හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

thomian

Well-known member
  • May 20, 2011
    12,098
    16,855
    113
    A-Walk-to-Remember-landon-carter-3340249-512-372_large.jpg



    uparimay saho..:):):)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    A-Walk-to-Remember-landon-carter-3340249-512-372_large.jpg



    මේ ඔක්කොම මැද්දෙ නිහඩව කැකෑරෙන හදවතින් බුර බුරා නැගෙන්නෙ එකම හඩයි...

    හැකිද ඔබට තුරුළු වෙන්නට ... මගේ සෙනෙහෙ පිරුණු පපුවට ඔය සියුමැළි මුව ලංකරල.. ආයෙමත් අර පුරුදු ලයාන්විත ආදරෙන්.....



    I couldn't stop tears falling down from my eyes when I read this. :( explanation of this song is really touching & awesome rather than the song. for a second I felt like I stop breathing... :):dull:
    sentences whitch u hv written in green & blue is the true story & the feeling of most of us. :yes: (I think..). :rolleyes:

    sasliit, I only gave u a clue... but u told me the whole story... :)
    thanx bro!


     
    • Like
    Reactions: sasliit

    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    A-Walk-to-Remember-landon-carter-3340249-512-372_large.jpg


    ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්.. අපිට අපිව හරිහැටි තේරුම්ගන්න කවදාවත් පුළුවන් කමක් තියෙනවාද...? ඉතින් අපි කොහොම තවත් පාර්ශවයක් තේරුම් ගන්නද...? සමහරවිට ඒ නිසාවෙන්න ඇති සුනිල් එදිරිසිංහයන් කියන්නෙ... එදා ලග සිට දුටුව ඔබ නොව... මෙද දුර සිට මා දකින්නේ... සදකාලික නොවූ ලෝකයේ සද කෙලෙසද පෙම් බදින්නේ... කියල...


    අම්මප උඹ කොහොමද සස්ලිට් අයියේ මෙහෙම ලියන්නේ??? ඇඩෙනවා තනි ඇහැට... මෙහෙම ලියන්න එපා බන් අයියේ!! ඔපිස් එකේ වටේ ඉන්න සුද්දෝ මගේදිහ බල බල යනවා මම අඬ අඬ මේවා කියවද්දී... අයෙනම් උඹේ විචාර ඔපිස් එකේ කියවන්නේ නෑ...
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    අනන්තවූ මිනිසුන් අතර දෙදෙනෙකු අතර බැදෙන සංසාරගත ප්‍රේමයත් අතරමගදී මිරිගුවක් බවට පත් උනොත්... ජීවිතය කියන්නෙ අන්න ඒ වගේ සිතුදේ නොමවන නොසිතු දෙයක්ම වන මහා ප්‍රස්ථාපිරුළක්... ආදරය කියන්නෙ සම-මස් පසාරුකරගෙන, ඇටමිදුලු පසාරුකරගෙන.. ලේවලටම කිදා බහින හැගීමක්.. මේ හැගීම ඒ කිදාබැහැපු වේගෙන්ම ආයෙ එළියට ගන්න බෑ.. මොකද ලේ එක්ක නහර දිගේ මේ ආදර හැගීම මුළු සිරුර පුරාම එන්නත් වෙලා අවසානයි.. ඉතින් ඒ අනන්තයට ගිය සෙනෙහසම අහිමිවෙලා ගියදාට.. විදවන්න වෙන්නෙ හරියට ලේ පිළිකාවක් හැදුන හා සමානව.. මොකද පෙනෙන නොපෙනෙන දුරක අප පෙමින් වෙළුණු ආදරය නොහිටියත්.. මුලු සිරුරෙම ඒ ආදරයට පූජාකල උත්තරීතර සෙනෙහස සැරිසරණ නිසා...


    :(:(
     

    Nohim Ys

    Well-known member
  • මම කෑමති ඔබේ ඔය විචර ඉදිරිපත් කරන ඔය සරල ඒත් හදවතේ පතුලටම වදිල විලාශයටයි සහෝ.. අයෙමේක ගෑනත් කියන්න දෙයක් නෑ සහෝ..

    අපි හිතුවට සහෝ ආදරය ලේ මස් ඈට නහර වලට කාවෑදිල ගලව ගන්න අමරුයි කියල... අද සමාජයේ තත්වය ඔයිට වෙනස් සහෝ.. අපි හිතන තරම් මේ ලෝකය සුන්දර නෑ සහෝ කුහකකම කෙස්ගහේ සිටන් පාදයේ නියපොත්ත දක්වා කිදාබෑසපු සමාජයකයි සහෝ අපි ජීවත් වෙන්නෙ .. කොටින්ම හෑම දෙයක්ම වානිජ බාන්ඩ වුන මේ කාලයෙ ආදරයත් සල්ලි වලට යට වෙලා ඉවරයි..

    අපි ආදරය හෑම දේම උනාට සමහරෙකුට ඒක එක දෙයක් විතරයි... ආදraය පටන් ගන්නෙ හෝටලක කාමරයකින් අවසන් වෙන්නෙ එක්කො මෝචරියකින් නෑත්නම් උසාවියකින් හිරගෙදරකින්

    ගොඩක් ස්තූති සහෝ මේ කරන සත්කාරයට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Nohim Ys

    Well-known member
  • I couldn't stop tears falling down from my eyes when I read this. :( explanation of this song is really touching & awesome rather than the song. for a second I felt like I stop breathing... :):dull:
    sentences whitch u hv written in green & blue is the true story & the feeling of most of us. :yes: (I think..). :rolleyes:

    sasliit, I only gave u a clue... but u told me the whole story... :)
    thanx bro!
    [/LEFT]


    [/CENTER]

    ලසී;13183413 said:
    අම්මප උඹ කොහොමද සස්ලිට් අයියේ මෙහෙම ලියන්නේ??? ඇඩෙනවා තනි ඇහැට... මෙහෙම ලියන්න එපා බන් අයියේ!! ඔපිස් එකේ වටේ ඉන්න සුද්දෝ මගේදිහ බල බල යනවා මම අඬ අඬ මේවා කියවද්දී... අයෙනම් උඹේ විචාර ඔපිස් එකේ කියවන්නේ නෑ...



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    සස්ලිට් කියන්නේ මිල කරන්න බැරි මනුස්සයෙක් බං..:yes: මේ වගේ එකක් කියවලා ඇහැට කදුලක්:sorry: එන්නේ නැති මනුස්සයෙක් මේ ලෝකේ නැතුව:no: ඇති.... !!

    ජය වේවා සස්ලිට් සහෝ :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    lassanayi machan siraawata ubata niyemata liyanna puluwan oya liyapu okkoma tika pothak gahamu api ekathu welaa
    11.gif

    sasliit ta jaya ... digatapa liyapan ... :cool:




    thanks for sharing machan ... kasunge live concert ekak ahanna yanna ona welawaka ... dan indra chapa kadila neda :dull:

    [/CENTER]
    uparimay saho..:):):)

    I couldn't stop tears falling down from my eyes when I read this. :( explanation of this song is really touching & awesome rather than the song. for a second I felt like I stop breathing... :):dull:
    sentences whitch u hv written in green & blue is the true story & the feeling of most of us. :yes: (I think..). :rolleyes:

    sasliit, I only gave u a clue... but u told me the whole story... :)
    thanx bro!
    [/LEFT]


    [/CENTER]

    ලසී;13183413 said:
    අම්මප උඹ කොහොමද සස්ලිට් අයියේ මෙහෙම ලියන්නේ??? ඇඩෙනවා තනි ඇහැට... මෙහෙම ලියන්න එපා බන් අයියේ!! ඔපිස් එකේ වටේ ඉන්න සුද්දෝ මගේදිහ බල බල යනවා මම අඬ අඬ මේවා කියවද්දී... අයෙනම් උඹේ විචාර ඔපිස් එකේ කියවන්නේ නෑ...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ජය වේවා සස්ලිට් සහෝ :)
    :D:D:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Chinthaka_tc

    ImAnjana

    Member
    Sep 25, 2011
    16
    0
    0
    Colombo
    Comments Nodammata mama meka hamadama kiyawanawa...... Aththatama kiyanawanam mama dan mekata abbahi wela :D Dahasak wada rajakari madde comments danna beri unata meka digatama karagena yanna subha patanawa saho!

    KEEP UP THE GOOD WORK, YOU GUYZ ARE DOING A GREAT SERVICE TO SRI LANKAN MUSIC HERE. Salute for that! :yes::yes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නවක ගී පද රචකයිනි , තෙපි මේ කුමක් කරන්නෙහුද ?

    ගීතයට තනු අර්ථයෙන් , ගායන අර්ථයෙන්ද විශේෂයෙන්ම විද‍යාර්ථයෙන්ද අර්ථයක් තිබිය යුතුය.කලාව යනු උගත්කමින් ආයාසයෙන් උපද්දවා ගත හෑකි දෙයක් නොවේ. නිරායාසයෙන් බිහිවෙන දෙයකි.කලාව ප්‍රගුණ කිරීම ආයාසයෙන් කල හෑකි වුවද සමාජ හෑකියාවන් නොමෑතිවූවන්ට කෙතරම් දත් කෑවද කලා නිර්මණ කල නොහෑකිය.ඔවුන් ලියනා ගීත තේරුම් රහිතය.හුදු වචන පමණය.ගයනා ගෑයුම් තේරුම් රහිත හුදු විලාප පමණය.අප අද ගෙවමින් ඉන්නේ හුදු වචන මහත් ඝෝෂාවකින් ගයන හෙළ සoගීතයේ අවිචාරවත් අවධියකය.ඒබෑවින් හෙළ සoගීත්යේ මහා ගී පද රචකයානන් වන ප්‍රේම කීර්ති ද අල්විස් පිළිබද සිහිපත් කිරීම ගීත කලාව මෙහෙයවන අදබාලයන්ට කණ වෑල පෑමකි.

    හෑම විටම කලාකරුවා පක්ෂ වශයෙන් අදේශපාලනිකය.සමාජීය කතිකාව සම්බන්ධයෙන් බෙහෙවින් දේශපාලනිකය.ඔහුගේ දේශපාලන දර්ශනය යනු මිනිස්කමයි.මානව දයාවයි.ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගී පද රචනා කලාව මුලින්ම අල්ලාගන්නට සිතෙන්නේ එනිසාය.ඔහු ගීත ලිව්වේ සමාන්‍ය සිවිල් ජන ජීවිතයේ යථාවටය.සමාජ ආර්ථික සහ මූලධ‍්රමවාදි ආගම්වාදි අවිචාරවත් සoස්කෘතික පාලන තුළින් පීඩනයට හසුව ව්‍යත්පන්න වන හිඔසාවට ලක්වූ පීඩාවට පත්වූ අහින්සක ජීවිතවේද ප්‍රේමකිර්තිගේ පෑන් තුඩ ඒ ජීවිත් ග්‍රහණය කලේය.ඔවුන්ගේ විදවීම ලීවේය.විලාපය සිත්තම් කලේය.වාග් කරන්නට තරම් හයියක් උවමනාවක් සහ අයිතියක් ඔහු ලබන්නේ කෙසේද ? ඔහු සමාජීය වශයෙන් සමාජ පoතියේ සමාජිකයකු නොවුණු නිසාය. කලාව කලාව උදෙසා හෝ මනුෂ්‍යත්වය උදෙසා මෙහෙය වූ පශ්චාත් නිදහස්වාදි ලේඛන පරම්පරාවේ මුල් කිහිපදෙනා අතර ප්‍රේමකීර්තිද උන්නේය. ආදරය යනු ඔහුගේ ගීත සාහිත්‍යයේ මව් බසය.එක දිගට එක හුස්මට ඔහු ලියූ ලියවිල්ලේ රිද්මය සහ වේගය අද අප අත්විදින ගීත කන්දරාව දෙස බෑලිමේදී පෙනී යන්නේය.අදට වුවද ලන්කාවේ සියලු විද්‍යුත් නාලිකාවලට සවන් දුනහොත් ඔහුගේ ගීත 20 කට වඩා ශ්‍රවණය කල හෑකිය.
    ප්‍රේමකීර්ති සිoහල ගීතය තම දෑතින් සුභාවිත ලෙස බහාලු තරම ඉන් මනාව පෑහෑදිලි වෙයි.ඈතෑම් විට ඔහු ලිවීමෙදී හදිස්සියක් පළ කලේය.ඒ නිසාම ඈතෑම් ගීත ඔහු අතින් දෑනුම්වත්ව හෝ නොදෑනුවත්ව වෑරදි සිදුවිණ.නිරoජලා සරෝජනී ගයන "සක්විති රජෙකුට " ගීතය ඊට උදාහරණයකි.නමුත් ප්‍රේම්ගේ ඒවෑනි ගීත ඉතා අල්පය. වික්ටර් රත්නායක , අබේවර්ධන බාලසූරිය , නිරන්ජලා සරෝජනී ,ෆ්‍රෙඩී සිල්වා ,ටී.එම් ජයරත්න ආදී පසුගිය පරපුරේ ඕනෑම ගායිකාවක හෝ ගායකයකු ගන්න.ඔවුන් සoගීත ලෝකයේ තරු බවට පත්වූයේ ප්‍රේම්ගේ ගී පද රචනා නිසාය.ගී තනු හා ගායනයද ඊට දායකවූ බව සෑබෑය.නමුදු ඔවුන්ගේ ජනප්‍රිය වූ සෑම ගීයකම පාහේ රචකයා ප්‍රේමකීර්ති ද අල්විස් ය.ප්‍රේම් ලියූ ගීත දහස් ගනණක් අත්‍රින්කිහිපයක් උළුප්පා මෙහිදී කීම මට රිසි නොවෙයි.මා අවෑසි ගීත රචනා කලාවේදි ඔහු පෙන්වූ දර්ශනවාදි ආකල්පය අද ගීත රචකයන්ගේ ආකල්ප සමග එකට තියා උස්මිටිකම බෑලීමටය.ප්‍රේමකීර්ති අද අප අතර නෑති බෑවින් මේ ප්‍රකාශ ඔහුගේ පිට කෑසීමක් නොවේ.ප්‍රේම්ගේ ගීත සම්ප්‍රදාය නම් ඉලපතින් අතු ගෑවොතින් වත්මන් සිoහල ගීතය නමෑති මිදුලෙන් බොහෝ ගී පද රචකයෝ රොඩුබොඩුව අතුගෑවී යන බව ඒ පද රචකයන්ට පවා ගායිකාවක ලවා කියවාගෙන ඉන් ලබන ෆෑන්ටසි විනෝදය විදීමට ලොල්වූ ගී පද රචකයන් අප අතර බහුලව සිටිති. ඒ හරහා ඔවුන් පත්න්නේ සමාජශෝදන ක්‍රියාවලියක් නොවේ.හුදු සිවිල් බලයකි.තාරකා ගුණයකි.
    ප්‍රෙම්ගේ ගීත් වලට ඔහුට ගෙවිය යුතු රිගින්ටෝන් කොටස , සන්දර්ශන කොටස , ප්‍රචාර කොටස ආදිය ඈතුළත් කර්තූභාගය ලාoකිකයන් ඔහුට ගෙව්වා නම් ප්‍රේමකිර්ති කියන්නේ අද අක එකේ කෝටිපතියාය.එහෙත් ඔහු එම දේශපාලනය වෙනුවට ජනතාවගේ හදවත සමග ගණුදෙනු කරන මානව හිතවාදි කලාත්මක දේශපාලනය තෝරාගත්තේය.ඔහුගේ පෑන් තුඩින් ඈතෑම් හිoසාවාදි පක්ෂ දේශපාලුවන්ගේ හදවත් සිදුරුවී ගියේය.ඒ නිසාම ඔහුට නිස්කාරණේ මෑරෙන්නට සිදුවිය.ජාතික රූපවාහිනියේ ප්‍රෙමකීර්ති කල "ආයුබෝවන් " වෑඩසටහනට දශක දෙකහමාරකට පමන පසුත් ඔහු කල කී දෑ ලියන්නට කියන්නට දෙයක් හේ ඉතුරු කර ගියේය.
    ඉදින් ඔහු වත්මන් ගී පද රචකයන් එකට තියන්නට මට පුළුවන්ද ?අහෝ එය කෙතරම් හිරිකතකමක්ද ?එය නොමනා නොකළ යුතු දෙයකි......
    එබෑවින් නව පරපුරේ බහුතර අරුත්සුන් ගීත් ලියන සහෝදර ගී පද රචකයිනි.මම ඔබෙන් මෙපමනක් අසමි,
    තෙපි මේ කුමක් කරන්නේහුද ?


    -සමන් එදිරිමුණි
    [2012/08/11 තරුණයා පුවත්පත]
     
    • Like
    Reactions: sasliit

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT]






    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT]
    [FONT=&quot]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT]
    [FONT=&quot]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT]
    [FONT=&quot]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT]

    [FONT=&quot]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT]
    [FONT=&quot]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT]
    [FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]
    [FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

    [FONT=&quot]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT]
    [FONT=&quot]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT]
    [FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]
    [FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

    [FONT=&quot]ප්‍රේම වියෝගයෙන් තැවුල් විදින්නේ පුරුෂයන් පමණ ම ද? එය පෙම්වතිය ගේ හද තුල ගිනි අවුලවන්නේ කෙසේද? ඇය නැවතත් අන්සතු වු තම පැරණි පෙම්වතා ගේ සෙනෙහස ම, ආලය ම පතන්නේ කෙසේද? ඉඩ ලදොත් මුලු ලොව ම රැහැණිව පැමිණිය ද නැවත ඔහු වෙත රැදීමේ ආශාව ඇගේ හද තුළ ගිනි දැල්වෙන්නේ කෙසේ ද? යන්න අති-සෞන්දර්යාත්මක ලෙස මොනවට ගෙන හැර පාන්නකි, නන්දා ගයන මේ ගිතය. සිංහල භාෂාවේ පවතින උපමා ද, ව්‍යංගයද අතිශය අලංකාර ලෙස යෙදෙන මේ ගිතය, “හද විල කළඹන ගි ජල රේඛාව” වෙත විචෑරීමට මා පෙළඹුණු පළමු කරුණ එයයි. අප ගිතය දෙසට හැරෙමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත් - අහස් කුස දස අතම[/FONT]
    [FONT=&quot]හිරු ට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය[/FONT]
    [FONT=&quot]සිනා සී, සිනා සී දෙතෙල් ඉරි තැලෙද්දී[/FONT]
    [FONT=&quot]හඩන්නට මිසක වෙන කුමකට ද නෙතු අපට....................[/FONT]

    [FONT=&quot]තම ජීවිතය වැස්ස අරක් ගත් අහසක් ලෙස ඇය දකී. ඒ තම පෙම්වතා තමා වෙතින් වියෝවීමේ වේදනාව නිසා විනා අන් කිනම් කරුණක් නිසා ද? මේ වැසි බරිත අදුරු අහස පුරා ම වැසි බිදු වන් කදුළු කැට වැටෙද්දී, ඇගේ මුල් ප්‍රේමයේ ආශ්වාදය ඇය දකින්නී, හිරු එළිය ලෙසය. ඒ හිරු ට මුලු අහස් කුස ම අයත් නැති බව ඇය කියන්නේ ඇයි? ඒ ඇය තව දුරටත් අස්වාමික නොව සස්වාමික නිසා නොවේද? සිය පතියා ගෙන් ලබන නේක විද ගැරහුම් ඇය වැස්ස ලෙස දකිනවා විය හැකිය. ඒ වැස්සට මුලු අහස් කුස ම, තම මුළු දිවිය ම හිමි බවත්, සිය මුල් පෙම හිමි තරුණයාට තම දිවියෙහි එපමණ ඉඩක් නැති මුත්, සිය දිවියට අවැසි ආලෝකය ද උණුහුම ද නොවක් ව මැ දිය හැකි බව නොවේ ද මේ ඇය දකින්නේ? සිය දිවියෙහි අත්විදින නේක දුක්ඛ දෝමනස්ස වසා සිනාසෙමින් හිදිනා ගැහැනුන් අප දැක ඇත්තෙමු. ඒ “ලෝකෙට පරකාසයට” දීගය ගෙවන්නට වන නිසා නොවේද? එසේ ලොවට පෙනෙන්නට සිනා සී දෙතෙල් ඉරි තැලෙන විට, තම ආත්මය පෙන්වන කැටපත වන දෙනෙත සිය අභාග්‍ය ද, බිදුනු පෙම ද පිළිබද ව ම සිතා වැළපීමට මිස වෙනත් කිනම් දෙයකට යොදවන්නට දැයි ඇය අසන්නේ තම මුල් පෙම්වතා ගෙන්ය. විප්‍රයෝගය මෙතරම් ගණකම් ව අපට දනවන වෙනත් අන් පබැදුමක හමුවී ඇද්ද මා සකියෙනි?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල[/FONT]
    [FONT=&quot]බිදි ගිය මුත් බදුන් අතින් දිය බොනු හැකිය[/FONT]
    [FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]
    [FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වසර ගනනකට ඉහතදී ප්‍රේම විප්‍රයෝගයකින් බැට කෑ මට, මගේ සෙවනැල්ල පමනක් තනි නොතනියට සිටි යුලයක් ගැන මෙනෙහි කල හැකිය. වරක මට ඒත්තු ගියේ ඒ සෙවනැල්ල ද මට ඇත්තේ ආලෝකයක් පවතින විටකදි පමණක් ම බවය. විප්‍රයෝගයේ තිත්ත කුසලානය අඩියට ම හිස්කළ මෙය කියවන සොයුරන්ට ද, සොයුරියන්ට ද මේ අත්දැකීම පොදු වූවක් ම බව අදහමි. එතරම් අන්ත අසරන අඩියකට ආත්මය බිද හරින විප්පයෝගයකදී, “ඉතාම කුඩා වූ කුහුඹුවන් හට පවා සෙවනැල්ලක් ඇති මුත්, මට සෙවනැල්ලක්වත් නෑ නොවේ ද” යනුවෙන් සිතෙන මේ සිතිවිල්ල, මෙය කියවන මා සොයුරනි, සොයුරියෙනි, ඔබේ හෘදය සාක්ෂියෙන් ම විමසා බලත්වා! මෙතරම් තනිකම ද, පාළුව ද දැනෙන වෙනත් අවස්ථාවක් තිබේද? එතරම් අසරන වන්නට මේ පෙම්වතියට සිදුවන්නේ සිය සැමියාගෙන් ලැබෙන සෙනෙහසේ අඩුවද? නැතිනම් මුල් පෙම ඇයවෙත පිදූ තරුණයා ගෙන් ඇය ලද ආශ්වාදණීය සෙනෙහස සහ දැන් ඇය ලබන සෙනෙහස අතර පරතරය අහසට පොලොව තරම් ඇය ගේ සිතට දැනෙන නිසාද? මෙවන් අසරණ බවක් මුලු අධ්‍යාත්මය ම වෙලා ගනිද්දීත් ඇය සිතන්නේ ඇය ගේ මුල් පෙම නැවත හමුවුව හොත්, බදුන බිදී ගොස් ඇති නමුත් අතින් හෝ දිය බොනු හැකි බව නොවේද? අත්න හෝ දිය ‍බොන්නට තරම් ඇය ගේ අධ්‍යාත්මය අසරන කරන්නේ දැන් ඇය ඇය ගේ හද මනස කළඹවන, උණුසුම් සරාගික සෙනෙහසක් නොලබන නිසා නොවේ? ගැහැනියක ගේ අධ්‍යාත්මය තුළ සිරවී සිටින රාගය ඇය වටා ඇති අනනුකම්පීය සංස්කෘතිය හමුවේ පවා වරදක බැදීමට තරම් ප්‍රබල බව නොවේද මේ යෙදුම දෙස් දෙන්නේ? ඇය ගේ බලාපොරොත්තුව ද එය මය. ඒ ඔවුනොවුන් නැවත හමුවුනෝතින්, ඒ වියෝගිනි විදි අතිතයට සිනාසෙන බව ම නොවේද? බදුන් රහිතව ම අතින් දිය බී හෝ සිය සන්තානය පෙළන සරතැස නිවා ගැනීම නොවේද? [/FONT]
    [FONT=&quot]සාදු සම්මත සමාජය ගර්හායෙන් සළකන ඊනියා “අසම්මත ප්‍රේමය” නම් වූ ප්‍රපංචය, යම් සිතක අවදි වන අයුරු නොවේද මේ දක්වන්නේ. (මේ “අසම්මත ප්‍රේමය” නම් යෙදුම මා නම් තරයේම පිලිකෙව් කරන වදනකි. ඒ ප්‍රේමය කොයි ලෙසකින් වත් “අසම්මත” හෝ “සම්මත” යයි ඉරි ගසා වෙන් කළ නොහැකි බව මා විශ්වාස කරන නිසාය. ප්‍රේමය යනු ප්‍රේමය ම විනා අන් කවරක් ද? එහි සම්මත අසම්මත බව ඉරි ගසා හැඩතල මවන්නේ කවුරු, කුමක්, කුමන අර්ථයකින්ද යන පැනය මා එකලාව ම විමසමි. "සම්මත" හෝ "අසම්මත" පෙම් නොමැති බවත්, ඇත්තේ ප්‍රේමය ම පමණක් බවත් එදත්, අදත්, මතුවටත් හිදින ස්ථාවරයයි) ඒසේ “අසම්මත” යයි පෙන්වන හැගීම මතුව එන කරුනු වෙනුවෙන් පිළියම් නොකර, එය පරවම්භනයෙන් හෙලා දැකීම කුහකකමක් ම නොවන්නේද?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සයුර ගොඩ එන තුරා කදු මුදුන් ඇත උසට[/FONT]
    [FONT=&quot]ගලන ගග නැවැත් වූ තැනින් ගම යට නොවෙද[/FONT]
    [FONT=&quot]ඔබට මා - මට ද ඔබ හමුවුනෝතින්[/FONT]
    [FONT=&quot]සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන[/FONT]

    [FONT=&quot]කදු මුදුන, ඉරි ගසා බෙදා වෙන්කර ඇති කුහක සාධු සම්මත ස්ත්‍රි-පුරුෂ සෙනෙහස, අපට උසට පෙනෙන්නේ මේ කියනා රාග නිශ්‍රිත ආල හැගීම් අප හද තුළ නැගෙන සයුරක් ව ගොඩ ගලන තුරා පමණක් ම බව රචකයා කියයි. ඒ හැගීම් නැගෙත්, නැගෙත් අර කියන ඊනියා “කදු මුදුන්” යට කරමින් ඒ හැගීම් ගලන බව, අත්දැකීම් ඇත්තෝ අතැඹුළක් සේ මැ දනිත්. ඒ හැගීම් හද තුල ඔබා, මිරිකා සිටින විටදී වන සන්තෑසිය ද රචකයා කියයි. මේ ගලන සෙනෙහස් ගග නැවැත් වූ තැනකින්, ඒ නැවැත් වු අයම යට කරමින් ඒ ගග නොනැවත ගලන බව, පරිනත දිවියක අත්දැකීම්විදින අපේ සුධීහු සාක්ෂි දරනු ඇත. ප්‍රේමය සහ රාගය, එහි නොවැළවිය හැකි ගුණය, බිදුණු පෙමක අතීතය හිමි ව වෙනත් දිවියක් ඇරඹූ විට ද එය වෙත ගෙනෙන සන්තාපය සහ පහන් සිළුව වෙත ඇදෙන පළගැටියන් සේ මැ ඒ නුරාව පිරි ආලය වෙත ම ඇදෙන මනුෂය සන්තානයේ ස්වාභාවය ද මෙතරම් උත්කර්ෂවත් ලෙස ද, භාවාතිශය ලෙසද වර්ණනයට නැගුණු අන් තැනක් හෙල ගීත සාහිත්‍යයේ පවතී නම් සකියෙනි, එය මට කියන්.[/FONT]

    [FONT=&quot]ප.ලි.[/FONT]
    [FONT=&quot]-නිර්මාණ මංකොල්ලයට විරුද්ධව දිය සළකුනු සහිත රූප මගින් විචාර ලිවීම අතැර දමමි. ඒ යුනිකෝඩ් කේත මගින් මෙය පළකිරීමට වඩා කට්ටක් රූප කිරිමට කෑ යුතු බැවිනි. එය කාර්ය බහුල දිවියක තවත් කඩුල්ලකි. එසේ කරන්නට ගොස් පෙදෙහි රස හව් විදින දුහුනන් තවත් පොරොත්තු ව තබනු නොහැක.කෙසේ පළ කල ද මෙය විදින්නෝ එය විදිනු ඇත. වෙනත් තැනක මෙය උපුටා දැක්වීම මගින් එය තවත් පුලුල් වනු ඇත. මේ වෙර හෙල ගීතයේ ඉදුරු දොර හැරුම පිණිස මිස අපේ නාමය කිර්තිමත් කරනු පිනිස නොවේ. එසේ අවැසි නම් අප අපේ නියම නම් වලින් මෙම විචාර කරනු ඇත. එබැවින් උපුටා ගන්නෝ ඕනෑම අයුරකින් උපුටා ගනිත්වා! විදින්නන් අප වෙත පුදන පින මතු ආත්ම භවයක නිවන් පිනිස බැරවනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සස්ලිට් ට- දිගින් දිගට ම කසුන් ගේ ගීත විචෑරීම පිළිබද ව අක්‍රෝෂ මුවින් පරිභව කල තා වෙත මේ විචාරය මිත්‍රත්වයෙන් ද සහෝදරත්වයෙන් ද පුදමි!!:D;)[/FONT]
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT]
    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT]
    මේ ගැන කුමක් කියන්ටදැයි නොවැටහේ... නමුත් මා ආනන්දයෙන් අමන්නාන්දයට පත්වූ බව කියනු රිසියෙමි... විචාරය සුපිරියැ.. වරක් කියවා අසා පවස නිවාගනු නොහැකිවූ හෙයින් සිව්වරක් කියවා රසවින්දෙමි.. පින් ඔබට..:yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    [FONT=&quot]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සස්ලිට් ට- දිගින් දිගට ම කසුන් ගේ ගීත විචෑරීම පිළිබද ව අක්‍රෝෂ මුවින් පරිභව කල තා වෙත මේ විචාරය මිත්‍රත්වයෙන් ද සහෝදරත්වයෙන් ද පුදමි!!:D;)[/FONT]


    kiyanna deyak hitha ganna ba saho supirima supiri
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පියාණන්ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....

    දුවේ මේ අහන්න, මගේ රත්තරං මැණික, මට ඉන්න එකම වස්තුව ඔයා දුවේ.. මම හුස්ම ගත්තට මගේ හදවත තියෙන්නෙ ඔයා ලග... ලොකෙම මාව පාගගෙන රිදෙව්වත්.. හවසට ගෙදර එනවෙලාවට ඔයා දකිනකොටම මගේ වෙහෙස, දුක, වේදනාව නිවෙනව දුවේ.. මට ඔයා පුංචි සුරංගනාවියක් වගේ... දෙවියො මාව බලාගන්නයි උඹව එවල තියෙන්නෙ.. මමනේ තාත්ත ඉතින් මමයි මගේ රත්තරං මැණිකව බලාගන්න ඕන.. ඒත් ඔයා නිසයි මම මගේ වෙහෙස නිවාගන්නෙ.. උඹ මගේ මුළු ජීවිතයම රත්තරං දුවේ... මතකතියා ගනින් කවදහරි දවසක මම නැතිවෙයි.. එදාට තේරුම් ගනින් තාත්ත මෙතුවක් ජීවත් වෙලා හිටියෙ උඹ නිසා කියල... උඹ දුක්වෙන්න එපා එදාට.. මොකද තාත්තට ලෝකෙ ඕනම දෙයක් දරාගන්න පුළුවනි උඹේ දුක ඇරෙන්න...

    අම්ම කියනව ඔයාට කරාබු දෙකක් දාන්න ඕන කියලා.. මටනම් ඒක කරන්න බෑ දුවේ.. මගේ රත්තරං කෙල්ල දුකෙන් මාව බදාගෙන අඩනව බලාගෙන මම කොහොමද ඉන්නෙ.. ඒත් ඉතින් ඒක වෙන්න ඕන දෙයක් නිසා තමයි අපි ඔයාව එක්කරගෙන ගියේ කන විදින්න ඩොක්ටර් අංකල් ලගට...

    ඒත්.. මගේ වස්තුව මාව බදාගෙන අප්පච්චියෝ... කිය කියා කෑ ගහද්දි.. මම කොහොමද ඔයාට දුකක් දෙන්න ඉඩදෙන්නෙ... උඹේ දුක ඉදිරියේ චතුරංගනී සේනාව ආවත් මේ තාත්ත උන් එක්ක අවසන් හුස්ම දක්වාම සටන් කරනවා උඹේ දුක නිවන්න.. ඒ නිසාමයි රත්තරනේ කරාඹු නොදා උඹව වඩාගෙන මම එළියට ආවෙ අම්ම බනිද්දිත්..

    උඹත් කපටි කෙල්ල වගේ මගේ බෙල්ල බදාගෙන සතුටින් හිනාවෙනව නේද... කන විදින එකෙන් බේරුණ නිසා... ඒත් ඉතින් ඒව කොහෙද අම්ම එක්ක... “ කෙල්ලව නරක් කරන්න එපා.. මේක අද නැත්නම් කවද හරි දවසක කරන්න වෙනවා.. දැන් කරොත් ළමයට රිදෙන්නෙ නෑ.. කෝ මෙහේ දෙන්න දුවව...”

    අම්ම ඔයාව වඩාගෙන අරගෙන යන්න හදනවා ආයෙත් කන විදින්න.. ආයෙ ඔයා කෑ ගහනවා මගේ බෙල්ල බදාගෙන අප්පච්චියෝ... කියලා... රත්තරං දුවේ.. මට බය හිතුන මම පපුව පැළිල මැරෙයිදෝ කියල.. ඒ තරමටම මට දරාගන්න බෑ උඹේ මේ වේදනාව.... මම උඹව අම්මට දුන්නෙ මගේ ඇගේ ඇටයක් ගලවල දෙනව වගේ වේදනාවෙන්... උඹ අම්මට ගහ ගහ මගේ දිහා අසරණ විදියට බල බලා අඩ අඩා යන්නෙ හරියට ගහලයට බෙල්ල තියන්න යනව වගේ...

    සමහර විට මම ගොඩාක් බොළද ඇති.. ඒත් පුංචි දූවරු ඉදිරියේදි හැම තාත්තෙක්ම මෙහෙම වෙන්න ඇති... මම හොරෙන් ගිහින් ඇතුලෙ වෙනදේ බැලුවෙ කෙල්ල අප්පච්චී කිය කිය කෑ ගහනව අහගෙන ඉන්න බැරිම තැන... අනේ කෙල්ලගෙ කන විදිනවා... කෙල්ල විලාපදෙනවා.. තවත් මෙතන හිටියොතින් මම මැරිල වැටෙයි..
    මතක තියාගනින් දුවේ ඒ තරමටම මම උඹට ආදරෙයි..




    මෑණියන්
    ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....


    මම දන්නව ඔයා දුවට කොච්චර ආදරේද කියලා.. මම දන්නව දුව ඔයාට කොච්චර බැදිලද කියල... මගේ අතින් උන වැරදිවලට මට සමාව දෙන්න.. අනේ කකුල් දෙක අල්ලල වැදල කියන්නම් අර අහිංසක කෙල්ලට දුක් දෙන්න එපා... ඔයාට දුව නැතුවත්... දුවට ඔයා නැතුවත් එක තත්පරයක් ඉන්න බෑ කියල මම දන්නවා... මම මේ ගෙදරින් බැහැල යන්නම්.. ඔයා ගෙදර එන්න...

    දුව වෙනද වගේ මගෙත් එක්ක කතා කරන්නෙ නෑ... සෙල්ලම් කරන්නෙ නෑ... සෙල්ලම්බඩුටික දාපු දාපු තැන්වල අල්ලන්නෙවත් නෑ... සාංකාවෙන් වැට මායිමට වෙලා හැම වෙලේම ඔයා එනවද කියල පාර දිහා බලාගෙන ඉන්නෙ... කකුල් දෙක අල්ලල වදින්නම්... මගේ අතින් වැරැද්දක් උනානම් කියන ඕනම දඩුවමක් විදින්නම්.. ඒත් මේ කෙල්ල ඔයා නැතිව විදවන විදවිල්ලනම් මට බලාගෙන ඉන්න බෑ...

    මම එයාගෙ හිත හැදෙන්නෙ කතා කීව, සිංදු කීව කරන්න තියෙන හැම දෙයක්ම කලා.. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ... කොහෙන් ගියත්, මොනව කීවත් කෙල්ල අවසානයේදී අහන්නෙ ඔයා ගැන.. අනේ මගෙත් එක්ක තියෙන තරහට දුවට වද දෙන්න එපා.. මම දන්නවා දුවටත් වඩා ඔයා ඔහේ ඉදගෙන විදවන බව... ඔයාල දෙන්නම දුක් විදින්නෙ මම නිසා... අනේ මට සිය දහස් වාරයක් සමාවෙලා.. දූ වෙනුවෙන් ගෙදර එන්න.. කෙල්ල නොකා නොබී හාමතේම මැරිල යයි... මට ඊටත් වඩා ඔයා ගැන බයයි.. මම දන්නවා දුව ලගදි ඔයා කොච්චර බොලදද කියලා..

    අදත් රෑ වෙනකල්ම කෙල්ල නිදාගත්තෙ නෑ.. හවස් වෙනකල්ම වැට ලග ඉදගෙන බලාගෙන හිටියා ඔයා එනකල්.. දැන් ටිකකට කලින් ඔයාගෙ ඇදුම් අතගගා ඉදල ඒ ටික තුරුළු කරගෙන එහෙම්මම නිදි...
    අනේ දූලගෙ තාත්තේ... හෙටවත් ගෙදර එනව නේද...? දූ වෙනුවෙන්වත්..........

     
    • Like
    Reactions: bhashi2

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    [FONT=&quot]ව්‍යංගයේ සහ උපමාවේ රස..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වැස්සකට ඉඩ ඇතත්.....................[/FONT]


    උපරිමයි කිබුලෝ....
    11.gif


    පියාණන්ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....




    විචාරය ගැන නම් ඉතින් කියන්න වචන නෑ සහෝ....
    කවදාවත් අහලා තිබුනේ නෑ.. පුදුම ලස්සන පද පේලි ටිකක්...
    ජය වේවා....