මුණු පොත

manmala

Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    අපේ රටේ මිනිස්සු ආදිකාලේ ඉදන් මුණු පොතේ හිටියයි කිව්වම ඔබමාත් එක්ක ආරෝවට එනවා කියලා මං දන්නවා ,, ඉන්ටනේට්ටුව ආරම්බ උනේ 1969 ,එකෙත් අද තත්වයට අවේ මේ ලගදිය කියලා මාත් එක්ක තර්කයට එන්න හදාවි එකපාරටම ,, එත් මොහොතක් ඉසබුළක් දෙනාවා නම් මං කියන්නම් අපේ ගම ගැන

    පාන්දරින් හිරු නැගෙද්දී හුගක් දෙනෙකුට දවසේ ආරම්බය උනත් මුළු රැ පුරාම හේන් රැකපු අපේ ගමේ මිනිස්සුන්ට නම් දවසක අවසානය ,ගෙදර පෙනී පෙනී උනත් එහා පාරෙන් කොපි කඩේට යන්නේ එතන ඉන්න අනිත් අය හම්බුවෙන්නද නැත්නම් තමන් ගෙදර නැති අවුඅස්සේ ගෙදරට රිංගපු මිනිහත් එක්ක පොර බදලා හති වැටිලා නිදි තමන්ගේ ගැනී ගෙන් කොපි කෝප්පයක් නොලැබෙන බව ඉස්තිර හන්දද කියලා කියන්න තඩි බණ්ඩාට හැකියාවක් තිබ්බෙම නැහැ .උදේ 6 ට විතර ඇරෙන ලෑලි පලුවලින් එලියට එන ආප්ප සුවදත් ,කොපි සුවදත් ඒ පළාතේම මිනිස්සුන්ව ඇදලා ගත්තේ මායා බලෙන් වගේ , හැමදාම උදේට එන ලොකු ඉස්කෝලේ මහත්තයා ,තැපැල් මහත්තයා ,නගරයේ රස්සාවක් කරන ගුණවර්ධන මහත්තයා ,මේ අය හැමදාම පටන් ගන්න රැජිනීගේ ආණ්ඩුවේ දේශපාලන විවේචනය ,ඒවාට කන් දෙන අවසේස කට්ටිය ,ආප්පයක් ඉල්ලලා ගන්න ගමන් හිමිහිට ඇහැක් ඉගිමරලා මුදලාලිගේ දුවගේ අතින් අල්ලන සෝමදාස , කඩි මුඩියේ ලැවරියා හදන මුදලාලිගේ රතු මහත හාමිනේ
    දවල් 11.30 විතර වෙනකොට බතක් මාළුවක් සරි කරලා ඉවර වෙච්ච ගැනු ටිකගේ ප්‍රියතම තැන තමයි කුබුක ගහ ලග වතුර බිබුල ,මොනම ඉඩෝරෙට වත් හිදෙන්නේ නැති නිල් කැටේට වතුර උතුරන පොදු ලිද ,,ඔප දුප ,හිනා හඩ හැමතැනම ,මහා රැ එතනගේ ගෙදරට රිංගනකොට ආරච්චිල මහත්තයට එයාගේ මල්ලි පොඩි නිලමේත් ඇතුලේ ඉදන් හම්බ උනයි කියන එක පරණ කතාවක් උනාට කියනකොට රස වැහෙන්නේ අද ඊයේ වෙච්ච දෙයක් වගේ ,මේ ඔක්කොම බලාගෙන ආරච්චිල මැණිකේ නොදැක්කා වගේ ඉන්න එකත් පුදුමයි ,එත් අගිදා හාමි කියන්නේ නම් එයා කැන්දන් එනකොටත් වැඩ වරද්ද ගත්තු කෙනෙක් ලු ,මෙහෙම කියනකොට නම් එලියට පනින හිනාව කට්ටියගෙම වරු ගානක් පවතිනවා ,එහා තියෙන මානා පදුරට මුවා වෙලා හොරෙන් නාන ගැනුන් දිහා බලන අප්පුවා ගෙන් ඇරෙන්න මේ අයට කැමති දෙයක් කියලා කැකිරි පලන්න කාගෙන් වත් නැහැ බාදාවක්
    හිමින් හිමින් ඉර අවරේට යනෙත් කොස් කොළ අතුවල තද කොලපාට කහපාටට හරෝගෙන ,දවස පුරා කමතේ මහන්සි වෙච්ච අය ඇගපත හෝදාගෙන ආය සැරයක් කොපි කඩේට ගොඩ වෙන්නේ කොපි බොන්නම විතරක් නෙවෙයි ,දාන් ලෑල්ල බදු ගත්තු සෝමදාස ,පොඩි එවුන් වට කරන් බේගල් දෙසාබාන අන්දෝ අය්යා තෙලිජ්ජ ටිකක් කටේ ගාගත්තු ගමේ චන්ඩියා ඉස්ටැන්ලි ,උපාසක ආතා මේ ඔක්කොමගේ එකතුව
    ,රැ 9 ය 10 වෙනකොට අය්යිත් සැරයක් හේනට යන්න ලෑස්තිවෙන අය. ඒ යනකන් ඉදලා ඒ ගෙදරට පනින්න හදන සුදුබන්ඩේලා ,රතු මහත්තයට රෝස පාට කොලේ පෙම් හසුන් ලියන බින්දු මතිලා . ටික වෙලාවකින් ඇත හෙනකින් ඇහෙන ලයාන්විත සීපද රාවය ,ඒ නැළවිල්ලත් එක්ක හිමිහිට පියවෙන නිදිබර ඇස් ,,
    ඔන්න ඔහොමයි අපේ ගමේ කාලය ගත උනේ , ඉතින් ඔබ තාමත් කියනවද මුණු පොත හොයාගත්තේ සකර බර්ගරයා කියලා

     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    පොදුවේ මිනිසා රංචු ගැහීමට කෑමත්තක් දක්වනවා එදා මිනිසා තමාගේ සිමිත පහසුකම් මත ගමේ කොපි කඩේ ,නාන ලිං ලග තමන්ගේ අදහස් මාරු කර ගත්තා සේ අද නවීන තාක්ෂනය යටතේ මිනිහා ඉන්ටෙර්නේට්ටුව පාවිච්චි කරනවා ,එදා හිටිය මිනිසා ම තමයි අදත් ඉන්නේ ,මිනිසාට පොදු දුර්වල කම් එදා වගේම අදත් තියෙනවා වෙනස පාවිච්ච කරන පිලිවල විතරයි
    මට හිතෙන විදිහට මුණු පොත කියන්නේ මේ අපේ සමාජයේම සන්නිවේදනයේ එක්තරා දිගුවක් විතරයි වෙනස වඩාත් දියුනු ක්‍රමයක් බාවිතා වීම විතරයි
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පොදුවේ මිනිසා රංචු ගැහීමට කෑමත්තක් දක්වනවා එදා මිනිසා තමාගේ සිමිත පහසුකම් මත ගමේ කොපි කඩේ ,නාන ලිං ලග තමන්ගේ අදහස් මාරු කර ගත්තා සේ අද නවීන තාක්ෂනය යටතේ මිනිහා ඉන්ටෙර්නේට්ටුව පාවිච්චි කරනවා ,එදා හිටිය මිනිසා ම තමයි අදත් ඉන්නේ ,මිනිසාට පොදු දුර්වල කම් එදා වගේම අදත් තියෙනවා වෙනස පාවිච්ච කරන පිලිවල විතරයි
    මට හිතෙන විදිහට මුණු පොත කියන්නේ මේ අපේ සමාජයේම සන්නිවේදනයේ එක්තරා දිගුවක් විතරයි වෙනස වඩාත් දියුනු ක්‍රමයක් බාවිතා වීම විතරයි

    :yes: