Z Score අවුල

Nohim Ys

Well-known member
  • විභාගෙට ආයෙත් apply කළ හැකිලු................?මේවට තමා වදුරු කුනුහරප කියන්නේ..[සති 2න් විභාගයක් ලියන්නලු.....?]මම හිතන්නෙ මෙවා කියන එවුන් ඒ ලෙවල් කරලා නැතුව ඇති.මෙක 1 වසර වාර විභාගෙ කියලාඩ දන්නෙ නෑ හිතන් ඉන්නෙ.

    :frown::frown::frown::frown::confused::confused::confused::confused::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රෙඩ් එක දානකොට මෙච්චර දුරකට යයි කියල හිතුනෙ නෑ. නැවතිල්ලෙ හිතල බලනකොට කට්ටිය හොද හොද දේවල් ලියල තියනව. අර කියනව වගේ හිතේ අමාරුව තියන කෙනා තමයි වැඩිය කතා කරන්නෙ. කොහොම වුනත් එක දෙයක් කියන්න ඕනෙ.

    දෙවනි වතාවට ප්‍රතිඵල නිකුත් කළාම rank එක ඉහළ ගියෙ පළමු වතාවට විභාගෙ කරපු අයගෙයි. මොකද එහෙම වුණේ. ඇත්තටම අපි මේ දෙගොල්ලන්ගෙ මධ්‍යන්‍ය (mean) වෙන වෙනම බැලුවොත් පළමු වතාවෙ කළ අයගෙ මධ්‍යන්‍යය අඩු වියයුතුයි. තේරෙන විදිහට කියනවනම් පළවෙනි පාර කරන අයට සමස්තයක් විදිහට ප්‍රතිඵල අඩුයි (මේ කියන්නෙ දක්ශයො අඩුයි කියල එහෙම නෙමෙයි). ඒ වගේම දෙවනි පාර ලියන අයගෙ ප්‍රතිඵල සමස්තයක් විදිහට වැඩියි (ෆේල් වෙන ප්‍රමාණය අඩුයි). ඉතිං කලින් වතාවෙ මේ දෙගොල්ල එකට දාල අනල කරල ප්‍රතිඵල හැදුවහම දෙවනි වතාවට විභාගෙ කරපු වැඩි පිරිසක් ඉහළට ආව. ඒක අද විතරක් නෙමෙයි වෙනදත් වෙනව. ඒත් ඉතිං මේ පාර දෙගොල්ලො ලිවුවෙ ප්‍රශ්න පත්තර දෙකකටනෙ. ඉතිං ඒ දෙක එකට දාන්නෙ කොහොමද?????:rofl::rofl::rofl:

    Stat කාපු අය ඉන්නවනම් මේක සෛද්ධාන්තිකව පැහැදිළි කරල දෙන්නකො බලන්න.

    මේ කතාවට මෙහෙම දේකුත් එකතු වෙන්න ඕන..ලංකාවේ වැඩිම A 3 රිසල්ට් එක දාන්නේ පළවෙනි පාර කරන කට්ටිය ඒත් 20,000 ලියුවොත් 6000ක් වගේ තමයි විභාගේ කරගන්නේ..
    උපරිම රිසල්ට් වලට යන්නේ පළවෙනි පාර කට්ටිය :yes::yes:
    2වෙනි 3 වෙනි පාර කරන අය නොයනවා නෙමෙයි..ඒත්
    2වෙනි 3 වෙනි පාර කරන අයගේ අසමත් වීමේ සම්බාවිතාවය 1වෙනි පාර අයට වඩා අඩුයි..(බෙදෙන්නෙත් අඩු අගයකින්.ඒකත් එක හේතුවක්..)
    වැඩියෙන්ම 2වෙනි 3 වෙනි පාර අය නියෝජනය කරන්නේ මැද රිසල්ට් ටික.(A,B,B/B,B,B/B,C,C)

    මේ පාර වැඩෙන් උනේ මෙහෙම මැද හිටපු 2වෙනි 3 වෙනි සෙට් එක අයින් උන ගමන් නොහිතපු විදියට පළවෙනි පාර කට්ටියට චාන්ස් එක වැදුනා..
    මම උදාහරණයක් ගන්නම්..
    (මෙහෙම හිතපු ළමයි 12 දෙනෙක් ඉන්නවා.මේකෙන් ළමයි 5 දෙනෙක් 2වෙනි 3වෙනි පාර අය..මෙයාලගෙන් A3 සාමාර්ථ අරන් සමත් උන ළමයි 3 දෙනෙක් ඉන්නවා එතනින් එක්කෙනෙක් 2නි පාර කල කෙනෙක්,තව 4 දෙනෙක් ඉන්නවා A1යි B2කේ සාමාර්තගත්ත.එතනින් 3 දෙනෙක් 2වෙනි 3නි පාර කල අය.ඉතුරු ළමයා 3නි පාර කල කෙනෙක් B1යි C2යි.
    C3ක් ගත්ත 1වෙනි පාර කල ළමයෙකුත් ඉන්නවා.ඉතුරු ළමයි තුන්දෙනා 1වෙනි පාර කරපු C1 යි S2යි රිසල්ට් තියෙන අය.)
    කලින් විදියට මෙතනින් නව දෙනෙක්ට කැම්පස් සිලෙක්ෂන් තියෙනවා..එතකොට C,S,S රිසල්ට්ස් තියෙන
    තුන්දෙනා ඇරෙන්න අනික් ඔක්කොම සිලෙක්ට් නේ...
    දැන් 2වෙනි රිසල්ට් එක (Z-core එක එනවා)
    කොහොමත් ළමයි නව දෙනයි ගන්නේ කියනවා.1වෙනි පාර වැඩි දෙනෙක් කරන නිසා ඒ ළමයින්ගෙන් 5 දෙනෙක් වත්,2නි 3වෙනි පාර කල අයගෙන් 4 දෙනෙක් වත් බැගින් ‍තෝරා ගන්නවා කියනවා...
    1නි පාර කල අයගෙන් 5ස් දෙනා විදියට තේරෙන්නේ පිළිවෙලින්
    A3 ගත්ත ළමයි 2න්නා
    A1යි B2 ළමයා
    C3 ගත්ත ළමයා,
    C,S,S ගත්ත එක ළමයෙකුත් විතරයි..

    2නි පාර කල අයගෙන් 4 දෙනා විදියට තේරෙන්නේ A3 ගත්ත ළමයත්,
    A එකයි B දෙකක් ගත්ත ළමයි තුන්දෙනායි විතරයි.:oo:

    එතකොට අර B1යි C2 ගත්ත තුන්වෙනි පාර කල ළමයා ගෙදර :angry::angry::angry::angry:

    ඒ ළමයා ඒ රිසල්ට් එක අරන්
    ගෙදර ඉද්දී,පලවෙනි පාර කල C,S,S ගත්ත ළමයා ඇතුලට යනවා..

    මම දකින විදියට නම් මේ පාර උනේ ඒ දේ..මේකට කරන්න පුලුවන් එක දෙයයි ඒ තමයි කැම්පස් ගන්න රේට් එක වැඩි කරන එක 2005ත් කලේ ඒ දේ මට මතක විදියට ....මේ උදාහරණය ඇසුරෙන්ම කියනවා නම් අනුපාතය 6ට 5 කරන්න ඕන අර ළමයට සාධාරණයක් වෙන්න නම්..එතකොට තවත් C1,S,S ගත්ත ලමයෙක් ඇතුලට යනවා..(ඉතින් හොඳයි නේ මචන් ඌත් අපේ රටේම එකෙක් නේ..පුලුවන්නම් විභාගේ කර ගත්ත හැම ළමයාවම කැම්පස් ගන්න ඕන..එහෙම නම් මෙච්චර තරඟයක් හිටින්නෙත් නැහැ..කාටවත් කියන්නත් බැහැ S,S,S,ක් ගත්ත ළමයා අදක්ෂයෙක් කියලා..විභාගය වෙනුවෙන් කර කැපවීමේ තරමට ලැබෙන රිසල්ට් එක වෙනස් වෙන්නේ අදක්ෂ කම මත නෙමෙයි....)
     
    Last edited:

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    hamotama sadarana wenna oka haduwe. uba hariyata exam kare naha kiyala katawath kaha gahanna epa. thawa parak wibage karapan

    මේ පාර හරියටම හරි ගියා කියන්නේ ඉස්සෙල්ල දීපු result එක වැරදි කියලා පිළිගන්නවනේ... එහෙනං එහෙම වරද්දපු එවුන්ට දුන්න දඩුවම් මොනාද ?

    කලින් තේරිච්ච කට්ටිය දැන් තේරුනේ නෑ කිව්වම මාසයක් පාඩම් කරලා ලියන්න කියන්නේ උඹ හිතුවද මේක 5 වසරේ විභාගයක් කියලා ?

    තොපිලා වගේ දෙසපලුවොන්ට කඩේ යන එවුන්ට ඕවා තේරෙන්නේ නෑ... මොකද දෙසපලුවොත් විභාග පස් නෑ... කඩේ යන උඹලත් පස් නෑ..... එකයි උඹල වගේ එවුන්ට ඕවා සුළු දේවල් වෙන්නේ එක නිසා උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන්. අවුල් තියන එවුන් මේක කතා කර ගනී.. :growl::growl:
     
    • Like
    Reactions: Batcha

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    :yes::yes::yes::yes::yes:
    meka thamaa aththatama methana sidda une.. results compare karaddith terenawa old syllabus eke ayata saapekshawa adu lakunu gaththu new syllabus aya mulata awith kiyala..eth oya nikamata hithanna wena awrudu walath me widihatama old new kiyala wena wenama z score heduwanam me dema wenawa..e kiyanne new aya hithanawatath wada issarahata enawa..eka ape sammatha kramenam sadda nathuwa inna thibuna.mokada kaata hari kiyanna puluwan 1st shy liyana lamayek mulma paarata wibhaage liyana nisa eyata thanak denna oni kiyala 2 weni 3n weni ayata saapekshawa..eth mechchara kaalayak ehema une nehene..so degollantama kalin wage eka widihata salakanna oni.. me karapu krame hari..eth thiyena ekama awla rank wena wenama denne nethuwa ekata denna giya eka..z scores wena wenama hadapu populations 2ka ranks ekata karanna behene..ehemanam ara kalin wage okkogema z scores ekata hadala okkoma ekata rank karanna oni..shishyathwa lamai set ekakui o/l lamai set ekakui ekata daala eyalage dakshayo piliwelata rank karanna puluwanda? e degollo wena wenama rank karanne nathuwa..methanath ehema karaanam me method eka perfect..ethakota degollanta cut off dekak denna puluwan..eth me thiyena widihata unath cut off dekak denna puluwan..ethakota rank eka balapaanne nehe kohomatath..mama hithanne godak durata ratio ekakata me degollo aran cut off 2k dei..eth ehema wenna kalin lamai kalabala wela iwarai..watila iwarai..set ekak api theruna kiyala hithala giya awruddema aaye exam karana eka ath arala demma..dan eeye dunnu z ekath ekka thwath set ekak next shy karana eka ath arala demma.eth ara qwa widihata ratio ekakata gattot me dan aluthen chance lebunu new syllabus ayata pawa chance eka nathi wenna puluwan..itin lamai balaporottu tiyan balan innawa.. mun thawama hariyata kiyanneth nehe kohomada uni ganne kiyala..itin lamai ara den lebunu rank eka gena hitha hitha duk wewii innawa..samahara aya sathutu wenawa..eth uni ganna system eka eyaala qwa daata oya degollangema kadaime inna ayata aapahu serayak andanna wenawa sure

    හැම ක්‍රමේකම හොද නරක තියෙනවා. තෝරන්නෙ මොන ක්‍රමේටද කියල කියන්න අන්තිම වෙනකං ඉන්න එකනෙ අවුල. දැනටත් z දෙකක් දෙනවද, එකක් දෙනවද කියල හරියට කියලා නෑනෙ. අපේ අධ්‍යාපතය හසුරුවන හරක්ගෙ වැරදි මේවා. අළුත් නිර්දේශයක් ගේද්දිම දන්නවනෙ මෙහෙම ප්‍රශ්නයක් එනව කියලා. ඉතිං අවුරුදු තුනක් තිස්සේ හරි ක්‍රමයක් හදන්නෙ නැතුව පොල් ගෑවද?

    හරිනං විභාගේ ලියන්න කලින් හැම ලමටම දැනගන්න අයිතියක් තියෙනවා සූත්‍රෙ හැදෙන්නෙ කොහොමද, කැම්පස් තෝරන්නෙ කෝමද කියල. මමනං කියන්නේ කලින් තේරිලා හිටපු අයවත් කැම්පස් වලට ගන්න ඕන. නැත්තං ඒක ලොකු අසාධාරණයක් ඒ ළමයිට. ළමයිගෙ ජීවිතත් එක්ක නේද මේ සෙල්ලං කරන්නේ?
    :no::no::no:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හැම ක්‍රමේකම හොද නරක තියෙනවා. තෝරන්නෙ මොන ක්‍රමේටද කියල කියන්න අන්තිම වෙනකං ඉන්න එකනෙ අවුල. දැනටත් z දෙකක් දෙනවද, එකක් දෙනවද කියල හරියට කියලා නෑනෙ. අපේ අධ්‍යාපතය හසුරුවන හරක්ගෙ වැරදි මේවා. අළුත් නිර්දේශයක් ගේද්දිම දන්නවනෙ මෙහෙම ප්‍රශ්නයක් එනව කියලා. ඉතිං අවුරුදු තුනක් තිස්සේ හරි ක්‍රමයක් හදන්නෙ නැතුව පොල් ගෑවද?

    හරිනං විභාගේ ලියන්න කලින් හැම ලමටම දැනගන්න අයිතියක් තියෙනවා සූත්‍රෙ හැදෙන්නෙ කොහොමද, කැම්පස් තෝරන්නෙ කෝමද කියල. මමනං කියන්නේ කලින් තේරිලා හිටපු අයවත් කැම්පස් වලට ගන්න ඕන. නැත්තං ඒක ලොකු අසාධාරණයක් ඒ ළමයිට. ළමයිගෙ ජීවිතත් එක්ක නේද මේ සෙල්ලං කරන්නේ?
    :no::no::no:

    නැවත සමීක්ෂණයකදී රිසල්ට්ස් වල වෙන අඩු වීමට හෝ වැඩි විමට ළමයා එකඟවයි ඇපීල් කරන්නේ.මට මතකයි මෙඩිකල් සිලෙක්ට් වෙලා හිටපු ළමයෙක්..කියන්න ඕන නැහැ නේ සතුටේ තරම පන්ති වල ස්ටෙජ් උඩට නැඟලා නංගිලා මල්ලීලාට වැඩ කර හැටිත් කියන්නේ කොච්චර ආසාවෙන්ද...ඒ වගේම තමන් එක්ක මෙච්චර කාලයක් එකට වඩ කල යාළුවන්ටත් ප්‍රිය සාදයක පවත්වනවා..ඔහොම ඉඳලා රීකරෙක්ෂන් ඔක්කොගෙන්ම පස්සේ දැන ගන්න ලැබෙනවා ඒ ළමයගේ ස්ථාන අගය වෙනස් වෙලා දැන් පශු වෛද්‍ය සඳහාවත් සුදුසු කම් නැති බව..ඒ ළමයා සියදිවි හානි කර ගන්න ගියා..කොහොම හරි ළමයගේ දෙමව්පියන්ට යම් වත්කමක් තිබුන නිසා ඒ ළමයාව පිටරට යැව්වා..ඒත් හැමෝටම එහෙම බැහැ නේ...ඒත් හැම අවුරුද්දෙම ඒ දේ වෙනවා මල්ලිලා..ඒ දවස් වල අපිට අපේ ගුරුවරු නම් කියන්නේ ළමයි පන්සලකට ගිහින් බෝධි පූජාවක් කරලා ඔය Cut-off සීමාවට නම් අහුවෙන්න එපා කියා ප්‍රාර්ථනා කරන්න කියලා..වෙන මොනවාඅ කරන්නද..
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    නැවත සමීක්ෂණයකදී රිසල්ට්ස් වල වෙන අඩු වීමට හෝ වැඩි විමට ළමයා එකඟවයි ඇපීල් කරන්නේ.මට මතකයි මෙඩිකල් සිලෙක්ට් වෙලා හිටපු ළමයෙක්..කියන්න ඕන නැහැ නේ සතුටේ තරම පන්ති වල ස්ටෙජ් උඩට නැඟලා නංගිලා මල්ලීලාට වැඩ කර හැටිත් කියන්නේ කොච්චර ආසාවෙන්ද...ඒ වගේම තමන් එක්ක මෙච්චර කාලයක් එකට වඩ කල යාළුවන්ටත් ප්‍රිය සාදයක පවත්වනවා..ඔහොම ඉඳලා රීකරෙක්ෂන් ඔක්කොගෙන්ම පස්සේ දැන ගන්න ලැබෙනවා ඒ ළමයගේ ස්ථාන අගය වෙනස් වෙලා දැන් පශු වෛද්‍ය සඳහාවත් සුදුසු කම් නැති බව..ඒ ළමයා සියදිවි හානි කර ගන්න ගියා..කොහොම හරි ළමයගේ දෙමව්පියන්ට යම් වත්කමක් තිබුන නිසා ඒ ළමයාව පිටරට යැව්වා..ඒත් හැමෝටම එහෙම බැහැ නේ...ඒත් හැම අවුරුද්දෙම ඒ දේ වෙනවා මල්ලිලා..ඒ දවස් වල අපිට අපේ ගුරුවරු නම් කියන්නේ ළමයි පන්සලකට ගිහින් බෝධි පූජාවක් කරලා ඔය Cut-off සීමාවට නම් අහුවෙන්න එපා කියා ප්‍රාර්ථනා කරන්න කියලා..වෙන මොනවාඅ කරන්නද..

    හරි මචං. ඒ උනාට මේක නැවත සමීක්ෂණය හින්දා වෙච්ච දෙයක් නෙවේ බන්. සූත්‍රය වෙනස් කිරීමේ ප්‍රතිළුලයක්. ළමයිට වැරැද්දක් කියන්න බෑ නේද?
     
    • Like
    Reactions: Gayan88

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    409596_389836127748225_303339921_n.jpg

    දැන් බලන් යද්දී මේ පාරත් වැඩේ හරි වගේ.. :confused::confused:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    වෙලාවට 2008 A/L එක කර ගත්තේ....ඔය හා සමාන අවුලක් මට මතක විදියට 2005 A/L කරපු ඈයොන්ට උනා, එකෙන් නම මම දන්න කියන ගොඩ දෙනෙක් ගොඩ ගියා...
    ඒකට හරියන්න මේ පාර දන්න කියන කලින් ලාවට වත් ගොඩ ගිය උන් ඔක්කොම ටික 2nd Z-core වලින් පස්සේ මඩෙත් යටම හරියේ අනික් උන් නෙළුම් අල වලටත් යට හරියේ...
    එක්කෝ මුන් 25,000ක් විතරම Vacant කලාද දන්නේ නැහැ..
    මේ අවුරුද්දේ කරපු එකෙක්වත් කැම්පස් වරම් නැහැ කියලාවත්....
    හැබැයි මොලේ තිබුන ගොඩක් උන් 2 වෙනි පාර කරන්න ලෑස්ති උනා..මේ පාර ලියන එක තමයි හොඳම වැඩේ මේ අවුල සාධාරණ විදියට ලිහෙයි කියලා හිතන්න අමාරුයි..

    Mey paarath syllabus 2k thawama thiyena nisa, oya vidihatama Z-Score 2k heduwoth okama thamaa wenne!!!:dull:
     
    kalin ABB ---->Rank 86

    After AAB(B became an A after recorrection
    ) --->rank 24

    මෙකයි කතාව..මචන්ලා කලින් අපිටයි කෙල වෙලා තිබුනේ ඒ වෙලාවෙ උම්බලා කවුරුත් කෑගෙහුවෙ නෑනේ.:no::no::no:..අසරන වෙච්ච 1st shy කරපු එවුන් නම් කෑ ගැහුවා:angry::angry:......වෙච්ච දේ ගැන මටත් දුකයි...:dull::dull::dull:
    මේ පාර ලියන එක තමයි හොඳම වැඩේ මේ අවුල සාධාරණ විදියට ලිහෙයි කියලා හිතන්න අමාරුයි..:yes::yes::yes:
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Z Score එක හැදෙන්නේ අමාරු විෂයන්වලට වැඩි ලකුණක් තියෙන කෙනාගෙ වටිනාකම වැඩි වෙන විදිහට. අවුල මේකයි. සාමාන්‍ය ප්‍රතිඵල ගත්තම පලවෙනි සැරේට ලියන අයගෙ සා‍පේක්ෂව ලකුණු අඩුයි. ෆේල් වෙන ගානත් වැඩියි. දෙවෙනි-තුන්වෙනි පාර ලියන අයගෙන් ගොඩ දෙනෙක්ට හොද ලකුණු එනවා.

    අවුල තියෙන්නේ අළුත් z එක හදල තියෙන්නේ පළවෙනි සැරේට ලියපු අයගෙ වෙනම. අනික් අයගෙ වෙනම. එතකොට, පලවෙනි සැරේ ටිකක් හොදට ලිව්ව කෙනෙක්ගේ ප්‍රතිළුලය අධිතක්සේරු වෙනවා. මොකද අනෙක් අයට සාපේක්ෂව ඒ පුද්ගලයගෙ ලකුණ ගොඩක් හොද හින්දා.

    නමුත් ඒ එකට ලකුණ ගන්න 2nd shy කරපු කෙනෙක්ගෙ Z එක අඩුයි. හේතුව 2nd shy අනෙක් අයගේ ප්‍රතිඵලත් සාමාන්‍යයෙන් හොද හින්දා.

    මේ ක්‍රමේ හරිද වැරදිද කියන්න මට බෑ. හැබැයි විභාගෙට සතියක් තියෙද්දි ප්‍රතිඵල වෙනස් කරන එක නං පට්ට අවුල්. හරිනං, පරණ - අළුත් ප්‍රතිඵල දෙකටම අනුව කැම්පස් යන්න සුදුසුකම් තිබ්බ හැමෝමව ඇතුලට ගන්න ඕන.
    :angry::angry::angry:



    machan uba hari....oka tamai medical faculty walath wenne...ubala danne natiwa ati......

    50% MCQ walinui 50% clinical walinui yanne....

    COLOMBO FACULTY EKE inna unta oya clinical walata avarage wadi...anek faculty wala adui...e arenna colombo wala lakunuth wadiya denne nehe...itin eken wenne

    colombo average 55 tiyenakota 60k ganna ekekuta 5 marks walata tamai z score hadanne....

    Itin ragama 43 tiyenakota 60k ganna ekekuta 17ka Z score hadanawa....
    itin oka waradi kiyala api itsara faculty inna kale idala kiwwa...apeth oya UGC eken tamai marks haduwe.....
    MCQ goda dagena tamai colombo ewun goda yanne...Itin apitath oya wage asadarana una...kata karapuwama lankawe anek faculties kawruth oya system ekata tamai kamati..mokada un goda yanne eken nisa me hema deyakma wenas wenna one........sadarana wenna one.............
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    දැං මේක first-shy කළ එවුන්ගෙයි 2nd-shy කළ එවුන්ගෙයි කඹ ඇදිල්ලක් වෙලා. එක කට්ටියක් කියනව කලින් ප්‍රතිඵල වලින් උන්ට අසාධාරණයක් වෙලා තිබුණෙ දැං ඒක හරි කියල. අනෙක් කට්ටිය කියනව අළුත් විදිහට එයාලට අසාධාරණයි කියල. ඒ විතරක්නම් මදෑ. අනිත් අයට වඩා තමුන් හොදයි කියලත් පෙන්නන්න හදනව.

    හැබැයි ඔය කොයික වුණත් එක දෙයක් පැහැදිළියි. දැං රටේ ඉන්න තරුණ පරම්පරාවෙ බහුතරයක් මාර ආත්මාර්ථකාමී වෙලා. අනිකට හෙනගැහුවත් කමක් නෑ මට හොදක් වෙනවනම් කියල තමයි හිතන්නෙ. ඒ වුණාට කතාකරන්න ගියහමනම් මාර බෝධිසත්වවරු. මේ සේරටම වගකියන්න ඕනෙ දෙමව්පියො කියලයි මටනං හිතෙන්නෙ. පුංචි කාලෙ ඉදලම ළමයින්ව උන්ට පාලනය කරගන්න බැරි තරමෙ තරගයකට දාල, උන් හැල්මෙ දුවල දුවල දිනන්න බලනව මිසක් අනික අතරමගදි කලන්නෙ දාල වැටුණත් ඇහැක් ඇරලවත් බලන්න පුරුදුවෙලා නෑ.