මචාන්zලා......
හම්මේ... ඔන්න ආවා කෙහෙල්මල් විභාගෙන් පස්සේ ත්‍රෙඩ් පොජ්ජකුත් මන්දු කොරෝගෙන.
මම බැලුවා මොකක්ද බොලාට දාන්නේ කියලා..
මෘදුකාoග පොජ්ජක් දානවද කැඩ වෑලිත් එක්ක නැත්තම්
වැඩිය කට්ටිය නොදන්න තොරතුරු බිදක් දානවද කියලා..
ඊට පස්සෙ හිතුනා ඔය දෙවෙනි එක කරන්න...




ඔන්න ඉතින් වැඩේ පටාන් ගන්නයි යන්නේ..
කට්ටිය දන්නවනෙ මේ කව්ද කියලා...



( නැත්තම් යකෝ ඔය ලී අයියානේ...


)හරි හරි මල පන්න ගන්න එපා ඉතින්.



මේ අයියාට අයියෙක් වෙන්න ශිල්ප උගන්නපු මේයාගෙ ගුරුතුමා ගැන තමයි අද කියන්න යන්නෙ ඕන්.





මේ ඉන්නෙ ඔහු..
ඔහුගේ නම යිප්මන් (Yip Man)
මොහු ඉපදිලා තියෙන්නෙ චීනයෙයි. ඒ 1893 ඔක්තෝබර් 1 දායි. උපතින්ම ඔහු ඉතාමත් ධනවත්. වින් චුන් (Wing Chun) සටන් ක්‍රමය තමයි මොහුගේ සටන් ක්‍රමය වෙලා තියෙන්නෙ.. මොහු වයස අවු 6 සිට තමන්ගේ පුහුණුවීම් ආරම්භකරලා තියනවා. ඒ චන් වා ශුන් (Chan Wa Shun) ගුරුතුමා යටතේයි. මොහුට වයස අවු 12දී මොහුගේ ගුරුතුමා මිය ගිහින් තියනවා. ඊට පසු මොහුට ඉගැන්වීම් කටයුතු කරල තියෙන්නෙ ඒ ගුරුතුමාගෙ හොදම ගෝලයෙක් උන චුන් සොක් (Chun Sok) නම් ශිෂ්‍යා අතිනුයි.
පසුව මොහු හොන් කොන් වලට පැමිනියා වයස අවු 15දී තමන්ගේ ඉගනීමේ වැඩ කටයුතු සදහා. මොහුගේ පාසල වුනේ (St.Stephen's College) පාසලයි.
මේ තියෙන්නේ ඒ පාසල
ඔහු ඔහුගෙ වයස අවු 20 පසු කර පසු රැකියාව වශයෙන් පොලීසිය සහ හමුදාව තෝරා ගත්තා.ඒ ඔහුට අවුරුදු 23 වූ පසුයි. ලැබෙන සෑම විවේක කාලයකදීම තමන්ගේ පුහුනුවීම් කටයුතු ලී අධාරකයක් යොදා ගනිමින් සිදුකරා.මෙම ලී අධාරකය තමයි මොහුට මිනිස් අත් දෙකේ සහ කකුල් වලින් ලැබෙන ප්‍රහාර ගැන මනා අවබෝධයක් ලාබා ගන්න උදවු උනේ
මේ තියෙන්නෙ ඒ (Wooden dummy) කියන ලී අධාරකය.
මෙ තියෙන්න ඔහු එම අධාරකය යොදා ගනිමින් පුහුනුවීම් කරන පින්තූර කිහිපයක්
මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ තියනව මොහු මේ ලී අධාරකයත් සමග පුහුනු වෙන ආකාරය
චීනය ජපානය විසින් ආක්‍රමණය කරාට පස්සේ මොහු ජපානයට වහල්ව වැඩ කිරීම ප්‍රතික්ශේප කරා.. එම නිසා මොහුට මොහුගේ නිවස සහ සියලුම ධනය අහිමි උනා..
මේ තියෙන්නෙ ඊට පස්සේ ඔහු වාසය කල නිවස ( ඉහල මහල )
පසුව මොහුගේ ඉතාමත් ලගින් ඇසුරු කල යාලුවෙක් මොහුට ආර්ථික පැත්තෙන් උදවු කලා.. එයට දක්වපු කෘතගුණ දැක්වීමක් වශයෙන් ඔහුගේ පුතාට (Chow Kong Yiu) සහ තවත් ශිෂ්‍යයන් කීපදෙනෙක්ව (Kwok Fu, Chan Chi Sun, Ng Ying, Lun Kai, Chow Sai) තමන්ගේ පලමු කන්ඩායම ලෙක පුහුනු කලා.
පහල තියෙන්න වර්තමානයේ තවමත් මේ සටන් ක්‍රමය උගන්වන ඔහුගෙ ශිෂ්‍යන් දෙදෙනෙක්
(Master Lun Kai)
(පින්තූරය දිහා හොදට බැලුවොත් පෙනෙයි තමන්ගේ ගුරුතුමා උන මාස්ටර් යිප්මන් ගේ පින්තූරයක් බිත්තියේ එල්ලා තිබෙන ආකාරය )
මේ ඉන්නෙ අනිත් ශිෂ්‍යයා
(Master Kwok Fu)
(කහපාට එකක් ඇදගෙන ඉන්න කෙනා.මේ පින්තූරයෙත් ඔහුගේ පින්තූරය තියනව පේනවා ඇතිනෙ නේද)
පසුව 1955දී බෲස් ලී (Bruce lee) යිප්මන් ගේ මග පෙන්වීම යටතේ මෙම (Wing Chun) සටන් ක්‍රමය ඉගෙන ගන්න පැමිනියා.
මෙයාගෙ පින්තූරයක් දාන්න නම් ඕනේත් නැහැ හැමෝම දන්න නිසා. කමක් නැහැ ඔන්න දැම්මා
තම ශිෂ්‍යයන්ට පුහුණුවීම් කටයිතු දිගටම කරපු මාස්ටර් යිප්මන් 1965දී (Yip Man Martial Arts Athletic Association) පිහිටෙව්වා.
මේ පහල තියෙන්නෙ. මාස්ටර් යිප්මන් ගේ ගෝලයින් උන අය එහිදී ගත් ජායාරූප කිහිපයක්.
( ඉදිරි පෙල ආසන වල ඉන්න අය )
මොහුගේන් බිහි උන ශිෂ්‍යයන් විදිහට ගොඩක් දෙනා දන්නෙ බෲස් ලී ව විතරයි. පහතින් දැක්වෙන්නේ බෲස් ලී ට අමතරව බිහි උන දක්ෂ ගෝලයින් කිහිපයක්
1.Wong Shun Leung
2.Leung Sheung
3.Lok Yiu
4.Leung Ting
5.Ip Chun
(යිප්මන් ෆිල්ම් එකේ ප්‍රධාන නලුවත් සමග.. )
( මාස්ටර් යිප්මන් ගේ පිලිරුවත් සමග )
6.Bruce Lee
7.William Cheung
ඉතාමත් දක්ෂ සිසුන් පිරිසක් බිහි කල මොහු තම ඉගැන්වීම් කටයුතු අවසන් වරට කලේ නීතිඥයකු වූ (Yip Sing Cheuk) ගේ නිවසෙයි.
අවුරුදු 79ක් ජීවත් වූ මොහු 1972 දෙසැම්බර් 1දා ඔහුගේ නිවසේදී ලෝකයෙන් සමුගත්තා
මේ තියෙන්නෙ ඔහුගෙ සොහොනෙහි පින්තූර කිහිපයක්..
edited
මොහු ගැන තියන ෆිල්ම් එකක් තියනවා.මම හිතන්නේ ගොඩක් දෙනා බලලා ඇති.
නොබලපු අය down කරලා බලන්න මේ පහල ලින්කුවෙන්...
Ip man 2008
Ip man 2010
edited
හම්මෝ...... අත් දෙකට පට්ට සැප.
((කොපි පේස්ට් ප්‍රොජෙක්ට් එකක් එහෙම නෙමෙයි මේක ඈ..... ) )
...එහෙනම් 0716Aravinda කැපුනා ඕන්...
.උබලට වැදගත් උනා නම් එච්චරයි.
.....ජයෙන් ජය මචන්zලා.....
======================================================================================================================================
======================================================================================================================================
======================================================================================================================================
======================================================================================================================================
Last edited:


