පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    THE LAST DAYS OF ''ORION THUMA''
    fwjgi0.jpg
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වරෙන් වරෙන් ග්‍රවුන්ඩ් එක ඉස්සරහම අපේ යාලුවෝ සෙට් එකක් ඉන්නේ
    උන්ගේ උඩ තට්ටුවේ ඉදන්ම ෂෝ එක බලන්නේ මේ පාර අපි
    නිකන්ම නෙවෙයි ඉතින් එලියන් වලින් බදු ගෙනාවා :lol::lol:


    :lol::lol::lol: එකෙංම අපි එන්නං
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්ද බොසාගෙ කාලෙ ඉවරයි ඔන්න ඔන්න පොරිය තමා එදාට සෝ එකේ පොල්තෙල් පහණ දල්වන්නෙ!:lol:
    දුමින්දගේ මල්ලි එයි යකෝ
    ඔරියට සරිගමෙන් ගහල එලවයි
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දුමින්දව සනීප කරගන්ඩ පුලුවන් වෙයිනෙ ඔරියට කියල
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    කාටවත් ස්ටාර් ලීඩර් කෙනෙක්ට අභියෝග කරන්න බෑ.එහෙම කරොත් අඩි 1000ක් උස සුනාමියක් ඇවිල්ල ඔක්කොම මුහුදේ තමයි.මතකනේ 2004 දෙසැම්බර්. ඒක නිසා දෙසම්බර් 21ක පිටසක්වල යානා විසින් ඉතාම සාමකාමිව යලිත් පෘථිවිය ඔවුන්ගේ යටතට ගන්නවා.

    man issara welat ehuwa mata uttarayak lebune na oba tumagen ,.
    mata denaganna one .. ape matakaya ta mokada wenne ?? ape nedeyo , yaluwo , e ayawa mataka neti wela hema denama tani aya wenawada ?? nettan e widihatama family ekat ekka inna puluwanda ??
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ඔරියන්තුමා කියන එකේ ඇත්තක් තියෙනවා.ඔහු ජනවාරි පලවැනිදා මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ 2012 වසරේ.ඔහු කියන විදිහට දෙසැම්බර් වෙනකොට ලංකාවේ විතරක් නෙවෙයි ලොව පුරාම පිටසක්වල යානා දර්ශනය වීමක් අසාමාන්‍යය විදිහට තියෙනවා.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ඊයේත් නැගෙනහිර පොළොව හෙල්ලෙයි

    සුසන්න අමරබන්දු - අම්පාර විශේෂ

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වඩිනාගල, කිව්ලේගම, දේවාලහිඳ, ගල්කන්ද, කෙත්සිරිගම, ගල පාමුල යන ප්‍රදේශවල නැවතත් ඊයේ (14 දා) භූ චලනයන් 03 ක්‌ ඇතිවීම නිසා ප්‍රදේශවාසීහු භීතියට පත්වී සිටිති.

    විශාල ශබ්දයක්‌ සමඟ මේ භූ චලනයන් පෙ.ව. 6.33 ට, පෙ.ව. 10.15 ට සහ දහල් 1.03 ට පමණ සිදුවූ බව ජනතාව පවසති. මෙම ගම්මානවල පිහිටුවා ඇති තාවකාලික භූ කම්පන මානවලද මෙම පිපිරීම් 03 ම සටහන්වී තිබේ.

    මේවනවිට පසුගිය සති කීපයේ භූ චලනයන් 34 ක්‌ පමණ සිදුව තිබෙන බව ද ජනතාව පවසති. මෙම ක්‍රියාව ස්‌වභාවික ක්‍රියාවක්‌ නොවේ නම් එයට හේතුව ඉක්‌මනින් සොයා ගන්නා ලෙසද අදාළ බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.

    මේවන විටත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සහ තාක්‌ෂණ නිලධාරී සුපුන් භානුක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මේ වනවිට මෙම ප්‍රදේශයේ සිට පරීක්‍ෂණ කටයුතු සිදුකරමින් සිටිති.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    අහස පොළොව වෙනස්‌ නම් ඉක්‌මනින් කියන්න
    - වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලයි

    අහසේ කිසියම් හඳුනාගත් වස්‌තුවක්‌ දිස්‌ වූයේ නම් එදිනම හෝ ඉන්පසුව හෝ පොළවේ යම් යම් ආගන්තුක පාෂාණ කැබලි හෝ වෙනත් ලෝහමය කොටස්‌ විසිරි තිබේ දැයි නිරීක්‌ෂණය කරන ලෙසත්, එසේ තිබෙන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍ය පර්යේෂණායතනයට දැනුම් දෙන ලෙසත් වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලීමක්‌ කරයි.

    ඒ සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්‌වෙයි.

    මේ දිනවල දිනපතා විවිධ ප්‍රදේශවලින් යම් යම් හඳුනා නොගත් වස්‌තූන්, ආලෝක හා වර්ණාවලින් දුටු බවට වාර්තා මාධ්‍යයේ පළ වී තිබිණි. මේවා පිළිබඳව විවිධ මත පළ වී තිබුණත් මේවා කිසියම් ග්‍රහ වස්‌තූන් හෝ වෙනත් යානා විශේෂයක්‌ද යන්න පිළිබඳව නිශ්චිත පර්යේෂණයක්‌ අප රටේ සිදුකර නැත. එමනිසා එවැනි හඳුනා නොගත් කිසියම් වස්‌තුවක්‌ අහසේ දුටුවහොත්, විශේෂයෙන්ම එම අවස්‌ථාවේම හෝ ඉන්පසුව හෝ එම ස්‌ථානයට පහළින් පොළව මතුපිට හොඳින් නිරීක්‌ෂණය කරන ලෙස වෛද්‍ය පර්යේෂණායතනය ඉල්ලීමක්‌ කරයි. සාමාන්‍යයෙන් පොළව මතුපිට තිබෙන සුලභ පාෂාණවලට අමතරව ආගන්තුක පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැනි දේ තිබේ නම් ඒ පිළිබඳව වෛද්‍ය පර්යේෂණායතනයට දැනුම් දෙන ලෙසද එම ආයතනය ඉල්ලා සිටී. එමෙන්ම එවැනි පාෂාණ කැබලි හෝ ලෝහ කැබලි ඇත්නම් ඒවා ස්‌පර්ශ නොකරන ලෙසත්, ඒවා ස්‌පර්ශ කිරීම හානිකර විය හැකිය. එමනිසා ඒ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දෙන ලෙසත් එම ආයතනය ඉල්ලා සිටී.

    මේ අතර පසුගිය දින කීපයක තුළ රට පුරා විවිධ ස්‌ථානවලින් වාර්තා වූ අහසේ යම් යම් හඳුනා නොගත් ග්‍රහ වස්‌තූන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා වීඩීයෝ හා සීඩී කිහිපයක්‌
    12 දා දිවයිනට පැමිණ සිටින ලෝක ප්‍රකට තාරකා විද්‍යාඥයෙක්‌ වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාට භාරදීමට වෛද්‍ය පර්යේෂණායතනය පියවර ගත්තේය. තාරකා විද්‍යාවට ඇලුම් කරන තරුණයන් පිරිසක්‌ විසින් මේ තොරතුරු එක්‌රැස්‌ කර තිබිණි. මහාචාර්යවරයා මේ තොරතුරු ද විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ.

    0714961201 දුරකථන අංකයෙන් වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් තොරතුරු විමසිය හැකිය.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ළිඳ රතු වෙයි

    රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන

    රත්නපුර, බටුගෙදර පරණ පාරේ පිහිටි නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක්‌ පිළිබඳ 13 දා වාර්තා වී තිබේ.

    එම ළිඳ අයිතිකරු විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත සිද්ධිය වාර්තා කොට ඇති අතර පසුව ප්‍රාදේශීය ලේකම්වරයාට දන්වා එමගින් භූ විද්‍යා හා පතල් කාර්යාංශය වෙත දැනුම්දී තිබේ. රත්නපුර ජල සම්පාදන මණ්‌ඩලය එම ජල සාම්පල් ලබාගෙන පරීක්‌ෂණ පවත්වයි.

    එම වර්ණය මිශ්‍ර වීමක්‌ වීමට කිසිදු ඉඩක්‌ නොමැති බැව් ප්‍රදේශවාසීහු පවසති
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    ලෝක විනාශය ඇත්තටම සිදුවේද
    world73.jpg
    දෙසැම්බර් 21 වැනිදාට තව ඇත්තේ දින හයකි. ලෝකවාසීන් මිලියන ගණනක්‌ අතර ලෝක විනාශය ගැන විවිධ මිථ්‍යා මත පැතිර යමින් පවතී. එක්‌ ප්‍රචාරයකින් කියෑවුණේ සූර්යා විසින් පෘතුවිය විනාශ කරන බවයි. තවත් පුවතකින් පැවසුණේ ග්‍රහයෙක්‌ පෘථිවිය වෙත ගැටීමෙන් පිටසක්‌වල ජීවීන්ගේ ආක්‍රමණයක්‌ සිදුවන බවයි. ඒ නිසාම මිලියන 25 ක්‌ ඇමරිකානුවන් අවි ආයුධ රැස්‌ කරගෙන ඇතැයි නාසා ආයතනය විසින්ම හෙළි කර ඇත. මේ සමගම පාප් වහන්සේ ක්‍රිස්‌තියානි ජනතාව වෙතින් ඉල්ලීමක්‌ කරමින් ලෝක විනාශය නමැති මිථ්‍යා මතයට නොරැවටෙන්නැයි ඉල්ලා ඇත.

    world1.jpg

    ලෝක විනාශය පිළිබඳ මායාවරුන්ගේ අනාවැකිය ගැන ගෝතමාලාවට ගොස්‌ විමර්ශනයක්‌ සිදු කළ නැෂනල් ජියෝග්‍රැµsක්‌ සඟරාවේ ඩිජියෝ බුහුඑල් පැවසුවේ "මායාවරුන් උමං ජලාශ ඉදිකරමින් සශ්‍රීක දිවිපෙවෙතක්‌ ගත කළ බවත් එහෙත් හදිසියේ ඇතිවූ නියඟයට මුහුණදීම නිසා අසහනකාරී තත්ත්වයට පත්වූ බවයි. ඔවුන් ජල දෙවියා යෑයි හඳුන්වන චොක්‌ දෙවිඳුට ළමුන්ව පවා බිලි දුන්නා. එහෙත් එම ක්‍රමවේදය සාර්ථක වූයේ නැහැ. අපි මේ උමං ජලාශ සියල්ලම නිරීක්‍ෂණයට ලක්‌ කළා"යෑයි ඔහු සිටියේය.

    මේ අතර මායා දින දර්ශනය ගැන අභ්‍යවකාශ විමර්ශන මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජෝන් කැල්සන් පවසන්නේ එහි දොaෂ රැසක්‌ ඇති බවයි. නාසා ආයතනයේ ග්‍රහයන් සම්බන්ධ විමර්ශන ආචාර්ය දොන් සෝබන්ස්‌ ද කියා සිටියේ උල්කාපාත හෝ ධුමකේතු පෘථිවිය සමග ගැටෙන බවට නිසි තොරතුරු නැති බවයි. එහෙත් උල්කාපාතයක්‌ පෘථිවිය වෙත එනවා නම් දීප්තිමත් තිතක්‌ දක්‌නට ලැබෙයි"යෑයි හෙතෙම පළ කළේය.

    මේ පසුබිම මැද ටව්ටාටිස්‌ නමැති උල්කාපාතය පෘථිවියට කිලෝමීටර් 226000 ක්‌ ඈතින් ගමන් කරන බවත් ඉන් අර්ධ සූර්යග්‍රහණයක්‌ ඇතිවිය හැකි බවත් ඇමරිකානු නාසා ආයතනය විසින් හෙළි කර ඇත. එසේම තවත් උල්කාපාතයක්‌ පෘථිවියට සැතපුම් මිලියන 4.3 ක්‌ ඈතින් ගමන් කෙරේ. මෙම උල්කාපාතවල ගමන ස්‌ලෝ නමැති අධිතාක්‍ෂණික අභ්‍යවකාශ කැමරාව මගින් දෙසැම්බර් 11 වැනිදා සිට නිරීක්‍ෂණය කරන බව හෙළි විය.

    මෙකී ටව්ටාටිස්‌ උල්කාපාතාය දුරදක්‌නාවලින්ද විමර්ශනය කළ හැකිය.

    මේ අතර ලෝක විනාශය නමැති සිද්ධිය ගැන නාසා ආයතනය වීඩියෝ පටයක්‌ නිර්මාණය සුෙච්රියානුවන් විසින් නිබ්රු නමැති ග්‍රහයෙක්‌ සිටින බව කීවා. නමුත් එවන් ග්‍රහයෙක්‌ සෞරග්‍රහ මණ්‌ඩලයේ නැහැ යෑයි නාසා වීඩියෝ පටයෙන් ප්‍රකාශ කර ඇත.

    එහෙත් ටව්ටාටිස්‌ උල්කාපාතය චන්ද්‍රිකාවක්‌ සමග ගැටීමේ ඉඩ ඇති බව නාසා රසායනාගාරයේ විද්‍යාඥ පෝල් චෝද්‍රdස්‌ කියා සිටී.

    මේ උල්කාපාතය පෘථිවිය අසලින් ගමන් කරන්නේ 2013 පෙබරවාරි 15 දායි. එය මුලින්ම සොයාගනු ලැබුවේ ස්‌පාඤ්ඤයේ ලා සැක්‌ ආකාශ වස්‌තු පරීක්‍ෂණාගාරයයි.

    එසේ වුවත් ලොව විවිධ රටවලදී දක්‌නට ලැබෙන ආලෝක ධාරා සහ ශබ්ද කුමක්‌ද යන්න ගැන මෙතෙක්‌ හෙළිවී නැත.

    මේ හැර සතුන්ගේ හැසිරීමේ රටාව ද වෙනස්‌වීමේ සිද්ධීන් වාර්තා වී ඇත. මෙම තත්ත්වය නිසා අබිරහස්‌ ක්‍රියාදාමයක්‌ සිදුවීමට ඉඩ ඇතැයි ඇතැම් නිරීක්‍ෂකයෝ පවසති.

    එහෙත් නාසා ආයතනයේ විද්‍යාඥ ඩේවිඩ් මොරිසස්‌ පවසන්නේ පෘථිවියට කිසිසේත් හානිදායක තත්ත්වයක්‌ ඇති වන්නේ නැති බවත් ඇමරිකානු ජනතාවගෙන් විශාල පිරිසක්‌ තුවක්‌කු හා උණ්‌ඩ මෙන්ම ගිනිපෙට්‌ටි ද රැස්‌ කරගන්නා බවයි. මේ මිථ්‍යා කතාවට ළමුන් පවා බය වෙලා. ඇතැමුන් ආහාර අනුභව කරන්නේ නැහැ. නිදා ගන්නේ නැහැ. ඇමරිකානුවන් දැන් නත්තල සැමරීමටවත් උනන්දු වන්නේ නැහැ යෑයි මොරිසන් කියා සිටියේය.

    මෙලෙස අවි ආයුධ එක්‌රැස්‌ කරගෙන සිටින පිරිස්‌ 21 වැනිදා තමන් සිටින ස්‌ථානවල සිටිය යුතුයි. ඔවුන් එළියට පැමිණ අරාජික තත්ත්වයක්‌ ඇති නොකරන්නැයි මා ඉල්ලනවා යෑයි ඔහු වැඩිදුරටත් පළ කළේය.

    මේ අතර මායාවරුන්ගෙන් පැවත එන්නන් විසින් පිහිටුවාගෙන ඇති මායා ජනතා කමිටුවේ නියෝජිත මේරි කොබා පවසන්නේ සුදු ඇඳුමින් සැරසී සුදු ඉටිපන්දමක්‌ දැල්වීමට ක්‍රියා කළ යුතු බවයි. එහෙත් රුසියාවේ ටොම්ස්‌ක්‌ නගරයේ සමාගම් නගර වැසින්ට ලෝක විනාශයෙන් වැලකීමේ පෙට්‌ටි ඇලෙවි කිරීම අරඹා ඇත. ඊට ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා වොඩ්කා මත්පැන් බෝතලයක්‌ ද ඇතුළත් වී තිබේ.

    මෙම වාතාවරණය මැද ලෝක විනාශය සිදුවන බවට මායාවරුන් පැවසූ අනාවැකිය තේමා කරගෙන රෝලන්ඩ් එමර්ජිත් විසින් 2012 නමින් චිත්‍රපටයක්‌ ද, ස්‌ටීවන් ඕල්ටන් විසින් මායා තෙස්‌තමේන්තුව නමින් ග්‍රන්ථයක්‌ ද ප්‍රකාශයට පත් කිරීමෙන් මිථ්‍යා මත විශ්වාස කරන්නෝ බීතියට පත්වූහ.

    කීර්ති වර්ණකුලසූරිය
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    දිඹුලාගලට උල්කාපාත කඩා වැටෙයි

    December 15, 2012 at 1:03 am | Lanka C News.


    ulkap.png
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනට මතට ඊයේ අලුයම උල්කාපාත රැසක් කඩා වැටී තිබේ. රාත්‍රියේ විටින් විට ආලෝක ධාරා විහිදුවමින් උල්කා කඩා වැටුණු බව එහි හිමිවරු පවසති.
    දිඹුලාගල පර්වතය මත අඩි 1400ක් ඉහළින් පිහිටි අහස් මාලිගයේ වැඩ සිටි හිමි වරු මේ දසුන හොඳින්ම දැක ඇත. අද දින එම ස්ථාන පරීක්ෂාවේදි විශාල උල්කා පාත කැබලි ගනනාවක් සොයා ගෙන ඇත

     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    උල්කාපාත කෑල්ලක් කෝටියක් විතර වටිනවා.පිටරටකමනම් ඒවා රාජ සන්තක කරනවා.