කොළඹ බස් නැතිව
දහස් ගණන් මගීන් අතරමං
අද උදෑසන කොළඹ අවට මාර්ග 100 ක පමණ පුද්ගලික බස් රථ ධාවනය නොවීම නිසා කාර්යාලවලට යන මගීන් පාසල් සිසුන් ඇතුළු බොහෝ දෙනා මහත් දුෂ්කරතාවයට ලක්ව තිඛෙනවා.
කොළඹ, හයිලෙවල් මාර්ගයේ හා මාලඹේ සිට ඇරඹෙන මාර්ග අංක 138,122,125,280,255,174.190.177 ඇතුළු මාර්ග අංක සියයකට ආසන්න ප්‍රමාණයක බස් රථ ධාවනයෙන් ඉවත් වූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා තිඛෙනවා.
දිගින් දිගටම මාර්ග බලපත්‍ර ලබාදීමේ සිදුවී ඇති අක්රමිකතාවන්ට විරෝධයපෑම මෙම බස් වර්ජනයේ අරමුණ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ ගැන කියා තිඛෙනවා.
තවදුරටත් මේ තත්ත්වය වර්ධනය විය යුතු නැති බවත්, විෂයභාර අමාත්‍යවරයා පුද්ගලික ප්‍රවාහන විෂය ක්ෂේත්රයෙන් වහා ඉවත් කළ යුතුව ඇති බවතපවසන ඔහු
මේ මොහොතේ තම සංගමයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයා ඉවත් කිරීම හෝ ඔහුගේ විෂය පථයෙන් පුද්ගලික බස් රථ ප්‍රවාහන සේවය ඉවත් කිරීම බව සඳහන් කර තිඛෙනවා.
මමත් හරියටම දන්නේ නෑ බං මේ සීන් එක.... ඈමතියා උගේ හෙන්චයියෙකුට, බස් රූට් වගයක් හදලා දීපු කතාවකුත් කියනවා..... ඒ අස්සේ, ලොග් ෂීට් වලට ගානත් වැඩි කරලලු..... කතා කරලා වැඩක් නෑ බං..... ටයිම් කීපර්ලා කියලා උන් වගයක් ඉන්නවා..... උන් ගන්නවා අපි බස් එකක් දුවලා හොයනවාට වඩා ගානක් මාසෙකට..... හිතපන්, බස් එකකින් 100ක් ගානේ, අපේ පාරක බස් 22ක් දවසට දුවනවා...... එතකොට, දවසට 2200/= මාසෙකට 2200 X 26 (මාසෙම වැඩ නොකරා කියලා හිතලා) = 57,200/= ඊට අමතරව, ආණ්ඩුවෙනුත් උන්ට පඩි ගෙවනවා...... කොහොමද වැඩේ.......??