දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්ත
දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!
ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.
මේ වාසනාවන්ත අත්දැකීම ලැබුවේ ඇමරිකාවේ ඇරිසෝනාවේ ග්ලෙන්ඬේල්හී ඇලිසියා හා රැන්ඩි ඇට්කින්ස් යුවලයි. ගිය අවුරුද්දේ ඔක්තෝබර 9 වැනිදා ඇලිසියා සිය දියණිය, බිහි කරන්නට රෝහල් ගත වී සිටියා. සිසේරියන් සැත්කමකින් තමයි දියණියගේ ප‍්‍රසූතිය සිද්ධ කෙරුණේ. කුඩා බිලිඳිය මව කුස තුළින් මෙලොව එළිය බලන්නට එම සැත්කම කළ වෛද්‍යවරයා උදවු කරද්දී ඇය ඔහුගේ ඇඟිල්ලෙන් අල්ලා ගත් හැටි ඇගේ පියා විසින් ඡායාරූපයට නඟා තියෙනවා.
මේ පිළිබඳව එදා ඒ මොහොතේ ඔවුන් එය ලෝකයට ප‍්‍රකාශ කළේ නැහැ. දියණියට මාස තුනක් වන තෙක් රහසක් වශයෙන් තබා ගෙන සිටි ඒ ඡායාරූපය මුහුණු පොතට එක් කළේ ගිය සතියේයි. හරියටම මාස තුනක් පිරුණ දායි.
ඇට්කින්ස් යුවල ‘3ටීවී’ රූපවාහිනී ආයතනයේ ප‍්‍රවෘත්ති වැඩසටහනකට විත් ඒ ගැන මෙසේ අදහස් පළ කළා. පියා කීවේ, ‘දොස්තර මහත්තයා මට කතා කරල කිව්වා, ”මේ බලන්න එයා මගේ ඇඟිල්ල අල්ලා ගෙන ඉන්නවා” කියලා. ඉතින් මං දුවලා එතැනට ගියා. ගිහින් මේ පින්තූරය ගත්තා. මට ඇස් අදහා ගන්නත් බැරි වුණා, ඒක දැකලා! ඒක හරිම පුදුම හිතෙන පින්තූරයක්!’
ඇලිසියා වෘත්තියෙන් ඡායාරූප ශිල්පිණියක්. ‘අ ක්ලැසික් පින්-අප්’ කියා ස්ටුඩියෝවේ හිමිකාරිය ඇයයි. පසුගිය දෙසැම්බර් 26 වැනිදා ඇය මේ විස්මිත පින්තූරය ඇගේ ආයතනයේ ‘මුහුණුපොත’ට එක්කළා.
ඇය එහි මෙසේ සඳහන් කළා. ‘මේක සති 10කට ඉස්සරින් ගත්තු පින්තූරයක්. මම දරුව හම්බවෙන්න ගිහින් සිසේරියන් එක කරද්දී ඩොක්ටර් සෝයර් මගේ වෝටර් බෑග් එක කැපුවා, විතරයි මගේ දුව එළියට ආවෙ ඩොක්ටර්ගේ ඇඟිල්ලක් අල්ල ගෙනයි. මගේ මහත්තයා තමයි, ඒ විශේෂ මොහොතෙ මේ පින්තූරෙ ගත්තෙ. ඇත්තටම හරිම පුදුම දෙයක් සිද්ධ වුණේ. මට තාමත් මේ පින්තූරෙ දකින කොට පුදුමයි. වටිනා මතක සටහනක්.’
ඇගේ පුදුමය තවත් වැඩි වුණා, මේක අන්තර්ජාලය හරහා වැඩි දෙනකු අවධානය යොමු වුණාම.
‘අපි හිතුවෙ නෑ මේ තරම් දෙනෙක් මේ පින්තූරෙට කැමති වෙයි කියලා.’ ඔවුන් කියනවා.
තවත් පුදුම හිතෙන දෙයක් තියෙනවා. මේ බබාට දාල තියෙන නම. නෙවායි (Nevaeh) කියන නම ඔවුන් හදා ගෙන තියෙන්නෙ හෙවන් (Heaven) කියන වචනයෙ අකුරු අග සිට මුලට ලියලයි. අපූරුයි නේද?
රූපවාහිනී වීඩියෝව පහතින් බලන්න.
උපුටා ගන්නා ලද්දේ...
http://www.malkakulu.com/2013/01/blog-post_4.html