අතීතය වැඩක් නැහැ!වර්තමානය තමය් වැදගත් !

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අතීතය වැඩක් නැහැ!වර්තමානය තමය් වැදගත් !

    mahindarajapaksasarathf.jpg



    සරත් ෆොන්සේකා ගැන ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීම මගේ යුතුකම් කියල හිතුන.මේක හොදින් තේරුම් ගන්න .එළකිරි එකේ වේවා හැම තැනදීම මිනිස්සු කතා කරොත් සරත් ෆොන්සේකා ගැන ,කියන්න අනේ ඒ මනුස්සය රට වෙනුවෙන් බෝම්බ වලටත් අහුඋන නේද ,ඒ තරම් හොද මනුස්සයෙක් නේද මෙය හිරේ දැම්මේ , එතුමා තරම් මෙය යුද්දය වෙනුවෙන් වැඩ කරපු කව්රුවත් නැහැ, වගේ ලද බොලද කතා තමය්.එතුමා රට වෙනුවෙන් යුද්ද කර,දිවි පරදුවට තිබ්බ , එත් ඒ අතීතය !!

    !අතීතයේ මිනිහෙක් හොද උන කියල රටට ආදරේ කල කියල ,වර්තමානයේ සහ අනාගතයේ එහෙම වෙඉ කියල කාටවත් කියන්න බහ. අතීතයේ හොද උනත් මිනිහ හැදුවේ බල තන්හාව නිසා බලයට එන්න.එකත් බොරු දේශ ද්‍රෝහී කුමන්ත්‍රණ වලින්. බොරුවට මිනිස්සු අතීතයේ හොද කියා කියා ඉන්නේ නැතුව ,වර්තමානය සහ ඉන් පසුව ඔහු කරපු ,වංචා දුඋෂණ (හැමෝම දන්නවා වගේ අවි ගන්න ගිහින් බෑණත් එක්ක කරපු මාහ දෙහ්ස ද්‍රෝහී වංචා ) ,බලයේ සිටිමින් කුමන්ත්‍රණ මගින් දේශපාලන බලයට එන්න පොර කෑම,බැංකු ගිණුම් වල තිබ්බ හොර සල්ලි , වගේ තවත් ගොඩක් නරක වැඩ දේශ ද්‍රෝහී වැඩ කර. එක නිසා අතීතයේ හොද තිබ්බ කියල මිනිහෙක්ගේ වර්තමනයවත් අනාගතයවත් හොද වෙන්නේ නැහැ.

    එක නිසා බුද්දිය පාවිච්චි කරලා ,ඔය මන්තරේ වගේ කියවන බෝම්බෙට අහු උන වගේ මෝඩ කතා දැන්වත් නවත්තන්. දැන් මොහු දේශ ද්‍රෝහියෙක් වෙලා ඉවරි !!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..​


    එදා දෙදහස් දොලහ වසරේ මාර්තු විසි හත් වෙනිදාය.
    ස්ථානය නවලෝක රෝහල.
    වේලාව දහවල් 12:45 පමණ


    එදා සෑමා සිටියේ නවලෝක රෝහලේ පහත මාලයේ චැනලින් සෙන්ටර් එක අසල ඇති ලිෆ්ට් එක අසල හිදගෙනය. ලිෆ්ට් එකට පිටුපස හරවා හිදගෙන සිටි නිසා එයින් යන එන කිසිවෙකු සෑමාට පෙනුනේ නැත. එහෙත් එක වරම පරිසරය කලබළ වූවාක් සේ හැගුන නිසා ඒ පැත්ත හැරී බැලුවේ සෑමාය.


    ඈත සිට මිනිසුන් කිසිවෙකුට අත වනයි. හිදගෙන සිටින බහුතරයක් නැගිටිති. සමහරු පසු පසින් දිව යති. කිසිවක් සිතා ගත නොහැකි වූ සෑමාට යමක් ඉවෙන් මෙන් දැනින. ඊට හේතුව රෝහලට ඇතුලු වෙන දොරටුව අසල කැමරා සූදානම් කරගෙන පිරිසක් සිටිය නිසාය. සිදුවන්නේ කුමක්ද කියා දැනුන මුත් සෑමා නැගිට ගියේ ඒ පැත්තටය.


    පොලිස් නිලධාරීන් රැසක් වට ‍කරගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සැබෑ දේශප්‍රේමියෙකි. කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී සිනහවී එඩියෙන් මුහුණ දෙන දේශප්‍රේමියෙකි. තමා දේශප්‍රේමී යයි ක්‍රියාවෙන් ඔප්පු කළ පුද්ගලයෙකි. ඔහු පිරිස මැද ඉදිරියට ඇදෙද්දී වට පිට හිදගෙන සිටි බහුතරයක් තම අසුන් වලින් නැගිට සිටියහ. ඇතැමුන් දිව ගොස් තම අත ඔහු දෙසට දිගු කොට ඔහුගේ අත අල්ලා ගත්හ. සියළු කාරණා දෙස බලාගෙන සැලෙන හදින්, තෙත් වූ දෙනෙතින් ඔහුගේ බිරිද පිටුපසින් ඇදුනේ තම ස්වාමියා නෙපෙන්වන දුක තම කළු පාට සාරියෙන් ලොවට විදහා දක්වමිනි. සියල්ල මැද සෑමාද ඒ දෙස බලා ඉදිරියට ඇදුනේ ඔවුන්ට පිටුපසිනි.


    ඉන්පසු එතුමා ගියේ විකිරණ පරීක්ෂා සිදුකරන කාමරය තුලටය. පසු පසින් ආ පිරිස් තැන් තැන් වල වාඩි වුණහ. සෑමාද ඒ අවට වාඩි වුනේ සිදුවන්නේ කුමක්දැයි නැවත බලා ගැනීමටය. එතුමාගේ බිරිද සමග ආ මැදිවියේ තවත් කාන්තාවක් සෑමා අසල වාඩි වුණාය. ඇය සෑමා සමග සිනාසුනේ සෑමා හිතන දේ තේරුණ නිසාවත්ද ?


    "දැක්කද මල්ලි කොච්චර සෙනගක් ඉන්නවද සර්ට ?" ඇය හඩ අවදි කළාය.

    "අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අක්කේ, මිනිස්සු සද්ද නැතිව හිටියට ඇත්ත දන්නවා." සෑමා කීවේය.

    "ඒ දවස එනකල් තමා අපිත් ඉන්නේ.." ඇය එසේ කියා නැගිට පසෙකට වුනේ රෝහලේ කාර්යය මණ්ඩලයේ අයෙක් කතා කළ නිසාය.


    එතුමාට කතා කළ යුත්තේ 'සර්' කියාය.
    එතුමා වෙනුවෙන් ෆේස් බුකියේ අපි කරන (pages, groups, profiles, campaigns, etc;) දේවල් කිව යුතුය.

    අන්තර්ජාලය හරහා අත්සන් එක්කොට ධවල මන්දිරයට යැවූ පෙත්සමට අත්සන් කළ බව කිව යුතුය.

    එතුමා වෙනුවෙන් හඩන, තැවෙන, දුක්වෙන පිරිසක් හිදින බැව් (එතුමා දන්නා වුවද) කිව යුතුය.

    සෑමා එතුමා හමු වූ විට කිව යුතු දේවල් කල්පනා කලේය.


    විනාඩි දහයකට පමණ පසු නැවත පරිසරය කලබලකාරී විය. ඒ සමගම එකි සැබෑ දේශප්‍රේමියා පිරිස් මැද ඉදිරියට ඇදුනේ සියල්ලන්ටම සිහනවකින් සංග්‍රහ කරමින් සහ අතට අත දෙමින් කතා කරමිනි. එතුමා හිදගෙන සිටි සෑමාව පවා නැගිටුවමින් ඉදිරියට ඇදෙන්නට විය. සෑමා නැගිටිද්දී එතුමා සෑමා දෙසට තම අත දිගු කළේය. සෑමාට තමා කියන්නට සිටි සියළුම දේ අමතක විය.


    පෙර දවසකදී සෑමා එතුමාට කතිරය ගැසුවේ අද ඔහු අල්ලාගෙන සිටින දකුණු අතිනි. පෙර දවසක රට දැය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමියෙකු ලෙස අවි එසවුනේ එතුමාගේ මේ සුරතිනි. ‍අද රාජ්‍ය පාලන තන්ත්‍රයේ සිටින කරුණා අම්මාන්ලා ඇටවූ බෝම්බ පහරට ලක්ව තම බඩවැල් පවා තම සිරුරට තද කරගෙන සිටියේ මේ සුරතිනි. එහෙව් අතකින් අල්ලාගෙන සිටින සෑමාගේ වචන සිර විණ. කිසිත් හිත ගත් නොහැකිව ඔහු දෙස බලා සිනාසුනේ සතුටකින්ද නොවේය. නමුත් සියළු කම්කටොළු දරාගෙන ඔහු සිනාසෙන්නේ නම් සතුටකින් නොවුනද සිනාසෙන්නට සෑමාට සිදු විය.


    ඉදිරියට ඇදුන සැබෑ වීරයා ලගට ඊලගට ආවේ වයසක අම්මා කෙනෙකි. එතුමාගේ සුරත සිපගෙන කදුලු සලන්නට තරම් ඇය සංවේදී වූවාය. ඇගේ හිස අතගාමින් එතුමා ඉදිරියට ඇදුනේය. ඉදිරියේ හිදගෙන සිටියේ සිගිති දරුවෙකු ඇකයේ තබාගෙන තරුණ යුවලකි. දෙදෙනාම ඔහු දැක නැගිට සිටියහ. එතුමා ඔවුන් ලගට ගොස් තරුණ පියාට අත දි දරුවාගේ මුහුණද අත ගෑවේය. සෑමාට මතක් වූයේ දරුවන් සුරතල් කරන තවත් උතුමෙකි.


    මග දිගට රැස්වෙන සියළු නෙත් තෙත් කරවමින් එතුමා පිටත්ව ගියේය.


    සියළු දෙනා ඔහු වටා රැස්වූයේ, ඔහු දැක හැගුම් බර වූයේත්, දේශපාලනයෙන් තොරවය. සෑමා මෙය ලීවේ දේශපාලනයෙන් තොරවය. මිනිස් සිත් ඇති සැමටය.



    sarath_fonseka+(1).jpg


    ප/ලි - මීට පෙර සෑමා එතුමා දුටුවේ යුද්ධය නිමා වූ දිනවල එතුමා කැළණි විහාරය වන්දනා කිරීමට ආපු දිනකය. එවලේ අපි සිටියේ දහම් පාසලේ වැඩකට ගිහින්ය. එක වරම අපිට එලියට බහින්න එපා යැයි විධානය කොට සිය ගණන් ආරක්ෂක සෙබළුන් පන්සල පුරා විහිදී ගියෝය. අපි දාන ශාලාවේ සිට අමාරුවෙන් එතුමා දැක ගත්තෙමු. එදා ඔහු වීරයෙකි. දැන් සම-හරක්ට එතුමා වීරයෙක් නොවේය.


    ප/ප/ලි - කිසිවෙකුට හෝ අප්සට් වගේ නම් මේ කතාව select කර, කොපි කර, මයික්‍රොසොෆ්ට් වර්ඩ් හෝ නෝට් පෑඩ් එකකට පේස්ට් කරන්න. ඉන්පසුව crtl + H (Edit > Replace) යතුරු ඔබා ලැබෙන Dialog box එකේ "Find what" යන්නෙහි "දේශප්‍රේමි" වචනය යොදා, "Replace with" යන්නෙහි "දේශ‍ද්‍රෝහී" ලෙස යොදා Replace කර කියවන්න.



    කතෘ අවසරය මත එළකිරි.කොම් සදහා උපුටා ගත්තේ මෙතනින්...... :yes:

    Code:
    http://samindikasrimantha.blogspot.com/2012/03/blog-post_28.html

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1434406
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka kiyanna puluwan karanna ba ape anagathaya theeranay wenne api warthamanaye karapu deewal walin ban warthamanaya theeranaya wenne atheethaye karapu deewal walin e kiyanne atheethayak naththam anagathayak na
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අන්න ඒක තමයි අපිත් කියන්නෙ අතීතයේ රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්න කියල දැන් කරන දූෂණ වංචා දැක දැක තවත් රජකමේ තියන් ඉඳල වැඩක් නෑනෙ :P
     
    අපිටත් මහින්දගෙ ඉතිහාසෙන් වැඩක් නෑ

    එහෙනම් මහින්ද යුද්දේ ඉවර කරපු එකත් ඔන්න අපි අමතක කරා.. :rofl:

    අන්න ඒක තමයි අපිත් කියන්නෙ අතීතයේ රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්න කියල දැන් කරන දූෂණ වංචා දැක දැක තවත් රජකමේ තියන් ඉඳල වැඩක් නෑනෙ :P

    එළකිරියේ මම කැමතිම චරිත තුනක්
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :oo::oo: හිතන්නට යමක්......!!

    :cool: පෝස්ට් එක පිළිබදව සෑබෑ අගය කිරීම, මේ පෝස්ටුව ලියන ලද කතෘ හට හිමිවිය යුතුය......!! :yes: :yes: :) :)




    සරත් ෆොන්සේකා හෙට නිදහස්...!!​



    Sarath%2BFonseka.jpg


    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

    ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.

    ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.

    එම උත්සවයට සරත් ෆොන්සේකා මහතාව සහභාගී කරගනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වෙනවා.

    නිදහස ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා භටයින් වෙනුවට එස්.ටී.එෆ් බටයින් යෙදවීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන අතර ඒ සඳහා ටිරාන් අලස් මහතාගේ කැමැත්ත ලැබී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

    වසර 30ක යුද්ධය ජයග්‍රගණය කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශාල දායකත්වයක් දැරූ නමුත් පසුගිය කාලය පුරාවටම රජය උත්සාහ දැරුවේ සරත් ෆොන්සේකාගේ නම යුධ ඉතිහාසයෙන් මකා දැමීමයයි. එතනින්ද නොනවතී මහාවංශයෙන්ද එතුමාගේ නම ඉවත් කරණු ලැබුවා.

    කොළඹ දී පැවැත්වූ "ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රි ලංකාවේ යුධ අත් දැකීම්" අන්තර්ජාතික සමුළුවේදී රජය විසින් විවිධ රටවලින් එයට සහභාගී වූ ආරක්ෂක අංශ වල ප්‍රධානින් හට වැරදි තොරතුරු ලබා දී තිබිණි.

    එහිදී ප්‍රකාශ කොට තිබුනේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනට නායකත්වය ලබාදුන්නේ වර්තමාන හමුදාපති ජගත් ජයසුරිය මහතා බවයි. අවසන් සටනේදී නායකත්වය ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ලේඛන වලින් ඉවත්කොට තිබුණි.

    හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කොට තිබූ නමුත් අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම කිසිදු තැනක සඳහන් වී තිබුනේ නැත.

    පසුගිය අගෝස්තු 01 වෙනිදා මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළි දැක්වූ අතර, පසුගිය සඳුදාද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් "ගෝඨාස් වෝ" නමින් පොතක් එළි දැක්වුවා.

    නමුත් ඒ කිසිම අවස්ථාවකදී අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම සඳහන් නොකිරීමට රජය ක්‍රියා කළේය.

    මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුපද අහිමි කර ඇති අතර ජෙනරාල් නාමයද අහිමි කර තිබෙනවා

     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    oka kiyanna puluwan karanna ba ape anagathaya theeranay wenne api warthamanaye karapu deewal walin ban warthamanaya theeranaya wenne atheethaye karapu deewal walin e kiyanne atheethayak naththam anagathayak na

    machan eth atheethaye hoda minihek wela idala, monyam ho hethuwakata warthamanayedi desha drohiyek ,kumanthrana karuwek wela innawa nam ,umbe oya kiyamana adala wenne naha :rolleyes:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අන්න ඒක තමයි අපිත් කියන්නෙ අතීතයේ රට බේරගන්න දේශපාලන නායකත්වය දුන්න කියල දැන් කරන දූෂණ වංචා දැක දැක තවත් රජකමේ තියන් ඉඳල වැඩක් නෑනෙ :P

    nikan boruwata mada gahanna epa...puluwan nam Mahinda hora kam karanawa kiyala evidence athuwa oppu karanna, FOnseka hora kiyala High court ekedi oppu una wage !!!!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    nikan boruwata mada gahanna epa...puluwan nam Mahinda hora kam karanawa kiyala evidence athuwa oppu karanna, FOnseka hora kiyala High court ekedi oppu una wage !!!!!

    සාක්ෂි හෙව්වට වැඩක් නෑ සාක්ෂි කාරයෝ උසාවියෙදි කියයි මට මුකුත් මතක නෑ කියල :P