Elakirye Old Members la PAW

Status
Not open for further replies.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉස්සර කොහෙද බං රෙප්.... ඒ දවස් වල එහෙම මරා ගැනිලි තිබ්බෙත් නෑ රෙප් නැති නිසා.... :D

    :eek:
    …මරා ගෑනිලි තිබ්බේ නෑ ? :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    People still go after post count best example being the top poster who only posts pictures of random chicks, everything you mentioned that was happening back then, still happens, in addition to which now we have a rep system to abuse.

    We'd all be really grateful if you can bring back the signatures :yes:

    we are talking about the mass not few people still going after post count.
    even he is posting stuff on his interest by finding pictures, sharing etc..
    he is not posting 1,2,3 like old days just to increase the post count.

    I don't see any reason to have sigs. Its just distracting the thread topic and additional server load.
    SL people don't know whats a sig and they think sig is part of the comment too. we might do it again after few years time.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ethkota kawruth waraddak dakkath ahaka balan indi. user name eka dala rep kapuwama waradi karapu set ekama ekathu wela waradda pennapu ekage rep 0 kallama dai. :lol:

    Ekata thama machan rep report thread eka dala thiyenne. thamange rep waradi nam report karanna puluwan. digin digatama warad rep denawa nam mod la e user ta erehiwa action gannawa.

    මම කියන එක වරදවා හිතන්න එපා ජී ටී අය්යේ. ඔහොම රෙප් කපපු කෙනාගේ නම දැම්මට පස්සේ කට්ටිය සෙට් වෙලා රෙප් කපලා වැරැද්ද පෙන්නපු කෙනාට ගේම දෙනවානම්. ඒ වගේ උන්ගේ රෙප් ඔක්කොම කැපුවත් නම නොදා ඒ වගේ උන් වැරැද්ද හදා ගනී කියලා ඔයා හිතනවාද? මම නම් බොක්කෙන් කැමති මගේ වැරැද්දක් දැකපු වෙලාවට රෙප් කපලා හරි ඒක කියනවානම්. ඕනා නම් කෙනෙක්ට පුලුවන් වැරැද්ද පැහැදිලි කරල දීලා රෙප් කපනවා වෙනුවට රෙප් දීලා මේ වැරැද්ද මීට පස්සේ කරන්න එපා කියන්න. ඇත්තමයි මට එහෙම කරනවානම් මම හිස් මුදුනෙන් ඒක පිලි ගන්නවා. අනිත් එක එතකොට ඒ පුද්ගලයන් දෙදෙනා හදුනා ගන්නවා.

    :D:D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පරණ මෙම්බර්ස්ලගෙන් ඉගෙන ගන්න තියෙන දේ තමා රෙප් පස්සෙ නොයා ඉදීම...

    මේකෙ ඉදපු පරණ හොද පෝස්ට් දාපු මෙම්බර්ස්ල ගොඩක් නැවත නොඑන්නම ගිහින් තියෙනවා... ඒ අය යද්දි රෙප් කොච්චර තිබ්බත් ඒවා අරන් ගියේ නෑනෙ...

    අපිට උනත් එච්චරයි මේක කමියුනිටි එකක් අපේ අදහස් මති මතාන්තර ඉවසන මැජෝරිටි එකක් තියෙන තාක්කල් අපිට ඉන්න පුලුවන් මැජෝරිටි එක අපිට විරුද්ධ නම් අපි ඉබේම අල වෙනවා නැත්නම් අපිට මේකෙ තවත් කරන්න දෙයක් නැති නිසා දාලා යන්වා... එතකොට ඔය රෙප් අරන් යන් නෑනෙ...

    අනිවා
    :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :eek:
    …මරා ගෑනිලි තිබ්බේ නෑ ? :lol: :lol: :lol: :lol: :lol: :lol:

    aluthen ipadila wage katha karanne kattiya. :lol: kisi waliyak nathi, wadagath thread walin homepage pirichcha kalayak lu issara :P

    mata nam mathaka chat thread walin homepage eka pirichcha wali berala iwarayak nathi kalayak.

    issarath wadagath thread thibba. habai danata wada godak aduwen.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;14145603 said:
    මම කියන එක වරදවා හිතන්න එපා ජී ටී අය්යේ. ඔහොම රෙප් කපපු කෙනාගේ නම දැම්මට පස්සේ කට්ටිය සෙට් වෙලා රෙප් කපලා වැරැද්ද පෙන්නපු කෙනාට ගේම දෙනවානම්. ඒ වගේ උන්ගේ රෙප් ඔක්කොම කැපුවත් නම නොදා ඒ වගේ උන් වැරැද්ද හදා ගනී කියලා ඔයා හිතනවාද? මම නම් බොක්කෙන් කැමති මගේ වැරැද්දක් දැකපු වෙලාවට රෙප් කපලා හරි ඒක කියනවානම්. ඕනා නම් කෙනෙක්ට පුලුවන් වැරැද්ද පැහැදිලි කරල දීලා රෙප් කපනවා වෙනුවට රෙප් දීලා මේ වැරැද්ද මීට පස්සේ කරන්න එපා කියන්න. ඇත්තමයි මට එහෙම කරනවානම් මම හිස් මුදුනෙන් ඒක පිලි ගන්නවා. අනිත් එක එතකොට ඒ පුද්ගලයන් දෙදෙනා හදුනා ගන්නවා.

    :D:D:D

    හැමෝම එහෙම නැහැනෙ මල්ලී. ඔයාට ඕනනම් ඉතින් දැන් වුණත් තමන්ගෙ නම දාල ම රෙප් කපන්න පුළුවන්නෙ. අනිත් එක තමයි කෙනෙක් වැරද්දක් කලානම් එයාට එක පෙන්නන්න රෙප් වලට අමතරව චැට්, විසිටර් මැසේජ්, ප්‍රයිවෙට් මැසේජ් වගේ ඒවත් තියෙනවනෙ. අනිත් එක එහෙම නම දාල කැපුවොත් හැමදාම රෙප් කපපු ඒව ගැනම ත්‍රේඩ් වලින් හෝම් එක පිරිල තියෙයි. තමන් වැරැද්දක් නැතුව රෙප් කපලනම් අර ත්‍රේඩ් එකේ ඒව ඉවත් කරගන්න පුළුවන්නෙ.
     
    meka dahan pasalak nemei ne malli. daham pasaleth oya kiyana widiyata minissu hasirenne na. Enisa wenne nathi wada katha kalla wadak naha.

    rep waradiyata deela nam ai rep report thread eke gihin report karanna bari?
    ekatath kammali nam karanna deyak naha. :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රෙප් සිස්ටම් එක නිසා එළකිරි මෙම්බර්ස්ලට දිරිගැන්වීමක් කරනව හොඳ හා කාටත් වැදගත් වෙන ත්‍රේඩ් දැමීමට. ඒක නිසා මේ සිස්ටම් එක හොඳයි. හැබැයි කොයි සිස්ටම් එක තිබුණත් ඒක පාවිච්චි කරන අය දැනගන්න ඕන ඒකෙ අගය වටහගෙන වගකීමකින් පාවිච්චි කරන්න. සමහර ඒ දේවල් හඳුනන්නෙ නැති අය මේ සිස්ටම් එක අයාලේ ගෙනියන්න හැදුවට බහුතරයක් හොඳ පැත්තට පාවිච්චි කරන එක වටිනව. කොයි සිස්ටම් එකත් කාලයක් යන්න යන්න වෙනස්කම් වලට භාජනය වෙන්න සිදුවෙනව එහි අඩුපාඩු අරව මේව හදාගෙන. ඒ වගේ මේ සිස්ටම් එකත් ඉදිරියෙදි මීටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි කියල හිතනව.

    අය්යේ රෙප් නෙමේ අය්යේ මොන දෙයක් තිබ්බත් ඒක පවිච්චි කරන අය දැන ගන්න ඕනේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අනිත් එක ගොඩාක් සිස්ටම් හැමදාටම වලංගු වෙයි කියලා කියන්න බෑනේ. කාලය සමග ඒවා වෙනස් වෙන්න ඔනේ.මම මුලින් කිව්වා වගේ තව ටික කාලයකින් රෙප් පවර් එක 30 තියන කට්ටිය එලකිර්යේ 50 හිට්යොත් අලුතෙන් එන කට්ටිය පලවෙන් කොටුව පනින්න වුවමනා කරන රෙප් ප්‍රමානය වැඩි වෙන්න ඕනා වගේ වෙනස් කම් කරන්න ඕනා.
    :D:D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    we are talking about the mass not few people still going after post count.
    even he is posting stuff on his interest by finding pictures, sharing etc..
    he is not posting 1,2,3 like old days just to increase the post count.

    only thread you could be referring here that I can also think of is the 'count thread' which was only a single thread. and If I remember correctly, only one member drew benefits from that :D
    and unfortunately mass seem to have moved on to semi nude thread business and business looks good. nobody wanna come to ek to look at the pictures of naked chicks, we can do it anywhere else on internet.

    and the chat threads you seem to condemn so much was the true spine of ek, where random people gathered and got to know eachother, that's how many members bonded with eachother, and it was the absolute cream of ek...

    I don't see any reason to have sigs. Its just distracting the thread topic and additional server load.
    SL people don't know whats a sig and they think sig is part of the comment too. we might do it again after few years time.

    just cos you don't see the reasons doesn't mean there ain't any reasons :yes: this should be pretty evident to you by all the members here wanting their sigs back. if there are performance issues, that's understandable though.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    we are talking about the mass not few people still going after post count.
    even he is posting stuff on his interest by finding pictures, sharing etc..
    he is not posting 1,2,3 like old days just to increase the post count.

    i thought u guys started some threads just to SPAM :D hahah it was started by Lich right ??? so what are we suppose to do ??? the admins started it ....+ this is a COMMUNITY FORUM ,, it is obvious that people will chat ,,, that is the unique thing about elakiri.com , random people get together and get to know each other :nerd::nerd:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැමෝම එහෙම නැහැනෙ මල්ලී. ඔයාට ඕනනම් ඉතින් දැන් වුණත් තමන්ගෙ නම දාල ම රෙප් කපන්න පුළුවන්නෙ. අනිත් එක තමයි කෙනෙක් වැරද්දක් කලානම් එයාට එක පෙන්නන්න රෙප් වලට අමතරව චැට්, විසිටර් මැසේජ්, ප්‍රයිවෙට් මැසේජ් වගේ ඒවත් තියෙනවනෙ. අනිත් එක එහෙම නම දාල කැපුවොත් හැමදාම රෙප් කපපු ඒව ගැනම ත්‍රේඩ් වලින් හෝම් එක පිරිල තියෙයි. තමන් වැරැද්දක් නැතුව රෙප් කපලනම් අර ත්‍රේඩ් එකේ ඒව ඉවත් කරගන්න පුළුවන්නෙ.

    අනිවා කවුද කියන්නේ රෙප් කපන්නම ඕනේ කියලා. ඕනේ නම් ඒ අදාල ත්‍රෙඩ් එකේදිම වුනට් පෝස්ට් එක ක්වොට් කරලා වැරැද්ද කියන්න පුලුවන්.මටනම් එහෙම අද්දැකීම් තියනවා මම වැරදි දෙයක් කියලා පෝස්ට් එකක් එක ගමනක් දාලා තිබ්බා. ඒක වැරදි නෙමේ ටිකක් සැර වැඩී ඊට පස්සේ අයියා කෙනෙක් කිව්වා මල්ලි ඒක සැර වැඩී කියලා. ඊට පස්සේ මම ඒක අදාල පුද්ගලයට මැසෙජ් එකක් විදිහට යැව්වා. මෙහෙමයි සීන් එක තියෙන්නේ සමහර වෙලවට අපි වැරැද්දක් කරද්දි ඒක වැරැද්දක් කියලා ඒ වෙලවේ ඉන්න මානසික තත්වය අනුව මටනම් තේරෙන්නේ නෑ. ඒ වෙලාවට කෙනෙක් කොච්චර කිව්වත් මට හිතෙන්නේ ඒක අවුලක් නෑ වගේ. අන්න ඒ වගේ දෙයක් නිසා තමා මාව එක ගමන්ක් බෑන් වුනේ :lol::lol::lol::lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    ඉස්සරත් හොඳ වැඩ කරපු එලකිරියට වැඩදායක අනිත් අයට උදව් කරන සෙට් එකක් හිටියා...ඇයි දැන් නැද්ද? දැනුත් ඉන්නවා...ගොඩාක් ඉන්නවා...මම 2007 ඉඳන් මේකෙ ඉන්නවා...හැම අවුරුද්දකදිම මන් දැකපු දේ තමයි හැම අවුරුද්දකදිම අලුතින් කට්ටිය එකතු වෙනවා අර මන් කිව්ව වැඩදායක මෙම්බර් සෙට් එකට...පරන අය ටික ටික හැලෙනවා....ඉතින් ඒකට රෙප් සිස්ටම් එක පලිත් නැහැ අලුත් මෙම්බර්ල පලිත් නැහැ....පරන අය දැනගන්න ඕනි කාලෙ හැටියට වැඩ කරන්න...ටික දෙනෙක් හැරුනම ගොඩක් පරන මෙම්බර්ස්ල තාමත් ඉන්නව තමන් කරගෙන ආපු වැඩටික කරගෙන...සමහර අය රෙප් ගැන හිතන්නෙ නැහැ කියල කියනව...:P අනෙ මන්ද ඒකනම් ඉතින් :rolleyes:....මොනා උනත් ලැබෙන දේ පොසිටිවු විදියට දකින්නයි ඕනි...අයියෝ මේක හරියන්නෙ නැහැ කියල පස්ස ගැහුවට වැඩක් නැහැ...

    ඉස්සර උනත් පිස්සුම කෙලින..අනුන්ට බැන බැනම ඉන්න..චන්ඩි වගේ ඉන්න හදන අය හිටියා...අද වෙන දේවල් ඉස්සර ඉඳන්ම උනා කියන එකයි මන් මේ කියන්නේ...:)

    අලුත් මෙම්බර්ල ඇවිත් හොඳ ත්‍රෙඩ් දානවා...උදව් කර්නවා...ඇයි පරන මෙම්බර්ලටත් ඒක කරන්න බැරි? බලාගෙන ඉන්නනම් කාට බැරිද? :P එක්කෝ පරන මෙම්බර්ලට කරන්න දෙවල් නැහැ..දාන්න මුකුත් අලුත් ත්‍රේඩ් නැහැ...:D ඉතින් අලුත් විදියට හිතන අලුත් දේවල් ගැන දන්න හොයන අය අලුත් ත්‍රෙඩ් දාල රෙප් ගන්නවා...ඉස්සර වගේ අවුරුදු ගානක් ඉන්න ඕනි නැහැ පිලිගැනීමක් ලබාගන්න...අනික ඉස්සර වගේ චැට් කර කර කාලෙ නාස්ති කරන්නෙත් නැහැ දැන්...:)

    රෙප් සිස්ටම් එක නිසා හරි...එහෙමත් නැත්නම් මේකෙ අලුතින් ඉන්න කරදරකාරයො නිසා හරිනම් පරන අය එන්නෙ නැත්තේ...ඒ ගැනනම් ඉතින් කියල වැඩක් නැහැ..හැන්ගිලා හිටියටවත්...දරාගන්න බැරුව පලා ගියාටවත් කිසි දෙයක් හරි වෙන්නෙ නැහැ...හරි පැත්තට ගන්න ඕනි කට්ට කාගෙන හරි..:P

    ඕකයි මගේ අදහස...:)
     
    Status
    Not open for further replies.