ඇර ගයියා ඇර...
ඇර ගයියා ඇර...
දෙමාපිය සිත් රිදවනු බැරිව ලතැවෙන කිරිල්ලියකගේ කතාන්තරය....
මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි
මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි
මගෙ ළඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු
ඔය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු
ඔබ තමයි මසිත සුවපත් කළ ගීතය මියුරු
අපි ඉඟිල යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරු
පෙම් පුවත ලියමු දිනක අපිත් බඳිමින් මැදුරු
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවු
මව් සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරු