෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    28hg93b.jpg

    (පිංතූරයෙ තියෙන්නෙ Standing Calf Raise කරන විදිය. ඒකට කකුල් දෙකම පාවිච්චි කරනවා.)

    [FONT=&quot]* දණ හිසට පහළින් බත්කෙණ්ඩ [/FONT](Calf) [FONT=&quot]ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහා.[/FONT]

    [FONT=&quot]* මෙම ව්‍යායාමය සඳහා ස්ටෑන්ඩින් රෙයිස් නම් උපකරණය [/FONT]
    (Standing Calf Raise Machine) [FONT=&quot]භාවිතා කළ යුතුය. පළමු රූපයේ ආකාරයට එක පාදයක ඇඟිලි තුඩු පමණක් උපකරණයේ ආධාරකයක මත තබා, උරහිස් මත උපකරණය රඳවා තබා ගනිමින් ඉහළට එසවීමත්, නැවත විලුඹ පොළොව මට්ටමට එන තෙක් පහළට ඒමත්. එක් පාදයක් සඳහා නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් පාදයට මාරු කරමින් ව්‍යායාමය සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot] * මෙම ව්‍යායාමයෙදීද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්[/FONT]
    [FONT=&quot]([/FONT]Breathe Out[FONT=&quot]). පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්[/FONT] [FONT=&quot]([/FONT]Breathe In[FONT=&quot]) සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    y036b.jpg


    [FONT=&quot]* මෙම ව්‍යායාමයද දණහිසෙන් පහළ බත්කෙණ්ඩ [/FONT](Calf)[FONT=&quot] ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහාය.[/FONT]

    [FONT=&quot]* මෙම ව්‍යායමය සඳහා ඩම්බෙල් උපකරණයක් භාවිතා කළ යුතු අතර, ඩම්බෙල් උපකරණය එක් අතකට ගෙන එක් පාදයක් පෙර පරිදිම ලී කැබැල්ල මත තබා සමබරතාවය සඳහා බිත්තියක් හෝ ආධාරකයක් අල්ලාගෙන, ඇඟිලි තුඩු මඟින් ඉහළට එසවීමත්, නැවත විලුඹ පොළව මට්ටමට එනතෙක් පහළට ඒමත් සිදුකළ යුතුය. එක් පාදයකට නියමිත වාර ගණන අවසන් වූ පසු අනෙක් පාදය තබා ව්‍යායාම කල යුතුය.[/FONT]


    [FONT=&quot]* මෙම ව්‍යායාමයේදීද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්[/FONT]
    [FONT=&quot]([/FONT]Breathe Out[FONT=&quot]). පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්[/FONT] [FONT=&quot]([/FONT]Breathe In[FONT=&quot]) සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jinak9.jpg


    [FONT=&quot]* මෙම ව්‍යායාමයද දණහිසෙන් පහළ පත්කෙණ්ඩ[/FONT] (Calf)[FONT=&quot] ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහාය.

    [/FONT]
    [FONT=&quot]* මෙම ව්‍යායාමය සඳහා සීටඩ් කාල්ෆ් රෙයිස් ([/FONT]Seated Calf Raise Machine[FONT=&quot])[/FONT] [FONT=&quot] නම් උපකරණය භාවිතා කළ යුතුය.[/FONT] [FONT=&quot]පළමු රූපයේ පරිදි උඵකරණය මත වාඩිවී, ඇඟිලි තුඩු ආධාරකය මත තබා, දණහිස ප්‍රදේශයෙන් ඉහළට එසවීමත්, නැවත විලුඹ ප්‍රදේශය පොළොව මට්ටම තෙක් පහළට ගෙන ඒමත් සිදුකළ යුතුය.

    [/FONT]
    [FONT=&quot]* මෙම ව්‍යායාමයෙදී ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත්[/FONT] [FONT=&quot]([/FONT]Breathe Out[FONT=&quot])[/FONT].[FONT=&quot] පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්[/FONT] [FONT=&quot]([/FONT]Breathe In[FONT=&quot]) සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dbr50i.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමද දණහිසෙන් පහළ ප්‍රදේශයේ මාංශ පේශීන් සඳහාය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා බංකුවක් මත වාඩි වී, ආධාරකයක් ලෙස පෙර පරිදි ලී කැබැල්ලක් තබා, ඇඟිලි තුඩු ඒ මත තබා, බාර් එක දණහිසට ඉහළින් තබාගෙන, ඇඟිලි තුඩු මගින් ඉහළට එසවීමත්, නුවත විලුඹ ප්‍රදේශය පොළොව මට්ටම තෙක් පහතටත් ගෙන ආ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදීද ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් ([/FONT]
    Breathe Out[FONT=&quot])[/FONT] [FONT=&quot]පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්[/FONT] [FONT=&quot]([/FONT]Breathe In[FONT=&quot]) සිදුකළ යුතුය.[/FONT]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Donkey Calf Raise (ඩොන්කි කාල්ෆ් රෙයිස්) ව්‍යායාමය කරන කට්ටිය ඉන්නවද.? මම දන්න විදියට ගොඩක් අය මේ ව්‍යායාමය කරන්නෙ නැහැ. ඒක නිසා ඒ ගැන විස්තර දැම්මෙ නෑ. කරන කට්ටිය ඉන්නවා නම් කියන්න ඒ ගැනත් මම දාන්නම්. බොහොම පරිස්සමින් කරන්න ඕන ව්‍යායාමයක්.


    donkeyCalfRaisesToToneCalves.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2rcweib.jpg


    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශිය සඳහා වන අතර, පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීයද, බාහුවල පිටුපස මාංශ පේශියද සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]ඉහත පළමු රූප සටහනේ පරිදි දෙඅත් පොළව මත තබා ආරම්භ කළ යුතු අතර, දෙඅත් නවා සෙමින් පහළටත් (දෙවන රූපයේ පරිදි) ඉහළට එසවීමත් සිදු කරනු ලබයි.[/FONT]

    [FONT=&quot]පහතට යන අවස්ථාවේදී හුස්ම ගැනීමත්, ඉහළට යන අවස්ථාවේ හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sgphjd.jpg



    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශිය සඳහා වන අතර, පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන් සහ බාහුවල පිටුපස මාංශ පේශිය සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාම පළමු රූප සටහනේ පරිදි බංකුවක දිගාවී බාර් එක ඉහළට ගෙන ආරම්භ කළ යුතු අතර, සෙමින් පහළට ගැනීමත් ඉහළට එසවීමත් සිදුකළ යුතුය. දෙඅත් අතර පරතරයක් උරහිස් ප්‍රමාණයට වඩා මදක් වැඩිවිය යුතුය. පහළට ගෙන ඒමේදී පපු ප්‍රදේශයේ පහළ ප්‍රදේශයට ගෙන ආ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයේ පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට ගෙන ඒමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    35auh76.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශිය සඳහා වන අතර, පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන් සහ බාහුවල පිටුපස මාංශ පේශීය සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයද ඉහත ව්‍යායාමයේ ආකාරයටම සිදුකළ යුතු අතර, මේ සඳහා ඩම්බෙල් උපකරණ දෙකක් භාවිතා කර පළමු රූපයේ පරිදි ඉහළ අවස්ථාවෙන් ආරම්භ කර, සෙමින් පහතට ගත යුතු අතර දෙවනි රූපයේ පරිදි සෙමින් ඉහළට එසවිය යුතු ය. පහතට ගන්නා අවස්ථාවේදී පපු ප්‍රදේශයේ දෙපස වන තෙක් පහතට ගත යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    vglkbt.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන් සඳහා වන අතර, පපු ප්‍රදේශයේ පහළ කොටස, බාහුවල පිටුපස මාංශ පේශීයද සුළු වශයෙන් ක්‍රියකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා භාවිතා කරනු ලබන බංකුව පොළොව මට්ටමේ සිට අංශක 35ත් 45ත් අතර විය යුතු අතර පළමු රූපයේ ආකාරයට ඉහළින් පටන්ගෙන සෙමින් පහළටත් ඉහළට එසවීමත් සිදු කරනු ලබයි. මෙම ව්‍යායාමයෙදී පහතට ගෙන ඒමේදී බාර් එක පපු ප්‍රදේශයේ ඉහළ කොටස වෙත ගෙන ආ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයද පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිටකිරීමත් සිදුකල යුතුය.[/FONT]


     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මචං සෙල්ලන් කරන්න Work out ඒකක් දාගන්න පුලුවන්ද??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    25ap2z9.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන් සඳහා වන අතර, පපු ප්‍රදේශයේ පහළ කොටසද, බාහුවල පිටුපස මාංශ පේශියද සුළු වශයෙන් ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහාද කලින් ව්‍යායාමයේ භාවිතා කල ආකාරයේ බංකුවක් භාවිතා කළ යුතු අතර, ඩම්බෙල් උපකරණ දෙකක් මගින්, ඉහත පළමු රූපයේ ආකාරයට ඉහළින් පටන්ගෙන සෙමින් පහළටත්, ඉහළට එසවීමත් සිදුකළ යුතුය.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ද පහතට ගෙන ඒමේදී හුස්ම ගැනීමත්, ඉහළට එසවීමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]


     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මචං සෙල්ලන් කරන්න Work out ඒකක් දාගන්න පුලුවන්ද??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං සෙල්ලන් කරන්න Work out ඒකක් දාගන්න පුලුවන්ද??

    උඹට ඕන මොන වගේ Workout එකක්ද..? Muscle Building ද, Fat Loss ද, Strength ද, Home Based ද..? ජිම් එකකට යනවා නම් පුහුණුකරුවාගෙන් ඉල්ලගන්නත් පුළුවන්.. මොකද උඹගෙ බොඩි එක පෙන්නලා ගන්න එක තමා වඩාත් සුදුසු.. :yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    k1qc8y.jpg


    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින්ද සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන්ද ක්‍රියාකරනු ලබයි.[/FONT]

    [FONT=&quot]පළමු රූපයේ පරිදි ව්‍යායාම බංකුවක් මත දිගාවී, ඩම්බෙල් උපකරණ දෙකක් උපයෝගී කර ගනිමින් ඉහළ සිට ආරම්භ කළ යුතු අතර, පහළට ගෙන ඒමේදී වැලමිට නැවීමකින් තොරව දෙඅත් දෙපසට විහිදා පහළට රැගෙන ආ යුතුය. ඊට පසු නැවත ඒ ආකාරයටම ඉහළට එසවිය යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී දෙඅත් පහළට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් ඉහළට ගෙන ඒමේදී හුස්ම පිට කිරීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2lm1mva.jpg


    [FONT=&quot]මෙම ව්‍යායාමයද ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ කොටස සඳහා වන අතර, සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශීන්ද ක්‍රියාකාරී වේ.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා පෙක්ඩෙක් උපකරණය භාවිතා කළ යුතු අතර, පළමු රූපයේ ආකාරයට ව්‍යායාමය ආරම්භ කර, දෙඅත් වල වැළමිට ආධාරයෙන් ඉදිරිපසට ඇදීමත්, සෙමින් පසුපසට ගැනීඹත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයෙදී ඉදිරිපසට ඇදීමේදී හුස්ම පිට කිරීමත් පසුපසට ගෙන ඒමේදී හුස්ම ගැනීමත් සිදුකළ යුතුය.[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    6prbe0.jpg


    [FONT=&quot]ප්‍රධාන වශයෙන් පපු ප්‍රදේශයේ පහළ මාංශ පේශින් සඳහා වන අතර සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඉහළ මාංශ පේශින් ක්‍රියා කරනු ලබයි.[/FONT]

    [FONT=&quot]මෙම ව්‍යායාමය සඳහා කේබල් ක්‍රෝස් ඕවර් උපකරණයක් උපයෝගී කරගත යුතු අතර, පළමු රූපයේ පරිදි දෙඅත් දෙපසට විහිදා ව්‍යායාමය ආරම්භ කළ යුතු අතර, දෙපස ඇති කේබල් දෙක ඉදිරියට ඇදීමත්, දෙවන රූපයේ ආකාරයට පසුපසට ඇදීමත් සිදුකළ යුතුය.[/FONT]


    [FONT=&quot]මෙම ව්‍යායාමයේදී ද දෙඅත් ඉදිරියට ඇදීමේදී හුස්ම පිටකල යුතු අතර, දෙඅත් පසු පසට ගැනීමේදී හුස්ම ගත යුතුය.[/FONT]