ලැප්ටොප් හදන ලොකු ලොකු සමාගම් හදන්නෙ මදර්බෝඩ් එකයි අවුටු ෆිට් එකයි විතරයි.
මදර්බෝඩ් එකෙත් විප් සෙට් එක Intel, AMD or Nvidia හදන්නෙ. අනික් ICs, Chips හා අනික් කොම්පොනන්ට්ස් හදන්නෙ Toshiba වගේ සමාගම්. හාඩ්වෙයා ඩිසයින් එකත් වෙනසක් නෑ ඔක්කොම එකයි.
රැම්, හාඩ් ඩිස්ක්, ඩිස්ක් ඩ්රයිව්ස්, ඩිස්ප්ලේ පැනල්, ටච් පෑඩ්, වයිෆයි කාඩ්, වෙබ් කැම්, කීබෝඩ්, ස්පීකර්ස්, බැටරි, චාජර් හදන්නෙ වෙනම තර්ඩ් පාටි සමාගම්.
එහෙම බැලුවොත් ඔය අපි උඩ දාගෙන හොඳයි හොඳයි කියන ඒවගෙත් ඇති හොඳක් නෑ ඔක්කොම එකයි.
උං කරන්නෙ කස්ටම් බිල්ට් පීසී එකක් උංගෙ නම ගහලා එලියට දානවා වගෙ වැඩක්.
මම පාවිච්චි කරන්නෙ Toshiba ලැප්ටොප් එකක්.
දැනට HP, Dell, Asus, Fujitsu, Acer, Sony ලැප්ටොප් පාවිච්චි කරලා තියනවා.
මම පාවිච්චි කරපු HP ලැපෙයි ASUS ලැපෙයි දෙකේම Speakers අවුල් ගියා.
දෙකේම තිබ්බෙ Altec Lansing speakers. එහෙම කියලා HP, Asus නරකයි කියන එක වැරදියි මම හිතන්නෙ.
සමහර විට මම කන පැලෙන්න සද්දෙ දාන නිසා වෙන්න ඇති.
ඒක මගෙ වැරැද්දක්. එහෙමක් නැත්තං Altec Lansing speakers වල අවුලක්.
එහෙමත් නැත්තං මදර්බොඩ් එකේ අවුලක්.
එත් ස්පීකර්ස් රීප්ලේස් කලාම කිසි අවුලක් නැතුව දැං වැඩ.
ඒ කියන්නෙ මුලින් තිබ්බ Altec Lansing speakers වල අවුලක් තිබිලා තියෙන්නෙ.