ජිම් ගිහින් බොඩි බිල්ඩින් කරන ගමන් ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කරන එක යා දෙක නොරත රත වගේ වැඩක් මල්ලී........
බොඩි බිල්ඩින් වලින් ඇගේ නම්‍යතාවය අඩු කරනවා...නමුත් සටන් කලාවක් හදාරන්න නම් නම්‍යශීලී ශරීරයක් තියෙන්න ඕන.
ආත්මාරක්ෂක ක්‍රීඩා සහ නියම ආත්මාරක්ෂක සටන් කලාවන් තියනවා
කරාතේ,ජුජුට්සු,ට්වායි ක්වාන් ඩූ, ජීත් ක්වාන් ඩූ ආත්මාරක්ෂක ක්‍රීඩාවන්.මේවා භින්න වෙලා තියෙන්නේ ජපන් සමුරායි වරුන් ගේ සටන් කලාවන් වලින් සහ ඔකිනාවා දිවයින් වලින් ප්රභවය වූ ඔකිනාවාතේ සටන් කලාවෙන්.
වූෂු වලට එන වින්ග් චූවාන්, නැන්ග් චුවාන්,චැන්ග් චුවාන් නියම -ඒ කියන්නේ ජෙනුයින්-සටන් කලාවන්.මේවා යේ ඇරඹුම බෝධි ධර්ම හිමියන් විසින් චීන භික්ෂූන්ට ලබා දුන් ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව.
තායි චී චුවාන් (නැත්නම් ඔබ දන්න විදියට තායි චී) කියන්නේ ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන භාවනාවන්ට සමාන උච්ච මානසික ක්‍රියාවලියකට.
ආත්මාරක්ෂක සටන් කලාවන් ට ආයුධ භාවිතයක් ඇතුලත්. ක් වී ඇන්ග් ෂු, ඩා ඕෂු, වින්ග් චුන් බැට් ජැම් ඩෝ එවැන් අවි සටන් කලාවන් කීපයක්.
සටන් කලාවක් හදාරනවා නම් දෙන්න තියෙන්නේ අවවාද දෙකයි
1-ගහන්න නෙවෙයි ආරක්ෂා කරන්න ඉගෙන ගන්න.
2-ශිල්පය නිවැරදිව දෙන ගුරුතුමෙක් වෙත යන්න, ශිල්පය නමින් බොරුව විකුනන්නෙක් වෙත යන්නේ නැතුව