දෙවියන් සර්වබලධාරී කියන එකේ තේරුම ඔහු කැමති දේ කැමති පරිදි කරන නිසා. කැමති දේ කැමති විදිහට මැවීම ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ව මැවීම ඔහුගේ තීරණයක්. ඔවුන් සඳහා ජිවිතයක් දීම ඔහුගේ තීරණයක්. ස්වර්ගය හා නිරය මැවීම ඔහුගේ තීරණයක්. එසේම මිනිසුන්ව කෙලින්ම ස්වර්ගයට හෝ නිරයට යැවීමට තීරණය කිරීම ලේසියි.....
එනිසා, ඔබ දකින "අඩුපාඩු" අහඹු වැරදීමක් නිසා වූ දෙයක් නොව, plan කළ ආකාරයට සිදුවූ ඒවා.....
.....කෙනෙක් අපායට යනවනම් ඒ ඔහුගේමයි වැරැද්ද. එහෙම වෙන විදිහට තමයි සාධාරණව විභාගය පැවැත්වෙන්නෙ......
හරි වැරැද්ද තේරුම් ගැනීමට කෙනෙක්ට බුද්ධියක් තිබිය යුතුයි.ඇත්ත බොරුව වෙන් කරලා හදුනා ගන්නේ එයින්. උවමනාව විතරක් තිබුනට ගණනක් හදන්න බෑනේ. සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕන කරනවා ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක ගුණාංග.
1. වීර්ය
2. ප්‍රඥාව
3. විශ්වාසය
කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඇත්ත ඇහුවත් බොරුව ඇහුවත් තමන්ගේ විචක්ෂණ බුද්ධියෙන් විමර්ශනය කරලා නිවැරදි දේ අරගෙන වැරදි දේ බැහැර කරන්න. ඉහත කිව්ව ගුණාංග තුනම ඊට අවශ්‍ය වෙනවා. මොනවා නැතත් තියුණු ප්‍රඥාව තියෙනවා නම් වහා හරි වැරැද්ද අවබෝධ කරගෙන විශ්වාසය ඇති කර ගන්න පුළුවන්. මේ ප්‍රඥාව එකිනෙකාට වෙනස් වෙනවා. කුඩා ළමුන්ගේ බුද්ධි මට්ටම් උපතින්ම වෙනස් වෙනවා. ඒ මොනවා වුනත් හැම දේටම බුද්ධිය හේතුවන්නේ නැත.දැන් උදාහරණෙකට ගන්න පාතාලයේ මැරයෙක්ග් බිරිදගේ කුසේ දරුවෙකු මැව්වා කියල. එම දරුවා හැදී වැඩෙන්නේ මුඩුක්කු පාතාල පරිසරයක. ඔහු මතුදින වැඩිහිටි සමාජයට එක්වන්නේ තවත් පාතාල සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ජීවිකාව මිනී මැරීම හා කුඩු විකිණීමය . එය කුරානයට
අනුව පාපයක්. නමුත් ඔහු එම පාපයට වන්දි ගෙවිය යුතුද? එයට වරදකරු ඔහුද නැතිනම් එවන් පරිසරයක ඔහුව මැවූ කෙනාද? ඔහුට ඇත්ත දැනගැනීමට උවමනාව තිබුනද ඒ ඇත්ත ඔහුට කියන්නේ කවුද? පාසල් යාමට ඔහුට පියා ඉඩ නොදීම ඔහුගේ වරදක් නොව. කුඩා කල සිට පියාගේ ජාවාරම් වලට කත් අදින්නට සිදුවූයේ ඔහුගේ වරදීන් නොව. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යන්නේද දෙවියන්වහන්සේ මවන ලද පිළිකාවක් නිසාය. ඔහු අපායේ දැමීම යුක්ති සහගත නොවේ.
තවත් උදාහරණයක් ගන්නවානම් ඔහු මැවූ දිනම වෙනත් දරුවෙකු ගුරු මාතාවකගේ කුසේ මවයි. ඔහුගේ පියා වරලත් ඉංජිනේරුවරයෙක්යයි සිතන්න. මෙම දෙමව්පියන් ගත කරන්නේ කුරා කුහුඹුවෙකුටවත් වරදක් නැති දැහැමි ජීවිතයය. පුතාට දක්වන්නේ බුද්ධිය මුසුවූ ආදරයකි. මෙම දරුවා කුරානයේද පිළිගන්නා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජයට එක් වේ. පෙර කී දාමාරිකයා පව් කාරයෙකු වන්නට හා මොහු පින්කාරයෙකු වීමට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ පරිසරයය. පෙර කී පාතාල සාමාජිකයා පරීක්ෂණය අසමත් වුයේ ඔහුව එවැනි පරිසරයක මැව්ව නිසාය. මැවුම්වාදය සත්‍ය නම් එය ඉතා අසාධාරණ මැවීමකි. මෙවැනි අසාධාරණ මැවුම්වාදයක් කිසිවිට පිළිගත නොහැක. ඔබ කියනා පරීක්ෂණය සැබවින්ම අසාධාරණය. එයද පිළිගත නොහැක. මෙවැනි අසාධාරණ දේ කිරීමට දෙවියන්වහන්සේ තුල කැමැත්තක් තිබේ නම් ඔහු කිසිවිට කරුණාවන්ත කෙනෙකු යයි පිළිගත නොහැක.
ඔබ මාගේ අනෙකුත් ප්‍රශ්න වලටද පරීක්ෂාවක් කියා ඇත. එයටද එකග වීම අපහසුය. නිවැරදි අය පිළිකා වලින් දුක් විදිනා බව ඔබ අසා ඇතැයි සිතමි. ඔවුන් එතරම් නිවැරදි ලෙස ජීවත් වුවද ඔවුන්ගේ පරීක්ෂාව ඉතා වේදනාකාරීය. එහෙත් ඇතැමුන්ට ලෙඩ අඩුය. ඔවුන් කිසි වේදනාවක් නොමැතිව පරීක්ෂණයට සාර්ථකවද මුහුණ දෙති. අනෙක් අයට දෙන වේදනාකාරී පරීක්ෂණය
අසාධාරණය. ඔවුන්ගේ ඉවසීම අනෙක් අයට වඩා වැඩියෙන් පෙන්වීමට සිදු වී ඇත. ඔහු වැරදි කරනා නිසා යයි ඔබ කියන්නට පුළුවන. නැත. ඇතැම් නිවැරදි අයද වේදනාකාරී පරීක්ෂණ වලට බදුන් වෙති. ඊලග ජීවිතයේදී ඔවුන්ට වැඩි සැපක් ලැබෙන්නේ නම් එයද අසාධාරණය. අනෙක් අයට නිවැරදි වුවද වැඩි ඉවසීමක් පෙන්වීමට අවස්ථාවක් ඔවුන්ට නොදුන්නේ ඇයි?
අනෙක උදේ හවා යාතිකා කරනා අය වැඩිපුර සිටිනා රටවලට භූමිකම්පා මැවීම සාධාරණ නැත . ඔවුන්ටද අනෙක් අයට මෙන්ම ව්‍යසන වලට මුහුණ දෙන්න වන්නේ නම් යාතිකාවේ ඵලක් නැත.
මන්ද බුද්ධික ළමුන්ට පරීක්ෂාවක් නොමැති බවත් පරීක්ෂා කරන්නේ දෙමව්පියන් පමණක් බවත් ඔබ කියා ඇත. නමුත් එම දරුවන් මනුස්ස ශරීරයක් තුල තව කෙනෙකුගේ පරීක්ෂාවක් නිසා
දුක් විදීම අසාධාරණය. තමාගේ දෙයක්වත් හරිහැටි කිරීමට නොහැකිවීම තරම් දුකක් තිබිය හැකිද? පෙර ලියු ගුරු මාතාවගේ දරුවාද පරීක්ෂණයෙන් සමත් වෙයි. එමනිසා ඔහුගේ ඊලග ජීවිතයද යහපත්ය. නමුත් අසාධාරණ විදිහකට මන්ද බුද්ධික ලෙස මවන ලද දරුවාගේද ඊලග ජීවිතය අනෙක් දරුවාගේ මෙන් වුවද මේ ජීවිතේදී ඔහුට අසාධාරණ පරීක්ෂාවක් දුන්නේ ඇයි?
මරා දැමීම ගැන කියා ඇති දෙයද පිළිගත නොහැක. ඔවුන් විරුද්ධවාදීන් වන්නට හේතුවක් තිබිය යුතුය. ඇත්ත තේරුම් ගැනීමට නොහැකි අඩු බුද්ධි මට්ටම, වැරදි පරිසරය, ජානමය දුර්වලතා හෝ
අසනීප වැනි හේතු නිසා ඇත්ත නැත්ත තෝරා ගැනීමට නොහැකි වී ඇත. මෙම හේතූන් සියල්ලටම හේතුවද එහි නිර්මාතෘ මිස ඔවුන් නොවන ඔබට තේරෙන්නේදැයි නොදනිමි.
ඔබ මෙතෙක් දුන් පිළිතුරු වලට මැවුම්වාදයේ අසාධාරණය තහවුරු වූවා මිස සාධාරණයක් නොපෙනේ. මින් ඉදිරියට මේ ගැන සාකච්චා කළහොත් මැවුම්වාදය ගැන පිළිකුලක් වුවද ඇති විය හැක. එම නිසා ඊට පෙර මේ සාකච්චාව නවතා දැමීම උචිත බව ඔබ තේරුම් ගනු ඇතැයි
මම බලාපොරොත්තු වෙමි.
Last edited:




කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද?


