ඔව් අයියෙ ඒක තමා කටු කාගෙන වැඩ කරන්නෙ.. මොලේ විකාරයි.. තාත්තා අමාරුවෙන් බාගයක් ගෙවලා දැම්මා.. ඉතුරු ටික මට තමා ගෙවන්න වෙන්නෙ.. එයා ගේ හැදුවෙ මං වෙනුවෙන්.. ඒකයි.. අනික තාත්තා වැඩට යන්නෑ.. ගෙදරට වෙලා ඉන්නෙ.. ලෝන් ගත්තා වගේ නෙමෙයි අප්පා ගෙවන්න ගියාම.. ඒක ගැන හිතනකොටත් බයයි.. එක බංකුවකට නෙමේ.. බංකු බර ගාණකින් ගත්තා..
එහෙනම් ඉතින් කොහොමත් මහන්සියෙන් හරි ඒ දේවල් කරන්න ඕන තමයි. නැත්තම් ඉතින් සෑහෙන ප්‍රශ්නයක් වෙනවනෙ.
මම ප්‍රාර්ථනා කරනවා හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා.. මම නම් එළ බූට් එකක් කෑවා (1st love).. එදා ඉඳන් කෙල්ලො ගැන හිතන්න ගියේ නෑ.. මගේ ගැන හිතලා වැඩ කරනවා.. හොඳ කෙල්ලෙක් හම්බවුනොත් බඳිනවා.. එතකන් මෙහෙම ඉන්නවා.. මටත් දැන් විසි එකක්ද විසි දෙක්කද වෙනවා..
සමහර විට උඹ තාම ඉගෙනගන්නවා ඇති.. එහෙම නම් මේ කාලෙ කාලෙට ආදරේ ගැන හිතන්න යන්න එපා.. උඹගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්.. හොඳට ඉගෙනගනිං.. හොද රස්සාවක් කරලා ඉන්න ගෙයක් දොරක් හදාගනිං.. පොතේ කීයක් හරි දාගනිං.. ඊට පස්සෙ උඹට හොද කසාදයක් කරගෙන සැපසේ ඉන්න පුළුවන්.. හොද රස්සාවක් ඉන්න තැනක් තියෙනවා නම් කෙල්ලෙක් ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.. කෙල්ලො කැමති නැහැ දුක්විඳින්න.. අනික උඹ කැමතිත් නැහැ නේද උඹ කසාඳ බදින කෙල්ලට දුකක් දෙන්න.. ඒක නිසා හොඳට ඉගෙනගෙන හොද මිනිහෙක් වෙයන්.. උඹට ජය පතනවා මලයා..! පිරිමින්ටත් වඩා කෙල්ලො වැඩියි ලංකාවේ.. ඒක නිසා බයවෙන්න එපා.. වඳවී යන විශේෂයකුත් නෙමෙයිනේ..
ගැහැණු ළමයෙක්ට දුක් විඳින්න සිද්ධවෙන විදියට විවාහ වෙන එක හොඳ නෑ තමයි. ඒ කථාවට මං එකඟයි. ජීවත්වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න එපායෙ කවුරු වුණත් විවාහ වෙන කෙනෙකුට. අනාගතේ ගැන හිතල වැඩකරන එක හොඳයි. කොහොමත් මේ සමාජය යන විදියට යනවනම් සල්ලි හොයන්නත් වෙනව තමයි.
හැබැයි ඕකෙ තව පැත්තක් තියෙනව. ඒක තමයි තමන්ට හැකිදේ හඳුනාගැනීම. සරල භාෂාවෙ කියන්නෙ ලොකු අතු අල්ලන්න යනව කියල. එහෙම වුණහම තමන්ට හැමදාම වෙන්නෙ තරෙඟට දුවන්න. එහෙම කෙනෙකුට ඔයා කියන විදියට බැඳල ඉවර වෙලා සැපෙන් ඉන්න බෑ. මොකෝ එයා දිගටම දුවන්න ඕන. බලාපොරොත්තු තියාගන්න එක වැරැද්දක් නෙමෙයි. හැබැයි ඒව තමන්ට දරන්න හැකිවෙන්න ඕන. නැත්තම් තමන්ට ඒ තැනට යන්න හැකිවෙන්න ඕන. සල්ලි නෙමෙයි ජීවිතය කියන්නෙ. ඉපදුන දවසෙ ඉඳල හොඳ ජොබ් එකක් කරන්න විභාග රේස් එකේ දුවනව. ඊළඟට රැකියා රේස් එකේ දුවනව. ඊට පස්සෙ විවාහ වෙලා දරුවන්ට හොඳ ජීවිතයක් හදන්න ආයිත් සල්ලි හොයන රේස් එකේ දුවනව. ඕකනම් ජීවිතේ ඔයා කියන කථාව හරි.
පොඩි උදාහරණයක් දෙන්නම්. තමන්ගෙ මංගල්‍යය කියන දේ කාටත් සිහිනදායක අවස්ථාවක්නෙ. හැබැයි සමහර අය එහෙම දේකට වියදම් කරන වියදම් කිරිල්ල නිසා මැරෙනකන් ණය ගෙවනව. එහෙම වෙන්නෙ අත්‍යවශයය දේවල් පැත්තක තිවිද්දි ලෝකෙට පේන්න දෙවල් කරන එක නිසා. අන්න එකයි මං කියන්නෙ බඳින කෙනා තෝරගද්දි තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් තෝරගන්න කියල.