පිළිම කැඩුවාට බුදුන්ට හානියක් නෑ - Kiribathgoda Gnanananda
බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ... - කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි.
අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...
ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා...
පුංචි ළමයින්ට ශ්‍රද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...
අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...””
(මහමෙව්නා සඳහම් භාවනා අසපුවේ අධිපති ශ්‍රී සම්බුද්ධ රාජ මාළිගාවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම ග්‍රන්ථය” )
අනේ මන්දා... වර්තමාන ධර්ම සන්නිවේදනයේ අසහාය බුද්ධ පුත්‍රයා යැයි කියා ගන්නා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ම මෙහෙම කියනවා නම් ඔය මුසල්මානුවෝ බුද්ධ ප්‍රතිමා කඩලා දැම්මට අපේ බෞද්ධයෝ මොනවාට කුපිත වෙනවාද කියලා.... ඇයි බුදු පිළිම කඩලා දැම්මට බුදු හාමදුරුවන්ට හානියක් නෑනේ....
බුද්ධ ප්‍රතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි.
“බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...

පුංචි ළමයින්ට ශ්ර්ද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...
අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”
යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්‍රන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ.
“පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ.
නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)”
යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්‍ය කරන ආකාරය කටයුතු කරන්න.
“පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා...
අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්‍ර්ශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”
(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය)
“ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි.
අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්රදතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්යාටඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...”
(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය)
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්රකද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින විට ශ්‍රද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ...
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්‍රතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන පකාශයෙන් මනාව උධෘත වේ.
සිවුරු පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්රිකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...?
නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්‍ය ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්රිනයාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....?
නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස;
“බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...?
බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.”
(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව)
කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරුවා තිබීම බුදු සසුන වනසන අන්‍ය ආගමික කුමන්ත්‍රණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරුන්ට දොරගුළු විවර කරදීමක් බඳුය.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්‍රන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්‍රරමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත.
“පුද්ගල කණ්ඩායම් වලටත් ‘නිකාය’ යන වචනය යොදනවාද...?
පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් 'නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් 'නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්‍ය, අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම 'සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්රදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්රීා සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ 'නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ. මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්‍රතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්රදාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්‍රෛනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් 'නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය.
“බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්‍රන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.
“අමරපුර නිකායේ බුදු හාමුදුරුවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරුවෝ...
අපි දන්නවා වැව්රුකන්නල විශාල බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරුවොයි...
ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරුවෝයි....”
මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ ධර්ම විනයධර මහතෙරුන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්‍රන්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
“දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්‍රතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්‍ර තිමාවක් හෝ චිත්‍රයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්ර්තිමාව ඒ චිත්රයය ඒ පුද්ගලයාගේ ප්‍රතිමාව ලෙසත්, චිත්රචය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්‍රතිමාවක් හෝ චිත්ර්යක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්‍රතිමාව , ඒ චිත්‍රය බුද්ධ රූපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්‍රතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්‍රතිමාවක්ම බුද්ධ ප්‍රතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්‍රතිමා වන බැවින් ඒවාට ගරු කළ යුතුය. බුද්ධ ප්‍රතිමාවක් ලෙස පිළිගන්නා රූපයට ගරු කිරීම තථාගතයන් වහන්සේට ගරු කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”
වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත.
“ප්‍රතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරුවක්...
කෙනෙකු කියනවා නම් බුද්ධ ප්රසතිමා වහන්සේ නමක් දැක්කහම ශ්‍රද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්රිද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්‍යයක් නොවෙයි.”
(“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව)

“බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...