ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

    web-side2.jpg

    ඔන්න මට අද හිතුනා තවත් වැදගත් වෙයි කියලා හිතන අදහස් ටිකක් මේ විදිහට ත්‍රේඩ් එකකින් අපේ එලකිරියේ සහෝදරයන්ට දෙන්න ඕනා කියලා......ඔන්න එහෙනම් පටන් ගත්තා........හරි මෙහෙමයි.....මෙහෙම මම කතාව පටන් ගන්නම් කෝ.......

    අපේ බුදුහාමුදුරුවන්ගේ පළමු රහතුන් වහන්සේලා අමතා කල දේශනාව ඔයාලට මතක ඇති නේ? "මහණෙනි,ගම් නියම් ගම් හී සැරි සරන්න,මුල,මැද,අග පිවිතුරු වු නිරවුල්වු දහම් දෙසන්න,,දෙනමක් එක මග නොයන්න"......මේ උන් වහන්සේගේ පළමු දේශනාව.......ඔයාලට මතකද අප මහ බෝසතානන් පිරිනිවන් මන්චකයේදි වදාළ අවසන් දේශනාව "මහනෙනි මා නැති කල්හී ධර්මය ගුරුවරයා කොට ගන්න,නොපමාව කුසල් ‍රැස් කරන්න"මේ අන්තිම බුද්ධ වචනයයි........

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං


    "සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය සියලු බුදුරජාණන් වහන්සේලා දේශනාකල ධර්මස්කන්ධයේ සමස්ථ අදහසයි......."

    "To abstain from all evil
    To cultivate the good
    and to purify one's mind
    This is the Buddha's teaching."

    හිතලා බලන්න අපි කොච්චර කල් මේ සසරේ ගමන් කරලා තියෙනවා ඇතිද?....මෙතෙක් පහලවු සියලුම බුදුවරුන්ගේ දේශනාව නොපමාව කුසල් ‍රැස් කරන්න නම්.....අපි මොනවද මෙච්චර කල් ‍රැස් කලේ.....කුසල් ‍රැස් කලාද?....ඔව් කුසල් ‍රැස් කරන්න ඇති.....අකුසල් ගෝනි ගනන් ‍රැස් කරන්න ඇති....හිතලා බැලුවොත් මම නම් වැඩිපුර අකුසල් ‍රැස් කරන්න ඇති කියලා හිතෙනවා....ඔයාලත් ඔයාල ගැන හිතලා බලන්න......පොඩ්ඩක් හිතන්න....අපේ රටේ තමයි වැඩිපුරම බණ අහන්නෙත්....අකුසල් කරන්නෙත්.....අපේ හිත,කය,වචනය සන්වර නැහැ...එක තමයි ඇත්ත....අපේ ගොඩක් අය පන්සල් යනවා....හැබැයි....බෝහෝමයක් දෙනා යන්නේ යන්නේ පුහු මාන්නය හිතේ තියාගෙන...ගමේ වැදගතා කියල පෙන්නන්න,හැමෝටම ඇහෙන්න තමන්ගේ නම කියව ගන්න,,හැබැයි ඔය අතරේ සැදැහැවත් බෞද්ධයන් ඉන්නවා....එයාලට තෙරුවන් සරනයි.......

    පොඩ්ඩක් හිතලා බලන්න අපි අඩුම ගානේ පන්සිල් පද පහ වත් රකිනවද?.......
    ඔයාලට හිතෙනවා නම් පන්සිල් රකින්න ඕනා කියලා එයාලට මම පොඩි ක්‍රමයක් යෝජනා කරන්නම්....අපි ගොඩක් වෙලාවට බලන්නේ....මාසගානක් පන්සිල් රකින්න,,,නැතිනම් මැරෙන තුරාවට....හිතේ කෙලෙස් තියෙන අය හැටියට එක වරම....එවැනි ඉලක්කයක් සපුර ගන්න බැහැ....(මට නම් බැහැ)මම යෝජනා කරන්නේ මේකයි....

    උදේම නැගිට්ට ගමන් හිතින් හිතාගන්න මම අද දවස ඇතුලත පන්සිල් රකිනවා කියලා......ඒහෙම හිතලා කොහොම හරි ඒ දවස ඇතුලත පන්සිල් රකින්න උපරිමයෙන් කැප වෙන්න.....‍රැට නින්දට යන්න ඉස්සෙල්ලා.....මතක් කරලා බලන්න...ඔයා අද දවසේ පන්සිල් ‍රැක්කා නේද කියාලා.....හිතට හරි සැහැල්ලුවක් දැනෙයි.....දැන් ඊළග දවසෙත් ඒ විදිහට කරන්න.....දන්නේම නැතුව ඔයා පන්සිල් සුරකින කෙනෙක් වෙයි....(මම හිතන විදිහට මේ ක්‍රමය හොදයි...මම වැරදි වෙන්න පුලුවන් නමුත් මේ ක්‍රමය මට හොදයි...මොකද ඉලක්කය දවසක් පන්සිල් ‍රැකීම.......ඒක හුගක් ලොකු ඉලක්කයක් නෙවෙයි...අනික පන්සිල් ‍රැක්ක විදිහ රෑ නින්දට ඉස්සෙල්ලා මෙනෙහි කලාම හරිම සැහැල්ලුයි....සනීපයි...)

    හරි දැන් ඔයාලා මට බනී.....මුට පිස්සු කියලා.....මම වැරදි දෙයක් කිව්වානම් සමා වෙන්න ඕනා......මම තව දෙයක් ඔයාලට කියන්නම්......අපි ඉන්නේ ලොකු අනතුරක හුගාක් ලොකු අනතුරක.......

    කෝණාගම බුදුහාමුදුරුවන්ගේ කාලයේ,කකුසද බුදුරජානන් වහන්සේගේ කාලයේ,,,,මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 30000 ක් 20000 ක් වගේ අගයක තමයි පැවතුනේ,,,,,,,ගොඩක් අය ඔය ගැන දන්නවනේ.......නමුත් ගෞතම බුදුරජානන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන අවධියේ.....මිනිසෙකුගේ පරම අයුෂ අවුරුදු 120 ක් පමණ අගයක තමයි පැවතුනේ.....දැන් ගෞතම බුද්ධරාජ්ජයේ අවුරුදු 2500 කට වඩා ගෙවිලා ඉවරයි.....පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් මිනිසෙකු උපරිම අවුරුදු කීයක් ජීවත් වෙනවද කියලා....අවුරුදු 80 ක් වගේ තමයි සාපේක්ෂව පිළිගන්න පුලුවන් වයස......

    මොකද හිතෙන්නේ අවුරුදු 80 ලොකු කාලයක් කියලද.......හරි calculator එකක් අරගෙන ඔයා උපරිම අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා උපකල්පනය කරලා....

    80*365 (80 ගුණ කිරීම 365 ) ගණනය කරලා බලන්න.....ඔයාට ජිවත් වෙන්න තියෙන දින ගණන තමයි ඒ හරියටම දවස් 29200 යි......දැන් මේ වැඩෙත් කරන්නකෝ ඔයාගේ වයස 365 වැඩි කරලා බලන්න කෝ.....අන්න එතකොට එනවා ඔයා මේ වෙනකොට ජීවත් වුන දින ගණන......(මම නම් මේ වෙනකොට 6570 ක් ජිවත් වෙලා තියෙනවා)......


    දැන් ඔයාලා වැයකරලා තියෙන දවස් ගාන .....මුලු දවස් ගණනෙන් අඩු කරලා බලන්න ඔයා අවුරුදු 80ක් ජීවත් වුනොත් ඔයාට ඉතුරු වෙලා තියෙන දින ගණන තමයි ඔය පිළිතුරට ලැබිලා තියෙන්නේ....

    365*80=29200-6570=22630 (මේ තමයි මට ඉතිරි දවස් ගණන):(:(:(:(:(

    පුදුම වෙන්න දෙයක් නැහැ යාලුවනේ.....ඔය තමයි අපිට ලැබිලා තියෙන උපරිම කාලේ....අපි කොච්චර අකමැති උනත් යන්න වෙනවා......ඉතින් දැන් පොඩ්ඩක් හිතන්න නොපමාව කුසල් ‍රැස් කල යුතුයි නේද?......අපි කොච්චර පොඩි කාලයක්ද මෙහෙම ඉන්නේ.....අපි වපුරන දේ තමයි අපිට පොදි බැදන් යන්න තියෙන්නේ.....(වපුරන දේ කිව්වේ හොද,නරක)...ඉතින් පින් කරන්න පමා වෙන්න එපා....මගේ මේ වැයමෙන් ඔයාලා දෙයක් එකති කර ගන්න ඇති කියලා හිතනවා.....ජිවත් උන කාලයේ කරපු අකුසල් ගැන දැන් දුක් වෙන්න එපා....මොකද අපිට දුක් වෙන්න තරම් කාලයක් ඉතුරු වෙලා නැහැ........පුලුවන් තරම් කුසල් කරන්න......සමාජයට දෙයක් කරන්න......පින් කරන්න......අනාගත භවය සුඛයට හරව ගන්න........

    නොපමාව කුසල් ‍රැස් කිරීමට ඔබට ශක්තිය ධෛරයය ලැබේවායි පතමී.........ඔබට තෙරුවන් සරණයි.......



    මේ මගේ කලින් ත්‍රේඩ්...........බලන්න ඕනා නම් නම උඩ click කරන්න.

    බස් එකේදි සිද්ධියක්

    කෝච්චියෙදි කැත වැඩක්.

    ඔබත් දුම් පානය කරන්නෙක්ද?

    මිස්ටර් බීන්ව මතකනේ........
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    නොපමාව කුසල් ‍රැස් කල යුතුයි :)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    බලන් ගියාම අපි ජීවත් වෙන්නේ ටික කාලයයි....
    ඉන්න ටිකේ හොදින් ජීවත් වෙලා හොද මිනිහෙක් විදියට මැරෙන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්...

    අරවා දෙන්න බෑලු යාලු...:(
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Me gathawa oba niwasin pita wena vita, vahanayak udasana palamu wathawata pana ganwannata peta 3 watawak hithin sihi karanna.
    Boho karadara walin obawa araksha wenu atha.


    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං

    "සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය සියලු බුදුරජාණන් වහන්සේලා දේශනාකල ධර්මස්කන්ධයේ සමස්ථ අදහසයි......."

    "To abstain from all evil
    To cultivate the good
    and to purify one's mind
    This is the Buddha's teaching."
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බලන් ගියාම අපි ජීවත් වෙන්නේ ටික කාලයයි....
    ඉන්න ටිකේ හොදින් ජීවත් වෙලා හොද මිනිහෙක් විදියට මැරෙන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්...

    අරවා දෙන්න බෑලු යාලු...:(

    ඒවායි වැඩක් නැහැ යාලුවා ඔයාට තෙරුවන් සරණයි:):):)
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Me gathawa oba niwasin pita wena vita, vahanayak udasana palamu wathawata pana ganwannata peta 3 watawak hithin sihi karanna.
    Boho karadara walin obawa araksha wenu atha.


    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධාන සාසනං

    "සියළු අකුසලින් වැළකී, නිතර කුසලෙහිම යෙදී, සිත මනාව පිහිටුවා ගත යුතුය. එය සියලු බුදුරජාණන් වහන්සේලා දේශනාකල ධර්මස්කන්ධයේ සමස්ථ අදහසයි......."

    "To abstain from all evil
    To cultivate the good
    and to purify one's mind
    This is the Buddha's teaching."

    ඔයා හරියටම හරි යාලුවා !