• Jul 6, 2012
    10,680
    2,905
    113
    බයික් උණ සහළෝලා හැදිලා තියන වෙලාවේ බයික් ත්‍රෙඩ් 1ක් දැම්මොත් හොඳයි කියලා හිතුනා.ඒක නිසා අද පටං ගන්නවා ලංකාවෙ නැති ඒත් ලෝකෙ හිට් වෙච්ච බයික් ගැන ත්‍රෙඩ් 1ක් ලියන්න.
    ඉස්සර වෙලාම ලියන ත්‍රෙඩ් එක නෙ.ඒක නිසා යාන්තං හරි ලංකාවෙ කවදා හරි දැක ගන්න පුළුවං බයීක් එකකින් පටන් ගන්න හිතුනා


    ආයෙ කියන්න දෙයක් ඈ බං උඹලා මේ ගැන දන්නවා.
    KTM DUKe 200
    duke-200-2010-4-6.jpg


    අද ත්‍රෙඩ් එකෙන් මකබාස් වැඩේට ගන්න හැදුවෙ .පොත්තෙ ඉඳංම හම ගහන්න තමයි හිතුවෙ.
    මොකකටත් කලින් ඉතිං මෙව්වගෙ ඉතිහාසෙ ගැන කියල පටං ගන්නෙපැයි.
    KTM බයික් හදන්න පටං අරගෙන තියෙන්නෙ ඕස්ට්‍රියාවෙ.අර කැංගරුවො ඉන්න රට නෙමේ යුරෝපෙ තියන එක.මේ කට්ටිය ඉස්සෙල්ලම වැඩේ පටං අරගෙන තියෙන්නෙ පරණ බයික් අළුත්වැඩියා කරන පොට් 1ක් විදිහට.පස්සෙ තමයි ඕක කරගෙන ගිය ට්‍රන්කන්පෝල් මහත්තයා 1952 දි තමන්ගෙම කියලා බයික් හදන්න පටන් අරගෙන තියෙන්නෙ.ඔහොම ගිහින් ගිහින් 1955 දි තව කොටස්කාරයෙක් එකතු වුනාලු වැඩේට.මිනිහගෙ නම ක්‍රොන්‍රෙෆ්.පට්ට ලේසි නම් ටිකක් නෙ දාල තියෙන්නෙ මේ කට්ටියට.




    අද වෙන කොට බයික් තනිකරම හදන්නෙ ස්ටන්ට් වලටම කිව්වොත් මම හරි.ඒ අතරින් KTM Duke ප්‍රධාන බයික් කටු 3ක් තියනවා.

    1)200 Duke
    2)690 Duke
    3)990 super Duke R


    KTM duke R 990
    images


    KTM DUke 690
    images

    KTM හදන අනිත් බයික් ඔක්කොම වගේ Off-Road.

    දැන් වැඩි කතා ඕන නෑ කෙලින්ම 200 එකට හැරෙමු.

    බයික් එක නම් පට්ට වන්ඩිය.ආයෙත් කතා කරන්න දෙයක් නෑ.ටකරං බයික් එකක් නම් නෙමේ.දැං උඹලා අහයි මේකා ජීවිතේට කට්ටක් අල්ලලවත් නැතුව මගුලක් කතා කරනවා කියල.නෑ මේක stunt වලටම Design කරපු බයික් එකක්.ඒක නිසා බයික් එකේ හයි හක්තිය ගැන නම් ඉතිං ආයෙ කතා කරන්න දෙයක් නෑ.මේක single cylinder බයික් එකක් valve 4 ,199.5cc engine එකක් එන්නෙ.Gear 6යි.ඇදලා යන්නත් රුසියා.කොහොම උනත් මූ විලි ලැජ්ජා නැති එකා.මොකෝ මු හෙළුවෙං යන බයික් එකක් ලු(Naked Bike).ලැජ්ජයි නේ.....
    0-60 km/hට මෝරන්න යන්තරේට යන්නෙ තප්පර 3.30ක් ලු.කට්ටටම පාගලා යනකොට උපරිමේ 136 km/h යන්න පුළුවං කියලා තමයි කියන්නෙ.කවුද බං දන්නෙ ඔය කියන ඒව විතරයි නෙ?single cylinder නෙ අනිවා ඒ නිසා තෙල් වැඩ ඇති.මේකෙ ඉන්ජෙක්ටර් යොදලා තියන ක්‍රමේටයි Close ratio එකටයි පිං සිද්ද වෙන්න තෙල් බුලියක් නම් පිටිපස්සෙන් එල්ලං යන්න වෙන එකක් නෑ.මම internet එක පීරලා බැලුවත් ඒ ගැන නම්ම් හරි දත්තයක් හම්බ උනේ නෑ.
    මේකෙ මෝලෙන් 25 Bhp @ 10000 rpm ක උපරිම බලයකුත් 19.2 Nm @ 8000 rpmක උපරිම ව්‍යාවර්තයකුත් දෙන්න පුළුවන්.
    0db04e9b89.jpg



    මේකෙ තනිකරම Digital meter panal 1ක් එන්නෙ.ඉස්සර Head light 1ත් Break light 1ත් මේ KTM DUke වලටම ආවේනිකයි.12v H4 halogen lamp එකක් එන්නෙ.
    duke-200-2012-1-23-5.jpg


    මේකෙ මීටර් පැනල් එකේ විශේෂත්වයක් තියනවා.මොකද මේක මීටර් පැනල් එකක්.මේකෙ තියනවා.ඒ වගේම තමයි ලංකාවෙ බයික් වල දි නම් එච්චර දකින්න් නොලැබෙන,Hero Glamour fi 125 එකේ තියන ඉන්ධන කාර්යක්ෂමතාව පෙන්නන්න පුළුවං බඩ්ඩකුත් මේකෙ මිටර් පනල් එකේම තියනවා.උඹලට කිව්වට විශ්වාස කරන්නෙ නෑ මේකෙ එක මීටර් කට්ටක් නෑ.ඔක්කොම Digital.
    duke-200-2012-1-23.jpg

    මේකාට එන්නෙ හෙන සංකීර්ණ හැඩයක් තියනFuel Injector ඇන්ජිමක්.

    මේකෙ ඉස්සරහ පැත්තට Telescopic suspension එන්නෙ.පස්සට ඉතිං මේ වගේ බයික් එක ක නම් ඉතිං ආපහු අහන්න දෙයක් නෑ නෙ Monoshock එන්නෙ.මේකෙ Disc break system එකේ ඉස්සරහ රෝද වලට 280 mm disc එකක් එන්නෙ.මේකෙ පස්ස පැත්තටත් 230 mm disc එකක් එන්නෙ.ඒ වුනාට ABS system එකක් නම් මේවයෙ පේන්න නෑ.

    bb2771ba9d.jpg

    දැන් මම කියන්න යන්නෙ මේ නූලෙ කට්ටිය ආස කරන හරිය.මේ අවුරුද්දෙ ජනවාරි වල ඉඳලා ඉන්දියාවෙ කරන්න පටන් අරගෙන තියනවා.මේක ඉන්දියාවෙ කරගෙන යන්නෙ දැං අපේ රටේ එවුන්ටත් නැතුවම බැරි බජාජ් උන්දැලම තමයි.බජාජ් උන්දැලා අළුතින් හදපු Pulsar 200NS 1ත් මේකෙ කොපියක් ම තමයි.ඒ වුනාට වෙනමත් වෙනමත් ඉන්දියාව තුල විකුණගෙන යනවා.බජාජ් උන්දැලා කරන නිසා මේක කවද්දා හරි ලංකාවට එයි කියලා හිතන්නත් පුළුවං.
    images
    images

    මේක පාට තුනකින් එනවා.
    1)Black/Orange
    2)White/Orange
    3)White/green

    ඉන්දියාවෙ නම් දැනට මේක විකිනෙන්නෙ ඉන්දියානු රුපියල් 110 000 කට.ඒ කියන්නෙ කංකාවට එනකොට මේක ආශ්චර්යෙ බද්දත් වැදිලා එනකොට 450 000ක් විතර වෙයි.ඉන්ඩියන් රුපියල් 150000 විකිණෙන CBR 2012 ලංකාවට ගෙනල්ල විකුනන්නෙ 675000ට.කොහොමද වැඩේ නේ.මන්ත්‍රී උනොත් නම් බඩුම තමයි.ඇයි අර අනර් කෙලී කියන්නෙ.මන්ත්‍රී හොඳයි ඇමති හොඳා.....යි!
    කියන්නම ඕන දෙයක් අමතක උනා මම බයික් ගැන උඟක් දේවල් ඉගෙන ගත්තෙ එළකිරියෙ කොල්ලොන්ගෙන්.රත්තරං අයියගෙ ත්‍රෙඩ් එහෙම නම් සුපිරියි කියල මදි.ආයෙ කියන්න දෙයක් නෑ පට්ටම ත්‍රෙඩ් දාන්නෙ.මට නම් මේකෙ ඉන්න කොල්ලො එක්ක හැරෙන්නවත් බෑ.ඒත් මොකක් ඉගෙන ගන්නත් හෝඩියෙන් පටන් ගන්න එපැයි.ඒක නිසා තමයි මේක අද දැම්මෙ.හොඳ නම් Repකින් සළකළා යන්න.අඩුපාඩුවක් තියනව නම් කියන්න.ඒක මට ඊටත් වඩා ලොකු උදව්වක්.මේකෙ තත්ත්වෙ බලලා මම ඊලඟ ත්‍රෙඩ් එකට බහිනවා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Superb thread machan......
    no one ever started a thread regarding European Bikes.......
    So you are the first, keep going....!
    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    KTM is Europe’s second largest motorcycle manufacturer and dominates the off-road segment across the world


    එල එල මේ ඉන්නේ බයික් උන තියෙන කොල්ලෝ,,,, දිගටම කරගෙන යමු මල්ලී...

    යෝජනාවකුත් මේ ගමන්ම කරන්නම් -මේ බයික් එක වෙනුවෙන්ම අලුතෙන් හදුන්වලා දුන්න අනෙක් බයික් වල භාවිතා නොවන අලුත් තාක්ශන ටිකක් තියෙනවා. ඒවා ගැනත් පොඩ්ඩක් කියන්න..
    ex -


    - Sharp front styling, High Performance Braking system
    - Quick acceleration with large gear ration
    - Quick throttle response with highly aspirated 199.5cc engine with dual exhaust mufflers
    - High Suspension travel, Light Weight body structure
    - Rigid body design to deal with high speeds and stresses



    රෙප් ++++
    තෙරුවන් සරණයි
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    BIKE GATHTHATA KAMAK NA..owa aragena igilila light kanu,pare yana wahana imbala niwan dakinawa ehema nemei..paressamin palayalla.. echcharai kiyanna tiyenne.. danna godak eun nikan maruna oya bike wala igilila :(
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    තැන්කූ වේවා අයියලා ඔක්කොටම අද මම මෙතන මේ වගේ බයික් ගැන මෙච්චරවත් දන්නෙ මේ එළකිරි එකේ ඉන්න එළකිරි කොල්ලො සෙට් එක නිසයි.එහෙනම් මමත් දිගටම වැඩේ කාගෙන යනවා.සොරි කරගෙන යනවා.
    ආපහු පාරක් කට්ටියටම තැන් කූ හොඳේ!
    :D:D
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    රත්තරං;13351598 said:

    KTM is Europe’s second largest motorcycle manufacturer and dominates the off-road segment across the world


    එල එල මේ ඉන්නේ බයික් උන තියෙන කොල්ලෝ,,,, දිගටම කරගෙන යමු මල්ලී...

    යෝජනාවකුත් මේ ගමන්ම කරන්නම් -මේ බයික් එක වෙනුවෙන්ම අලුතෙන් හදුන්වලා දුන්න අනෙක් බයික් වල භාවිතා නොවන අලුත් තාක්ශන ටිකක් තියෙනවා. ඒවා ගැනත් පොඩ්ඩක් කියන්න..
    ex -


    - Sharp front styling, High Performance Braking system
    - Quick acceleration with large gear ration
    - Quick throttle response with highly aspirated 199.5cc engine with dual exhaust mufflers
    - High Suspension travel, Light Weight body structure
    - Rigid body design to deal with high speeds and stresses



    රෙප් ++++
    තෙරුවන් සරණයි
    නියමයි අයියේ තැන්කූ හොඳේ!:yes::yes:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    BIKE GATHTHATA KAMAK NA..owa aragena igilila light kanu,pare yana wahana imbala niwan dakinawa ehema nemei..paressamin palayalla.. echcharai kiyanna tiyenne.. danna godak eun nikan maruna oya bike wala igilila :(

    අනිවා ඒ කතාව ඇත්ත තමයි.ඒත් මම හිතන්නෙ බයික් එක තරං ඇඟට වදින තව වාහනයක් නෑ කියලා.කොහොම උනත් මචං යන එකා කෙළගෙන යන්නෙ නැතුව ගානකට බයික් එකත් පරිස්සම් කරගෙන ඌවත් පරිස්සම් වෙලා පදිනවා නම් හොඳයි.මොකද අද පාරක් ගානෙ බැලුවොත් වැඩිපුර ඉන්නෙ බයික් උණට බයික් පදින එවුං නෙමෙයි නේ.පන්තියක් ඇරියම ගෑනුන්ට පේන්න බයික් බදින එවුං.ඕකු කෙළගෙන යනකොට ඉතිං හරි ගැම්ම කියලා හිතං ඉන්නෙ.
    මම දවසක් නිවාඩු පාඩුවේ ඔය ගැනත් කල්පනා කරල බැලුවා.මම හිතන්නෙ දැං කෙල්ලො කොල්ලත් එක්ක කොහොම උනත් උං නම් අතපය කඩාගෙන ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්න අක්මැති එවුං
     
    • Like
    Reactions: Rosantha