"පොරොන්දම් විස්සෙන් ප්‍රධාන වන අෂ්ඨකුටය හෙවත් ප්‍රධාන පොරොන්දම් අටක් ගැලපීම ඉතාම වැදගත්. මේ අෂ්ඨකුටය මත තමයි ජීවිතවල මූළු ශක්තිය රඳා පවතින්නේ මෙම අෂ්ඨකුට පොරොන්දම් අටම අසූබවී අනෙක් පොරොන්දම් දොළහම සූබවී වැඩක් නැහැ.
අපි ජ්‍යොතිෂ අෂ්ඨකුටය ලෙස හඳුන්වන්නේ පොරොන්දම් අටකි. එම පොරොන්දම් අට ගැලපීමේදී ලකුණූ ලබාදෙනූ ලැබේ. එම ලකුණූවලින් අඩූම තරමින් 36-18 ක්වත් ලබා ගන්නා කේන්දර දෙකක් තමයි හොඳයි කියලා බලන්නවත් සූදුසූ වෙන්නේ.
මෙහිදී නාඩි පොරොන්දම ගැළපීමේදී ලකුණූ 8 කුත්, රාශි පොරොන්දම් ගැලපීමෙන් ලකුණූ 7 ක් ද ගණ පොරොන්දම් සඳහා ලකුණූ 6 ක්, රාශ ආදී පොරොන්දම් සඳහා ලකුණූ 5 ක්ද යෝනි පොරොන්දම සඳහා ලකුණූ 4 ක් ද නක්ෂත්ර පොරොන්දම සඳහා ලකුණූ 3ක් ද රජ්ජූ පොරොන්දම සඳහා ලකුණූ 2ක් ද වර්ණ පොරොන්දම සඳහා ලකුණක්ද ලබාදෙයි. මේ නිසා මෙම පොරොන්දම් මෙන්ම අනෙක් ග්‍රහයන් ගැන සළකා බැලීමත් විවාහයට වැදගත් වෙයි."