පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    පට්ටිපොල සිට ඔහියට,කෝච්චි පාර දිගේ


    52kzk.jpg

    52kzk.jpg

    අපේ උඩරට කෝච්චි පාර ඇත්තටම කිව්වොත් කෙනෙක්ව පිස්සු වට්ටවන දේවල් වලින් පිරිච්ච පාරක්...කෝච්චියේ එක පාරක් බදුල්ලට ගිය කෙනෙක් කට පුරා හිනා වේවි,පපුව පුම්බගෙන නීල් ආම්ස්ට්රෝන්ග් හදට ගිහින් ආපහු ආවා වගේ තමයි ස්ටේෂමෙන් එලියට එන්නේ...එච්චර දේවල් තියනවා කෝච්චි පාර දෙපැත්තේ බලන්න...
    අපේ මිස්ටර් පෙරේරා මහත්තයත් ත්රෙපඩ් එකක් දාලා තිබුනා බදුල්ලට පොඩි මැණිකේ එක්ක ගිය හැටි…


    එයා ඔහිය ඉදල ඉදල්ගස්හින්නට ගිය රේල් හයික් එකේ විස්තරත් දාලා තිබුනා...



    ඒවා දකින ඕන කෙනෙක්ට ඒ අත්දැකීම් විදගන්න ආසා වෙන එක අහන්නත් දෙයක්ද නේ???පිටරටවල සුද්දොත් ඇවිත් පිස්සු වැටෙනවනේ ලංකාවේ ලස්සන දැකලා...ඉතින් අපිටත් ආස හිතුන ටිකක් පිස්සු වැටෙන්නත් එක්ක රේල් හයික් එකක් යන්න...මොකද අපි කවුරුත් මීට කලින් රේල් හයික් එකක් ගිහින් නැති නිසා...
    ඉතින් අපේ පළමු රේල් හයික් එක අපි ගියා පට්ටිපොල ඉදල ඔහිය ස්ටේෂන් එකට...

    ගමන පටන් ගන්න කලින් අපි මිස්ටර් පෙරේරා අයියගෙන් ගොඩාක් තොරතුරු අහගත්තා.පළපුරුදු සංචාරකයෙක් විදිහට අපිට මේ ගමන ගැන වෙන්න පුළුවන් හැම දේ ගැනත්,ඒ ඒ වෙලාවට කල යුතු නොකළ යුතු දේවල් ගොඩක් පෙරේරා අයියා අපිට කිව්වා...ඉතින් මුලින්ම පෙරේරා අයියට ඉස්තුති වෙන්න ඕන අපිට දීපු සහයෝගයට...

    අපි ගමන පටන් ගත්තේ කොටුවෙන් රෑ 8.00ට බදුල්ලට යන රාත්රී් තැපැල් දුම්රියෙන්...දෙන්නෙක් කොටුවෙන් ටිකට් ගන්න අතරේ මාත් lakshithalcr ගියා මරදානට කෝච්චිය මරදානට එන්න කලින් සීට් අල්ල ගන්න...

    මරදානට ගිය වෙලේ අලුත් යාලුවෙක් දැක්කා...

    resized010920104512.jpg

    resized010920104511.jpg


    කරුවලේම M 10 එකේ ෆොටෝ එකකුත් අරගන්න ගියාම අපේ නයිට් මේල් එකත් ආවා...
    මෙන්න මෙයා තමයි අපිව එක්කන් යන්න ලැස්ති වෙන්නේ...

    resized010920104516.jpg


    කොහොම හරි හරියටම රෑ 8.00ට කෝච්චිය පිටත් උනා...
    රඹුක්කනදි M5 779 පිටිපස්සෙන් ඇවිත් කඩුගන්නාව වෙනකන් සපෝර්ට් එකක් දුන්නා....
    වැස්ස නිසා ෆොටෝ එකක් ගන්න බැරි උන එක තමයි දුක...:(
    පේරාදෙණියේදී මේල් පෙට්ටියක් ගලවලා නුවර යැව්වා...M9 එකක් තමයි ඒකට සපෝර්ට් කරේ...

    resized230720124526.jpg


    ඔන්න අපි ගම්පොලටත් අවා...

    resized240720124530.jpg



    මෙන්න මෙයා අවා ඉතුරු ටික අපිව තල්ලු කරන්න...
    M6 796

    resized240720124532.jpg



    මග දිගටම වැස්ස...දෙන්නත් එක්ක අමාරුවෙන් ඇදගෙන ගියා... වැස්ස නිසා කෝච්චියේ රෝද එක තැන කැරකෙනවා කියලා තමයි ගාර්ඩ් මහත්තයා කිව්වේ....

    ඉහල කොත්මලේ වේල්ල...

    resized240720124539.jpg


    කට්ටිය අවදියෙන්...

    resized230720124529.jpg



    වැස්සේ හිමීට හිමීට ආපු නිසා මෙයා පට්ටිපොළට ආවේ ටිකක් පරක්කු වෙලා...

    resized240720124546.jpg

    resized240720124547.jpg


    පට්ටිපොළට එනකොට උදේ 5.30යි...
    පිටිපස්සෙන් තල්ලුකරගෙන ආපු එන්ජිම පට්ටිපොලින් ඉස්සරහට සවි කරා පට්ටිපොළ ඉදන් බෑවුම තරණය කරන්න...දෙකම short hood forward වෙන විදිහට තමයි කපල් කරේ...එහෙම කපල් වෙන එක ටිකක් දුර්ලබයි කියල තමයි පෙරේරා අයිය කිව්වේ...ආසාවෙන් බලාගෙන හිටිය අවස්ථාවක ෆොටෝ ගන්න බැරි උනා වැස්ස නිසා...

    පට්ටිපොල කාල සටහන....

    resized240720124545.jpg


    පටිට්පොලට කොලබ ඉදල කිලෝ මීටර් 223 යි...

    resized2g.jpg


    පට්ටිපොළ ගැන පොඩි විස්තරයක් කරන්නම්...පට්ටිපොළ ස්ටේෂන් එක තමයි ලංකාවේ උසින්ම පිහිටා ඇති දුම්රිය ස්ථානය...හෝර්ටන් තැන්නට එක් පිවිසුම් මාර්ගයක් පිහිටා ඇත්තෙත් පට්ටිපොළ හරහා....ඉතින් හෝර්ටන් තැන්නට යනවා නම් පට්ටිපොලින් බැහැල එතන ඉදන් හෝර්ටන් තැන්නට යන්නත් පුළුවන්...පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉදන් කිලෝ මීටරයක් විතර යනකොට summit level එක හම්බවෙනවා...එනම් ලංකා දුම්රිය මාර්ගයේ උසම ස්ථානය එතනයි...පට්ටිපොළ අවට දේශගුණය නිතර වෙනස්වනවා....හැම වෙලේම මීදුමින් පිරිලා තිබුනත් එක පාරම මිදුම අයින් වෙලා පැහැදිලි කාලගුණයක් මතු වෙනවා....
    කොහොම හරි ඉර පායාගෙන එනකොටම, ඒ කියන්නේ 6.30ට විතර අපි ගමන පිටත් උනා...
    හැමතැනම මාර මිදුම....

    resized1c.jpg


    හෝර්ටන් තැන්න නාම පුවරුව...

    resized3s.jpg


    පට්ටිපොල ඩක්කුව...

    resized4b.jpg


    පට්ටිපොල ස්ටේශන් එක අවට හරි ලස්සනයි...

    resized5k.jpg

    resized6.jpg


    ඔන්න ගමන ආරම්භ කරා...

    resized6.jpg



    සමිට් ලෙවල් එකට කොලබ ඉදන් කිලෝමීටර් 224යි...

    resized10g.jpg


    සමිට් ලෙවල් එක...

    resized11j.jpg


    වටේම් මීදුම...

    resized12.jpg

    resized13f.jpg

    resized20120723646copy.jpg


    ඔන්න අපි යන පලවෙනි බිම්ගෙය....

    කලින් ගල් කඩන වැටිලා අවහිර වෙලා පස්සේ ආයිත් හදලලු....

    resized14k.jpg


    පට්ට කරුවලයි ඇතුලේ...

    resized18.jpg

    resized17.jpg


    මග දිගටම...

    resized9b.jpg

    scaled.php


    තව බිංගෙයක්..

    resized15k.jpg


    ඈතින් ජලාශයක් ද කොහෙද පේනවා...

    resized240720124573.jpg


    මෙන්න මෙතනින් තමයි කෝච්චිය ආවේ...

    resized240720124575.jpg

    resized240720124577.jpg

    resized240720124577.jpg


    මග දිගට මාර ලස්සනයි...

    resizedimg5354.jpg

    resizedimg5308.jpg

    resized240720124574.jpg


    අපේ ෆොටෝ එකකුත් ගත්තා...

    resizedimg5357.jpg


    අතර මගදී අපිට මාර්ග පරීක්ෂක මහත්තයෙක් හම්බ උනා...

    resized20120723690.jpg


    රේල් පාරේ කම්බි කපන අයයි , බිංගෙවල් ඇතුලේ වැහිලිහිණි කුඋදු කඩන අය අල්ලන්න පොලිසියයි,වයිල්ඩ් ලයිෆ් එකයි සෙවිල්ලෙන් ඉන්න නිසා පරිස්සමෙන් යන්න කියලත් කිව්වා....
    මෙන්න තුන වෙනි බිම්ගෙය...

    resized20.jpg


    මෙන්න බමර කුඩුවක්....

    resized240720124589.jpg


    අවට පරිසරය...

    resized240720124582.jpg

    resized20120723749.jpg

    මෙන්න පාලමක්...

    resized20120723717.jpg

    resized240720124593.jpg

    resizedimg5379.jpg


    පේනවනේ උස....

    resized20120723726.jpg


    අන්තිමට පේන්ට් කරලා තියෙන්නේ 1995-10-30 ලු...

    resized240720124601.jpg


    පාලම එහා පැත්තේ බිංගෙයක්...

    resized240720124595.jpg

    resized240720124597.jpg


    මෙතනට එනකොට උදේ 8.00 ට විතර ඇති...8.30 ට ඔහියෙන් එන පොඩි මැණිකේ මෙතන ඉදන් බලාගන්න හිතාගෙන අපි ටිකක් නැවතුනා...
    අපේ කසුන් මෙතනින් උඩට නැග්ගා මැණිකේගේ හොද ෆොටෝ ටිකක් ගන්න...

    පේනවනේ ඉන්න තැන...

    resized240720124600.jpg

    resized240720124599.jpg

    resized240720124596.jpg


    එදා මැණිකේ පරක්කුයි...ඉතින් පොර පැයක්ම උඩට වෙලා කට්ට කන්න උනා...
    ඔන්න කොහොම හරි මැණිකේ ආවා ...
    උඩට නැග්ගට පාඩු නැහැ...හොද ෆොටෝ ටිකක් ගන්න පුලුවන් උනා කසුන්ට...

    resizedimg5396.jpg

    resizedimg5412.jpg

    resizedimg5419.jpg

    resizedimg5419.jpg

    resizedimg5402.jpg

    resizedimg5422.jpg

    resizedimg5400.jpg


    මෙන්න ලක්ෂිත ගත්ත ෆොටෝ ටික...

    resized20120723737.jpg

    resized20120723747.jpg

    resized20120723742.jpg

    resized20120723740copy.jpg


    කොහොම හරි මැණිකේ පාලමෙන් නොපෙනී ගියා...
    අපි නැවත ගමන අරම්බ කරා...

    resized240720124591.jpg


    මෙන්න ගමනාන්තය...ඔහිය....

    resizedimg5426.jpg


    මෙතනින් උදේට රොටී කාලා හපුතලේට යන්න ට්රේන් එක්ක එනකන් හිටියා...
    හපුතලේට යන අතරමග...

    අහසේ පාට බලපල්ලකො...

    resizedimg5442.jpg


    මෙන්න මේකේ තමයි අපි හපුතලේට ආවේ...

    resizedimg5450.jpg

    resizedimg5451.jpg


    එතකොටම කොලබ යන උඩරට මැණිකේ ආවා...
    resizedimg5456.jpg


    මැණිකේ යනකම් ඉදලා අපිත් බස් ස්ටෑන්ඩ් එකට ආවා ගෙදර යන්න බස් එකට නගින්න...
    හපුතලේ නගරය පිහිටා තියෙන්නේ කොලබ බදුල්ල ප්රාධාන මාර්ගයේ...හපුතලේ නගරය අසල තමයි ප්රසිද්ද ADISHAM බංගලාව පිහිටා තියෙන්නේ...හැබැයි ටවුන් එකේ ඉදන් ටිකක් දුර යන්න ඕන...ඒ වගේම් ඒක නරබන්නන්ට විවුර්ත වෙලා තියෙන්නේ සති අන්තයේ සහ රජයේ නිවාඩු දවස් වල විතරයි...

    D.S GUNASEKARA NA-7650 පරණ උනත් විදලා ආවා...
    resized20120723776.jpg

    ඔන්න ඔහොමයි අපි අ‍පේ පලවෙනි රේල් හයික් එක ගියේ...

    මේ ඉන්නේ අපි...

    resizedimg5370.jpg

    වමේ ඉදල බැලුවොත් ලක්ෂිත,කසුන්,හසිත් සහ මේ මම...

     
    Last edited:

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඔන්න ෆොටෝ ටික දැම්ම....
    chanakacm ට ගොඩක් තැන්කූ කියන්න ඕන ත්‍රෙඩ් එක හදන්න හෙල්ප් කරාට....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I'm really really Happy Bro.
    Nicely Done!

    ගොඩක් සන්තොසයි ඔයාලාගේ ගමන ගැන. ඕන වෙලාවක ඕනම දෙයක් තියෙනවා නම් අහන්න. කෝල් එකක් දෙන්න. ස්තුතියි මම ගැන ත්‍රෙඩ් එසේ සඳහන් කලාට. ඉස්සරහට සෙට් වෙන ට්‍රිප් එකකට එන්න ඔයාලා සෙට් එකම. අපේ ටීම් එකේ අනිත් හැමෝම ගොඩක් හොඳයි. අපි සහෝදරයෝ වගේ.

    +10 Again.
    TFS!

    :)
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක කියන්නත් පුළුවන්...මිට කලින් මේ වගේ ෆොටෝ දාපු ත්‍රෙඩ් දාලා නැහැ...සීනියර් මෙම්බර් කෙනෙක් ලගට ගිහින් තමයි ගොඩක් වැඩ කර ගත්තේ..ඒත් අඩුපාඩු ගොඩක් තියනවා...නිවැරදි කරන්න උත්සහ කරන්නම්....


    I'm really really Happy Bro.
    Nicely Done!

    ගොඩක් සන්තොසයි ඔයාලාගේ ගමන ගැන. ඕන වෙලාවක ඕනම දෙයක් තියෙනවා නම් අහන්න. කෝල් එකක් දෙන්න. ස්තුතියි මම ගැන ත්‍රෙඩ් එසේ සඳහන් කලාට. ඉස්සරහට සෙට් වෙන ට්‍රිප් එකකට එන්න ඔයාලා සෙට් එකම. අපේ ටීම් එකේ අනිත් හැමෝම ගොඩක් හොඳයි. අපි සහෝදරයෝ වගේ.

    +10 Again.
    TFS!

    :)

    පෙරේරා අයියේ...thank you very much....
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D ai apahu ena train ekema awe natte?
    mata num train eke paya 10k giyath hari bus eke 10min yana ekath hari..epa wenwa

    pics gatte mokenda? 4n ekenda?

    mona unath maxxa fun ekak gatta neh ;) ubata kalin me tika giya man hitanne ape Shenoxx ..but u pics danme nane :S


    Keep Traveling brothers ;) all the best... !!!
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D ai apahu ena train ekema awe natte?
    mata num train eke paya 10k giyath hari bus eke 10min yana ekath hari..epa wenwa

    pics gatte mokenda? 4n ekenda?

    mona unath maxxa fun ekak gatta neh ;) ubata kalin me tika giya man hitanne ape Shenoxx ..but u pics danme nane :S


    Keep Traveling brothers ;) all the best... !!!

    ට්‍රෙන් එකේ අවොත් අයෙත් කොලබ එන්න වෙන නිසා බස්‌ එකේ ඇවිත් රත්නපුරෙන් බැස්සා බන්...
    ෆෝන් දෙකයි ඩිජිටල් කැමරා එකකිනුයි ගත්තේ...
    පොඩ්ඩක් වත් මහන්සි නැහැ...
    කිලෝ මීටර අටක් ඇවිද්ද කියල දැනුනේ වත් නැහැ...
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ෆොටෝ ඔක්කොම දැම්මා...
    දන හරි...
    එහෙනම් කට්ටිය කොමෙන්ටුවක් දාල යන්න...