පෙරදිගිනි. සුද්දා වැද්දා වී කැලෑ ගතව සිටිsයදී අප සීගිරිය වැනි ලොව පුදුම කරන නිර්මාණයන් ඉදිකළහ. නමුත් අප එය අගය කරන්නේද? බුදු දහම, ජෛනදහම, හින්දු ආගම, කොන්පියුසස්‌ දහම මෙන්ම කතෝලික දහමද බිහි වන්නේ ආසියාකරය තුළය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඉන්දු නිම්න මෙන්ම හොවැංහෝ ශිෂ්ටාචාරය ද පෙරදිග සභ්‍යත්වයන්ය. මේසපෝතේමියාව ආසියාවට නෑකම් කියන සභ්‍යත්වයන්ය. ආසියාව යුරෝපය අභිබවමින් ඉස්‌මතු වූයේ අදින් වසර දහස්‌ ගණනකට පෙර පටන්ය. නමුත් යුරෝපීයන් ආසියාතිකයන්ගේ තිබූ දුර්වලතාවන් ප්‍රයෝජනයට ගෙන ඔවුන් යටපත් කොට ඔවුන්ගේ සභ්‍යත්වය විනාශ කොට තම ලක්‍ෂණයන් පෙරදිග තුළ ස්‌ථාපිsත කළහ. වෙඩි බෙහෙත් භාවිතය, වීදුරු භාවිතය, කඩදාසි භාවිතය මෙන්ම මාලිමාව උපකරණ ද ලෝකයට දායාද වූයේ ආසියාතිකයන්ගෙන්ය. මෙවන් විශිෂ්ට දායාදයන් ලොවට දායාද කළ ආසියාවතුළ අප රටේ බිහි වූ චරිතයක්‌ වන්නේ රාවණා රජුය. නමුත් ඔහු ඓතිහාසික චරිතයක්‌ බව පෙන්වීමට කිසිම සාධකයක්‌ නැත්තේය. ඒ වෙනුවෙන් අප ඉදිරියේ ඇත්තේ මෙරට ජනයා පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ රැගෙන ආ ජන කතාය. මේවාට බොහෝ දේ එකතු වන්නට ඇත. නමුත් මේවායේ හරය තුළ යම් හෝ වැදගත්කමක්‌ ඇත. ආර්යන් තම වේද සාහිත්‍යය රචනා කළේ අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ මුඛ පරම්පරාගතව රැකගෙන ඒමෙන් අනතුරුව ක්‍රි. ව. 5 සියවසේදී පමණය. එය එසේ නම් රාවණා චරිතය හා සම්බන්ධ ප්‍රවාදයන් ද වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රැකගෙන ආ ඒවා විය යුතුය. ආර්ය සාහිත්‍ය රචනාවී ඇති නිසා නිවැරැදි නම් රචනා නොවූ රාවණා චරිතයද ඓතිහාසික විය යුතුය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    6836043160_c43e1ee387_z.jpg


    මේ පින්තුරයේ විශේෂ දෙයක් පේනවනම් එක ගෙන කියපල්ලා
    අර සුද්දෝ දෙන්න ගෙන එහෙම නෙමෙයි දකුණු පැත්තෙන් වතුර වෙටෙන ගල දිහා බලපල්ලා
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙතන මුනවල් 5ක් විතර තියෙනවා. ෆොටෝ හොයා ගන්න
    විදිහක් නෑ. මම ගත්ත වෙලාවක ඒ ටික දාන්නම්