මම මුලින්ම ගියේ සදර්න් හොස්පිට්ල් එකේ ඩොකෙක් ගාවට.. එයා කිව්වා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා.. හොස්පිට්ල් ඇඩ්මිට් වුණොත් වැඩ පාඩු වෙනවනේ මචං.. ඊට පස්සෙ මම වෙන ඩොකෙක්ට පෙන්නුවා.. එයාට ලෙඩේ හොයාගන්න අමාරුයිලු.. ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. ඒවා කරලා බලමු කියල තමා එයා කියන්නෙ.. අදත් එන්න කිව්වා 3ට විතර.. එපා වෙනව බං.. ලෙඩේ හොයාගන්න පුළුවන් නම් හරි.. ඒ මගුල හොයාගන්න බැහැනේ..![]()
මචන් ලෙඩේ සනීප කරගන්න නම් දොස්තරලා මාරු කරලා හරියන්නේ නෑ.
උඹ මාරු කරන සැරයක් ගානේ එයට අයෙත් මුල ඉඳල පටන්ගන්න වෙනවා....
හොඳ කන්සල්ටන්ට් (කායික රෝග පිළිබද ) තෝරාගෙන එය කියන විදියට පිළිවෙලට එකින් එක ටෙස්ට් ටික කරපන්. ඇඩ්මිට් වෙන්න කියනවනම් අනිවා එහෙම කරපන්. වැඩ කියල හරියනවද ? වැඩ කරන්න කලින් ලෙඩේ හොඳ කරගන්න ඕනි නේද ? හරි එකකට අවහම මොකක් කරන්නේ මොකක්ද කියල බලමු......









