මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

යාලුවනේ, මම මේ නූල පටන් ගත්තේ කවුරු කවුරුත් අහු උන හොරු ගැන අනෙක් අය දැනුවත් කරන්න​..

පටන් ගැනීමක් විදිහට මම හොරු තුන් දෙනෙක් ගැන කියන්නම්. ඔයාලත් සහයෝගයක් දෙන්න.

01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය​, වෙද මැදුර​, ඉද්දගොල්ල හන්දිය​, වැල්ලව​, කුරුණෑගල​

මූ ලෝක හොරෙක්. අපේ මාම කෙනෙක්ගෙ යාලුවෙක් ගහෙන් වැටිල කොන්ද කැඩිල එකතැන දැන් අවුරුදු දෙකක්. මූ හොඳ කරන්න බාර අරන් මේ වෙද්දි ලක්‍ෂ දෙකකට වැඩිය සල්ලි අරන් තියෙනවා.ලෙඩා තාම හිටපු විදිහමයි. පස්සෙ වැඩේ මාට්ටු වුනාම අපේ නෑයො මූට නෙලන්න හැදුවෙ. ඒ පාර තව මසෙකින් ලක්‍ෂයක් ආපහු දෙන්නම් කිව්වා.

තව අක්ක කෙනෙක් හිසේරදේකට බෙහෙත් ගන්න ගිහින් මූ 35000 ක් ඉල්ලලා. අක්කට වැඩේ තේරිල මුලින්ම අතැරල .​. කියන විදිහට මූ ස්වාමීන්වහන්සේලාගෙන් පවා සහ ගහන තරම් මුදල් අරන් රවට්ටනවාලු. අහුවෙන්න නම් එපා. මූ osteoporosis, arthritis හොඳ කරල දෙන්න ලක්‍ෂ තුනක් ඉල්ලනවා. මම නම් හිතන්නෑ හොඳ කරනව ඇති කියලා.

02- කිරිබත්කුඹුරේ JB industries. මුන් අපේ නෑදෑයෙක්ගේ slab එක තනිකර විනාශ කලා.slab එක දාන්න ඉස්සර උන්ට මුලු ගානම දෙන්න ඕනේ. අපේ එකා අහු වෙලා දුන්නා. ගේ හදලා මාස 6ක් නෑ වහලේ ලීක්. ඒ මදිවට උන් පොරොන්දු වුන දවසට වඩා මාස දෙකක් කල් ගත්තා. අද එනවා, හෙට එනවා කියලා. ඉන් පස්සෙ වර්ග අඩි 3000ක් විතර සැටලිම ගහන්න එව්වෙ එක බාසයි. ඌ මාසෙකට වඩා ඒක ගැහුවා. ඒත් හරියට නෙවේ. අන්තිමට කොන්ක්‍රීට් එක දාන දවසේ සැටලිම එක තැනකින් ගිලා බැස්සා. දැන් එතන වහලෙ බේසම වගේ. අපේ පොර අහිංසකයා. ඌ ගොනා වගේ ඉවසුවා. පස් පාගන්න එපා.

03-MRF Car Care, රාජගිරිය​., මුන් මගේ යලුවෙක් ගෙ කාර් එක චොර කරල දාලා රු 46000 කුත් අරගෙන.​.... අන්තිමට වෙනතැනකින් කාර එක හදා ගත්තේ. කොයිල් එක රිප්ලේස් කරන්න විරලු තිබ්බේ. ඌ එක 4300ට වෙන තැනකින් කරගත්තා. අර යක්කු සල්ලි ගොඩකුත් අරන් කාර් එක කාල ලු දුන්නෙ. මගේ යාලුවා mechanical side එක වැඩිය දන්නෙ නැති බුවෙක්.

කොලු ටයිප් එකෙන් ටෝල් දැම්මට මම නංඟියෙක් හොදේ. ඔයලා මෙතන කතා කරන විදිහට ගැලපෙන්නෙ මාත මල්ලි ටයිප් එකෙන් ටෝක් එක දැම්මා :

මේක දැම්මෙ REP වත් bump වත් බලාගෙන නෙවේ. අනේ තවත් අහිංසකයො නොරැවටේවා කියන උතුම් චේතනාවෙන්.
 
Last edited:

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
ෆොටෝ ගහපුවා නම් නෑ

ela machan dogatama karanna, lokuwata pinthurath ekka danna... ethakota minissunta aduna ganna puluwan

ෆොටෝ ගහපුවා නම් නෑ අයියෝ. ඉන් කරන තැන් ගැන පැහැදිලිව කිව්වේ ඒකයි. තව හොරු ඉන්නවා. මතක් වෙන්නෑ දැන්. මතක් වුනාම දාන්නම්.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ambagaha handiye thiyena thushari motors ekata giyata kamak ne ethana inna ekekta wath bike wala carburator ekata athak wath thiyanna denna epa..

    un tika unge bike wage ape ewage carb eka adjust karanne..
    engine eka chora wenawa adjust kalama...

    anika adjust kalama hadanna puluwan sera weddekata thamai
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    තවත් හොරු

    සහයෝගයට ස්තූතියි.

    තව එකක් මතක් වුනා. මේකත් වෙදෙක් ගැන​. වෙදෙක් කිව්වට වෙදෙක්මත් නෙවේ ඕං. වෙද හාමිනේ කෙනෙක් ගැන​.

    අඳුනන ඇන්ටි කෙනෙක්ට මේක වුනේ. එයාගෙ යාලුවෙක්ට කව්ද ඉනා බේතක් දීපු එකෙක් මේ වෙද හාමිනේ අයින් කලා කියලා අපේ ඇන්ටිටත් යන්න කියලා. ඒ කාලේ අපේ ඇන්ටිටත් ඉනා බේතක් දීල කියල සැකයක් තිබුනා. ඉතින් මෙයා කටු කාගෙන කොළඹ ඉඳන් බඩ ගාගෙන බලල්ලට ගියා කියමුකෝ. බලල්ල තියෙන්න අනුරාධපුර පාරේ මහවට කිට්ටුව​.. ඉතින් මාස ගානක් ගියා. මේ වෙද හාමිනේ දෙන දෙන කසාය ඔක්කොම අපේ ඇන්ටි නොවරදවා බිව්වා. නාඩි බලල තමා වෙද හාමිනේ අසනීප අල්ලන්නෙ. අපේ ඇන්ටිටත් නාඩි බලල කිව්වලු අවුරුදු දෙකකට විතර කලින් කැවුන දෙයක් බඩේ තියෙනවා. බෙහෙත් වලින් ඒක බුරුල් වුනාම වමනේ කරවලා අයින් කරන්නම් කියලා. අපේ ඇන්ටිටව මෙතෙන්ට යවපු යාලුවාටත් එහෙම කරලාලු තිබ්බෙ.

    වමනෙ කරවන දවසෙ වෙද හාමිනේගෙ ගෙදර නවතින්න ඕනිලු. ඉතින් උදේ ඉඳන් එක එක දේවල කන්න බොන්න හදල දෙනවලු. අපේ ඇන්ටිගෙ යාලුවා නම් මස් කැටියක් (සොසේජස් එකක් වගේ) එකක් වමනෙ කලාලු.

    ඉතින් අපේ ඇන්ටිත් බෙහෙත් ගන්න මාසෙ ගානෙ යනවලු. රෝග ලක්‍ෂණ කිසි අඩුවක් නැතිලු. දැන් වෙද හාමිනේ ටිකක් විතර කලබලෙන්ලු ඉන්නෙ ඒ හන්ද.​... අන්තිමට අපේ ඇන්ටි වමනේ කරවගන්න කම් ගියේ නෑ. මඟදි නැවැත්තුවා. ඇන්ටිගෙ අම්ම නම් කිව්වෙ "මට දැක්ක ගමන් ඒ ගෑනි කරන්නෙ බොරුවක් කියල තේරුනා කියලා"

    මේක මට ටක්කෙටම කියන්න අමාරුයි වංචාවක් කියලා. මොකද දෙන ගානක් ගන්නවා මිස වෙද හාමිනේ සල්ලි පස්සෙ පන්නන්නෑ. හැබයි අපේ ඇන්ටි නම් වෙස්සන්තර දේවි වගේ බඩ බැඳ ගැන තමා ගියේ. හැමදාම​.. රුපියල් 500කට කිට්ටු ගානකුත් හැමදාම දෙනවා. අන්තිමේ කිසිම සෙතක් වුනේ නෑ.

    පස්සෙ දවසක මට ස්වාමීන්වහන්සෙ කෙනෙක් කිව්වා ඔය වමනේ කරවීම පට්ට බොරුවක් කියලා. උදේ ඉඳන් දෙන කෑම වලට සෙම හැදිලා ඒවා දිරවපු කෑම කොටස් වල පැටලැවිලා මස් කුට්ටියක් වගේ දෙයක් හැදෙනවලු.

    මේ වෙද හාමිනේගෙ නම් ගම් දන්නෑ. බලල්ලෙ ඉස්කෝලෙට පස්සෙ විලව කියලා හන්දියක් තියෙනවා. එතන බැහලා. ටුක් ටුක් එකක හැතැම්ම හතරක් විතර කැලෑ පාරේ ගියාම හේනක් මැඳ පොඩි පැලකයි මේ වෙද හාමිනේ ඉන්නේ. අපේ ඇන්ටි ගිය කිසි දවසක එකම එක ලෙඩෙක් වත් ඉඳලා නෑ. මං හිතන්නේ මෙයා කවුරු හරි ආවම එදා වේල හොයාගන්න ඕන නිසා මෙහෙම කරනවා ඇති. අපේ ඇන්ටි මේක නවත්තන්න මූලික හේතුවක් තමා එයා ගිය අන්තිම දවසේ වෙද හාමිනේ කකුල් ඉදිමිලා ඇවිදගන්නවත් බැරිවලු හිටියේ. ඉතින් මෙයාගෙ සැකේ තවත් වැඩි වෙලා, වෙදකම දන්නවනම් තමන් මේ තරම් ලෙඩ වෙනකම් නිකං ඉඳීද කියලා.

    ඊට පස්සෙ ඇන්ටි අහුවුනේ රත්මලානේ රස වෙදක් ට​... ඒක පස්සෙ කියන්නම්. කොටල කොටල අත රිදෙනවා.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    juge.gif
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    චා චා

    http://www.elakiri.com/forum/showthread.php?t=1495756

    try to go with this thread...

    any way thanks for the in information...

    :)

    අඩේ අප්පා දැන්නෙ මේක දැක්කෙ. දැක්ක නම් ඒකටම මේ ටිකත් දානවා. දැන් ඉතින් මක් කොරන්න ද​? මේකෙ ලින්ක් එක එකෙත් දාන්නම් කාටත් උපකාර වෙන්න​. තැන්ක් යූ හොදේ.
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    Sinomed

    ඔන්න තව එකක් මතක් වුනා. මේක වුනේ මම බච්චි කාලෙ. අපේ අක්කිට වුන දෙයක් මේක​...... .. මගෙ අම්මෝ එයා මේක දැක්කොත් නම් මගෙ ඔලුවත් පලයි උඹ ඒක පත්තෙරෙත් දැම්මද කියලා.

    මේක වුනේ අවුරුදු 6කට 7කට කලින්. මාස් පතා අත පය wax කරල එපා වෙලා හිටපු අපේ අක්කට සිරිකත පත්තෙරේ තිබිල permanent hair remove කරන තැනක් ගැන දැනගන්න ලැබුනා. ඉතින් මේකි තාත්ත දෑවද්දට සල්ලි එකතු කරන්න ඇරල තිබ්බ බැංකු පොතෙන් රු 40000ක් අරගෙන (මීට අවුරුදු හය හතකට කලින් ඒක සෑහෙන ගානක් අප්පා) ගියේ නැද්ද ඔය කියපු තැනට​. මේකෙ නම Sinomed/ සිනෝමෙඩ්. කොළඹ 5, ද ෆොන්සේකා පාරෙ තිබ්බේ. තාම තියෙනවද දන්නෑ. මේක කලේ චීන හරි ජපන් හරි වගේ චිං චුං චං ගාන ගෑනු ටිකක්. බූල් ගලවන වැඩේට අමතරව මුන් permanent pimple cure,hair straightening වගේ දේවලුත් කලා.

    ඒ කාලේ laser hair removal තිබුනෙ නෑ. උන් කරල තියෙන්නෙ කියල electrolysis කියල​ එකක්. අපේ අක්ක කියපු විදිහට මොකක් හරි පෙට්ටියක් වගේ එකක් කරන්ට් එකට ගහලා එකට හයි කරල තිබුන tweezer එකකින් උන් කෙස් ගහ ගානෙ ගලවනවලු. එතකොට සැරට මදුරුවෙක් කනකොට වගේ රිදෙනවලු. ඒ කියන්නෙ පොඩි කරන්ට් එකක් වදිනවලු කෙස් ගහ මුලට.​.. නිකන් හිතපල්ලකො ඔය විදිහට කෙස් ගස් දාස් ගානක් ගලවද්දි කොහොමද කියලා. ඒත් ඉතින් අපේ අක්කගෙ පිස්සුව ඊට වඩා තද නිසා මේකි කොහොම හරි ඉවසගෙන treatments ගත්තා.මේකි ඒ කාලෙ ගෙදර එන්නෙ කකුල් දෙක පුරාම පොදි පොඩි රතුපාට පිළිස්සුම් ලප ගොඩාක් එක්ක.​. වතුරට අල්ලන්න බෑ කෑ ගහනවා. සතියක් විතර ගියාම අර කැළැල් මැකිලා වෙනවා.

    ඉතින් උන් මුලින් කිව්වේ දෙතුන් පාරක් කලාම නැත්තටම නැති වෙනවා, නැත්නම් සිනිදු බූල් එනවා කියලයි. ඉතින් අපේ ගොන් වහන්සෙත් මාසෙට සැරයක් ගියා. මන් හිතන්නෙ මාස 6ක් විතර ගියා. ඒත් කිසි වෙනසක් නෑ. සුපුරුදු පරිදි බූල් වැවෙනවා. අන්තිමට මුන් බූල් pluck කරන්නේ නැතිව ඉක්මනට ඉක්මනට කඩාගෙන කඩාගෙන යන්න ගත්තලු. ඒ කියන්නෙ කෙස් ගහ මැදින් කැඩුනට කෙස් ගහේ මුලට damage වෙන්නෙ නෑනෙ. මුන් සල්ලි ඔක්කොම මුලින් ගත්ත නිසා පහු පහු වෙන්න ඔහේ ඕනවට එපාවට කරන්න ගත්තලු. ඒ වගේම ගොඩ දවස් busy කියලා අක්කව ආපහු හරවලා එව්වා. අන්තිමට ඒ වේදනාව තව දුරටත් දරා ගන්න බැරිව අක්ක සුපුරුදු wax කිරිල්ලටම බැස්සා. පවු. උඞෙන් සල්ලි ඉල්ලුවාම උන් කියනවා දිගටම එන්න එතකොට ටික ටික බූල් අඩුවෙයි කියලා. refund කරන්නේ නෑ කියලා.

    මගෙ අම්මෝ කාටවත් ඒ වගේ දුකක් නම් වෙන්න එපා. පුදුම දුකක් අපේ අක්ක ඒ දවස් වල වින්ඳෙ.

    දැන් ඉතින් අයිය බබාලා කුණුහරප comments එහෙම දානවා නෙවේ ඕං