හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................


වසන්තයේ මල්..................



[FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
[FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
[FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
[FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]

beautiful....
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒත් අපිට අපේ අප්පච්චිගෙන් අපේ අම්මා තරම් ආදරයක් අපිට දෑනෙන් නෑ.. ඒ අප්පච්චි අපිට ආදරේ නෑති නිසා නෙමෙ.. අප්පච්චිගේ ඒ අදරේ එයාගේම, එයා මතම පෑවරිලා තියන වගකීම් වලින් වෑහිලා තියන නිසා වෙන්න ඈති..
    නගරයේ හෑම සෑප සම්පතක්ම අතෑරලා ම0 අම්මා ගාවට එනව අම්මේ... එතකන් ඔයා ම0 එනකන් ,
    ඉදිකඩ ලග ඉන්න පර බලාගන..
    මෙහි ඔබේ පළමු පෝස්ට් එක ගැන ද යමක් කීම අතපසු විය. එයට කමත්වා!! අංකුර දළු දාමින් වැඩෙනු දැකීමට රිසියෙමි. එනිසා නොනවත්වා ලියන්න. ඔබේ සියළු ම හැගීම් වචන වලට පෙරලා මෙහි සටහන් කරන්න. සිංහලෙන් කෙටීම කට්ටක් බව සැබෑය. නමුත් එය කියවා කවුරුන් හෝ හැගීම් බර වන බැවින්, යථාර්තය දකින බැවින්, සත් සිතින් යුතුව ලියන්න. ඒ පින ඔබ නිවන් පිණිස බැර වනු ඇත.
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මෙහි ඔබේ පළමු පෝස්ට් එක ගැන ද යමක් කීම අතපසු විය. එයට කමත්වා!! අංකුර දළු දාමින් වැඩෙනු දැකීමට රිසියෙමි. එනිසා නොනවත්වා ලියන්න. ඔබේ සියළු ම හැගීම් වචන වලට පෙරලා මෙහි සටහන් කරන්න. සිංහලෙන් කෙටීම කට්ටක් බව සැබෑය. නමුත් එය කියවා කවුරුන් හෝ හැගීම් බර වන බැවින්, යථාර්තය දකින බැවින්, සත් සිතින් යුතුව ලියන්න. ඒ පින ඔබ නිවන් පිණිස බැර වනු ඇත.

    :D:D:D්‍ බොහෝම ස්තුතියි සහෝ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]ළසොවින් පතන නොලබන ප්‍රේමයේ සිහිලස..................[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා.......................[/FONT]




    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]
    [FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]
    [FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]
    [FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]

    [FONT=&quot]වියළුණු හෝපලු වනයේ[/FONT]
    [FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]
    [FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]
    [FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]

    [FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]
    [FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]
    [FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]
    [FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්............................[/FONT]

    [FONT=&quot]විවාහයෙන් කෙලවර දකින සම්ප්‍රදායික ආදරයේ දුක්ඛප්‍රාප්ති මංගල්‍යය වන්නේ පෙම් කරන සමයේ විදි පෙමින් අංශුමාත්‍රයක්වත් විවාහයෙන් පසුව එහි උරුම කරුවන් අත්නොදැකීමයි. බොහෝ විට කාන්තාවෝ විවාහය හා ම සිය වෙස්මුහුණු ගලවා දමත්. එයින් පීඩනයට පත් වන්නේ සැමියන්ය. එවන් පීඩනයකට පත් සැමියෙකු ගේ ආත්ම කථනය වන්, මා “විවාහක සැමියන් ගේ සදාතනික ශෝඛාන්තය” ලෙස හදුන්වන ගීයයි මහාචාර්ය සමන්ත හේරත් විසින් විරචිත, ආචාර්ය කේමදාසයන් විසින් සංගීතවත් කල, විශාරද අමරසිරි පීරිස් විසින් ගයන “සොදුරිය, කාලය කොතරම් නපුරුද?” යන ගීතය.(මේ ගීතය පිළිබද ව විචාරයක් අප ගේ පළමු හුය වන “සුන්දර ගීයක ඇරඹුම” හුයේ මෙතන පළ කර ඇත. කියවනු රිසි සුධීහු එය ද කියවත්වා!!)[/FONT]

    [FONT=&quot]මෙය සිදුවන්නේ කාන්තා පාර්ශවයෙන් පමණක් ම නොවේ. කලාතුරකින් සැමියෝ ද සිය පෙම් කරන කල තුල රග දැක් වූ භූමිකාව විවාහයෙන් පසුව අත් හැර දමති. එයින් පීඩනයට පත් වන ආදරනීය බිරිදක ගේ ආත්ම කථනයයි, මේ විචාරයට පාදක වන්නේ.[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා[/FONT]
    [FONT=&quot]නියග ගෙවී ලේ ගලනා වෙලාවේ[/FONT]

    [FONT=&quot]මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්[/FONT]

    [FONT=&quot]ඒ සෙනෙහස යලි ඉල්ලා හඩන්නම්..................[/FONT]


    [FONT=&quot]කාලයත් සමග සෙනෙහස වැළලී ඇත. ඒ පෙම් කරනා සමයේ වින්දා වූ වින්දනීය ප්‍රේමයයි. ඒ ප්‍රේමය, සෙනෙහස ඇය ැන් නොලබන්නීය. ඒ නිසා ය ඇය, ඇය ගේ නිය අග ගෙවී ලේ ගලනා තෙක් ම මේ කාලයේ වැලි තලාව පහුරු ගාන්නේ. ඒ කාලයත් සමගම වැළලි අතුරුදන් වූ ඒ ආස්වාදනීය ප්‍රේමය සොයන අටියෙනි. මේ කියන්නේ ප්‍රේමය ලැබෙන තුරු වැලි හෑරිමක් ගැන නම් නොවේ. නියග ගෙවී ලේ ගැලීම මගින් රචකයා මේ සිහිපත් කිරීම අතිශය කටුක අත්දැකීමක් බව පෙන්වයි. දැන් නොලැබෙන ඒ ප්‍රේමය, කලින් දිනයක ලද බවද, ඇය තවමත් ඒ සෙනෙහස ම පතන බවද, නොලැබෙන ප්‍රේමය මෙන් ම, ලද ප්‍රේමය පිලිබද සිහිකිරීම ද, අතිශය කටුක අත්දැකීමක් බව ද, එකම පදයකින් අප හදවත දැඩි ව ග්‍රහණය වන ආකාරයකින් කීමට තරම් මෙහිදී රචකයා විචක්ෂණශීලී ද. බුහුටි ද වී ඇත. ඇය හඩමින් ම යලි යලිත් ඒ සෙනෙහස ම ඉල්ලන්නේ එය හදවතට දැනෙන, හදවත ඉල්ලන ප්‍රේමය ම නිසා විනා අන් කවරක් නිසා ද?[/FONT]

    [FONT=&quot]වියළුණු හෝපළු වනයේ[/FONT]
    [FONT=&quot]සුළගේ යන පරඩැල් මැද[/FONT]

    [FONT=&quot]අතීතයක ගුණ සුවදක් විදින්නම්[/FONT]

    [FONT=&quot]ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්.............[/FONT]


    [FONT=&quot]හෝපළු වනය පිළිබ ද ව ඔබ දන්නේද? හෝපළු වනය එදා ක්‍රිෂ්ණා සහ රාධා උනුන් හා ප්‍රේමයෙන් වෙළෙවිව, පළු ළපළු පත් සිරියහන කොට ගෙන රති කළහයෙහි යෙදුනු වනයයි. හෝපළු වනය වියැළී ඇති බව කියන රචකයා, එහි රාධා සහ ක්‍රිෂ්ණා රති කෙළියෙහි යෙදුනු පළු පත් වියැළී පරනලා ව ඇති බව කියයි. මෙය, මේ කියන අඹු සැමි දෙපල ගේ වර්තමාන ලිංගික ජීවිතය ගැන කියන ප්‍රබල ව්‍යංගයක් ධ්වනිත කරන්නකි. ප්‍රේමය මෙන් ම රති සුවය ද රහිත ජීවිතයක් තමා ගෙවන බවට විරහිනියක මුවින් නැගෙන විලාපයක් නොවේද? මෙවැනිම වලපක් රාධාව ගේ මුවින් නංවන ගීතයක් මේ ගීතයේ රචක මහැදුරු සුනිලුන් විසින් ම ලියා ඇති නන්දා ම ගයන ගීතයක් මෙසේය.[/FONT]

    [FONT=&quot]ගොවිදුණි මේ සිරි යහනේ - විරහී වැළහින්නකි මා[/FONT]
    [FONT=&quot]රති කෙළි රමණි - සිහි කර පැරණී[/FONT]

    [FONT=&quot]යමුනා නදිය ද කැළඹේ.........[/FONT]


    [FONT=&quot]එය තරමක් ඕලාරික ස්වරූපයේ විලාපයක් මුත්, මේ ගීතයේ එන විලාපය අතිශය සියුම් භාවයන් කුළුගන්වන්නකි. මා දැක්වූ ගී පද පෙළ මොහොලින් අනින්නාක් බදු පදවැලකි. නමුත් මේ ගීතයේ පදවැල, සිතේ භාව විරේචනයන් පෙන්වන එකකි. පළමුව විදි ඒ රති සම්භෝගය ද ගුණයෙන් පිරි එකක් බව ඇය කියයි. එයින් අදහස් වන්නේ දැන් ඇය විදින රති සම්භෝගය හුදෙක් කායික අවශ්‍යතාවය මත සිදුවන්නක් පමණක් ම බව නොවේද? යලිත් එවැනි උණුහුමක් බලාපොරොත්ුවෙන් ඇය ගේ සිත මුර ගසනා ආකාරය නොවේද, “ඒ සුවද ම හමුවන තුරු සිටින්නම්” යනුවෙන් ඇය දක්වන්නේ?[/FONT]

    [FONT=&quot]ගිනි දැල්වෙන මරු කතරේ[/FONT]
    [FONT=&quot]පුපුරු ගසන වැලි කැට මත[/FONT]

    [FONT=&quot]ළතෙත් බවක සිහිලස සිහි කරන්නම්[/FONT]

    [FONT=&quot]ඒ සිහිලම පතමින් මග බලන්නම්[/FONT]


    [FONT=&quot]ජීවිතය නම් විදවන මරු කතරේ, නොයෙක් විදවුම් වන් පුපුරු ගසන වැලි කැට වලින් දැවෙද්දී, ඇය කලින් ලද සෙනෙහස, ඒ සියළු ම දාහයන් නසා සනසා ලූ එකකි. ඒ ළතෙත් බව දැන් ඔහු ගෙන් නොලැබේ. තමා තනිවම, එකළාව ම ජීවිතය විදවන බව නොවේද මේ පැමිනිල්ල? තවමත්, වෙනත් සෙනෙහසක් නොපතා ම සිය සැමියාණන් ගෙන් ඒ සිහිලස, ඒ සෙනෙහස ම පතමින්, අයදිමින්, ආදරය අයදින, ආදරය වෙනුවෙන් හඩන, සිය සැමියා හට තවමත් ආදරය කරන, ආදරය ඔහු ගෙන් ම පමණක් පතන සාදාදරණීය බිරිදක ගේ වැළපිල්ල නොවද මේ?[/FONT]

    [FONT=&quot]කලාකෘතිය වූ කලී විදින්නා ආනන්දයෙන් ප්‍රඥාව කරා එළඹවන්නක් බව කියැවේ. ගීතයේ ද්වනිතාර්ථය තුලින් විදින ආනන්දය තුළින්, අපේ පියඹුන් වෙත පිදිය යුතු ආලයද, දැක්විය යුත් සෙනෙහස ද, පෙම් කරන සමයේ ම මෙන්ම, විවාහයෙන් පසුත් ලබාදිය යුතු බව, දැක්විය යුතු බව පෙන්වන, ප්‍රඥාව නොවේ ද මේ ගීතයේ අරටුව?

    මේ ගීතයේ සංගීතය පිළිබ ද ව ද වෙසෙසි දැනවීමක් ලඛ යුතු යයි සිතමි. අපට සිටි කෘතහස්ත ම සංගීතඥයෙකු වන ස්ටැන්ලි පීරිස් මේ සංගීතයේ නිර්මාපකයාය. ඔහු මෙහි දී සිත කීරි ගැසෙන ලෙස යොදවා ඇති වයලීන වාදනය සහ, ගීතයේ භාවයන් හද වෙත පොම්ප කරන සැක්සෆෝන් වාදනය නම් හදෙහි සදාකාලික ව ම රැදෙන්නකි.
    [/FONT]
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    [FONT=&quot]ළසොවින් පතන නොලබන ප්‍රේමයේ සිහිලස..................[/FONT]

    [FONT=&quot]කාලයේ වැලි තලාව පහුරු ගා.......................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    අපිටනම් කාලය අහසේ වලාකුලු වගේ, වෙනස්වෙමින් ගලාගෙන යනවා සැහැල්ලුවෙන්.. තෑන්ක්ස් ඇලිගේටරය....:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිටනම් කාලය අහසේ වලාකුලු වගේ, වෙනස්වෙමින් ගලාගෙන යනවා සැහැල්ලුවෙන්.. තෑන්ක්ස් ඇලිගේටරය....:yes:
    බැන්දයින් පස්සෙත් ඔහොම කියයිද බලමු රෝස කොටි හපුවා..............

    මා කිඹුළෙකු-ක්‍රොකඩයිලයෙකු- විනා ඇලිගේටරයෙකු නෙවන බව සැළකුව මනාය........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බැන්දයින් පස්සෙත් ඔහොම කියයිද බලමු රෝස කොටි හපුවා..............

    මා කිඹුළෙකු-ක්‍රොකඩයිලයෙකු- විනා ඇලිගේටරයෙකු නෙවන බව සැළකුව මනාය........
    :D Ela ela crockadila
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ko mage geethaya :P:rofl:
    අප්පේ.......දෙන්නම්...දෙන්නම්...........
    දනනේ නැද්ද? වැඩ..වැඩ සහ වැඩ අම්බානක්................
    නැත්තං තිල්ස් ඉල්ලන දෙයක් නොදී ඉන්නව ද,
    මම වැඩියෙන්ම ගෞරව කරන, මගේ ළබැදි ම සොයුරිය කොට මේකේ ඉන්න.......
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සැහෙන්න කාලෙකට පස්සේ මේ පැත්තට ආවේ..ගොඩක් දේ මග ඇරී ඇති බවක් පෙනෙන්නට තිබේ..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තවමත් සුන්දර ගීයක ඇරඹුම තුලය. වචනයෙන් කිව නොහැකි තරම් දේ මඟහැරී ඇත.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ko mage geethaya :P:rofl:

    කුල්ටූර් ප්‍රේමයේ උපහාසය........................

    අනේ පුංචි කාලිදාස..............

    [/QUOTE]


    [FONT=&quot]අනේ පුංචි කාලිදාස - ගොතා කියන ප්‍රේම කතා අහන් ඉන්න බෑ[/FONT]
    [FONT=&quot]මට සකුන්තලා වෙන්නට නම් බෑ.....................[/FONT]

    [FONT=&quot]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT]
    [FONT=&quot]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT]
    [FONT=&quot]ප්‍රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT]
    [FONT=&quot]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT]
    [FONT=&quot]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි..............[/FONT]

    [FONT=&quot]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT]
    [FONT=&quot]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT]
    [FONT=&quot]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT]
    [FONT=&quot]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT]
    [FONT=&quot]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT]

    [FONT=&quot]වර්තමානයේ ප්‍රෙමය සහ පෙම්වතුන් මුහුණ දෙන සම්ප්‍රදාය සහ නූතනත්වය අතර වෙනස සහ සිතුම් පැතුම් වල වෙනස මෙන් ම, පෙම්වතියන් තුළ පවතින සම්ප්‍රදායට ඇති දැඩි ප්‍රතිරෝධය මොනවට විදහා දක්වන රචනයකි මෙය. එපමණක නොව පෙම්වතියන් සම්ප්‍රදාය පිළිබදව තකන දැඩි සමච්චල් භාවය ද, ඒ හරහා සම්ප්‍රදාය වර්තමානය තුළ පත්වන දැඩි අර්බුදය ද යටි පෙළ අරුත ලෙස ගෙන ඒමට ද එය සමත් වෙයි.[/FONT]
    [FONT=&quot]ඇය අරඹන්නේ ම අතීතයේ දී සිය පෙම්වතිය වෙත සුළග දූතයෙකු කරමින් මේඝදූතය වන් මහා කවක් කළ කාලදාසයන් මෙන්, සම්ප්‍රදායට බර සිය ප්‍රේමය පතන තරුණයා ගොතමින් කියන ප්‍රේම කතා අහන් ඉන්නට බෑ කියමිනි. ඒ තුලම ඇය සම්ප්‍රදාය සමග තමා ගේ ඇති ප්‍රතිරෝධය පෙන්වා දෙයි. ඇය බලාපොරොත්තු වන්නේ සම්පුදායික ප්‍රේමයක් හෝ සම්ප්‍රදායික ජීවිතයක් නොවන බව ද ඇය කියන්නේ, සියළු ම දුක්ඛ දෝමනස්ස විදිමින් සිය ප්‍රියයා වෙනුවෙන් ම සිටි සකුන්තලා මෙන් තමාට පවතින්නට ද බැරි බව කියමිනි.[/FONT]

    [FONT=&quot]නදී තේරේ වන තීරේ - මල් ගොමු අතරේ[/FONT]
    [FONT=&quot]ලතා මඩුළු වියන් බැදන් ප්‍රේම ජවනිකා[/FONT]
    [FONT=&quot]ප්‍රමෝදයේ මනෝ රංග සිහින අපූරුයි[/FONT]
    [FONT=&quot]අනේ පුංචි කාලිදාස - වන දඩයම් එන කුමරුන්[/FONT]
    [FONT=&quot]වන තීරේ ගස් කපලා - හරිම ගිරීස්මයි..............[/FONT]

    [FONT=&quot]පෙමාතුර පෙම්වතෙකුට සිය අවට ඇති සියළු ම අචේතනික, සචේතනික වස්තුන් පෙනෙන්නේ, සිය ප්‍රේමය තවත් උත්කර්ෂයට නංවන දේ ලෙසටය. ගං තෙරක් අසබඩ වන ලැහැබක, මල් වලින් හැසී ගැවසී ගත් ගසින් සෙවනි පළු පල්ලවයන්, පෙම්වතෙකුට පෙනෙන්නේ ඒ ගස් වැල් ප්‍රේම ජවනිකා මවන බවකි. මේ ගැන උපහාසයෙන් පවසන තරුණිය පවසන්නී, ප්‍ර මෝදයේ මනෝරංග සිහිනය අපූරු බවය......!!! ඒ පමණක නොව ඇය උපහාසාත්මකව දකින්නේ ඔහු එතරම් වර්ණණා කරන වන තීරයේ ගස් වැල්, ඔහු ප්‍රේමයෙන් ඔකද ව වනන දඩයමේ එන දුෂ්මන්ත වැනි කුමරුන් විසින් කපා දමා ඇති බැවින්, ඔහු වර්ණනා කරන වන තීරය ඔහු ගේ ම භාෂාවෙන් කියනවා නම් “හරිම ගිරීස්මයි“ කියාය. මෙම යෙදුම මෙම අවස්ථාවේ දී යෙදීම වෙසෙසින් සළකා බැලිය යුත්තකි. දැඩි අව් රශ්මියට නාගරිකයන් “අව්වයි“ කියා කීව ද ගැමියන් කියන්නේ ග්‍රීෂ්මයි කියාය. මෙම වචනය ගැමි ඌරුවට දක්වන කළ ඔවුන් දක්වන්නේ “ගිරීස්මයි“ කියාය. මෙය මෙයාකාරයෙන් ම ගිතය තුළ දක්වා රචකයා මෙම තරුණිය ගේ සංකර සමාජය වටපිටාව සේම, ගැමි වාග්මාලාවන් සහ ගැමි සිතුම් පැතුම් අත්තුංකංසයෙන් හෙලා දැකීමේ නාගරික කුල්ටූර් සමාජ භාවිතය ද මැනවින් ගෙන හැර දක්වයි.ඇත්තෙන් ම මෙම ගීතයෙන් කෙරෙන්නේ ද යථාර්ථය ගෙන හැර දැක්වීමකට වඩා, නාගරික තරුණියකට ප්‍රේමකරන ගැමි හෝ අර්ධ ගැමි තරුණයෙකු ගේ අදහස් සහ සිතුම් පැතුම් සමච්චලයකට ලක් කිරීමක් දැයි විටක සිතේ.[/FONT]

    [FONT=&quot]අනේ එපා පේරැස් මුදු ගගේ වැටේ වී[/FONT]
    [FONT=&quot]කිරුලු පලන් කන්‍යාවී හඩා වැටේ වී[/FONT]
    [FONT=&quot]මැදුරේ බිහි දොරටුව ළග හිත ඇවිලේවී[/FONT]
    [FONT=&quot]අනේ පුංචි කාලිදාස - කාලය ඉගිලිලා ගිහින්[/FONT]
    [FONT=&quot]පේරැස් මුදු ගිලින මසුන් - මැරීම තහනම්............[/FONT]

    [FONT=&quot]මෙම පදය ද තරුණයා ගේ ප්‍රේමය හෑල්ලුවට ලක්කිරීමක් බව විග්‍රහ කිරීමේ දී පෙනේ. තරුණයෝ ප්‍රේම වඩනා සුන්දරාංගින් හට විවිධ ත්‍යාග දෙති. ඒ අතර අබරණ පළමු තැනක ඇත. තරුණයා තමා සතු අබරණයක් ඇයට පළිගන්වන්නට ඇත. ඇය කියන්නේ “පේරැස් මුද්ද“ එපා කියාය, ඒ එය ගගට වැටිය හැකි නිසාලු!!( නල දමයන්ති කථාවේ නල කුමරුන් දමයනතියට දෙන මුද්ද ගගට වැටී, එම මුද්ද නොමැති නිසා දමයන්තිය සමග තමා රමණයෙහි නොයෙදුණ බව සහ එයින් ඇයට උපන් දරුවා නල විසින් ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධිය ඔබට මතක යයි සිතමි.) එපමණක් නොව කිරුළු පලන් කන්‍යාව හඩා වැටෙනු ඇති බවත්, තම මන්දිරයේ දොර ළග හිත ගිනි ඇවිලෙනු ඇති බවත් ඇය කියයි. මෙය නම් අතිශය සයද උපහාසයක් බව නොකියා ම බැරිය. තරුණිය කියන්නේ , “අනේ පේරැස් මුද්ද එපා, ගගේ වැටුණෙත් !!! එහෙම වුනොත් මගේ හිත ගෙයි දොරකොඩ ගිනි ඇවිලිලා, හිත හඩා වැටෙයි....!!!“ යනුවෙනි. මෙය “මම බය වුණා, හංගෙන්න බිත්තර කට්ටක් හොයවනවා“ වැනි, දැඩි උපහාසාත්මක ප්‍රකාශයකි. තම ප්‍රේමයට මේ තරුණයා තරම් නොවන බව නොවේ ද මේ තරුණිය පවසන්නේ. අවසන දී පවා ඇය පවසන්නේ, කාලය ඉගිල ගොස් වෙනස් වී ඇති බවය; මේ තරුණයා පුදන ප්‍රේමය “අප් ටු ඩේට්“ නැති බව සහ එය කෝලමක් වී ඇති බව නොවේ ද? පේරැස් මුදු ගිලින මසුන් මැරීම තහනම් යනුවෙන් ඇය පෙන්වන්නේ මේ උපහාසය නොවේද?[/FONT]
    [FONT=&quot]මේ අත්දැකීම සමාජයේ වර්තමානයේ බොහෝ විට අප අසන දකින එකකි. ප්‍රේමය ප්‍රේමය නොවී, හුදු ආර්ථික කටයුත්තක් වීම ඇති කර ඇති විපර්යාසය, මානවීය ප්‍රේමය, නාගරික කුල්ටූර් පන්තික තරුණියන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වන ආකාරය සහ ප්‍රේමය පිළිබද ව පවතින මධ්‍යම පාන්තික පුහු හරය ද, මනා ව කැඩපතක් තුළින් මෙන් [/FONT]පෙන්වන [FONT=&quot]රචනයකි මෙය. එපමණක් නොව කේමදාසයන් එයට එක් කර ඇති මදක් සංකර, ඕලාරික වාදනයන් පිරි සංගීතය ද එම ගීතයෙන් රසික හදවත තුළට ගෙන ඒමට උත්සාහ ගන්නා භාවයන් තවත් දලවාලන බව නොකියා ම බැරිය.[/FONT]
     
    • Like
    Reactions: thilzz

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    ඉසුරින් කිත් යසසින් බබලන දා
    ඔබගේ බැනුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා
    සිනාසුනත් එය වරදක් වේ

    පූජාසනයේ ඔබ හිඳුවා....

    කිරියෙන් පැණියෙන් උතුරා යන කල
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අතමිට හිඟ වී බෙල සුන් වන කල
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    පූජාසනයේ ඔබ හිඳුවා....

    ගායනය :නන්දා මාලනී





    This song is dedicated to Hon. Mahinda Rajapaksha
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: Pink panther