∴≤දුටුවෙමි 1 ~ රදොළු ගහේ යක්ෂයා≥∴
මේ සිදුවීම උනේ මට අවුරුදු 15වේ දි! අපි හැමෝම වගේ පිස්සු නටන්න පටන් ගන්න කාලේ නෙ! අනිත් හැමෝම වගේ මේ වෙන කොට ලස්සන කෙල්ලෙක්ව මගේ හිතේ විශේෂ තැනක රඳවන් හිටියේ. කොහොමෙන් කොහොම හරි කැරකිලා කෙල්ලව දා ගත්තා. දා ගන්න එකට වඩා අමාරුයි නෙ ආදරේ කරන එක. ලොකුම ගැටළුව උනේ අපි දෙන්නම එකම ගමේ උන එක, පොඩ්ඩක් කතා කරන්න බැහැ කවුරු හරි එකෙක් දකිනවා. ඔය දවස් වල තමා මට වෙළ අයිනේ තියෙන රඳොළු ගහ මතක් උනේ. ඔය ගහ ගාවට ගිනි දවල්ටත් කවුරුවත් යන්නෙ නැහැ හොල්මන් කියලා. හැමෝම ඉන්නවා කිව්වට දැකපු එකෙක් හරියටම නැති හින්දා මම හිතුවා ගහ ගාවට ගියා නම් සැනසිල්ලෙ කතා කරන්න පුළුවන් නෙ කියලා. කෝකටත් කියලා කෙල්ලගෙනුත් අහලා දැන ගත්තා ගණය. දෙයියන්ගේ පිහිටෙන් එයත් දේව ගනේ! ඒ කියන්නෙ මොන හොල්මන හිටියත් අපිට පේන්නෙ නැහැ කියන එක නෙ.
ඔන්න ඉතින් වෙනදට හැංගිලා කතා කරපු අපි දැන් රඳොළු ගහ යටට වෙලා ඉඳගෙන හොඳට සැනසිල්ලේ කතා කරනවා. දැන් සමහර උන් හිතනවා ඇති මොකද්ද මේ කියන ගහ කියලා. රඳොළු ගහ කියන්නෙ හොඳට අතු බෙදුන ගහක්. මුල් එහෙම ටිකක් පොළවෙන් මතු වෙලා තියෙන නිසා සනීපෙට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ ඇරෙන්න දෙයක් මමත් දන්නෙ නැහැ ඔය ගහ ගැන.
ඔන්න ඉතින් සුපුරුදු පරිදි අපි දෙන්නා ස්කෝලෙ ඇරිලා ආවා. කාපු ගමන් ඉතින් ගහ යටට දිව්වා කතා කරන්න. වෙලාව මගේ හිතේ 4ට විතර ඇති. අපි දෙන්නා ඔන්න සුපුරුදු පරිදි මුළක් උඩ ඉඳගෙන කතා කරනවා. කතා කරන අතරේ මට එක පාරටම දැනුනා නිකම් කවුරු හරි කනට පිම්ඹා වගේ, මම ගැස්සිලා පිටි පස්ස බැලුවා. මෙලෝ දෙයක් නැහැ! එයත් මගෙන් ඇහුවට මම කියන්න ගියේ නැහැ නිකම්ම බය වෙන නිසා. මම දැන් කෙල්ලට හොරෙන් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නෙ, මට එක පාරටම තේරුනා ගහේ කොළ හෙල්ලෙනවා කියලා. දැන් උබලා අහයි මගෙන් කළින් හෙල්ලුනේ නැද්ද කියලා. පුදුමේ කියන්නෙ කිසිම හුලඟක් නැතුම නිකන් හෙල්ලුන එක. ඒ වෙලාවෙ නම් මගෙත් හිත ගැස්සුනා ටිකක් ඒත් ඉතින් මම කෙල්ල කියන එක අහ ගෙන හිටියා.
දැන් මට හොඳටම විස්වාසයි මට මේවා පෙනුනට කෙල්ලට නෝට් වෙන්නෙ නැති බව. ගහේ කොල හෙමීට නැවතුනා ඒ එක්කම වගේ පරිසරය සාමාන්‍ය උනා වගේ දැනුනා මට! මෙච්චර වෙලා අහන් ඉඳපු මමත් කෙල්ල එක්ක කතා කරන්න පටන් ගත්තා. එක පාරටම අපි දෙන්නට ඇහුනා මොකක් හරි වැටෙන සද්දයක්. ඔය ගස් වල ගෙඩි හැදෙන්නෙත් නැති නිසා අපි දෙන්නම වට පිට බැලුවා. මම නම් උඩත් බැලුවා කාක්කෙක්වත් මොකක් හරි ජරවක් අරන් දැම්මද කියලා. ඒත් නැහැ!
මෙන්න මචන් එක පාරටම ලොකු කෙළ ගොඩක් වැටුනා අපේ ඉස්සරහට. අපි දෙන්නම උඩ බැලුවා නෙමේ බැලුනා. පල්ලෙහාම අත්තක වළහෙක් වගේ මයිල් පිරිච්ච මිනිහෙක් ඉඳන් හිටියා. උගේ දත් ටික එළියට පැනලා ලේ වැක්කෙරෙනවා. ඌ හූවක් කියාගෙන ගහේ අනිත් පැත්තෙන් බිමට පැන්නා! ඒ එක්කම මගේ කෙල්ලත් මරහඬ දීගෙන වෙළ පැත්තට දුවන්න හැදුවා මම තද කරලා අල්ලගෙන පන්සල පැත්තට දිව්වා. මට නිකන් දැනුනා ඌ පස්සෙන් දුවන් එනවා! පන්සලේ ගේට්ටුව ගාවට යන කොටම මාව නිකම් පිටට අත තියලා ඇද්දා වගේ දැනිලා වැටුනා. ඒ එක්කම පන්සලේ ඝාන්ටාරේ වදින සද්දේ ඇහුනා. මට එච්චරයි මතක.
මම ගේට්ටුව ගාව වැටුනම කෙල්ල දුවලා ගිහින් ඝාන්ටාරේ ගහලා. උබලා අහලා ඇති ඝාන්ටාරෙ සද්දෙට යක්කු එහෙම දුවනවා කියලා. අන්න එහෙම තමා ඌ මාව අත ඇරලා ගිහින් තිබ්බේ. කොහොම හරි පන්සලේ හාමුදුරුවෝ මට ගොඩක් දොස් කිව්වා ලමිස්සියෙකුත් ඇදන් එතනට ගිය එකට. කොහොම හරි අපි දෙන්නට නෝමල් වෙන්න සතියක් විතර ගියා. හාමුදුරුවෝ මතුරපු පොරවක් දීලා මට කියලම ගහ කැප්පෙව්වා! අපි නොදන්නවා උනාට ඉස්සර මිනිස්සු රඳොළු ගහ පාවිච්චි කරලා තියෙන්නෙ යක්කු අන්දන්න ලු. ඔය ගෙවල් වලට පෙරේත කමේ ඉන්න උන්ව ඔය ගහට බන්දනවලු. ඊට පස්සේ එතනට ගිය උන්ගේ පස්සෙන් එළවලා ඌ ලේ බොනවලු. මගේ කෙල්ල ඝාන්ටාරේ ගැහුවෙ නැත්තම් එදා මමත් ඉවරයි තමා!

මේක මටම උන සත්‍ය කතාවක්! කොහෙන්වත් උස්සලා දාපු එකක් නෙමෙයි! කැමති අය කොමෙන්ට් එකක් දාලා යන්න. ප්‍රතිචාර හොඳ නම් දෙවෙනි කොටසත් ඉක්මනටම දාන්නම්
=========================================================

මේක උස්සලා හරි ලස්සනට ෆේස් බුක් එකේ දාලා එක නපුංසකයෙක්! මේ වගේ ගොබ්බයන්ව හදපු උන්ට ගහන්න ඕන මඩු වලිගෙකට රීලා!
Last edited:
pissu hadenawane ban ... mata nikan mawila penuna siddiya 