රාවණා රජ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචං මට මෝඩයො එක්ක වාද කරන්න වෙලාවක් නෑ. ඊට පස්සෙ උඹල කියයි මහාවංශෙට කලින් ලියවුනු පුස්කොල පොතුත් බොරුයි කියල. කරුණු බුද්ධියෙන් විමසා බලා කටයුතු කරන්න කියන එකයි මම උඹලට කියන්නෙ. බුදු දහමෙ කියල තියෙන්නෙ එහෙමයි. උඹල මොන ආගමේද කියල මම කියන්න දන්නෙ නෑ. බුද්ධාගමේ නම් පන්සලකට වැස්සකටවත් ගියානම් දැනගන්න තිබුන ඒ ගැන. :lol::lol::lol::lol::lol:
    උබ කියා තියන කතාව සම්පූර්ණ ඇත්ත බුද්දියෙන් විමසන්න බුද්දියක් අපිට නැහැනේ
    එකී මහවන්සේ ගැන උබෙන් ඇහුවේ කොහෙද උබට මතක නැහැනේ
    අනිත් එක උබට වගේ මහා බ්‍රහ්මය mail එවන්නෙත් නැහැ අපිට
    පුලුවන්නම් man ගේ mail address එකක්වත් එවපන්
    කොහෙද උබල කැමති නැහැනේ අපි මහා බ්‍රහ්මයාගෙන් කරුණු
    දැනගන්නවට මහවංසෙඉ පුස්කොල අල්ලාගෙන ඉන්නේ නැතිව
    රාවණ හිටියි කියන ප්‍රදේශවල කැනීම් කෙරුවනම් සමහරවිට
    රාවණ යුගයේ ගලින් සැදු කොම්පියුටර් එකක් සොයාගන්නත් බැරිවෙන එකක් නැහැ.
    බරිවලවත් ඒකාලේ ගල්වලින් හැදුව හර්ඩ් ඩිස්ක් එකක් හම්බවුනොත් ඒකාලේ ගැන
    තොරතුරු ගොඩක් හොයා ගන්න පුළුවන්. එහෙම උනොත් කාටද ආඩම්බර? ඔන්න මම පොඩි ටිප් එකක් දුන්නේ. හොයල බලන්න.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,ලoකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.

    4567339.jpg


    මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
    සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි

    සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි

    අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

    ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,

    බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප

    92082.jpg


    2950325.jpeg



    ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.


    3140238.jpg


    298064.jpg


    5261285.jpg


    මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.

    ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවා, එම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්ත, වෘතාකාර ,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.

    9505451.jpg



    එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග 4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්, කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්, නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.

    458468.jpg



    තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්, විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.

    2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්, එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.





    විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.

    9199383.jpg


    තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.

    එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය ). ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.

    "...(the weapon was) a single projectile

    charged with all the power of the Universe.

    An incandescent column of smoke and flame

    As bright as the thousand suns rose in all its splendor...

    An iron thunderbolt,

    A gigantic messenger of death,

    Which reduced to ashes

    The entire race of the Vrishnis

    And the Andhakas.

    ... the corpses were so burned

    As to be unrecognizable.

    The hair and nails fell out;

    Pottery broke without apparent cause,

    And the birds turned white.

    ... After a few hours

    All foodstuffs were infected...

    ... to escape from this fire

    The soldiers threw themselves in streams

    To wash themselves and their equipment..."

    7690368.jpg



    දැවැන්ත අවි ආයුධ? විශාල හමුදාවක්? විමාන රැසක්? මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේද? තවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට ,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.

    එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලා' නමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.

    9016475.jpg




    මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්, විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.


    1640516.jpg



    තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."

    275930.jpg


    6295561.jpg


    මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.

    1804614.jpg


     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උබ කියා තියන කතාව සම්පූර්ණ ඇත්ත බුද්දියෙන් විමසන්න බුද්දියක් අපිට නැහැනේ
    එකී මහවන්සේ ගැන උබෙන් ඇහුවේ කොහෙද උබට මතක නැහැනේ
    අනිත් එක උබට වගේ මහා බ්‍රහ්මය mail එවන්නෙත් නැහැ අපිට
    පුලුවන්නම් man ගේ mail address එකක්වත් එවපන්
    කොහෙද උබල කැමති නැහැනේ අපි මහා බ්‍රහ්මයාගෙන් කරුණු
    දැනගන්නවට මහවංසෙඉ පුස්කොල අල්ලාගෙන ඉන්නේ නැතිව
    රාවණ හිටියි කියන ප්‍රදේශවල කැනීම් කෙරුවනම් සමහරවිට
    රාවණ යුගයේ ගලින් සැදු කොම්පියුටර් එකක් සොයාගන්නත් බැරිවෙන එකක් නැහැ.
    බරිවලවත් ඒකාලේ ගල්වලින් හැදුව හර්ඩ් ඩිස්ක් එකක් හම්බවුනොත් ඒකාලේ ගැන
    තොරතුරු ගොඩක් හොයා ගන්න පුළුවන්. එහෙම උනොත් කාටද ආඩම්බර? ඔන්න මම පොඩි ටිප් එකක් දුන්නේ. හොයල බලන්න.


    උඹම ගිහින් ඔය කියපු ටික හොයල මට කියපංකො. හොඳේ.. ඒ එක්කම ඔය උඹේ බුද්ධියත් හොයං වරෙං.
    :lol::lol::lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba mewa issuwe(copy paste) මහා බ්‍රහ්මයාගේ FB eken neda
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    uba mewa issuwe(copy paste) මහා බ්‍රහ්මයාගේ FB eken neda


    ගත්ත තැන් දාල ඇති බලපන්.
    fb එකෙන් ගත්ත ඒව ලින්ක් එක දාල ඇති. සමහර ඒව එලකිරි එකේම පෝස්ට් වලින් ගත්ත ඒව. :rolleyes::rolleyes::rolleyes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගත්ත තැන් දාල ඇති බලපන්.
    fb එකෙන් ගත්ත ඒව ලින්ක් එක දාල ඇති. සමහර ඒව එලකිරි එකේම පෝස්ට් වලින් ගත්ත ඒව. :rolleyes::rolleyes::rolleyes:
    sorry sorry මහා බ්‍රහ්මයාගේ FB eken nemei රාවණගේ FB eken neda
    e kiyanne රාවණ aharila රාවණ gana boru wal baila daapu ewunge
    ata deka thalanawalu
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    sorry sorry මහා බ්‍රහ්මයාගේ FB eken nemei රාවණගේ FB eken neda
    e kiyanne රාවණ aharila රාවණ gana boru wal baila daapu ewunge
    ata deka thalanawalu

    එහෙනම් උඹේ තමයි ඉස්සෙල්ලම තලන්නෙ..
    :lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹම ගිහින් ඔය කියපු ටික හොයල මට කියපංකො. හොඳේ.. ඒ එක්කම ඔය උඹේ බුද්ධියත් හොයං වරෙං. :lol::lol::lol::lol::lol::lol:

    උබ කියපු නිසා ඔය කාලේ කැනීම් පිළිබද හොයල බැලුව එක වයර් කැල්ලක්
    හම්බවෙලා නැහැ ඒ කියන්නේ අපිට wireless commiunication තිබිල තියෙන්නේ ඔන්න ඔයවගේ තර්ක, සාක්ෂි අපි සදා ගෙන ඉතිහාසය අපහු ලියමු. එහෙම නැතිව බැරිය.
    සුද්දෝ ලජ්ජාවෙන් වස බිල මැරෙයි. ඊට පස්සේ අපි ඒ රටවල් අල්ලගනිමු.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උබ කියපු නිසා ඔය කාලේ කැනීම් පිළිබද හොයල බැලුව එක වයර් කැල්ලක්
    හම්බවෙලා නැහැ ඒ කියන්නේ අපිට wireless commiunication තිබිල තියෙන්නේ ඔන්න ඔයවගේ තර්ක, සාක්ෂි අපි සදා ගෙන ඉතිහාසය අපහු ලියමු. එහෙම නැතිව බැරිය.
    සුද්දෝ ලජ්ජාවෙන් වස බිල මැරෙයි. ඊට පස්සේ අපි ඒ රටවල් අල්ලගනිමු.

    හා :lol::lol::lol::lol::lol:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Dial 1[/F

    ස්තුතියි මචං රට ජාතිය ගැන කැක්කුමක්
    නැති උන් එක්ක අපි තර්ක කරලා වැඩක් නෑ බන්
    හෙට දවසේ විද්‍යාත්මක සාක්ෂි නෑ කියල
    මුන් අම්මා තාත්තා ප්‍රතික්ෂේප කරයි
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd


    අදින් වසර 20 පෙර නොතිබු රාවණ රජු පිළිබඳ සමාජ අවධානයක් අද ඇත.කිතු වසර 2013 පසු රාවණ රජුගේ මෘතශරීරය පන ලබන බව සමහරු පවසති.

    රාවණ රජු පිලිබඳ කියැවෙන මහා භාරතය හා රාමායණය යන සංස්කෘත වීර කාව්‍යයන් දෙක දෙසට බටහිර උගතුන්ගේ අවධානය යොමු වුනේ 1944 අගෝස්තු 6 දිනදිය.එනම් හිරෝශිමා නගරයට පරමාණු බෝම්බය දමමින් අප පරමාණු යුද්ධයක පළමු අත්දැකිම ලද අවස්ථාවේදීය. මහා භාරත යුධ විස්තරයෙහි එක්තරා තැනක ඇති අහසින් ගිනි ගුලි දමා සිදුවු ක්ෂණික සුවිසල් විනාශය ඒ වනතෙක් ඉංග්‍රිසි උගතුන් දුටුවේ කවියෙකුගේ උමතු සංකල්පයක් ලෙසටය. නමුත් එම යුධ විස්තරය හිරොශිම පරමනු බෝම්බ ප්‍රහාරයේදි එලෙසම දක්නට ලෙබීම නිස කාගෙත් අවධානය එවෙත යොමුවුනි.

    1971 දි මානව විද්‍යාඥයින් තවත් හෝඩුවාවක් පිටුපස ගමන් කළහ.එනම් සංස්කෘත සාහිත්‍යයේ එන "පුරාණ" නැමති ග්‍රන්තය තුලටය.සකු බසින් "පුරාණ" යන්නෙහි අර්ථය "ඉතිහාසය නම් වේ.මෙම දහ අට පුරාණයන්හි කිසියම් රටක හා ජාතියක ඉතිහාස කතාන්දරය ඇති බවට අනුමාන කළහ. එමගින් ඔවුන් එළඹියේ "හෙල අසුර අධිරාජ්‍යය" නැමති සංස්කෘතික අධිරාජ්‍යයක් කරා පමනි. එය පෘථිවි ගෝලයේ කුමන කලාපයක පිහිටියෙදැයි නිශ්චය කරගැනීමට මානව විද්‍යාඥයින්ට නොහැකි විය.
    2003 වසරේදි සාගර දූෂණ කොමිසම විසින් ඉන්දියවේ බටහිර වෙරල දෙසට මුහුදු පතුල ස්කෑන් කර බැලීමේදි බොම්බායෙන් සැතපුම් 200 පමණ උතුරේ ඇති කුම්බේ බොක්කෙහි අඩි 4000 ගැඹුරැ මුහුදු පතුල ස්කෑන් කරන ලදී. එවිට හමුවුයේ මෑන්හැටන් දූපත්(නිව්යෝර්ක් නගරය ) තරම් විශාල වූ ගිලා බසින ලද මහා නගරයකි. රාමායනයේ දැක්වෙන දණ්ඩකාරණයේ පාලන මධ්‍යස්ථානය (අගනුවර) වන "ජනස්ථාන්" විස්තරය සමඟ මෙම සොයාගැනීම සැසඳුනි.

    පුරාණයන් තුලින් මතුවු අසුරයන්ගේ සංස්කෘතික අධිරාජ්‍යය ඓතිහාසික බවට පත්වන්නට වුනේ 1990 දශකය තුලදි පමණි. එහි හදුනා ගැනීමට හැකි පලවන රජු වන්නේ හිරන් කසුබ් (හිරණ්‍ය කාශ්‍යප ) රජුය. වත්මන් කැස්පියන් මුහුද (කසුබ් මුහුද>කාශ්‍යපියන් සී>කැස්පියන් සී) කසුබ් රජුගේ නමින් නම්කර ඇත.

    රාවණා රජු ගැන තොරතුරු සොයා ගැනීමට රාමායනය හැරුනු කොට ඇති ප්‍රධානම මූලාශ්‍රය 'රස වෙදකමයි.' මින් අදහස් කරන්නේ රසදිය සම්පූර්ණයෙන් නිශ්චල කර ප්‍රතිකාර ලෙස යොදාගැනීමයි. නිශ්චල කරන ලද රසදිය ප්‍රතිකාර මඟින් අහසින් යාම, නොපෙනී සිටීම, වියපත් වීම වළක්වා ගැනීම, මෘත දේහය තුල රුධිරය ධාවනය වී කෙස් නිය වැඩීම ආදි ආශ්චර්යවත් දේ සිදුවන බව ආයුර්වේද ඉතිහාසය විසින් උගන්වයි.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද පීඨයේ රස වෙදකම පිළිබඳ කථිකාචාර්යවරියක් තම පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදි ඇගේ මහාචාර්යවරයා ඇගෙන් අසා ඇත්තේ රස වෙදකම උපන් රාවණ රජුගේ රටේ ඔබ පශ්චාත් උපාධිය සඳහා බරණැස් විශ්ව විද්‍යාලය තෝරා ගත්තේ ඇයිද යනුවෙනි. අපගේ හීනමානය එම මහාචාර්යවරයා හොඳින් තේරුම් ගන්නට ඇත.

    මහා බ්‍රහ්මගේ මානස පුතුන් සත්දෙනා අතරින් පුලස්ති එක් අයෙකි. මානස පුතුන් යනු දියුණු මනසක් ඇති ශිෂ්‍යයන් සත්දෙනාය. පුලස්ති යනු ඍෂිවරයෙකු බව පොලොන්නරුවට ගිය විට අවබෝධ වේ. ඉනට රෙදි කඩක් පමනක් හැඳ පුස්කොල පොතක් දෑතින් දරා ගත් රෑපය මහා පරාක්‍රමබාහු රජු ලෙසට මහාචාර්ය පරණවිතාන විසින් හැඳින්වුවද එය බොළඳ මතයකි. රජෙකුගේ රෑපයක් ඇඹීම නිතරම සිදුවී ඇත්තේ රාජාභරණ සහිතවයි. පුස්කොල පොත නගුලෙහි ඊගස ලෙසට දැකීම දෙවැනි දුර්වලකමයි.10 සියවසට පමණ අයත් අකුරින් "පුලතස" යනුවෙන් රෑපයේ හිස පිටුපස කොටා ඇත්තේ එම රැව කාගේදැයි හදුනාගැනීමටය.

    අත් වැරැද්දක් නිසා පුලස්තිට සිදුවුයේ තෘණබින්දු ඍෂිගේ දියණිය හවිර්ගු විවාහ කරගැනීමටය. එම දෙපලට උපන් දරැවා විශ්‍රවස් වේ. රාවණ රජු කෛසී බිසවගේ කුසින් උපන්නේ විශ්‍රවස් මුණිට දාවය. රාවණ විවාහ වූයේ මය අසුරගේ (විශ්වකර්ම ) දියණී මන්දෝදරී සමගය. රාවණගේ පුතෙකු වන ඉන්ද්‍රජිත් ගේ පුත් අගිය, අගියගේ පුත් තෙඣස, තෙඣසගේ පුත් තිමිර ලෙස එම පරම්පරාව හඳුනා ගෙන ඇත. ශොහිලි නැමති රාවණගේ දියණියක්ද හඳුනාගත හැක.

    පුලස්ති පරම්පරාව ඍෂිවරුන් මෙන්ම වෛද්‍ය පරම්පරාවක්ද වන්නේය. සංස්කෘත අනුව හිමාලයෙහි ලොව පළමු වෛද්‍ය සම්මේලනය පැවැත්තුවේද රාවණගේ සීයා වන පුලස්ති ඍෂිවරයාගේ මූලිකත්වයෙනි. වා,පිත්, සෙම් යන ත්‍රිදෝෂ සංකල්පයද පුලස්තිගෙය. රාවණ සමය වන විට රසදිය ඇසුරින් ගුවන්යානා ක්‍රියාත්මක කිරීම 'ලෝහවේදය' ලෙස හැදින්විනි. රාවණ රජු කලේ එය මිනිස් සිරුරට ආදේශ කරමින් 'දේහවේදය' සොයා ගැනීමයි. රස වෙදකම ලෙස අද හැඳින්වෙන්නේ මෙයයි.

    හිමාලය මුදුනෙහි ඇති වේරම්බ වාතය නැමති වායු ධාරාවේ රාවණ රජුගේ ප්‍රාණය රඳවා ඇති බව කීම වැදගත් ජනප්‍රවාදයකි. එමෙන්ම මෙම වායු ධාරාවේම රාවණගේ බලවත්ම අස්ත්‍ර (ආයුධ ) තුන සඟවා තිබු බව රාමායණය පවසයි. විභීෂණ විසින් ඉන් එක් අස්ත්‍රයක් රාම කුමරුට ලබාදීම නිසා ඉන් පහරදී රාවණයන් මැරූ බව රාමායණ කර්තෘ පවසයි. ඉතා වැදගත් කරුණ වන්නේ මෙම වේරම්බ වාතය නැමති වායු ධාරාව 1941 දී යුරෝපීය ගුවන් නැවියන් විසින් සොයා ගැනීමයි. එය අඩි 25000-30000 අතර අහසේ ක්‍රියාත්මක වේ. 1941 පසු එය ජෙට් ධාරාව (jet stream) නමින් හඳුන්වයි. ඊට හේතුව නම් එක් පසකට යන ජෙට් යානා වල වේගය දෙගුණ වීමත් ඊට විරුද්ධ පාර්ශවයට යන විට ඒවායේ වේගය 50% අඩුවීමත් නිසාය.

    ඓතිහාසික වූ රාවණ රජුගේ චරිතය වාල්මිකී විසින් වීර කාව්‍යයකට ගැලපෙන පරිදි වෙනස් කර ඇත. එහි වීරයා හා දුෂ්ටයා සිටිය යුතුය. එබැවින් රාවණා රජු දුෂ්ටයා ලෙස හා රාමා වීරයා ලෙස දැක්වේ. ගැටුම ඇතිවන්නේ සීතා කුමරිය මුල්කරගෙනය. රාම- රාවණ යුධ විස්තරය රාමායණය තුළ ඇත. වාල්මිකී ජීවත්ව සිටි යුගයට පෙර අසන්නට ලැබු බලවත්ම පාලකයා රණශූරයා රාවණ රජුය. එබැවින් රාමාට එරෙහි දුෂ්ටයා ලෙස රාවණ චරිතය සකස්කරගෙන තිබිනි.

    ජාතක පොතට අනුව (දශරථ ජාතකය ) රාම කුමරු යනු බෝධිසත්ව අවස්ථාවකි. ලක්ෂ්මණ හා සීතා ඔහුගේ සහෝදරයා හා සහෝදරියයි. දශරථ රජු විසින් තම බිසවට දුන් පොරොන්දුව නිසා රාම කුමරු අවු.12 වනවිට යැවීමට සිදුවිය. එම කාලය ලක්ෂ්මණ හා සීතා ජීවත් වූයේ රාම සමඟය. රාවණ චරිතයක් දශරථ ජාතකයේ නැත. දශරථ රජු අයෝධ්‍යාවේ නොව බරණැස රජුය.රාමායණයේ පරිදි රාම හෝ ලක්ෂ්මණ හෝ සීතා දිවිනසා නොගත්තාය. ඒ වෙනුවට එකල ආයුෂ වූ අවු.16,000 රාම රජු රජකම් කළේය.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි.

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ආසියවේ ඉතිහාසය, කලා ශිල්ප, දර්ශනය, භාෂා ශාස්ත්‍ර, ඇතුලු සංස්කෘත අංග අධිරාජ්‍යයට අවශ්‍යය ලෙස සකස් කිරීමට 1842 රාජකීය ආසියාතික සංගමය පිහිටුවීය. ලන්කාවේ හා ඉංදියාවේ ඉතිහාසය හා සංස්කෘතිය ඒ මගින් හැඩගැන්වීම නිසා රාවණ රජු මිත්‍යා කතාවක් ලෙස ස්ථීර කරන ලදී. ලංකාවේ ඉතිහාසඥයන්ට හා පුරාවිද්‍යාඥයන්ට රාවණ රජු ඓතිහාසික බවට පත්කළ නොහැක්කේ එබැවිනි.නමුත් ඉතාමත් අනපේක්ෂිත ලෙස රාවණ රජු ඓතිහාසික බවට පත්වීමක් වර්තමානයේදි දැකිය හැක. ඒ ඇයිදැයි කීමට නොහැක. තවත් ඉදිරියට තව තවත් මූලාශ්‍ර තුළින් මෙය සනාථවීමේ ප්‍රවණතාවයක් දැකිය හැක.


    posted by Hazzel on 11-28-2011, 10:21 AM in forum
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල(ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්. මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා ඒම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.

    සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියැනෙවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

    _________________________________________________________________

    රාමායනය ලියවෙන්නේ බුදුන් සිටි සමයේ හෝ ඊට වසර 100-200 ට පසුවය. මේවන විට යක්ෂ නාග දේව නමින් ප්‍රධාන ජන කොටස් තුනක් ලංකාව පාලනය කරයි.

    බුදුන්ගේ ලංකා ගමන් පිළිබඳව ඇති මුලාශ්‍ර බලන විට මෙම ජන කොටස් ඉහල තාක්ෂණයකින් යුක්තව සිටි බව පෙනේ. බුදුරදුන් ඉර්දියෙන් වැඩිම ඔවුනට අරුමයක් නොවිය.

    එසේම ඔවුන්ගේ නායකයන් (රජවරුන්) බුදු හිමියන්ට ලංකාවේ නොයෙක් පළාත් වලට වදින ලෙස ආරාධනා කරන අතර මේ සඳහා ගොඩබිම් ප්‍රවාහන සැපයු බවක් අසන්නට නැත.

    මෙයින් ගම්‍ය වන්නේ ඔවුනට අහසින් ගමන අරුමයක් නොවූ බවයි (මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කල යුතුය) . එලෙසම ලංකාවේ ඇති පෞරාණික ග්‍රාම නාමයක් වන වාරියපොළ (වා-රිය-පොළ: air -vehicle -port) වැන්නක් ඉබේම ඇතිවෙන්න හේතුවක් නැත.

    සීගිරියේ කාශ්‍යප යුගයට අයත් නටඹුන් වලට අඩි 20 ක් පමණ යටින් ඉතා දියුණු නගරයක නටඹුන් හමුවුනේ මීට වසර දහයකට පමණ පෙරය. කාශ්‍යප නටඹුන් වලට හානි සිදුවන බැවින් මෙම ස්ථරයේ කැනීම් කටයුතු අද වන විට කල නොහැක. මෙම නටඹුන් වසර 3000 ක් පමණ පැරණි බව අනුමාන කෙරේ. මෙම කාලය රාවණ යුගය ලෙස ඇස්තමේන්තු කරන කාලය හා හරියටම සම්පත වේ. මෙම සිගිරි නටඹුන් පිළිබඳව මෑතකදී යම් ගවේෂණයක් කර ඇත්නම් දන්නා අයෙක් අප හැමගේ දැනගැනීම සඳහා මෙහි ලියන්න.

    තව වසර 5 කට අඩු කාලයකදී ලෝකයේ ඉතිහාසය පිලිබඳ දැනුම උඩු යටිකුරු වන බව මට පැහැදිලිවම පෙනේ. මේවන විට ගැමා – අධි ද්වනි සංයෝජනයක් මගින් පොලවේ මීටර් 100 පමණ ගැඹුරට ස්ථරයෙන් ස්තරය scan කල හැකි තාක්ෂණයක් එලි දකිමින් සිටි. මේ සමගම ලොව හැම රටකම වැළලී ගිය ඉතිහාසයේ නියම තතු චිත්‍රපටියක් සේ දිග හැරෙනු ඇත.

    -ලක්මිණ


    in thread by binoj
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    read this
    rawana_large.jpg


    ම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා.:yes::yes::yes:

    images


    අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අ‍යුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.
    :angry:

    z_Rawana.jpg


    මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම සම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්. :baffled::oo::rolleyes:

    දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?

    සීත කියන්නේ රාවණාගෙ දුව. :confused::confused::confused:
    හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි.

    රාවණා රජුට දාව බිරිඳට(මන්ඳෝදරී), එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.
    2.gif
    2.gif


    අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි. පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.
    :love::love::love:

    රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ
    :oo::oo:
    *ආයුර්වේදය
    *ගෘහ නිර්මාණය
    *යුධ ශිල්පය
    *මායා ධර්ම
    *රසායන දර්ම(රස දිය සම්බන්දව)
    *සංගීත දර්ම
    *නැකැත්.ජෝතීශ්‍ය දර්ම
    (අන්තිම 3 මතක නෑ):confused:


    රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි
    මහා විශාල වනයක් තිබුනා. ඒක ශ්‍රී අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වනය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.

    මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. ඒක ඇත්ත වුන දවසට.....!