හ්ම්ම්ම්... අද මේක ලියන්නේ ටිකක් දුකෙන් මචන්ලා....
අද ඔෆිස් එකේ මැනේජර්යා මට හොඳටම බැන්නා.මගේ වැඩ මදි, follow up එක නෑ.attitude එක හදා ගන්න කිව්වා....
මම IT software developing මචන්ලා කරේ.... i have a degree in IT. පස්සේ ඒක නවත්තල apparel industry එකට බැස්සා.දැනට වැඩ ඒකේ.මාස 6යි.trainee.පඩි නම් හොඳයි.ඒත් බැනුම් තමයි බන් අහන්න වෙන්නේ.... මට නම් දැන් එපා වෙලා.
IT වලින් මාරු උන මෝඩ කම කියලා හිතෙනවා.
පට්ට presure එකක් තියෙන්නේ... හිතේ සතුටින් වැඩ කරන්න නෑ මචන්ලා..... අනික් එක මේහේ ඉන්න මිනිස්සු මහ යක්කු ටිකක්... අම්මෝ මම ගොඩක් දේව්ල් ඉගෙන ගත්තා මිනිස්සු එක්ක වැඩ කරලා.කට කථා,පාවාදීම් අනන් මනන් සීන් ගොඩයි...
එලකිරි එකේ work කරන කොල්ලෝ සෙට් එකට කොහොමද..? උඹලා වැඩ කරන තැන් ගැන උඹලා satis da? හිතේ සතුටින් හවසට ගෙදර එන්න පුළුවන්ද..? Advice එකක් දීපල්ලා මචන්ලා.කාගෙන ඉන්නත් හිතෙනවා දවසක ගොඩ එන්න....






