Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සාමාන්‍යයෙන් අපි USB Flash Driver එකකින් කරන්නෙ අපේ දත්ත එහා මෙහා ගෙනියන එක විතරනේ.මේ කියල දෙන්න හදන්නෙ එකෙන් කරන්න පුළුවන් තවත් ජිමික් 2 ගැනයි.දැන් කොහොමත් පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකකට සමාන මට්ටමකට අද වෙද්දි USB Flash Driver දියුණු වෙලා තියනවානේ.සී.ඩී එන්න කලින්නම් ගොඩක් අය පාවිච්චි කලේ Floppy තාමා..හික් හික්..අද වෙද්දි Floppy එකක් ආසාවකටවත් දකින්නත් නෑ :) දැන් හැමෝ ගාවම තියෙන්නේ තමා...කොහේ ගියත් USB 1 සාක්කුවේ..

    හරි හරි අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.සාමන්‍යයෙන් ඉස්සර පරිගණක Boot කරන්න CD,Floppy හරි හාර්ඩ් ඩිස්ක් එකක් අරගත්තත් අලුතෙන් එන පරිගණක වල අනිවාර්ය අංගයක් විදියට USB Boot එක සකස් කරල තියනව.ඔයාලගේ පරිගණකත් සමහර විට එහෙම වෙන්න ඇති..මුලින්ම ඒක හොයාගන්න හැටි කියන්නම්කෝ..මේකට මුලින්ම ඔයලගේ USB එක පරිගණකයට සම්බන්ධ කරලා පරිගණකය ආරම්භ වෙද්දිම BIOS යන්න එකට අදාල යතුර ඔබලා BIOS යන්න ඔනේ.ඊට පස්සේ USB Booting Enable කරන්න ඔනේ.ඒ වගේම Boot සදහා තියන පිටුවේ ( හෝ වෙනත් පිටුවක )USB driver එක 1st Boot device එක විදිහට සකස්කරන්න ඔනේ.දැන් ඔයලගෙ පරිගණකය ආරම්භ කලාම USB 1 මගින් වෙන්න පටන් ගන්නවා.ඔයාල ගාව 4GB USB වගේ එකක් තියනවනම් Windows XP
    වල තියන ෆයිල්ස් USB එකට දාගෙන Boot කරද්දි USB එක තෝරලා සාමන්‍යය විදියට Windows දමාගැනීමේ හැකියාව තියනවා.. 1GB වගෙ තියනවනම් Linux හි විවිධ සංස්කරණ වර්ග ස්ථාපනය කරල තියන්න පුළුවන් හැකියාව තියනවා.

    වැදගත්ම කාරනය තමා ඔයාලා එකෙන් කරද්දි එක ගලවන්නේ නැතිවෙන්න වගබලාගන්න ඕනේ..නැත්තම් ඉතින් ඔක්කොම හබක් තමා :(


    අනිත් ජිමික් එක තමා NTFS file System වලට USB එකක් Format කරන විදිය.සාමාන්‍යයෙන් USB එකක් Format කරන්න පුළුවන් වෙන්නේ FAT හරි FAT32 ක්‍රම දෙකට විතරයිනේ.ඒකට හේතුව USB එක Portable විදියට ඕනැම වේලාවක සවිකරන්නයි ගලවන්නයි හැකියාව තියන නිසා.නමුත් එය NTFS කරන්න පහත පියවර අනුගමනය කරන්න.
    My Computer අයිකනය මත Right ක්ලික් කරලා Manage වලට ගිහින් ඒකේ තියන Device manager එක මත ක්ලික් කරන්න.ඉට පස්සේ දකුණත කොටසේ Disk Drivers එක මත තියන ඔයාලගේ USB එක තෝරලා එහි Right ක්ලික් කර Properties ලබා ගන්න.දැන් ලැබෙන Properties box එකේ 2jk Tab පිටුවේ Policies වලට ගිහින් Optimize for performance යන්න තෝරලා Ok කරන්න.දැන් ඔයාලගේ USB එක Format කරන වෙලාවට NTFS option එකත් තියනව බලා ගන්න පුළුවන්.



    නමුත් NTFS ලෙස Format කරාට පස්සේ USB එක Windows 98,Linux වැනි සංස්කරණ වලට බාවිතා කරන්න බැරුව යනවා.
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    බම්ප් :)

    මේ වගේ ත්‍රෙඩ් වලට බම්ප් දෙන්න එකෙක් නැහැ. කෙල්ලෝ බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ත්‍රෙඩ්ස් වලටයි ජාතිවාදී ත්රෙඩ්ස් වලටයි බම්ප් වලින් අඩුවක් නැහැ.

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බම්ප් :)

    මේ වගේ ත්‍රෙඩ් වලට බම්ප් දෙන්න එකෙක් නැහැ. කෙල්ලෝ බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ත්‍රෙඩ්ස් වලටයි ජාතිවාදී ත්රෙඩ්ස් වලටයි බම්ප් වලින් අඩුවක් නැහැ.

    :yes::yes::yes:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    බම්ප් :)

    මේ වගේ ත්‍රෙඩ් වලට බම්ප් දෙන්න එකෙක් නැහැ. කෙල්ලෝ බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න ත්‍රෙඩ්ස් වලටයි ජාතිවාදී ත්රෙඩ්ස් වලටයි බම්ප් වලින් අඩුවක් නැහැ.


    ela machan tnx :D


    welcome mchan :D


    :lol:


    tnx machan :):)

    good info...

    ela elaa :D


    fit thama :D

    Light XP version ekak ehema nadda?

    ane machan dan ithin windows neh pawichiya :( ubata onenam torrent ekak hoyala dennam :(