
........ 


nice post machan.................
machan ar insulate disk daanna hethuwa mokadda ban........
oka maara prob 1k mata....... hamadama yaddi kalpana kara kara yanne monada me pigan wagayak daala thiyenne kiyala........
dawasak yaluwek ekka oya gana katha kara..... api hithuwe ewa daanne wire eka dige meeyo duwana eka nawaththanna kiyala![]()

මීයො දුවනවට නෙවෙයි මචන්.. 








මීයො දුවනවට නෙවෙයි මචන්..
ආරක්ෂාවට තමයි ඒත් පරිවාරකයක් විදිහට තමයි යොදාගන්නේ.කන්ඩක්ටර් එක කෙලින්ම ටවර් වලට සෙට් කරන්න බෑනෙ මචනනෙතකොට සෝට් වෙනවනේ
ඕකෙන් එහෙම ප්‍රොටෙක්ශන් එකකුත් තියෙනවා.. ටවර් අතරයි ඔය ඩිස්ක් අතරයි චාර්ජ් (කැපැසිට්න්ස් 1ක්) ඇතිවෙනවා.ඒවගේ තව ගොඩාක් හේතු තියෙනවා මචන් ඕක දාන්න.
ටවර් එකයි කන්ඩක්ටරයි අතර ඩිසට්න්ස් එක රදවා ගන්නවා පරිවාරකයක් විදිහට ක්‍රියාකරනවා..


alut dawal dala hodai
mamat maka balanawa
thank u machan![]()


එල එල තැන්කූ මචන්ලා 

ලංකාවේ විදුලිය බෙදා හැරීම
UPDATINGNITADPU
මුල ඉදන් කියන්නම් ගෙදරට වෙනකම් විදුලිය එන හැටි.
වතුරෙන්,දැවි තෙල්,..... වලින් ජෙනරේටරය කරකවලා විදුලිය නිපදවනවා..
![]()
ඔය තියෙන්නේ දැවි තෙල් (HFO-Heavy Fuel Oil) වලින් වෙඩකරන ජෙනියක්.( නැව් එන්ජින් එකක් තමයි මචන් )
මම ඉදලා තියෙනව සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ ඒකෙ තියෙන්නේ ඔයවගේ 4යි. 22.5kW full load සපයන්න පුලුවන්.
![]()
ඔය තියෙන්නේ steam turbine generator එකක්.කෙරවලපිටිය CCPP (Combine Cycle Power Plant) තියෙන්නේ ඔයවගේ සිස්ටම් එකක්.ටිකක් ඇඩ්වාන්ස්.(300 MW - full load.)
ඔය මොනවිදිහකට හරි නිපදවපු විදුලිය CEB ( Ceylon Electricity Board ) එකට සම්බන්ද කරනවා.(Synchronizing - මේ ගැන විස්තර ඕනෙ නම් අහපන් මම කියන්නම්)
සපුගස්කන්දෙ විදුලි බලාගාරයෙ 33 kV
කෙරවලපිටිය විදුලි බලාගාරයෙ 220 kV ලයින් වලින් තමයි සම්බන්ද කරන්නේ.(අනිත් ඒවගෙත් ඔය වගේ තමයි ඇත්තෙ.ඔය 2 විතරයි බන් මම ඉදලා තියෙන්නේ..)
ඔතනින් සම්බන්දවෙන විදුලිය කෙලින්ම ගෙදරට දෙන්නේ නෑ. 220kV ලයින් ලන්කාවටම තියෙන්නේ ටිකයි.
බලාගන්න මේකෙන්..
![]()
Grid Substation (කොටුමා උපපොල - සින්හල වචනය) වර්ග කීපයක් තියෙනව.(ලංකාවේ)
Super Grids (only 05) - ෴ Pannipitiya ෴ Biyagama ෴ Weyangoda ෴ Kotugoda ෴ Anuradhapura
Grid substation ගොඩාක් තියෙනව බන්.මම කීයක්ද කිඅලනම් දන්නේ නෑ.
Primary grid substation අම්බානෙට තියෙනවා.උබලගෙ ගෙවල් ලගපාත මෙවා තියෙන්නේ.
මචන් මම දැක්කා කලින් දාලා තියෙනවා නූලක.ඒකෙ තිබුන සමහර විස්තර ලංකාවේ විදුලිය බෙදා හැරීමට අදාල ඒවා නෙවයි.
මෙහෙමයි විස්තරේ..
Super Grids 220 kv - 132 kV (some grids converts 132 kv - 33kv too)
Grid substation 132 kV - 33 kv
Primary grid substation 33 kv - 11 kV
උබලගෙ ගෙවල් ලගම තියෙන Transformer T/F එකෙන් තමයි 11 kV - 415 kV කරන්නෙ..
415 kV ලයින් 3ක් යනවනේ (3 පේස් R,Y,B) ඉතින් ඔය ඵසෙ බැලන්ස් වෙන විදිහට ගෙවල් වලට බෙදලා දෙනවා.(එක ගෙදරකට දෙන්නේ එක පේස් එකකින්.සින්ගල් පේස්)
මේකෙන් පොඩි අයිඩියා එකක් ගනිල්ලා..
![]()
Transmit කරන්නේ අධික වෝල්ටියතාවකින්. 220 , 132 , 33
Distribution වල බලපන් ගෙවල් වලට සින්ගල් පේස්, ඉන්ඩස්ට්‍රි වලට 3 පේසසින්ඩස්ට්රි වලට ගොඩක් පවර් ඕන නිසා තමයි 3පේස් ගන්නේ.උන්ගේ මැශින් වලට.
වැඩිද මන්දා මේවා නම් මෙතනට !!
කමක් නෑ දැනගෙන ඉදපල්ලා..
බලපන් සමහර ඉන්ඩස්ට්‍රි වල ලගින්ම t/f එකක් තියෙනවා. ඒවාට කියන්නේ BULK SUPPLY කියලා.
42 kVA ට වැඩි තැන් වලට තමයි බල්ක් දෙන්නේ...(FoodCity, Arpico ... etc ලග එහෙම බලපන් බල්ක් දීපු T/F පේන්න තියෙනවා.)
--------------------------------------------------------------------------
උබලා පාරෙ යනකොට බැලුවද පාරෙ තියෙන්නේ කොච්චර වොල්ටියතාවක් ගෙනියන ලයින් එකක්ද කියලා..??
නෑ නේද??
උබලගෙ ගෙවල් ගාව තියෙන්නේ 33 kV , 11 kV da 415 V ද කියල දන්නවද?? සමහර විට 220 kV, 132 kV ලයින් ගෙවල් වලට ටිකක් ලගින් තියෙන එව්වුනුත් ඇති...
මම කියල දෙන්නම් කොහොමද ඒක බලන්නේ කියලා..
ගොඩක් උන් දන්නවා ඇති..
මචන් ඉන්සියුලේටර් ඩිස්ක් ගානෙන් කියන්න පුලුවන් ලයින් එක මොකක්ද කියලා...
ඉන්සියුලේටර් ඩිස්ක් කියන්නෙ මේකට බොලවු !!!
![]()
![]()
සාමාන්‍යයෙන් 1ක ඉන්සියුලේටර් ඩිස් එකක් 11,000 (11 kV)
එතකොට 33 kV නම් ඩිස්ක් 3යි..හරිනෙ වැඩේ!!!!
දුබුරු පාටයි (පෝසිලේන් ) , අවර්න ( ග්ලාස් ) වර්ග තමයි ලංකාවෙ තියෙන්නේ...
![]()
කියපන් බලන්න උබලගෙ ගෙවල් ලග තියෙන්නේ 11 kV , 33 kV , 132 kV, 220 kV
කියලා ......
--------------------------------------------------------------------------
HOT LINE මේන්ටනස් 5 වෙනි පිටුවේ.....
දැනට මේ ඇති නේද...
මම 4ටෝ දාන්නම් Grid substation වලයි,ටවර් ලයින් වලයි...
තව විස්තර පසුවට දාන්නම්කෝ..
නිකන්ම යන්න එපා කර්මයක් දීලා බම්පියක් දාගෙනම යමන්.
HOT LINE මේන්ටනස් අපේ ලංකාවෙ 4ටෝ බලන්න ( ඇල්පිටිය, පිටිගල හරියෙ මේන්ටනස් එකක් මේක )
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
33 kV ලයින් එකක් මේක !!!

මේක කලින් මමම දාපු එකක්...
ගෙදර පොඩි අය ඉන්නවනම් පහලින්ම තියෙන ටෙස්ට් එක මාස 2ක 3කට විතරවත් බලපන්කෝ....
Meeka godaak un dannawa athi..Eeth mata ekek hambunaane meeka danneth nathi.Eka nisaa socket outlet wiring ekak balaaganin.
![]()
RULE : PHASE IS ALWAYS IN YOUR RIGHT HAND SIDE. Ethakota Neutral eka tiyenna oona paththa gena kianna oone naane..
ow ow bn left side eke thamai..
![]()
Oya thiyenne pitipasssa paththa hodeee.OOka wall ekata set karahama tina side eka gena hithapan..
දැන් මේකයි වැඩේ!!
මචන් අපේ ගෙවල් වල භූගත කිරීම (අර්ත් එක තමයි) උබලට ගෙදරදි වැඩද (හරියට) කියලා බලාගන්න විදිහක් නෑ නේ... ???
පොඩි විසදුමක් තියෙනවාමේක කියවලා
![]()
හිනාඋනාට කමක් නෑ කරල බලපල්ලා!!! ගෙදර පොඩි බබාල ඉන්නවනම් විදුලිය ගැන වඩියෙන් හිතන්න ඕනා...!!
පොඩි වයර් කෑල්ලක් අරගෙන ( Phase and Neutral ) short කරල බලපන් ට්‍රිප් වෙනවද කියලා.
පොලවේ අර්ත් රෙසිස්ටන්ස් වෙනස් වෙනවා..ඒත් මහා ලොකුවට වෙන්නේ නෑ..
කොයිකටත් බලපන් ඕක කරල නිකන් ඉන්න එකේ... :ප්
අපි ගියා!!!
තව මොනවහරි මතක් උනොත් දාන්නම්කෝ....
