හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
දැන්නේ දැක්කේ :shocked: අන්කුට්ටාට එකට loooong tails දෙකක්ම තියෙනවනේ :rofl:, පාගන්න කියන්න ඕනෙද :rofl::rofl::rofl:



scaled.php
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
සොරි ලේඩි, හුංගා ඊස් නොට් ගොයින්ග් ටු වින් ඇස් ලෝන්ග් ඈස් අංකුට්ටා ඊස් හැවින්ග් අ රේසර් ෂාප් බ්ලේඩ් ලයික් ස්පයික් විච් කැන් කට් හුංගාස් ටමී ටු ගෙට් අවුට් ඕල් ද කන්ටෙන්ට් විත් වන් ෂොට්!!!!!! හුංගා ඊ්ස් ඉන් ද ටීම් ඔ‍ේ ලූසර්ස්. සොරි ටු සේ.........!!!!

:(

in a way u r rite :yes: abt ankutta & hunga & abt their details :yes:
it's ok DK..
11.gif
no need to b sorry..
thanx for these details too ;)
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ද මීනින්ග් ඔෆ් අංකුට්ටා ඊස් අ පර්සන් හූ ඕල්වේස් ට්‍රයි ටු බී ඇරගන්ට් විත් අදර්ස් ඇන්ඩ් අ සෙන්ටර් ඔෆ් ෆයිට්ස්
Myrhe_u0.jpg

මේ අංකුට්ටා...................!!!!:yes::yes:

draft_lens18477928module153086385photo_1315451218river-monsters-catfish-go.jpg

මේ හුංගා..........:P:P
:nerd::nerd::nerd::baffled:
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි මචන්ලා උබලා ඔක්කෝම නූල දාපු කොල්ලා එක්ක!! එල කොල්ලෝ ටික්ක ආ... එලකිරි!!!!!!!!! ;) ;) ;)
     

    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    පියාණන්ගේ ලොවට නොපෙනෙන සෙනෙහස.....


    සස්ලිටෝ උපරිමයි... :yes::yes:උඹට පින්... වෙන කියන්න දේවල් නෑ බන්... ගොඩය උනාට:P:P උඹේ වැඩ නම් සිදාදියේ එකක් ලගින්වත් තියන්න බෑ!! දිගටම ලියපන් අයියේ... වෙලාව අහුවේච්ඡ ගමන් කියෝලා කොමෙන්ටුවක් දාන්න විතරයි පුළුවන්.. උඹ වගේ කතන්දර සින්දු වලට හරවන්න, විචාර ලියන්න බෑ.. :no::no::no:ඒවා හැමෝටම කරන්නත් බෑ. ඒවා ඉතින් පතාගෙන, ඔතාගෙන ආපු හැටියට තමයි වෙන්නේ... මටත් පුළුවන් උනානම් උඹයි, කිම්බුලයියයි වගේ ලියන්න මෙලහකට මමත් සිඟිති වැඩ්ඩෙක්!! කොහෙද ඉතින්.. පතාගෙන ආවට ඔතාගෙන එන්න බැරිවෙලා නේ.. :no:ලබන ආත්මෙවත් බලමු උඹලගෙන් ඉගෙනගන්න. එත් උඹලව ආයේ සෙට්වෙන්නේ නෑ... අනිවා ඩෙෆා... මොකෝ ඉතින් මේ කරන පින් බලෙන් උඹල නිවන් ගිහිල්ල ඉඳියි...:yes::yes::yes:
     

    ලසී

    Member
    Jul 14, 2012
    25
    1
    0
    සීතල රටක
    සරාගික නොවන ප්‍රේමයක සදාකාලික සිහිනය...........

    මිදුම් දුමාරයේ.......................

    තිශය හැගීම්බර අවස්ථාවක් තත්‍ය වී ඇත. මේ විචාරය කියවා හඳුන් පොත කී ගායි. නිරායාසයෙන් වැටෙන කදුළු බින්දු පිසදමනවා හැරෙන්නට, ලියනවා තියා කියවන්නට වත් නොතේරෙයි.. ගීතය නැවත නැවතත් ශ්‍රවනය කිරීම හැර අන් කිසිවක් කල නොහැක.. මේ විදින්නාවූ හැඟුම් සමුදුරේ ගිල්ලවූ ඔබට පින්. :yes::yes::yes: ( @ - කල්පනා ලොව මල් වනේ සිහින රජදහනේ... while - පාවෙමින් )
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    සිරාවටම සස්සලිටයෝ අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි

    එකනම් ඇත්ත,මමත් ඔය කියන තරම් නැතත් ඒ ජීවිතය වින්දා.දැන් කලේ ඉන්න අයට අඩුම ගානේ නිවාඩුවට සරුංගලයක් අරින්නවත් නිදහසක් නෑනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................


    වසන්තයේ මල්..................




    [FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]
    [FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]
    [FONT=&quot]හද මඩලට .........[/FONT]
    [FONT=&quot]කවුදෝ.....[/FONT]
    [FONT=&quot]ආවා..............................[/FONT]

    [FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]
    [FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]
    [FONT=&quot]හද දුක ගාවා..................[/FONT]
    [FONT=&quot]කවුදෝ.............[/FONT]
    [FONT=&quot]ආවා.................................[/FONT]

    [FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]
    [FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]
    [FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]
    [FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]
    [FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]
    [FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

    [FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]
    [FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]
    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]

    [FONT=&quot]අප්‍රකාශිත ප්‍රේමයකින් නැගෙන ලසෝ ගින්නෙහි තිත්ත මුද්‍රික පානය, මේ කියවන මා සොයුරු, සොයුරියනි, නුඹලා පානය කර ඇද්ද? මා එවන් ප්‍රේමයක හලා හල තිත්ත මුද්‍රික පානයක ඔඩමක්, මාගේ යෞවනයේ දී එහි අඩියට ම රස බලා ඇත්තෙමි. ඒ අත්දැකීම ගැන කියවෙන මේ ගීතය සැබවින් ම සකියෙනි, මාගේ ආත්ම ප්‍රකාශනය බදුය. ඉදින් ඒ ආත්ම ප්‍රකාශය ගැන විචාරයක් වසර දශකයකට පසුව නුඹළා ගේ විදුම පිණිස ගෙන ඒමය මාගේ මේ වෑයම.[/FONT]

    [FONT=&quot] ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය. ඇය ඒ ගැන දැන සිටියා පමනක් නොව, ඒ ගැන මා වැටී සිටි දුක්ඛදායක මනෝභාවයෙන් මිදවීමට ද ළබැදි යෙහෙළියක ලෙස මා හට උපදෙස් දුන්නාය. ඒ නිසා ම ඇය ගැන උපන් ඇය ගැන පෙම් සිතුම් මා හදෙහි සගවාගෙන උන් මුත්, ඇගේ ළගම යෙහෙළිය ඒ ගැන දැන සිටියාය. නමුත් ඇය කුමන කරුණක් නිසා දෝ ඒ පිළිබද ව තම යෙහෙළියගෙන් සැගවූ වාය. උසස් පෙළ අහවර කළ මා මේ රටෙහි ආක්ෂාවට සම්බන්ද යම් තැනක, මාගේ දිවිය අනතුරේ හෙළන රැකියාවක නිරතව සිටියෙමි. අවාසනාව මා පසුපස නොක්ව ලුහුබැද ආවේ ඒ වකවානුවේ ය. ඇය පිළිබද ව තිබූ සෙනෙහස කියා ගන්නට තබා, ජීවිතය පිළිබදව ද විශ්වාසයක් නොතිබි ඒ වකවානුවේ දී ම, උසස් අධ්‍යාපනය සදහා ඇය මවුබිම හැර ගියාය. ඇය හා මාගේ තිබූ සියලු ම සබදතා බිදවැටිණි.[/FONT]

    [FONT=&quot] මහා බැංකු ගොඩනැගිල්ලට මූලෝත්පාඨනය වන තරම් වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඒ අවධියේය. ඒ ප්‍රහාරය ඇය වෙත ද, ඇගේ යෙහෙළිය වෙත ද අදුරම ගෙන ආවේය. ඒ ප්‍රහාරය ඇගේ පියාණන් ඇගෙන් උදුරා ගත් අතර, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය කර්මය හදාරමින් සිට නිවාඩුවකට මෙහි පැමින සිටි ඇගේ යෙහෙලිය ගේ ප්‍රියයා ඉනෙන් පහල අකර්මණ්‍ය වූ අබ්බගාතයෙක් බවට පත් කරන ලදී. (නමුත් සියලු නෑදෑයන් ගේ අසතුට මැද ඒ උදාර තරුණිය ඔහු හා විවාහ වූවාය. ඒ පෙමෙහි මහිමය නිසා දෝ, පසු කළක ඔහු යථා තත්ත්වයට පත් වූවා පමණක් නොව, වෛද්‍යවරයෙක් ලෙස හමුදා සේවයට එක් වී දේශය වෙනුවෙන් තම අත්‍යුත්තම සේවය ද පිදීය) තිබු තත්ත්වයන් මත සියලු වෙර මා හට මාගේ සේවය වෙනුවෙන් කැපකිරීමට සිදු වූ බැවින්, හදෙහි වූ තුවාල කැළළ පමණක් දරා මම තනිවීමි.[/FONT]

    [FONT=&quot] එයින් වසර අටකට මසු මම මාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයෙමි. (රතු සොයුරන්ට කීර්තිය අත්වනු පිණිස අප වසර තුනක් උසස්පෙළින් පසුව ‍විශ්ව විද්‍යාලයට යා නොහී ගෙදර සිටි බව ඔබට මතක යයි සිතමි!) උපාධි ප්‍රදානෝත්සව පුස්තකයේ තිබූ නමක් නිසා මා ඒ මොහොතේ වෙළෙවිව ගියෙමි. ඒ ඇ ගේ නමයි. ඇය මගේ විශ්ව විද්‍යාලයේ ම පශ්චාත් උපාධිය හදාරා ඇති බව මා දැන ගන්නේ ඒ මෙහොතේය. මා හදවත පත්ලෙන් ම ආලය කළ ඇය වසර දෙකක් ම මා අසලම රැදී සිට ඇති බව මා දැන ගත්තේ ඒ මොහොතේය.[/FONT]
    [FONT=&quot] උපාධි සන්නාම පැළද මා දිව ගියේ මාගේ මවුපියන් දක්නට නොවේ. මා මුසපත් කළ ඒ පෙම හිමි ඇය දකින්නටය. ඇය මා දුටුවනින් ම හදුනා ගත්තාය. අර සිහින් සහරැල්ල මා නැවත දුටුවෙමි. ඇගේ තුගු නෙත් සගලේ තිබූ අකාස්මික ජ්වලිතය මා නැවත ද දුටුවෙමි. නැවත ද සිය ආචාර්ය උපාධිය සදහා අග්නිදිග කලාපීය රටකට යන බව කියමින් ම, ඒ නෙතින් ම කතා කරමින් ඇය ඇගේ ප්‍රියයා හට මා හදුන්වා දුන්නාය!!!! මගේ මුලු ලොව ම මොහොතකට නැවතුනු සැටියක් මට හැගිණි. මා සිරුර විනිවිද මූනිස්සම් ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. යුධ අගල වල කටු කම්බි මා සිරුරු මස හාරා ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. නමුත් ඒ සිනහව, ඒ මොහොතේ දී මා හද විනිවිද ගොස්, තියුනු වූ සැතකින් මා හද මොහොතකින් කීතු, කීතු ව දැදුරු කළ සැටි...........!!!![/FONT]

    [FONT=&quot] අතීතයේ දී මා දුටු ඒ සිහිනය නැවත මා නෙත් අද්දරට කැදවා, ඇය නැවතත් යන්නට ගියාය. ඒ විදි සොදුරු පහරින් පෑරුනු මා හදෙහි වූ තුවාලය තවමත් සුව වී නැති බව දෙවියෝ දනිති. ඒ වේදනාව නම් සොයුරනි, කිසි දිනෙක හදවතකින් අකා මකා ලිය හැක්කක් නොවේ.[/FONT]
    [FONT=&quot]මේ ගීතයේ කියවෙන්නේ ද එයයි. මාගේ මුළු කතාවම එහි ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථියෙකු සහ වෛද්‍යවරයෙකු වන යසනාත් ධම්මික බණ්ඩාරයන් ඒ කෙසේ දැන සිටියා දැයි මම තවම මගෙන් ම පැණැසෙමි. මා හද පාරන ස්වරයෙන්, එහි ම විද්‍යාර්ථියෙකු වන ඉමාන් පෙරේරා මෙය කෙසේ ගායනා කලේ ද යන්න මම අදත් මගෙන් ම විමසමි. එකල “නල මදු සුවද” නමින් පැවැත්වුනු ජපුරේ සාහිත්‍ය උළෙලේ දී මෙය හොදම ගීත රචනයට හිමි මහගම සේකර සම්මානයෙන්, සුගායනීය ගියනයට හිමි අමරදේව සම්මානයෙන් සහ කර්ණ රසායනීය සංගීතයට හිමි කේමදාස සම්මානයෙන් පිදුම් ලැබු බව මම දනිමි.[/FONT]නමුත් මේ පද වැල.....එය කෙසේ යසනාත් ගේ පෑන් තුඩින් මෙලොව එළිය දුටුවේ ද යන්න, තවම මා මගෙන් ම අසමි...........
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]
    [FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]
    [FONT=&quot]හද මඩලට .........[/FONT]
    [FONT=&quot]කවුදෝ.....[/FONT]
    [FONT=&quot]ආවා..............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එසේය. ඇය මා හද ඉම වෙත ආවේ ද එලෙසමය. ඒ භද්‍ර යෞවනයයි. සොදුරු සිතුම් හද පොබයන කාලයයි. ඒ හද මඩලට ආ ඇය..............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]
    [FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]
    [FONT=&quot]හද දුක ගාවා..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇය නොපෙනී ගියේ ද එළෙසමය. සේයාවක් වත් නොතබා ඇය දුරු රටකට ගියේ ද එළෙසමය...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]
    [FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]
    [FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]
    [FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]
    [FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]
    [FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

    [FONT=&quot]ජීවි‍තයේ ඉම ඇය සමග දකින්නට සිටි මා හට, ඒ කිරි සිහිනය පමණක් ම ඉතිරි විය. සොදුරු සද මැද ගිනි මෙළවූයේ ඒ වියෝවමය. ඒ නෙතු යුග, හද තුළ සදා තැන්පත් ව ඇති සොදුරු නෙතු යුග, සිහිවන සෑම විටකම, ළසෝ ගින්නක් ම හද තුල අවුළුවන්නකි. මගේ දෝතට නෑවිත්, ඇය කොතැනක ද බැදුනේ? මිහිරි සිනාවකින් මුව පොබයා නෙ ම ඇය සිය අනාගත සහකරුවා මට හදුන්වා දුන් මොහොතේ, මා මගේ සිතින් ඇසුවේ ද ඒ පැණය මය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]
    [FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ රුදුරු අත්දැකීමෙන් පසුව මා මිදි පැන් ඔඩමේ පත්ලටම, දින ගනනක් කිමිදුනු බව නොවලහා කියමි. ඒ, ඒ නෙතින් ලද පහර දරා ගන්නට නොහැකිවය................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් කෙනෙකු ගේ මුලු ජීවිත අත්දැකීමක් ම මෙසේ නැවත ගායනය වීම මම ආශ්චර්යයක් ලෙස දකිමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා තවමත් මගේ හදින් අසන්නේ එකම පැණයකි. එය පිළිතුරු නැති පැණයක් වී සදා මා ළග රැදෙනු ඇත.[/FONT]

    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]
     
    Last edited:

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මේ දිනවල වැඩ කටයුතු මෙන් ම සිත එක තැනක ද නැත. චිත්තපීඩා බහුලය.
    දත් ගලවන්න බැරිනම් ආපහු කොලෙජ් එකට ගිහිල්ලා ට්‍රේන් වෙලා වරෙන්.

    මේක කන්ට අපු මේ ගස් ගොබිල කවුද. නිකම් දෙන නැතුව පලයන්.මේ අගයන මෙච්චර ය ඉද්දි එකෙක් කැගැහුවටමේවා නවතින් නැත හරිද ගොබිලෝ...
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    අපි ගෙදර බුදුන් කියනවා අපේ අම්මට..ඒත් අපිට අපේ අප්පච්චිගෙන් අපේ අම්මා තරම් ආදරයක් අපිට දෑනෙන් නෑ.. ඒ අප්පච්චි අපිට ආදරේ නෑති නිසා නෙමෙ.. අප්පච්චිගේ ඒ අදරේ එයාගේම, එයා මතම පෑවරිලා තියන වගකීම් වලින් වෑහිලා තියන නිසා වෙන්න ඈති..
    ඉතින් ඒ පිය සෙනෙහස නෑති වුණොත් යම් මොහොතක,අපිට ඒ අර වගකීම් සේරම දරන්න වෙන්නේ අපේ අම්මට..ස්
    අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් කරන්න බෑරි දෙයක් නෑ..සමහර වෑරදි පාරවල් සමහර වෙලාවට හම්බෙනවා. සමහර වෙලාවට නෑති ප්‍රශ්ණවලට ඈයට මූණ දෙන්න වෙනවා..සමාජය කියන්නේ හරි පුදුම තනක්.. තලන යකඩයට උඩ පෑන පෑන තලන්න ආස අය ඕන තරම්..
    අම්මෙක්ට සමාජයෙන් මෙහෙම නින්දා අපහාස එන එක වලක්වන්නේ කවුද පිය සෙනෙහස අහිමි වුණ දාට..

    දවසක් පෑල නෑති හේනේ..
    අකාල මහ වෑසි වටුනා..
    තුරුලේ හ0ගාගෙන මා..
    ඔබ තෙමුනා අම්මේ..
    පායන තුරු හිටි පියවර..
    සිටියා ඔබ අම්මේ..


    ඈය ඒ නින්දා අපහාස සේරම තනියම දරා ගන්නවා..ඈය තමන්ගේ දරුවට එවා දෑනෙන්නවත් ඉඩ තියන් නෑ..

    නුවර වීදි යට කරගෙන..
    නින්දා වෑහි වෑගිරුණු දා
    බිරිදකගේ සෙනෙහේ ගියා
    යෝධ ඈලේ නෑම්මේ..
    ඔබේ සෙනෙහස සුවද දිදී දෑනුණා මට අම්මේ...


    තත්තා කෙනෙක් නෑති ළමයෙක්ට මේ සමාජයෙන් අහන්න වෙන්නේ මොන තරම් නම් කටුක දේවල්ද?මුළු නුවරම අය, ඒ කියන්නේ මුළු ගමම
    මේ පවුලට අපහස, නින්දා කරනවා..
    ඒත් මේ මොන කතාව අහුවත් දරුවාගේ අම්මගේ හිතේ , බිරිදක් විදියට සෑමියා කෙරේහි තියන සෙනෙහස අඩුවක් නෑ.
    අපි කවුරුත් අහලා තියන්වනේ යෝධ ඈලේ බෑස්ම හෑත්ප්ම 1ට අගලයි කියලා..වෙන විදියකින් කිව්වොත් බෑස්මක් නෑ වගේ.. අන්න එ වගේලු
    බිරිදගේ සෙනෙහස අඩුවෙන්නේ සමියා ගෑන.. එ කියන්නේ අඩු වෙන්නේ නෑ...අන්න ඒ සෙනේහස ළමයට දෑනෙනවා..


    කොළඹ අහස කළු කරගන..
    මුහුදු හුළග හඩලනකොට,
    ඔටුන්න බිම දා දුවගන එන්නද එක පිම්මේ..
    ම0 එන තුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ...!


    මෙහෙම අම්මා තමන්ගේ පුතව ලොකු මහත් කරවනවා..
    කොළඹ හොද රස්සවක් කරන පුතට දෑන් ආර0චි වෙනවා අම්මා ගෑන නරක ආර0චි..
    සමහර විට අම්මා එයාට උගන්නන්න සල්ලි හෙව්ව හෑටි.. නෑත්නම් තාමත් අපහස , නින්දා කරන ගම්මු ගෑන
    නගරයේ අයත් දෑන් පුතට කතන්දර කියනවා..
    මේ මොනවා ඈහුවත් පුතා දන්නව අම්මා එයා වෙනුවෙන් කරපු කෑපකිරීම්..
    නගරයේ හෑම සෑප සම්පතක්ම අතෑරලා ම0 අම්මා ගාවට එනව අම්මේ... එතකන් ඔයා ම0 එනකන් ,
    ඉදිකඩ ලග ඉන්න පර බලාගන..


     
    Last edited:
    • Like
    Reactions: dath kimbula