(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

Juscurio

Member
Nov 11, 2010
98
7
0
දෙවියන් සර්වබලධාරී කියන එකේ තේරුම ඔහු කැමති දේ කැමති පරිදි කරන නිසා. කැමති දේ කැමති විදිහට මැවීම ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ව මැවීම ඔහුගේ තීරණයක්. ඔවුන් සඳහා ජිවිතයක් දීම ඔහුගේ තීරණයක්. ස්වර්ගය හා නිරය මැවීම ඔහුගේ තීරණයක්. එසේම මිනිසුන්ව කෙලින්ම ස්වර්ගයට හෝ නිරයට යැවීමට තීරණය කිරීම ලේසියි.....

එනිසා, ඔබ දකින "අඩුපාඩු" අහඹු වැරදීමක් නිසා වූ දෙයක් නොව, plan කළ ආකාරයට සිදුවූ ඒවා.....

:rolleyes:

.....කෙනෙක් අපායට යනවනම් ඒ ඔහුගේමයි වැරැද්ද. එහෙම වෙන විදිහට තමයි සාධාරණව විභාගය පැවැත්වෙන්නෙ......

හරි වැරැද්ද තේරුම් ගැනීමට කෙනෙක්ට බුද්ධියක් තිබිය යුතුයි.ඇත්ත බොරුව වෙන් කරලා හදුනා ගන්නේ එයින්. උවමනාව විතරක් තිබුනට ගණනක් හදන්න බෑනේ. සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕන කරනවා ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක ගුණාංග.

1. වීර්ය
2. ප්‍රඥාව
3. විශ්වාසය

කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඇත්ත ඇහුවත් බොරුව ඇහුවත් තමන්ගේ විචක්ෂණ බුද්ධියෙන් විමර්ශනය කරලා නිවැරදි දේ අරගෙන වැරදි දේ බැහැර කරන්න. ඉහත කිව්ව ගුණාංග තුනම ඊට අවශ්‍ය වෙනවා. මොනවා නැතත් තියුණු ප්‍රඥාව තියෙනවා නම් වහා හරි වැරැද්ද අවබෝධ කරගෙන විශ්වාසය ඇති කර ගන්න පුළුවන්. මේ ප්‍රඥාව එකිනෙකාට වෙනස් වෙනවා. කුඩා ළමුන්ගේ බුද්ධි මට්ටම් උපතින්ම වෙනස් වෙනවා. ඒ මොනවා වුනත් හැම දේටම බුද්ධිය හේතුවන්නේ නැත.දැන් උදාහරණෙකට ගන්න පාතාලයේ මැරයෙක්ග් බිරිදගේ කුසේ දරුවෙකු මැව්වා කියල. එම දරුවා හැදී වැඩෙන්නේ මුඩුක්කු පාතාල පරිසරයක. ඔහු මතුදින වැඩිහිටි සමාජයට එක්වන්නේ තවත් පාතාල සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ජීවිකාව මිනී මැරීම හා කුඩු විකිණීමය . එය කුරානයට
අනුව පාපයක්. නමුත් ඔහු එම පාපයට වන්දි ගෙවිය යුතුද? එයට වරදකරු ඔහුද නැතිනම් එවන් පරිසරයක ඔහුව මැවූ කෙනාද? ඔහුට ඇත්ත දැනගැනීමට උවමනාව තිබුනද ඒ ඇත්ත ඔහුට කියන්නේ කවුද? පාසල් යාමට ඔහුට පියා ඉඩ නොදීම ඔහුගේ වරදක් නොව. කුඩා කල සිට පියාගේ ජාවාරම් වලට කත් අදින්නට සිදුවූයේ ඔහුගේ වරදීන් නොව. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යන්නේද දෙවියන්වහන්සේ මවන ලද පිළිකාවක් නිසාය. ඔහු අපායේ දැමීම යුක්ති සහගත නොවේ.

තවත් උදාහරණයක් ගන්නවානම් ඔහු මැවූ දිනම වෙනත් දරුවෙකු ගුරු මාතාවකගේ කුසේ මවයි. ඔහුගේ පියා වරලත් ඉංජිනේරුවරයෙක්යයි සිතන්න. මෙම දෙමව්පියන් ගත කරන්නේ කුරා කුහුඹුවෙකුටවත් වරදක් නැති දැහැමි ජීවිතයය. පුතාට දක්වන්නේ බුද්ධිය මුසුවූ ආදරයකි. මෙම දරුවා කුරානයේද පිළිගන්නා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජයට එක් වේ. පෙර කී දාමාරිකයා පව් කාරයෙකු වන්නට හා මොහු පින්කාරයෙකු වීමට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ පරිසරයය. පෙර කී පාතාල සාමාජිකයා පරීක්ෂණය අසමත් වුයේ ඔහුව එවැනි පරිසරයක මැව්ව නිසාය. මැවුම්වාදය සත්‍ය නම් එය ඉතා අසාධාරණ මැවීමකි. මෙවැනි අසාධාරණ මැවුම්වාදයක් කිසිවිට පිළිගත නොහැක. ඔබ කියනා පරීක්ෂණය සැබවින්ම අසාධාරණය. එයද පිළිගත නොහැක. මෙවැනි අසාධාරණ දේ කිරීමට දෙවියන්වහන්සේ තුල කැමැත්තක් තිබේ නම් ඔහු කිසිවිට කරුණාවන්ත කෙනෙකු යයි පිළිගත නොහැක.

ඔබ මාගේ අනෙකුත් ප්‍රශ්න වලටද පරීක්ෂාවක් කියා ඇත. එයටද එකග වීම අපහසුය. නිවැරදි අය පිළිකා වලින් දුක් විදිනා බව ඔබ අසා ඇතැයි සිතමි. ඔවුන් එතරම් නිවැරදි ලෙස ජීවත් වුවද ඔවුන්ගේ පරීක්ෂාව ඉතා වේදනාකාරීය. එහෙත් ඇතැමුන්ට ලෙඩ අඩුය. ඔවුන් කිසි වේදනාවක් නොමැතිව පරීක්ෂණයට සාර්ථකවද මුහුණ දෙති. අනෙක් අයට දෙන වේදනාකාරී පරීක්ෂණය
අසාධාරණය. ඔවුන්ගේ ඉවසීම අනෙක් අයට වඩා වැඩියෙන් පෙන්වීමට සිදු වී ඇත. ඔහු වැරදි කරනා නිසා යයි ඔබ කියන්නට පුළුවන. නැත. ඇතැම් නිවැරදි අයද වේදනාකාරී පරීක්ෂණ වලට බදුන් වෙති. ඊලග ජීවිතයේදී ඔවුන්ට වැඩි සැපක් ලැබෙන්නේ නම් එයද අසාධාරණය. අනෙක් අයට නිවැරදි වුවද වැඩි ඉවසීමක් පෙන්වීමට අවස්ථාවක් ඔවුන්ට නොදුන්නේ ඇයි?

අනෙක උදේ හවා යාතිකා කරනා අය වැඩිපුර සිටිනා රටවලට භූමිකම්පා මැවීම සාධාරණ නැත . ඔවුන්ටද අනෙක් අයට මෙන්ම ව්‍යසන වලට මුහුණ දෙන්න වන්නේ නම් යාතිකාවේ ඵලක් නැත.

මන්ද බුද්ධික ළමුන්ට පරීක්ෂාවක් නොමැති බවත් පරීක්ෂා කරන්නේ දෙමව්පියන් පමණක් බවත් ඔබ කියා ඇත. නමුත් එම දරුවන් මනුස්ස ශරීරයක් තුල තව කෙනෙකුගේ පරීක්ෂාවක් නිසා
දුක් විදීම අසාධාරණය. තමාගේ දෙයක්වත් හරිහැටි කිරීමට නොහැකිවීම තරම් දුකක් තිබිය හැකිද? පෙර ලියු ගුරු මාතාවගේ දරුවාද පරීක්ෂණයෙන් සමත් වෙයි. එමනිසා ඔහුගේ ඊලග ජීවිතයද යහපත්ය. නමුත් අසාධාරණ විදිහකට මන්ද බුද්ධික ලෙස මවන ලද දරුවාගේද ඊලග ජීවිතය අනෙක් දරුවාගේ මෙන් වුවද මේ ජීවිතේදී ඔහුට අසාධාරණ පරීක්ෂාවක් දුන්නේ ඇයි?

මරා දැමීම ගැන කියා ඇති දෙයද පිළිගත නොහැක. ඔවුන් විරුද්ධවාදීන් වන්නට හේතුවක් තිබිය යුතුය. ඇත්ත තේරුම් ගැනීමට නොහැකි අඩු බුද්ධි මට්ටම, වැරදි පරිසරය, ජානමය දුර්වලතා හෝ
අසනීප වැනි හේතු නිසා ඇත්ත නැත්ත තෝරා ගැනීමට නොහැකි වී ඇත. මෙම හේතූන් සියල්ලටම හේතුවද එහි නිර්මාතෘ මිස ඔවුන් නොවන ඔබට තේරෙන්නේදැයි නොදනිමි.

ඔබ මෙතෙක් දුන් පිළිතුරු වලට මැවුම්වාදයේ අසාධාරණය තහවුරු වූවා මිස සාධාරණයක් නොපෙනේ. මින් ඉදිරියට මේ ගැන සාකච්චා කළහොත් මැවුම්වාදය ගැන පිළිකුලක් වුවද ඇති විය හැක. එම නිසා ඊට පෙර මේ සාකච්චාව නවතා දැමීම උචිත බව ඔබ තේරුම් ගනු ඇතැයි
මම බලාපොරොත්තු වෙමි.:D

Last edited:

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට දැන් තමයි තේරෙන්නේ ලෝකයේ මිනිස්සු අල්ලා ට කොච්චර අපහස කරනවද කියලා .
    1. අල්ලා විසින් පරීක්ෂණ සඳහා මුස්ලිම් මිනිසුන් හට සිදු කරන සියලු රෝග ප්‍රතිකාර කර සුව කිරීම අල්ලා ට කරන අපහාසයකි
    2. භූමි කම්පා , ලැවූ ගිනි ,සුනාමි , මගින් මුස්ලිම් මිනිසුන් පරීක්ෂා කරන අතර විපතට පත් වූ වන්ට උදවු කිරීම මගින් අල්ලාගෙ පරීක්ෂණ නොසලකා හැරීම අල්ලාට කරන අපහාසයකි .
    3. රිසානා ඝාතනය අල්ලා ගේ කැමැත්ත වන අතර ශ්‍රීලංකා රජය එයට මැදිහත් වීම මගින් අල්ලාට අපහාස වීමේ අවස්තාව නූලෙන් මගහැරෙන ලදී .
    ඉහත කරුණු වලදී කනගාටු වනු වෙනුවට අල්ලා ගේ පරීක්ෂණයෙන් සමත් වීම පිලිබඳ සන්තෝෂය පළකිරීම සුදුසු බව මගේ හැගීමයි
    මෙවැනි අල්ලාට අපහාස වීම් බොහෝ විට අන්යාගමිකයන් මගින් සිදුවන අතර ආගමික සහජීවනය සඳහා මින්පසුවත් මෙවැනි වැරදි අල්ලා හට නොකර සිටීම වැදගත් වේ .
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    කේසි සුත්‍රය වග්ග

    අශවයන් දමනය කිරීම ජීවිකාව කරගත් කේසි නම් පුද්ගලයාගෙන් බුදුන් වහන්සේ මෙසේ විචාරයි.
    පින්වත් කේසි ඔබ අශ්වයන් දමනයට බොහෝ සමත් කම් දක්වන බව අසා තිබේ.කෙසේද ඔබ මේ නොදැමුණු ප්‍රචණ්ඩ අශවයන් දමනය කරන්නේ.
    භවත් ගෞතමයන් වහන්ස මා සමහරක් මෘදු ක්‍රම මගින් දමනය කරනවා.සමහරෙක් ඉතා කර්කශ ක්‍රම මගින් දමනය කරනවා. තවත් සමහරුන් මෘදු හා කර්කශ ක්‍රම දෙකෙන්ම දමනය කරනවා.
    කිමෙක්ද කේසි ඔබට මෘදු ,කර්කශ හා මෘදුත් කර්කෂත් යන ක්‍රමයන්ගෙන් දමනය නොවෙන අශවයෝත් වෙත්ද?
    එසේය ස්වාමීනි එවන් අශවයෝත් බොහෝ වෙති.එවන් උන්ගෙන් වැඩක් නැති නිසා මම උන් මරා දමන්නෙමි.

    කෙසිය,මමත් ඔබ මෙන්ම මෘදු ,කටුක හා එම දෙකෙන්ම ශ්‍රාවකයන් මිනිසුන් දමනය කරන්නෙමි.
    භවත් ගෞතමයනි ඔබට එසේ දමනය නොවන මිනිසුන්ට හා ශ්‍රාවකයන්ට ඔබ කුමක් කරන්නේද?
    මමද ඔබ මෙන්ම ඔවුන් මර දමන්නෙමි.
    කිමෙක්ද?ඔබ වැනි තථාගතයන් වහන්සේට එවන් ක්‍රියා නොගැලපෙන්නේ නොවේද ස්වාමීනි.?
    නැත කෙසිය තථාගතන් වහන්සේ ඔවුන් මරා දමන්නේ ජීවිතය නැති කිරීමෙන් නොවේ. මම එවන් පුද්ගලයන් හට කතා කිරීමෙන්ද අවවාද අනුශාෂනා කිරීමෙන්ද වැළකී සිටිමි ඔවුන් සමග කතා කිරීමද අවවාද අනුශාෂනා කිරීමද නොවනටිනා නිෂ්පල ක්‍රියාවක් නිසාය.

    :cool::cool::cool:
     
    හරි වැරැද්ද තේරුම් ගැනීමට කෙනෙක්ට බුද්ධියක් තිබිය යුතුයි.ඇත්ත බොරුව වෙන් කරලා හදුනා ගන්නේ එයින්. උවමනාව විතරක් තිබුනට ගණනක් හදන්න බෑනේ. සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕන කරනවා ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක ගුණාංග.

    1. වීර්ය
    2. ප්‍රඥාව
    3. විශ්වාසය

    කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඇත්ත ඇහුවත් බොරුව ඇහුවත් තමන්ගේ විචක්ෂණ බුද්ධියෙන් විමර්ශනය කරලා නිවැරදි දේ අරගෙන වැරදි දේ බැහැර කරන්න. ඉහත කිව්ව ගුණාංග තුනම ඊට අවශ්‍ය වෙනවා. මොනවා නැතත් තියුණු ප්‍රඥාව තියෙනවා නම් වහා හරි වැරැද්ද අවබෝධ කරගෙන විශ්වාසය ඇති කර ගන්න පුළුවන්. මේ ප්‍රඥාව එකිනෙකාට වෙනස් වෙනවා. කුඩා ළමුන්ගේ බුද්ධි මට්ටම් උපතින්ම වෙනස් වෙනවා.

    ඔබ ආරම්භයේදීම, මෙලොව පරික්ෂාව ගැන නොකියන ලෙස කීමෙන් ඔබගේ predetermined mindset එක ගැන අදහසක් දීපු නිසාමයි, දැන් ඔබ මේ කියන දේවල් වලට පිළිතුරු ලෙස මම වැඩිපුර කලින්ම ලිව්වේ.

    බුද්ධිය අවශ්‍යයි හරි මාර්ගය හඳුනා ගැනිමට. එහෙත් එය පිළිගෙන එහි ගමන් කිරිමට එය පමණක් නොසෑහේ. තමන්ට අවශ්‍යතාවය සහ එය පිලිගැනිමට තරම් යටහත් බවක් තිබිය යුතුයි. සත්‍යය හඳුනාගෙනත් අවශ්‍යතාවය නැති අයට එය බලෙන් පෙවීමේ අවශ්‍යතාවයක් දෙවියන්ට නොමැත. සත්‍ය මාර්ගය අවශ්‍ය වන්නේ මිනිසුන්ටයි. එලෙස සත්‍යය මේ බව දැනුනත් උඩඟු බව නිසා එය ප්‍රතික්ෂේප කිරීමේ experience එකක් තිබූ අවස්ථාවක් සමහර විට ඔබටත් තිබිය හැකියි.

    11:15 AM

    ඒ මොනවා වුනත් හැම දේටම බුද්ධිය හේතුවන්නේ නැත.දැන් උදාහරණෙකට ගන්න පාතාලයේ මැරයෙක්ග් බිරිදගේ කුසේ දරුවෙකු මැව්වා කියල. එම දරුවා හැදී වැඩෙන්නේ මුඩුක්කු පාතාල පරිසරයක. ඔහු මතුදින වැඩිහිටි සමාජයට එක්වන්නේ තවත් පාතාල සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ජීවිකාව මිනී මැරීම හා කුඩු විකිණීමය . එය කුරානයට අනුව පාපයක්. නමුත් ඔහු එම පාපයට වන්දි ගෙවිය යුතුද? එයට වරදකරු ඔහුද නැතිනම් එවන් පරිසරයක ඔහුව මැවූ කෙනාද? ඔහුට ඇත්ත දැනගැනීමට උවමනාව තිබුනද ඒ ඇත්ත ඔහුට කියන්නේ කවුද? පාසල් යාමට ඔහුට පියා ඉඩ නොදීම ඔහුගේ වරදක් නොව. කුඩා කල සිට පියාගේ ජාවාරම් වලට කත් අදින්නට සිදුවූයේ ඔහුගේ වරදීන් නොව. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යන්නේද දෙවියන්වහන්සේ මවන ලද පිළිකාවක් නිසාය. ඔහු අපායේ දැමීම යුක්ති සහගත නොවේ.

    තවත් උදාහරණයක් ගන්නවානම් ඔහු මැවූ දිනම වෙනත් දරුවෙකු ගුරු මාතාවකගේ කුසේ මවයි. ඔහුගේ පියා වරලත් ඉංජිනේරුවරයෙක්යයි සිතන්න. මෙම දෙමව්පියන් ගත කරන්නේ කුරා කුහුඹුවෙකුටවත් වරදක් නැති දැහැමි ජීවිතයය. පුතාට දක්වන්නේ බුද්ධිය මුසුවූ ආදරයකි. මෙම දරුවා කුරානයේද පිළිගන්නා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජයට එක් වේ. පෙර කී දාමාරිකයා පව් කාරයෙකු වන්නට හා මොහු පින්කාරයෙකු වීමට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ පරිසරයය. පෙර කී පාතාල සාමාජිකයා පරීක්ෂණය අසමත් වුයේ ඔහුව එවැනි පරිසරයක මැව්ව නිසාය. මැවුම්වාදය සත්‍ය නම් එය ඉතා අසාධාරණ මැවීමකි. මෙවැනි අසාධාරණ මැවුම්වාදයක් කිසිවිට පිළිගත නොහැක. ඔබ කියනා පරීක්ෂණය සැබවින්ම අසාධාරණය. එයද පිළිගත නොහැක. මෙවැනි අසාධාරණ දේ කිරීමට දෙවියන්වහන්සේ තුල කැමැත්තක් තිබේ නම් ඔහු කිසිවිට කරුණාවන්ත කෙනෙකු යයි පිළිගත නොහැක.

    මෙයට පිළිතුර කලින්ම මම ලිව්වා. කිව්ව නැති දෙයක් තමයි ළමයින්ට, තේරෙන වයසක් වෙනකම් කරන ක්‍රියාවන්වලට කිසිම ආකාරයක පවක් ලියවෙනු නොලැබෙන බව. ඔවුන් එම තත්වයේම මරණයට පත් වුනත් කිසි දඬුවමක් නැත. හේතුව, ඔවුන්ට යමක් තීක්ෂණ ලෙස ත්රුම් ගත නොහැකි නිසා. තේරුම් ගත හැකි වැඩි වයසට පැමිණි පසුවයි, ඔහු මත වගකීම පැටවෙන්නේ. එනිසා, මම කලින් කී පරිදි, ඔහු කුමන පරිසරයක හැදුනත් කුමන ක්‍රමයකින් හෝ සත්‍යය පිළිබඳව ඔහුට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසනවා. එමගින් ඔහු ගන්නා තීරණයේ වගකීම ඔහු මතම පැටවෙනවා. එනිසා, එහි කිසිම අසාධාරණයක් නැත. දෙවියන්ගේ කරුණාව නිසාමයි එවැනි අවස්ථාවක් අප හට ලැබී තිබෙන්නේ. ඒ ගැන මම කලින් පැහැදිලි කළා.

    ඔබ මාගේ අනෙකුත් ප්‍රශ්න වලටද පරීක්ෂාවක් කියා ඇත. එයටද එකග වීම අපහසුය. නිවැරදි අය පිළිකා වලින් දුක් විදිනා බව ඔබ අසා ඇතැයි සිතමි. ඔවුන් එතරම් නිවැරදි ලෙස ජීවත් වුවද ඔවුන්ගේ පරීක්ෂාව ඉතා වේදනාකාරීය. එහෙත් ඇතැමුන්ට ලෙඩ අඩුය. ඔවුන් කිසි වේදනාවක් නොමැතිව පරීක්ෂණයට සාර්ථකවද මුහුණ දෙති. අනෙක් අයට දෙන වේදනාකාරී පරීක්ෂණය අසාධාරණය. ඔවුන්ගේ ඉවසීම අනෙක් අයට වඩා වැඩියෙන් පෙන්වීමට සිදු වී ඇත. ඔහු වැරදි කරනා නිසා යයි ඔබ කියන්නට පුළුවන. නැත. ඇතැම් නිවැරදි අයද වේදනාකාරී පරීක්ෂණ වලට බදුන් වෙති. ඊලග ජීවිතයේදී ඔවුන්ට වැඩි සැපක් ලැබෙන්නේ නම් එයද අසාධාරණය. අනෙක් අයට නිවැරදි වුවද වැඩි ඉවසීමක් පෙන්වීමට අවස්ථාවක් ඔවුන්ට නොදුන්නේ ඇයි?

    අනෙක උදේ හවා යාතිකා කරනා අය වැඩිපුර සිටිනා රටවලට භූමිකම්පා මැවීම සාධාරණ නැත . ඔවුන්ටද අනෙක් අයට මෙන්ම ව්‍යසන වලට මුහුණ දෙන්න වන්නේ නම් යාතිකාවේ ඵලක් නැත.

    මන්ද බුද්ධික ළමුන්ට පරීක්ෂාවක් නොමැති බවත් පරීක්ෂා කරන්නේ දෙමව්පියන් පමණක් බවත් ඔබ කියා ඇත. නමුත් එම දරුවන් මනුස්ස ශරීරයක් තුල තව කෙනෙකුගේ පරීක්ෂාවක් නිසා දුක් විදීම අසාධාරණය. තමාගේ දෙයක්වත් හරිහැටි කිරීමට නොහැකිවීම තරම් දුකක් තිබිය හැකිද? පෙර ලියු ගුරු මාතාවගේ දරුවාද පරීක්ෂණයෙන් සමත් වෙයි. එමනිසා ඔහුගේ ඊලග ජීවිතයද යහපත්ය. නමුත් අසාධාරණ විදිහකට මන්ද බුද්ධික ලෙස මවන ලද දරුවාගේද ඊලග ජීවිතය අනෙක් දරුවාගේ මෙන් වුවද මේ ජීවිතේදී ඔහුට අසාධාරණ පරීක්ෂාවක් දුන්නේ ඇයි?

    මරා දැමීම ගැන කියා ඇති දෙයද පිළිගත නොහැක. ඔවුන් විරුද්ධවාදීන් වන්නට හේතුවක් තිබිය යුතුය. ඇත්ත තේරුම් ගැනීමට නොහැකි අඩු බුද්ධි මට්ටම, වැරදි පරිසරය, ජානමය දුර්වලතා හෝ
    අසනීප වැනි හේතු නිසා ඇත්ත නැත්ත තෝරා ගැනීමට නොහැකි වී ඇත. මෙම හේතූන් සියල්ලටම හේතුවද එහි නිර්මාතෘ මිස ඔවුන් නොවන ඔබට තේරෙන්නේදැයි නොදනිමි.
    මේවා සෑම එකකටම මම විස්තරාත්මක කලින් පිළිතුරු දුන්නා. දෙවියන් මේ පරීක්ෂණය සාධාරණව පවත්වන ආකාරය ගැන පැහැදිලිව ලිව්වා. පව් සමාව ගැනත් පැහැදිලි කළා. එය ඔබට නොතේරෙන්නේද, නැතිනම් තේරුම් ගැනිමට ඕනෑකමක් නැතිද යන්න මම දන්නේ නෑ. කෙසේ වෙතත් මගේ වගකීම අසන්නාට කියා දීමයි. මම ඒ වගකීම කළා. දැන් මම ඒ වගකීමෙන් නිදහස්. එය පිළිගැනීම හෝ පිළිනොගැනීම ඔබ සතු අයිතියක්. හැම අයිතියක් සමගම වගකීමකුත් ලැබෙනවා.

    ඔබ මෙතෙක් දුන් පිළිතුරු වලට මැවුම්වාදයේ අසාධාරණය තහවුරු වූවා මිස සාධාරණයක් නොපෙනේ. මින් ඉදිරියට මේ ගැන සාකච්චා කළහොත් මැවුම්වාදය ගැන පිළිකුලක් වුවද ඇති විය හැක. එම නිසා ඊට පෙර මේ සාකච්චාව නවතා දැමීම උචිත බව ඔබ තේරුම් ගනු ඇතැයි
    මම බලාපොරොත්තු වෙමි.:D

    ඔබ මෙතෙක් කි දේවලින් තහවුරු වුනේ, මම කලින් හිතපු ඔබේ predetermined mindset එක ගැනයි. තවත් මේ ගැන සාකච්චා කළොත් සත්‍යය කුමක්ද යන්න පැහැදිලි වේවිදෝ කියා ඔබ බිය විය යුතු නැත. කෙසේ හෝ සෑම කෙනෙක්ම මරණයට පත්වෙන්න කලින් සත්‍යය කුමක්ද යන්න ඔහුට වැටහීමක් ලැබේවි. සමහර විට සත්‍යය සමහරුන්ට තිත්තයි. එය යටපත් කළා කියලා සත්‍යය වෙනස් වන්නේ නෑ. කුරානයත් පවසන්නේ,

    And say, “Truth has come and falsehood has vanished. Falsehood is surely bound to vanish.” (Al-Quran 17:81)

    මෙලොව දුක ගැන, සමහරුන්ගේ පැහැදිලි කිරීම කර්මය යි. (http://en.wikipedia.org/wiki/Karma). එය ඉන්දියාවේ දාර්ශනිකයන්ගේ ඉපැරණි සංකල්පයක් බවයි ලියල තියෙන්නේ. එය බුද්ධාගමේ පමණක් නොව හින්දු, ශීක්, ජයින් ආගම වලත් තියන බව කියනවා. එනම්, බුද්ධාගමේ එය අලුත් දෙයක් නොව එවකට පැවතුණු සංකල්පයක්. ශ්‍රාමණයින් ගෙන් එම අදහස ලැබුණු බව කියනවා.

    කෙනෙක් කලින් ලිව්වා, කාන්තාරේ හෝ අයිස් රටවල ඉපදීමටත් හේතුව කර්මය කියා. එනම්, අවශ්‍යතාවයට සතුන් මරා මස් කන්නට සිදුවන (ඒ පව සිදුවන) තැනක ඉපදිමට හේතුව කර්මය බවයි. ඒ අනුව ඔබ කී පාතාල මැරයෙකුගේ ළමයෙක්ව ඉපදිමට හේතුවත් කර්මයයි. එනම්, ඔහුගේ පෙර පව් නිසා. පව් කරන අයට මෙහෙම වෙනවා කියන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ නොවේද? ඔබ කියනවා වගේ ඔහු එම පරිසරය නිසාම නැවතත් පව්කාරයෙක් වුනොත් ඔහුගේ ඊලඟ අවස්ථාවත් එසේමයි නේද? ඔහුට කවදාවත් මේ වලෙන් ගොඩ එන්න හැකි වේවිද? හරි මාර්ගය පෙන්නලා දෙන කරුණාවන්ත දෙවි කෙනෙකුත් නෑ නේද? පව් සමා කරන්නත් කවුරුත් නෑ නේද? එවිට ඔහුට මෛත්‍රියක් දක්වන්න ඉන්නේ කවුද? සාධාරණය කෙසේ වෙතත්, මේ "කර්මය" යන සංකල්පයේ මෛත්‍රියක් ගෑවිලාවත් නැති බව නම් පැහැදිලියි!

    ඔබ යෝජනා කළ පරිදි මෙම සාකච්චාව නැවැත්වීම උචිත විය හැකියි. එයට හේතුව, එම සාකච්චාව මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් ගොඩක් ඔබ්බට ගිය නිසා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුදහමේ මස් කෑම ගැන කියා ඇතිදේ දැනගන්න. එයට හේතුව මම ඒ ගැන කලින් හිතාගෙන හිටියේ වැරදි විදිහට වීමයි. සමහරු ඒ ගැන දැනුවත් කළා. ඒවා හතර බිරි කතා වගේ පෙනුන නිසා ඒ ගැන ටිකක් searchත් කළා. අදහස් කළේ ඒ කියපු සියලු දේ වලින් බුදුදහමේ හරි අර්ථදැක්වීම කුමක්ද කියා දැනගන්න. හැබැයි වැඩි දෙනෙකුට ඒ ගැන දන්න බවක් පේන්න නෑ. Search කරලා දාපු ඒවලත් ඇත්ත නැත්ත කියන්න කවුරුත් නෑ. එසේ නැතිනම් එලෙස ඔබේ දහම ගැන වෙන අයට කියා දීමේ තහනමක් එහෙම තියනවද? එසේ නැතිනම් මෙම ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ඔබට අදහස් දැක්විය හැකියි. දැනුවත් කිරීමේ වාරය මම ඔබට ලබා දෙනවා.

    බෞද්ධයන්ට ඌරු ලේ බොන්න, මස් කන්න අනුමතකරන එක ගැන කතාකරන පොතක් මේක...

    http://www.uploadmb.com/dw.php?id=1357647926

    ඌරු ලේ බීලා විතරක් නෙමෙයි, මිනී මස් කරියකුත් කාලා!!!!!!!! ....ඊඊඊඊඊඊඊක්:eek::eek:

    දැන් තමයි තේරෙන්නේ කට්ටිය මොකද මේ subject එක ගැන silent කියලා.

    මස් කන එක සාධාරණීකරණය කරන්න වෙන මහන්සිය!! මස් කන්නත් ඕනේ, මෛත්‍රිය පෙන්නගන්නත් ඕනේ. නියම Show එකක් තමයි!

    මේක බැලුවොත් Diplomatic Legitimisation නම් ඉගෙන ගන්න පුළුවන්.
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0

    එලෙස සත්‍යය මේ බව දැනුනත් උඩඟු බව නිසා එය ප්‍රතික්ෂේප කිරීමේ experience එකක් තිබූ අවස්ථාවක් සමහර විට ඔබටත් තිබිය හැකියි.

    ඔය කියනා උඩගු බව කෙනෙක්ට ලබා දෙන්නේ ඔහුගේ මැවුම්කරු විසින්ම විය යුතුය. නැතිනම් මැවුම්වාදය එතැනින්ම ප්‍රතික්ෂේප කල යුතුය.

    මම කලින් කී පරිදි, ඔහු කුමන පරිසරයක හැදුනත් කුමන ක්‍රමයකින් හෝ සත්‍යය පිළිබඳව ඔහුට දැන ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසනවා. එමගින් ඔහු ගන්නා තීරණයේ වගකීම ඔහු මතම පැටවෙනවා. එනිසා, එහි කිසිම අසාධාරණයක් නැත. දෙවියන්ගේ කරුණාව නිසාමයි එවැනි අවස්ථාවක් අප හට ලැබී තිබෙන්නේ. ඒ ගැන මම කලින් පැහැදිලි කළා.

    කිසිසේත්ම එකග විය නොහැක. දෙදෙනාට සත්‍ය දැන ගැනීමට ඔය කියන විදිහේ සත්‍යයක් තිබේ නම් දැන ගැනීමට ලැබෙන්නේ වෙනස් කාල වලදීය. පළමුවන්නාට බොහෝ දුක් විදීමෙන් දැන ගන්නට ලැබෙන අතර ඊට පසුද වැඩිපුර අත්විදින්නට වන්නේ දුකය. අනෙකාට එසේ නැත. දෙදෙනාට වෙනස් ආකාරයේ සැලකිල්ල අසාධාරණයක් නොවන බව ඔබ කියන්නේ නම් මේ සාකච්චාව මින් ඉදිරියට ගෙන යාමෙන් කිසි ඵලක් නැත.

    සමහර විට සත්‍යය සමහරුන්ට තිත්තයි

    ඔබ දෙවියන්ගේ කැමැත්ත හා පරීක්ෂාව තිත්ත විය හැකි බව කියා නැවත
    දෙවියන් මේ පරීක්ෂණය සාධාරණව පවත්වන ආකාරය ගැන පැහැදිලිව ලිව්වා.

    ඔබ ජීවත් වන්නේ සිහින ලෝකයක විය යුතුය. පහත රූපසටහනේ දැක්වෙන්නේ අද දින මා මේ එලකිරියේම දුටු පින්තූරයක්ය.
    ATT00012.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1524950

    මේ කුඩා ළමුන්ට මෙසේ සලකා තිබියදී ඔබ සාධාරණ පරීක්ෂාවක් ගැන කියා ඇත. ඊට කිසිසෙත්ම එකග විය නොහැක. මේ කතාව මින් ඉදිරියට ගෙන යාම තේරුමක් නැත. එම නිසා මැවුම්වාදය ගැන ඔබගෙන් ප්‍රශ්න ඇසීම මෙතනින් නවතමි. ඒ නිසා පිළිතුරු සැපයීමෙන් ඔබගේ කාලය නිකරුනේ නාස්ති කර ගන්නේ නැතිවෙතැයි බලාපොරොත්තු වෙමි. අනවශ්‍ය ලෙස පිළිතුරු සපයා මාගේ කාලය නාස්ති නොකරන මෙන්ද ඉල්ලා සිටිමි.

    ඔබ අනෙකුත් ආගම් ගැන අසා ඇත. ඒවා බොහෝ ඒවායේ පදනම කර්මය වුවද බුදු දහම සියල්ල කර්මය ට භාර දීම ප්‍රතික්ෂේප කරයි. එම දහමට අනුව විශ්වයේ සිදුවන් ක්‍රියාවලීන් වලට බලපානා නියාම ධර්ම පහක් ඇත. කර්මය වනාහී ඉන් එකක් පමණි. ඒවා වැඩි දුර විස්තර කිරීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා උපුටා දැක්වීමක් කරමි. මේ ගැන වැඩි දුර මාගෙන් විමසනාවාට වඩා ඒ ගැන හොදින් කියවූ අයෙකුගෙන් ඇසීම වඩා උචිතය. ඔබ එසේ කරනු ඇති මම බලාපොරොත්තු වෙමි.

    න පබ්බතානං විවරං පවිස්ස යනාදී ධම්ම පද ගාථාවෙන් ආහසෙහි, මුහුද මැද හෝ පර්වත විවරයක ආදී කොතැනක හෝ සැඟ වී සිටියත්, කර්ම විපාක පල දෙන බව දේශිතය. මෙය මෙසේ වූවත්, බුදුරදුන් සියල්ල කර්මයට පවරා නැත. පූර්ව කර්මයෙන් සියල්ල සිදුවේය යන මතය, බන්ධනය කරන බුදු දහම කර්මාවාදී හෝ ආත්මවාදී නොවූ දහමක් බව කිව යුතු ය. මැදුම් පිළිවෙත අගය කරන බුදු දහම, පුද්ගල කුසලතාව අගය කරමින් කර්ම විපාක පවා වෙනස් කළ හැකි පිළිවෙත් උගන්වයි. එහෙත් සියලු කර්ම විපාක ක්‍ෂ්ය කළ නො හැකි ය. පෘථග්ජන මිනිසාට, සුළු සුළු කර්ම විපාක වෙනස් කළ හැකි මාර්ග පෙන්වා දී ඇත.

    අද බොහෝ අය බොහෝ සිද්ධිවලදී කර්මයට වගකීම පවරා පසෙකට වී බලා සිටිති. එසේම කටයුතු ඉබේම ඉටු වනතුරු කර්මය ගැන විශ්වාස තබා සිටිති. ඒ සියල්ල මිථ්‍යා අදහස් බව කිව යුතු ය. මෙලොව සිදු වන විවිධ සිදුවීම් නියාම ධර්ම පහක් අනුව ක්‍රියාත්මක වෙයි. උතු නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය යනු එම නියාම ධර්ම පහයි. මේ ස්වභාව න්‍යාය මුල් වීමෙන් ලොව පැවැත්ම සිදු වෙයි. මේවා ජීවිතවලට ද එලෙසම බලපායි. එසේ නම් සියල්ලම කර්මයට පැවතිය නොහැකි බව පැහැදිලිය. කර්ම ඬයාමය එම පහෙන් එකක් පමණකි. අනෙකුත් නියාම ධර්ම කර්ම විපාක සඳහා ද බලපායි. සෘතු ගුණය නිසා ලෝකයේ කාලගුණික වෙනස්කම් හේතුඵල ලෙස, ස්වභාවිකව සිදු වෙයි. මෙය උතු නියාමයයි.

    බීජයට අනුරූපව පැලය හට ගනියි. කිසිවකුගේ මැදිහත් වීමක් මේ සඳහා අවශ්‍ය නොවෙයි. මෙය බීජ නියාමයයි.

    හොඳ, නරක කර්ම වලට හොඳ නරක වශයෙන් විපාක ලැබෙනුයේ ද හේතු ඵල ලෙසයි. මෙය ‘කම්ම’ නියාමයයි. මෙහි ධම්ම නියාමයව භූමි කම්පා, ගිනි, කඳු පිපිරීම්, සුළි සුළං වැනි ස්වාභාවික විපත් ආදිය අයත් වෙයි. ඒවා කරවන කෙනෙක් නැත. සිතෙහි සිදුවන ක්‍රියාකාරීත්වය ද ස්වාභාවික සිදු වන ක්‍රියාදාමයකි. එය චිත්ත නියාමයයි.

    මෙකී පංච නියාම ධර්ම විවරණයට සමස්ත ලෝකයෙහි භෞතික හා මානසික සියල්ල අයත් වෙයි. කර්ම නියාමයට අයත් වන්නේ මෙම පහෙන් එක් කොටසක් පමණකි. ලොව සියල්ලම කර්මානුරූපව සිදු වෙතැයි පිළිගැනීම් එබැවින් වරදකි. අප ජීවිතයේ සිදු වන සියල්ල හෝ අප කරන සියල්ල අතීත කර්ම හේතුවෙන් ම සිදු වෙතැයි යන අදහස බුදුරදුන් බැහැර කොට ඇත්තේ, එම නිසයි. එහෙත් අප කළ අතීත කර්මවල විපාක අපට නොලැබෙනවා නොවෙයි. එය එසේ වූවත් අප ජීවිතයේ ලොකු කුඩා සෑම සිදුවීමක් පිටුපසම කර්මය තිබෙන බව, බුදු දහම හා පිළි ගනියි. අප කළ කර්ම එලෙස ම විපාක වශයෙන් විඳ දරා ගත යුතු ය. ඒ ගැන වෙන් කළ හැකි දෙයක් නැතැයි සිතීම ද, කර්ම නියාමය වරදවා වටහා ගැනීමකි.

    http://www.lakehouse.lk/budusarana/2007/11/01/tmp.asp?ID=vision03
     
    Last edited:

    ඔය කියනා උඩගු බව කෙනෙක්ට ලබා දෙන්නේ ඔහුගේ මැවුම්කරු විසින්ම විය යුතුය. නැතිනම් මැවුම්වාදය එතැනින්ම ප්‍රතික්ෂේප කල යුතුය.

    කිසිසේත්ම එකග විය නොහැක. දෙදෙනාට සත්‍ය දැන ගැනීමට ඔය කියන විදිහේ සත්‍යයක් තිබේ නම් දැන ගැනීමට ලැබෙන්නේ වෙනස් කාල වලදීය. පළමුවන්නාට බොහෝ දුක් විදීමෙන් දැන ගන්නට ලැබෙන අතර ඊට පසුද වැඩිපුර අත්විදින්නට වන්නේ දුකය. අනෙකාට එසේ නැත. දෙදෙනාට වෙනස් ආකාරයේ සැලකිල්ල අසාධාරණයක් නොවන බව ඔබ කියන්නේ නම් මේ සාකච්චාව මින් ඉදිරියට ගෙන යාමෙන් කිසි ඵලක් නැත.

    ඔබ දෙවියන්ගේ කැමැත්ත හා පරීක්ෂාව තිත්ත විය හැකි බව කියා නැවත

    ඔබ ජීවත් වන්නේ සිහින ලෝකයක විය යුතුය. පහත රූපසටහනේ දැක්වෙන්නේ අද දින මා මේ එලකිරියේම දුටු පින්තූරයක්ය.

    මේ කුඩා ළමුන්ට මෙසේ සලකා තිබියදී ඔබ සාධාරණ පරීක්ෂාවක් ගැන කියා ඇත. ඊට කිසිසෙත්ම එකග විය නොහැක. මේ කතාව මින් ඉදිරියට ගෙන යාම තේරුමක් නැත. එම නිසා මැවුම්වාදය ගැන ඔබගෙන් ප්‍රශ්න ඇසීම මෙතනින් නවතමි. ඒ නිසා පිළිතුරු සැපයීමෙන් ඔබගේ කාලය නිකරුනේ නාස්ති කර ගන්නේ නැතිවෙතැයි බලාපොරොත්තු වෙමි. අනවශ්‍ය ලෙස පිළිතුරු සපයා මාගේ කාලය නාස්ති නොකරන මෙන්ද ඉල්ලා සිටිමි.

    ඔබ අනෙකුත් ආගම් ගැන අසා ඇත. ඒවා බොහෝ ඒවායේ පදනම කර්මය වුවද බුදු දහම සියල්ල කර්මය ට භාර දීම ප්‍රතික්ෂේප කරයි. එම දහමට අනුව විශ්වයේ සිදුවන් ක්‍රියාවලීන් වලට බලපානා නියාම ධර්ම පහක් ඇත. කර්මය වනාහී ඉන් එකක් පමණි. ඒවා වැඩි දුර විස්තර කිරීමට මාගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා උපුටා දැක්වීමක් කරමි. මේ ගැන වැඩි දුර මාගෙන් විමසනාවාට වඩා ඒ ගැන හොදින් කියවූ අයෙකුගෙන් ඇසීම වඩා උචිතය. ඔබ එසේ කරනු ඇති මම බලාපොරොත්තු වෙමි.

    ඔබ මගේ ආගම ගැන ප්‍රශ්න ඇහුවා. මම පිළිතුරු දුන්නා. මම කලින්ම කිව්වා එය ඔබට අකමැති නම් එය මගේ ප්‍රශ්නයක් නොවන බව. ඔබ එය repeat කළ යුතු නෑ.

    හරි මාර්ගය කියාදීම දෙවියන්ගේ කාර්‍යයයි. එය පිලිගන්නේද නැද්ද යන තීරණය ගන්න මිනිසාට අයිතිය දී තිබෙනවා. උඩඟු බව වගේම යටහත් බවත් මවා තියනවා. ඒ දෙකෙන් යම් අවස්ථාවක් සඳහා තෝරාගන්නේ කුමක්ද යන අයිතිය මිනිසාට දී තියෙනවා. එය තීරණය කරන්න බුද්ධියක් දී තිබෙනවා. එනිසා දෙවියන් පිට වැරැද්ද පටවලා ගැලවෙන්න බෑ. මේ subject එකේදී උඩඟු වෙන කෙනෙකුට, පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට යටහත් වෙන්න අගේට බුද්ධිය පහල වෙන්නෙ!

    ඔබලා මෙලොවේ දුකෙන් මිදෙන්න හදනවා. එය විය හැකි දෙයක් නොවේ. මෙලොව තමයි "ජීවිතය" යයි හිතාගෙන "අසාධාරණය" හොයන්න යනවා. ප්‍රශ්නේ එතනයි. මතුපිටින් බැලුවම එහෙමයි පේන්නේ. මෙලොව ජීවිතය බස් නැවතුමකට උපමා කළ හැක. එනම් අපි යායුතු තැනට සූදානම් වෙනවා. බස් එක ආවොත් එහි නැගලා යනවා. යන්න කලින් ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන අපේ baggage එකේ තබනවා. හරි විශ්වාසය තියන අයට මෙලොව අඩුපාඩු දැනෙන්නේ සුළුවටයි. හේතුව, යන්න හදන තැන කිසි අඩුපාඩුවක් නොමැති වීමත්, මෙලොව ඉන්නේ ඉතා ස්වල්ප වේලාවක් වීමත් ය. අනික, මෙලොව අඩුපාඩු වැඩිවන තරමට, යන තැන ලැබෙන වරප්‍රසාද වැඩියි. එනිසා කිසි දුකක් නෑ. එමගින් මෙලොව වරප්‍රසාද වැඩි අය සමග සමතුලිත වෙනවා. කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. බස් නැවතුමේ තියන අඩුපාඩු කියමින් අනුන්ට බැන වදිමින්, ගමනට සූදානමක් නැතුව ඉන්න එකෙන් වන පාඩුව ඔහුටමයි. බස් එක ආවොත් යන්න වෙනවා. ඒ කියන්නෙ වෙලාව ආවොත් මැරෙන්න වෙනවා. එවිට baggage එක ලෑස්ති නැතිනම්, යන තැන ගිහිල්ලා කන්න වෙන්නේ පරිප්පු තමයි!

    ඔබ සමහර වීඩියෝ/ෆොටෝ දාලා වැරැද්ද දෙවියන් පිට පටවන්න හදනව වගේ. ඔබ මතුපිටින් බලන නිසා ඒ වගේ පෙනෙයි. ඒ "දුක" ගැන ඔබලා දෙන පිළිතුර මොකද්ද? පන්සලට වෙලා භාවනා කරන එකද? එතකොට ඔක්කොම හරි යයිද? ඉස්ලාමය දෙන්නේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරු. "සකාත්" නමැති අනිවාර්ය දුගී බද්දක් පෝසත් අයගෙන් ගන්නවා. එය දුගීන්ට දිය යුතුයි. හැම වසරකම එය කළ යුතුයි. එසේ නොකළහොත් ඒ පෝසතාට පව්. අපායේ යන්නත් සිදුවෙවී. කෙනෙකුගේ දුගී බව ඒ දුප්පතාට පමණක් නොව පෝසතාටත් පරීක්ෂණයක් වන බව පේනවාද? දවස් කීපයකින් දෙවියන්ගේ මෙලොව විභාගය ගැන ඔක්කොම ඔබට තේරුම් ගන්න අමාරුයි.

    එලෙස මතුපිටින් බලලා තමයි, එකල දාර්ශනිකයෝ මෙලොව ඇති "දුක" පැහැදිලි කරගන්න බැරිකොට, මෙම "කර්මය" invent කළේ. එය ඔබලාගේ බුදුන් අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු මතුපිටින් බලලා හදපු theory එකකට තමයි ඔබේ බුදුන් පිළිතුරු සපයල තියෙන්නේ. එම පිළිතුරු logical විය හැකියි. එනමුත්, අඩිතාලම හැටියට යොදාගත්, අන් අය invent කළ කර්මයේ සත්‍යතාවය තහවුරු කළ හැකිද?

    මෛත්‍රිය ගැන කතා කලාට ප්‍රයොගිකව එය පෙන්විය හැකි මාර්ගයන් "කර්මය" මගින් වසා දමා තිබෙනවා. යමෙක් ආරාමයක සිට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියා කිව්වට, එහි අඩංගු ප්‍රාර්ථනාව අහන්න ඉන්නේ කවුද? ඒ ප්‍රාර්ථනාව අනුව වැඩ කටයුතු සකස් කරන්න ඉන්නේ කවුද? ඔබ කී පාතාල මැරයාගේ ළමයා දක්වා එය ගෙනියන්නේ ඉන්නේ කවුද? පව් සමා වීමකට කර්මය ඉඩ දෙන්නෙත් නෑ. එනිසා, එවැනි ව්‍යායාමයකින් තමන් තුළ මෛත්‍රියක් ඇතිවුනා යැයි සැනසීමට පත්වුනත් එයින් ඒ පාතාල මැරයගේ ළමයට කිසි ප්‍රයෝජනයක් නෑ. ඔබ කියයි, ඒ ළමයා වෙත ගොස් හරි මග කියා දෙනවා කියා. එයත් කතාවට හොඳයි, ප්‍රායෝගිකව කවුද කරන්නේ? අනික, ඔබටම ත්රෙන්නේ නැති දේවල් ඒ ළමයට තේරෙයිද? එනිසනේ ඔබටවත් තේරෙන්නේ නැති ගාථාවක් ගැන ලිපියක් මට කියවන්න දීල තියෙන්නෙ. ඒ දේ දර්ශනයක් ලෙස හොඳ ඇති. ඒත් මිනිසුන්ට පිළිපැදිය හැකි දෙයක්ද යන්න සැක සහිතයි.

    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ගත්තත්, සත්ව කරුණාව හොඳ දෙයක් යන්න කිසි සැකයක් නෑ. එනිසා, ප්‍රාණඝාතය සම්පුර්ණයෙන් තහනම්. සිද්ධාන්තය හොඳයි. එය ප්‍රයෝගිකව ස්ථාපිත කරන්න logical විදිහට මස් කෑම තහනම් කරන්න යනවිට ඝට්ටනයක් එනවා. බැරිවෙලාවත් තහනම් කලොත්, ඒ කාලේ හිටපු භික්ෂුන්ට ඉන්න වෙන්නේ බඩගින්නේ. එනිසා යමෙක් කියයි, මේ බඩගින්නට බය වෙලා සිද්ධාන්තය ස්ථාපිත කළේ නෑ කියා. මස් කෑම ගැන ඔබලගේම කෙනෙක් ලියා ඇති මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 <<By courtesy of Al Baik>>) මස් කෑම සාධාරණීකරණය කරන්න ගොඩක් මහන්සි වෙනවා. සත්ව කරුණාවත් පෙන්නන්න හදනවා. ඒත් එච්චර සාර්ථක නෑ. ඔබත් කියයි, මස් කන්න එපා කියා ඔබේ බුදුන් නොකියපු බව. ඒ පොතෙන් පැහැදිලි වන දේ තමයි, එසේ කළේ සිද්ධාන්තයක් වශයෙන් නොව ප්‍රායෝගික හේතු නිසා බව.

    එනිසා සමහර දේවල් සිද්ධාන්තයක් ලෙස හොඳයි. ඒත් එයින් ප්‍රයෝජන ලබන්නේ ඉතා සුළු පිරිසක්. හේතුව, සිද්ධාන්තය logical විය හැකි වුවත් එහි ප්‍රායෝගිකත්වය අල්පයි.

    යමෙකුට සත්‍යය තිත්ත වන්නේ, සත්‍යයේ ඇති ප්‍රශ්නයක් නිසා නොව එම පුද්ගලයාගේ ඇති අඩුපාඩුව නිසාය. උණ හැදුනු කෙනෙකුට රස කෑමක් පවා තිත්ත වෙනවා. මෙය පොඩි ළමයෙක් වුනත් දන්නා දෙයක්.

    එනිසා, ඉස්ලාමය ගැන ඔබේ අකමැත්ත නැවතත් repeat කළ යුතූ නැත. ඔබේ කර්මය ගැනත් මගේ අදහස් පැහැදිලිව කිව්වා. අප දෙදෙනා කියන දේ එකිනෙක compatible වෙන්නේ නෑ. මගේ ආගම ගැන ලියපු දේවල්, දැනුවත් කිරීම සඳහායි. ඔබේ ආගම ගැන ලියපු දේවල්, මගේ අදහස්. ඔබේ කර්මය ගැන කියන්න යමක් තියනවනම් ඔබට කිව හැකියි. බුද්ධිමතුන් බුද්ධිමත් විදිහට තීරණ ගනීවි. ඔබ ඒ ගැන බිය විය යුතු නෑ.

    තව එකක්, ඔබල මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන අපව දැනුවත් කරන්න ඇයි ඔය තරම් පසුබට?? මීට පොස්ට් දෙක තුනකට උඩින් ඇති ලින්ක් එකේ pdf පොත තියනවා. මෙතනත් දැම්මා (http://www.uploadmb.com/dw.php?id=1357647926 <<By courtesy of Al Baik>>). ඒ අදාල මාතෘකාව ගැනයි. ඒ ඔබලගෙම කෙනෙක් ලියපු එකක්. ඒක කියවල ඔබේ අදහස් දෙන්න. කියවන්න කලින් වමනය නොඑන්න tablet එකක් ගත්තත් හොඳයි.
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    උඹලගේ දෙවියන්ට තිබුන මිනිසාගේ ආහාරයට ඕන කෑම ජාති තවත් ගස් විදිහට මවන්ඩ එතකොට හරක් මස් ගහන් ගෙඩියක් කඩාගෙන කනව ,ඕනනම් chicken ගෙඩියක් ඒ වගේ . වැඩේ ලෙසයි සතුන්ටත් වේදනාවක් නැ. එතකොට අඩුම වේදනාවෙන් මරණ හැටි කියල දෙන්ඩ ඕනෙත් නෑ නේ.අනික අල්ලාහ් මොකටද ආහාරයට ගත නොහැකි සත්තු මැව්වේ. ගැබුරු මුහුදේ ඉන්න සත්තු මැව්වේ මොකද? කොටින්ම මුහුද මැව්වේ මොකට ද? අනික අල්ලාහ්ට තිබ්බ කෑමට ගතහැකි සත්තු පොඩිවට නැතුව අලියෝ වගේ size එකෙන් මවන්ඩ :shocked:.තඩි කුකුලෝ මවන්ඩ තිබ්බා.එකෙක් කපල ගත්තම ගම්මනේටම ඇති වෙන්ඩ. අපරාදෙනේ ගොඩක් මරන්නේ. අපරාදේ අර තල් මහා(whale) එහෙම මවන්ඩ වෙච්ච මහන්සිය.අනික අල්ලාහ් අපිට කෑමට කියල මවපු සත්තු නිකම් වයසට ගිහිල්ල එහෙම මැරෙන්ඩ දෙන්ඩ හොඳ නෑ :eek:.ඔක්කොම කන්ඩ ඕනේ .නැත්නම් judgement day ekedi ඇහුවොත් "යුෂ්මතා විසින් මා මවන ලද සතුන් අපතේ යාමට ඉඩ දුන්නේ මන්ද?"(සිංහලෙන් නෙමෙයි අහන්නේ හරිද ):no: කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද?

    ම්ලේචච ඉගැන්වීම් සාදාරනීකරණය කරන්ඩ උඹ දරපු උත්සාහය හොඳයි. එය උඹේ වරදක් නොව කුඩා කල පටන් සංවෘත මනසකින් ,මනස් ශෝදනයකින් ඔබට ලැබුණු දේවල් මිස ඔබට ඒසඳහා කල හැකි යමක් නැත.
    උඹ ජීව විද්‍යාව හදාරා ඇත්නම් පෙනෙයි සත්ව ශරීරයෙයි මිනිස් ශරීරයෙයි ඇති සමානකම්. සියල්ලන්ම එක වගේ ජීවින් කියන එක තෙරේම් යන්ඩ පොඩ්ඩක් ඒවත් ඉගෙන ගනින්. මිනිසාගේ මොලය දියුණු වීමත් එක්ක මිනිහට පුළුවන් උනා අනික් සතුන් Dominate කරන්ඩ. එච්චරයි වෙනස. අනික් හැම සතාටමත් අපි වගේම ජීවිතයක් තියෙනවා කියන එක පිළිගන්ඩ වෙනවා. අපි වගේ තවත් සතෙක් මරණ එක මොනම ක්‍රමයකටවත් සදරනීකරණය කරන්ඩ බෑ.මිනිස්සු දියුණු වෙනඩ වෙන්ඩ තිරිසන් වැඩ අඩු කරන්ඩ ඕනේ. එකයි මනුස්ස කම කියන්නේ . අර මම කාලාම සුත්‍රය කියල එකක් දැම්මේ. අන්න එකවත් බලලා හැම දී දිහාම විවෘත මනසකින් බලන්ඩ පුරුදු වියන්. දේව වාක්‍යය පරම සත්‍යය කියා කියා ඉන්නේ නැතුව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි ප්‍රස්නයක්.......මේ දෙවියෝ මිනිසුන්ව මවුවද?.....මොකක්ද බන් දෙවියන් මේ ලෝකයක් මවලා ගන්න අතල් එක ........උඹලම ටිකක් කල්පනා කරපල්ලා ......
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    පොඩි ප්‍රස්නයක්.......මේ දෙවියෝ මිනිසුන්ව මවුවද?.....මොකක්ද බන් දෙවියන් මේ ලෝකයක් මවලා ගන්න අතල් එක ........උඹලම ටිකක් කල්පනා කරපල්ලා ......

    දෙවියන්ට වෙන වැඩක් නැති නිසා බන්. මිනිස්සු මවල උන් හරියට ඉන්නවද බලල පරීක්ෂා කරලා එක එකා හරියට pray කරනවද බලල ,හොඳට ඉන්න එවුන්ට පොඩි පොඩි gifts දීලා වැරදි කරන එවුන්ට punishment දීලා මාර course එකක් තමා දෙව්‍යෝ දෙන්නේ .පොර නම් පට්ටම busy ඇති මේ හැම මගුලක්ම බලන්ඩ එපැයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උතරය අවශ්‍ය නැත යන්නයි. හලාල් වීම් හෝ නොවීම මුස්ලිම් අගමිකයෙකුට හැර වෙනත් කිසි වෙකුටත් මස් අනුභව කිරීම හෝ නොකිරීමට සාදකයක් නොවේ.
    බෞද්ධයින්ට මස් අනුභවය ට දීරිමත් කිරීමක් නැත. තහනම් කොටද නැත.(වැරදීමකි තහනම් කිරීම් බුදුදහමේ නැත ඇත්තේ මග පෙන්වීම්ය ) සත්ව ඝාතනයෙන් වලකින ලෙස පංච සීලයෙන් උගන්වා ඇත.
    භික්ශූන් වහන්සේලා අහර ගන්නේ ශරීරය පවත්වගේන යාමට මිස රස ඉඳුරන් පිනවීමට නිවිය යුතුයි . එතකොට මස් මාංශ නෙමෙයි භික්ෂුවක් තෘෂ්ණාවෙන් වට්ටක්කා කෑවත් සිදුවන්නේ එකම දෙයයි. භික්ෂුවක් පිණ්ඩපාතයේ යන විට කෑමට ලැබෙන ඕනෑම දෙයක් අනුභව කල හැකියි. දානෙට කුමක් ලැබුනත් භාර ගන්න ඕනේ. හැබැයි එහෙම ලැබෙන දානෙක මස් ඇති බව දකින භික්ෂුවකට මේ මස් මම සඳහාම මරණ ලද බවට නොදුටු නැසූ සහ සැක නැතිනම් පමණක් වලදීම කැපයි.
    හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිසුන්ටත් උගන්වන්නේ තෘෂ්ණාව නැති කරන ක්‍රමය.ඉතින් කවුරු හරි මස්ම හොයා හොයා කනවනම් එ මිනිහට වෙන්නේ අවැඩක් මිසක් හොඳක් නෙමෙයි. මේ තෘෂ්ණාව නැති කරගන්නවා කියපුවාම උඹට තේරෙන එකක් නැති වෙයි.හැබැයි මිනිහෙකුට මස් කැව කියල පවක් සිද්දවෙන්නේ නැ. හැබැයි නොකා ඉන්න පුලුවන්නම් හොඳයි.මොකද එක සතෙක්ගේ ජීවිතයක් හරි බේරගන්ඩ එක උදව්වක් වෙන නිසා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අහර ගන්නේ ශරීරය පවත්වගේන යාමට මිස රස ඉඳුරන් පිනවීමට නිවිය යුතුයි .

    ඒකෙන් අදහස් කරන්නේ කාමක් රසකරල කන්න බෑ කියන එකනේ?
    එහෙනම් ලුනු ඇඹුල් එක්ක රසට කන එකත් පවක් වෙනවනේ...

    ඒකෙන් අදහස් කරන්නේ කාමක් රසකරල කන්න බෑ කියන එකනේ?
    එහෙනම් ලුනු ඇඹුල් එක්ක රසට කන එකත් පවක් වෙනවනේ... විද්‍යාව මිනිසා සර්ව භක්ශිකයි කියන මතය ගැන බුදු දහම දරන්නේ මොනවගේ අදහසක්ද?
     
    • Like
    Reactions: anamnlmslmn

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හරි උඹට මම තේරුම් කරලා දෙන්නම් . එක තම මම කලින්ම කිව්වේ උඹල තෘෂ්ණාව නැති කරනවා කියන එක තේරෙන එකක් නැති වෙයි කියල.භිකුෂුකගේයි නිකම් මිනිහෙකුයි වෙනස මොක්කක්ද? හාමුදුරු නමක් බන් පංච ඉන්ද්‍රියන්(අස,කන,නාසය,දිව,ශරීරය ) පින්වන්ඩ නෙමෙයි මහන වෙන්නේ. උන්වහන්සේලා මේ වගේ ලෞකික බොළඳ දේවල් වලින් අත්මිදිලා නිර්වාණය ලබාගන්ඩ යන්නේ.ඉතාකොට හාමුදුරුවරු අහාර ගන්නේ ජීවත් වෙන්න මිසක් රස හින්ද දිව පිනවන්ඩ නෙමෙයි. ලුණු තිබ්බත් එකයි නැතත් එකයි. දිව විතරක් නෙමෙයි අනික් කිසිම දෙයක් පිනව පිනව ඉන්නේ නැ.
    ඒ හාමුදුරුවන්ට , සාමාන්‍ය මිනිහෙකුට වුනත් ඔය එක ඉන්ද්රියක්වත් අදික ලෙස පිනවා පිනවා ඉන්න එක අනුමත කරන්නේ නැ. අපි දකින දකින ගෑනි උස්සගෙන ගිහින් අහවල් වැඩේ කරන්නේ නෑනේ ? ඒවගේම තමයි අනික් ඉන්ද්රියනුත්. අදික ලෙස ආශාවන් පසු පස හබා යන එක හොඳ දෙයක් නෙමෙයි .
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Originally Posted by Al Baik
    බෞද්ධයන්ට ඌරු ලේ බොන්න, මස් කන්න අනුමතකරන එක ගැන කතාකරන පොතක් මේක...:shocked::shocked::shocked::shocked:

    http://www.uploadmb.com/dw.php?id=1357647926

    මතක ඇති කාලෙක මස් කඩේකට නොගිය අපිට ඔවැනි පොතක් download කරලා කියවන්න ඕන නැහැ. ඔච්චර ඔය පොත promote කරන්නේ මෙයාලම ලියපු එකක් වෙන්න ඇති. අපරාදේ කී සැරයක් link එක දාලද? තව එකක් ලියන්න මිනී මස් කෑම අනුමත කරලා. ඊට පස්සේ ලොකු දෙයක් කරනවා කියල හිතාගෙන link එක සැරින් සැරේ දාන්න. මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නම් කියවයි. අපිට නම් බැහැ.:)

    සල්ලි වලට මේගොල්ලෝ හාමුදුරුවරු ගන්න හදනවා කියලත් කතාවක් තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1525520
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මෙයා නම් එල්ලෙන්නම හදනවා මිසක් කිසි දෙයක් ඔලුවට ගන්නේ නැහැ. මෙයාට වැඩ නැති හන්ද මටත් ඒ විකාරම කරන්න කියනවා.මම විද්‍යාව ගැන මුකුත්ම නොලියා විද්‍යාව අවිද්‍යාව කරනවා කියල මට දොස් කියල. Hallucination තියෙන්නේ කාටද කියල එකෙන්ම තේරෙනවා. දැන් මස් කඩ කරන අයගෙන් තමයි විද්යාව ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. බෙල්ල කැපීමේ මානුෂික විදි තියෙනවා කියල මෙයා වගේ අයගෙන්ම තමා කාට හරි ඉගෙන ගන්න වෙන්නේ. බුද්ධිමත් කිසි කෙනෙක් බෙල්ල කැපිල්ල මානුෂිකයි කියන්නේ නැහැ මොන විදිහට කලත්. මල කුණක් කන එකෙයි අහිංසක සත්වයෙක්ගේ ජීවිතේ විනාශ කරන එකෙයි වෙනස වත් තේරෙන්නේ නැහැ. නියම බෞද්ධයෝ
    මල කුණු හොයන්නේ නැහැ. මෙගොල්ලෝම තමා හොයල ඒ අයට පව්කාර රස්සාවෙන් මිදෙන්න දෙන්නේ නැත්තේ.
    ඒ මිනිස්සුන්ට කාලකන්නි කිව්වේ එයාම තමයි. මිනිස්සු ගැන නියම කැක්කුමක් තියෙන කෙනා ඒ අයට වරදෙන් මිදෙන්න කියනවා මිසක් අපිට vitamin B ඕන නිසා ඕගොල්ලෝ මරන්න කියන්නේ නැහැ. බඩ පිරවිල්ල තමයි මෙගොල්ලන්ගේ එකම focus එක. ඇමරිකාව ගැන මෙයාගේ හිතේ තියෙන්නේ වෛරයක්. එක පැහැදිලියි. මොනවවුනත් වැඩිහරියක් ත්‍රස්ත කණ්ඩායම් මේගොල්ලෝ තමයි. සත්ව ඝාතනය වැරදියි කියන්න ආපු අයගෙන් බුදු දහම ගැන එල්ලී එල්ලී අහල ඒ මදිවට ඒ අය උගන්නන්න ආව කියලත් බැනල. සත්ව ඝාතනයට විරුද්ධ වෙන එකෙයි බුදු දහම ගැන කියන්න එන එකෙයි වෙනස වත් තේරෙන්නේ නැහැලු. ඊට පස්සේ එල්ලී එල්ලී බුදු දහම ගැන අහන හන්ද පොඩ්ඩක් කිව්වට ඒ පොඩ්ඩවත් තේරිලා නැහැ. තව කියල වැඩක් වෙයිද? එල්ලී එල්ලී එකම දේ අල එකම දේ කිව්වා කියලත් බැනල. එකම ප්‍රශ්නෙට වෙනස් විදිහට උත්තර දෙන්න බෑනේ. එයාටම මතක නැහැ එයා එකම ප්‍රශ්නේ කී සැරයක් අහනවද කියල. මම ලියන දේවල් මතක හිටියිද? ඒ මදිවට එකම ප්‍රශ්නේ එකම කෙනාගෙන් අහල ත්‍රෙඩ් දෙකක දාන්නේ නැහැ සිහි කල්පනාව තියෙන කෙනෙක්.:no:

    අනෙක මේගොල්ලෝ වගේ අය කාන්තාර වල ඕන තරම් ඉන්න නිසා එහෙ යන බෞද්ධයින්ට මල කුණු වලින් නම් අඩුවක් වෙන එකක් නැහැ.
    මේගොල්ලන්ගේ පොතේ හැටියට ගහක් කොලක් නැති කාන්තාර වල හරියට මිනිස්සු ඉන්නවලු. ඒ අයට මරන්න සත්තුත් හරියට ඉන්නවලු.කාන්තාරේ සත්තු ගහක් කොලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද දන්නේ නැහැ. ඒ සත්තුත් මෙයාගේ පොතේ හැටියට සේරම මාංශ භක්ෂක වෙන්න ඇති.:eek:

    අවශ්‍ය උත්තර සේරම තියෙද්දී එකක්වත් තේරුම් අරන් නැතිව ආයේ අහල උත්තර කෝ කියල. ආයෙත් අහන්න ආයේ නම් දාන්න එපා.
    :)
     
    උඹලගේ දෙවියන්ට තිබුන මිනිසාගේ ආහාරයට ඕන කෑම ජාති තවත් ගස් විදිහට මවන්ඩ එතකොට හරක් මස් ගහන් ගෙඩියක් කඩාගෙන කනව ,ඕනනම් chicken ගෙඩියක් ඒ වගේ . වැඩේ ලෙසයි සතුන්ටත් වේදනාවක් නැ. එතකොට අඩුම වේදනාවෙන් මරණ හැටි කියල දෙන්ඩ ඕනෙත් නෑ නේ.අනික අල්ලාහ් මොකටද ආහාරයට ගත නොහැකි සත්තු මැව්වේ. ගැබුරු මුහුදේ ඉන්න සත්තු මැව්වේ මොකද? කොටින්ම මුහුද මැව්වේ මොකට ද? අනික අල්ලාහ්ට තිබ්බ කෑමට ගතහැකි සත්තු පොඩිවට නැතුව අලියෝ වගේ size එකෙන් මවන්ඩ :shocked:.තඩි කුකුලෝ මවන්ඩ තිබ්බා.එකෙක් කපල ගත්තම ගම්මනේටම ඇති වෙන්ඩ. අපරාදෙනේ ගොඩක් මරන්නේ. අපරාදේ අර තල් මහා(whale) එහෙම මවන්ඩ වෙච්ච මහන්සිය.අනික අල්ලාහ් අපිට කෑමට කියල මවපු සත්තු නිකම් වයසට ගිහිල්ල එහෙම මැරෙන්ඩ දෙන්ඩ හොඳ නෑ :eek:.ඔක්කොම කන්ඩ ඕනේ .නැත්නම් judgement day ekedi ඇහුවොත් "යුෂ්මතා විසින් මා මවන ලද සතුන් අපතේ යාමට ඉඩ දුන්නේ මන්ද?"(සිංහලෙන් නෙමෙයි අහන්නේ හරිද ):no: කියල අයේ මොනවා කියන්ඩද?මාරම case එක කියන්නේ මිනිසා ලෝකෙට එන්ඩ අවුරුදු මිලියන ගණනකට කලින් හිටියනේ dinosorus කියල ජාතියක්. මිනිහෙක් පැත්ත පළාතකවත් නෑ හැබැයි අල්ලාහ් උන් සෙට් එක මවලා. මිනිහා මවන්ඩ කලින් trial test එකක් කරන්ඩ වෙනඩ ඇති එහෙම කරේ.එතකොට උන්ට උල්කාපාතයක් හරි ගිනිකඳු මවල හරි උන්ව වඳ කරේ මොකද දන්නේ නෑ ?. සුනාමි වගේ විපත් එවන්නේ මිනිසා පරීක්ෂා කරන්ඩ නම් එදා එහෙම කරන්ඩ ඇත්තේ Dino ල පරීක්ෂා කරන්ඩ වෙන්ඩෑති මගේ හිතේ.අර මොකක්ද විටමින් එකක් අල්ලාහ් මස් වල පමණක් මවල තියෙනව නේද?ඉතින් කාගේද වරද ?ඒ කියන්නේ අල්ලාහ් සත්තු මරන එක අනිවාර්ය කරා කියන එක ද?

    ම්ලේචච ඉගැන්වීම් සාදාරනීකරණය කරන්ඩ උඹ දරපු උත්සාහය හොඳයි. එය උඹේ වරදක් නොව කුඩා කල පටන් සංවෘත මනසකින් ,මනස් ශෝදනයකින් ඔබට ලැබුණු දේවල් මිස ඔබට ඒසඳහා කල හැකි යමක් නැත.
    උඹ ජීව විද්‍යාව හදාරා ඇත්නම් පෙනෙයි සත්ව ශරීරයෙයි මිනිස් ශරීරයෙයි ඇති සමානකම්. සියල්ලන්ම එක වගේ ජීවින් කියන එක තෙරේම් යන්ඩ පොඩ්ඩක් ඒවත් ඉගෙන ගනින්. මිනිසාගේ මොලය දියුණු වීමත් එක්ක මිනිහට පුළුවන් උනා අනික් සතුන් Dominate කරන්ඩ. එච්චරයි වෙනස. අනික් හැම සතාටමත් අපි වගේම ජීවිතයක් තියෙනවා කියන එක පිළිගන්ඩ වෙනවා. අපි වගේ තවත් සතෙක් මරණ එක මොනම ක්‍රමයකටවත් සදරනීකරණය කරන්ඩ බෑ.මිනිස්සු දියුණු වෙනඩ වෙන්ඩ තිරිසන් වැඩ අඩු කරන්ඩ ඕනේ. එකයි මනුස්ස කම කියන්නේ . අර මම කාලාම සුත්‍රය කියල එකක් දැම්මේ. අන්න එකවත් බලලා හැම දී දිහාම විවෘත මනසකින් බලන්ඩ පුරුදු වියන්. දේව වාක්‍යය පරම සත්‍යය කියා කියා ඉන්නේ නැතුව.

    ආ.... මේ මට බෞද්ධයින් මස් කන හැටි ගැන දැනුවත් කරපු ගුරුතුමානේ. ආපු එක හොඳයි. ප්‍රශ්න ටිකක් තියනව අහන්න. ඔබේ ඔය බයිලා ටික කියන්න දැන් පරක්කු වැඩියි ගුරුතුමනි.

    මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 - By courtesy of Al Baik®) තියනවා මෙහෙම.

    chora1.JPG

    මේක ටිකක් චොර තමයි. ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ ප්‍රශ්න ටික මේවයි.

    1. මේ කතාව ඇත්තක්ද? ඇත්තටම ඔබලාගේ බුදුන් ඌරු මස් කෑවද?

    2. මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

    ගුරුතුමනි, වැඩි දුර යන්න එපා. තව ප්‍රශ්න තියනවා අහන්න.
     
    Last edited:

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    මට දැන් තමයි තේරෙන්නේ ලෝකයේ මිනිස්සු අල්ලා ට කොච්චර අපහස කරනවද කියලා .
    1. අල්ලා විසින් පරීක්ෂණ සඳහා මුස්ලිම් මිනිසුන් හට සිදු කරන සියලු රෝග ප්‍රතිකාර කර සුව කිරීම අල්ලා ට කරන අපහාසයකි
    2. භූමි කම්පා , ලැවූ ගිනි ,සුනාමි , මගින් මුස්ලිම් මිනිසුන් පරීක්ෂා කරන අතර විපතට පත් වූ වන්ට උදවු කිරීම මගින් අල්ලාගෙ පරීක්ෂණ නොසලකා හැරීම අල්ලාට කරන අපහාසයකි .
    3. රිසානා ඝාතනය අල්ලා ගේ කැමැත්ත වන අතර ශ්‍රීලංකා රජය එයට මැදිහත් වීම මගින් අල්ලාට අපහාස වීමේ අවස්තාව නූලෙන් මගහැරෙන ලදී .
    ඉහත කරුණු වලදී කනගාටු වනු වෙනුවට අල්ලා ගේ පරීක්ෂණයෙන් සමත් වීම පිලිබඳ සන්තෝෂය පළකිරීම සුදුසු බව මගේ හැගීමයි
    මෙවැනි අල්ලාට අපහාස වීම් බොහෝ විට අන්යාගමිකයන් මගින් සිදුවන අතර ආගමික සහජීවනය සඳහා මින්පසුවත් මෙවැනි වැරදි අල්ලා හට නොකර සිටීම වැදගත් වේ .

    ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්‍රශ්නයකි.:(
     
    ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්‍රශ්නයකි.:(

    කියන්න දේවල් නැති වුනාම, මම කියපු දේ වලට opposite විදිහට අතින් බොරු දාලා ලියන අයගේ දේවල් වල එල්ලෙන්නේ මොකද? බොරු බල සේනාව වගේ ඔබේ දහමත් රකින්න ඔබට ඉතුරු වෙලා තියෙන්නේ බොරු බලයෙන්ද? :growl:
     
    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    පොඩි ප්‍රස්නයක්.......මේ දෙවියෝ මිනිසුන්ව මවුවද?.....මොකක්ද බන් දෙවියන් මේ ලෝකයක් මවලා ගන්න අතල් එක ........උඹලම ටිකක් කල්පනා කරපල්ලා ......

    මේ ත්‍රෙඩ් එක දමා ඇති කෙනාට මෙලොව ඇස් පණාපිට සිදුවෙන අසාධාරණය නොපෙනේ. ඇය තම පොත තුල අතරමන් වී ඇත.

    උඩඟු බව වගේම යටහත් බවත් මවා තියනවා. ඒ දෙකෙන් යම් අවස්ථාවක් සඳහා තෝරාගන්නේ කුමක්ද යන අයිතිය මිනිසාට දී තියෙනවා. එය තීරණය කරන්න බුද්ධියක් දී තිබෙනවා. එනිසා දෙවියන් පිට වැරැද්ද පටවලා ගැලවෙන්න බෑ.
    ඔය කියන තීරණ ගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ අසාධාරණය ඇයට නොපෙනේ.ඔය කියන බුද්ධි මට්ටමද වෙනස් වෙනවා. එමනිසා අඩු අයගෙන් වන වැරදි වලට ඒ අයට දොස් කීම අසාධාරණය. මෙතන අඩුයි කියන්නේ මන්ද බුද්ධික වීම නොවේ. IQ මට්ටම එකිනෙකාට වෙනස්. මේවා කුඩා දරුවන්ගේ පවා වෙනස්. මේ අසාධාරණය ඇයට නොපෙනේ:eek:.

    මේ subject එකේදී උඩඟු වෙන කෙනෙකුට, පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට යටහත් වෙන්න අගේට බුද්ධිය පහල වෙන්නෙ!
    පොලිස් නිලධාරියා ඉදිරියේ යටහත් වෙන්නේ වැරදිකරුවන්ය. එයද උඩඟු බවේ අඩුවීමක් නොව තම වරද අසුවෙතයි ඇතිවූ බිය නිසාය. එයට දඩුවම් විදීමට ඇති බිය නිසාය. නමුත් නිවැරදි කරුවන් බිය වන්නේ නැත. ඇය පොලීසියට බය වන්නේ ඇයිදැයි මම නොදනිමි.

    ඔබලා මෙලොවේ දුකෙන් මිදෙන්න හදනවා. එය විය හැකි දෙයක් නොවේ
    .

    Brain scans reveal French monk has 'abnormally large capacity' for joy - thanks to meditation

    A French genetic scientist may seem like an unusual person to hold the title - but Matthieu Ricard is the world's happiest man, according to researchers.

    The 66-year-old turned his back on Parisian intellectual life 40 years ago and moved to India to study Buddhism. He is now a close confidante of the Dalai Lama and respected western scholar of religion.

    Now it seems daily meditation has had other benefits - enhancing Mr Ricard's capacity for joy.

    Neuroscientist Richard Davidson wired up the monk's skull with 256 sensors at the University of Wisconsin as part of research on hundreds of advanced practitioners of meditation.

    The scans showed that when meditating on compassion, Ricard's brain produces a level of gamma waves - those linked to consciousness, attention, learning and memory - 'never reported before in the neuroscience literature', Davidson said.

    The scans also showed excessive activity in his brain's left prefrontal cortex compared to its right counterpart, giving him an abnormally large capacity for happiness and a reduced propensity towards negativity, researchers believe.

    Research into the phenomenon, known as "neuroplasticity", is in its infancy and Ricard has been at the forefront of ground-breaking experiments along with other leading scientists across the world.

    'We have been looking for 12 years at the effect of short and long-term mind-training through meditation on attention, on compassion, on emotional balance,' he said.

    'We've found remarkable results with long-term practitioners who did 50,000 rounds of meditation, but also with three weeks of 20 minutes a day, which of course is more applicable to our modern times.'

    He added to AFP: 'It's a wonderful area of research because it shows that meditation is not just blissing out under a mango tree but it completely changes your brain and therefore changes what you are.'

    He believes meditation can alter the brain and improve people's happiness in the same way that lifting weights puts on muscle.

    The son of philosopher Jean-Francois Revel and abstract watercolour painter Yahne Le Toumelin, became something of a celebrity after writing 'The Monk And The Philosopher' with his father. This was a dialogue on the meaning of life.

    He followed up with a practical guide in 2011 called 'The Art Of Meditation' making the case for why others should follow the same path.

    Read more: http://www.dailymail.co.uk/health/a...ge-capacity-joy-meditation.html#ixzz2I3auOIOK

    ඉහත ලිපියේ කියවෙන්නේ ලොව සතුටින්ම ජීවත් වන භික්ෂුවක් ගැනය. මුළු ලොවෙන්ම පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ භාවනාවෙනි.විද්‍යාඥයින් මෙතුමාගේ මොළයේ ගැමා තරංග නිරීක්ෂණයෙන් ඔප්පු කර ඇත. සමාධි භාවනාවෙන් මෙලෙස සතුටු විය හැකි නමුත් විපස්සනාවෙන් ලැබෙන සතුට ඊටත් එහා ගිය නිදහසක් බව කියවේ. දැන් බලන්න මේ එක උදාහරණයක් පමණි. අනෙක මෙතුමා භාවනා කර ඇත්තේ මෛත්‍රිය කරුණාව සිත තුල වර්ධනය වන ලෙසය. එයට මෙලොවදීම ප්‍රතිඵල ලැබී ඇත. මෙවැනි උදාහරණ ඈත අතීතයේ තිබුනද
    ඒවා ගැන පරීක්ෂා කිරීමට විද්‍යාවේ දියුණුවක් එකල නොතිබීම කණගාටුවට කාරණාවකි.

    Andy Francis (left) and associate scientist and Antoine Lutz (right) outfit Matthieu Ricard with a net of 128 sensors

    article-2225634-15BD1EB1000005DC-366_634x483.jpg

    A computer monitor displays graphic renderings of Matthieu Ricard's brain during an MRI test at the University of Wisconsin-Madison

    article-2225634-15C6E2E6000005DC-643_634x490.jpg

    Mr Ricard has undergone a battery of tests, including an MRI (left) to reveal how his 'enlightened' mind works

    article-2225634-15BD1EC4000005DC-916_306x453.jpg

    article-2225634-15C6F2F4000005DC-920_306x453.jpg

    A computer monitor displays data being recorded during an EEG test conducted with Mr Ricard

    article-2225634-15C6E6B8000005DC-770_634x338.jpg

    බස් එක ආවොත් යන්න වෙනවා
    බස් එක එවන්නේ දෙවියන්වහන්සේ නම් ඒ දෙවියන්ගේ කැමැත්තට
    විරුද්ධව මේ අය ක්‍රියා කිරීම වැරදියි නේද? උදාහරණයක් විදිහට ලෙඩ රෝග මවා ඇත්තේ පරීක්ශාවටය . එයට මුහුණ නොදී මිනිසුන් බෙහෙත් සෙවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. එම බෙහෙත් බොන අයද කරන්නේ පෙර කී අයගේ වරදට හවුල් වීමය.

    ඔය කියා ඇති බොදු බල සේනාවේ අයද මවා එවා ඇත්තේ දෙවියන්වහන්සේ නම් ඊට විරුද්ධ ත්‍රෙඩ් දැමීම දෙවියන්ගේ පරීක්ෂාවකට විරුද්ධ වීමක් විය යුතුය

    දෙවියන්වහන්සේ වාහන මැව්වේ නැත. කකුල් දෙක මවා දුන්නේ ඒවායින් ඇවිද්දවීමටය. වාහන නිපදවීම දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමකි. ඒවායේ ගමන් කර අනුබල දීම වරදකි.

    සුනාමි රළ පහර ලෙස එවන්නේ ඔය කියන බස් එකය. ඊට විරුද්ධව දිව යාම වරදක් විය යුතුය.

    "සකාත්" නමැති අනිවාර්ය දුගී බද්දක් පෝසත් අයගෙන් ගන්නවා.

    ඔය කියනා බද්ධෙන් දුප්පතා පොහොසත් වන්නේ නැත. පොහොසත් පවුලක මවන ලද දරුවෙකු ලබන සැප දුප්පත් දරුවාට ලැබෙන්නේ නැත. එතන ඇත්තේ අසාධාරණයක් පමණි.

    සත්‍යයේ ඇති ප්‍රශ්නයක් නිසා නොව එම පුද්ගලයාගේ ඇති අඩුපාඩුව නිසාය

    ඔය කියනා අඩුපාඩු ඇතිව අපව මවා ඇත්තේ දෙවියන්වහන්සේය. අපට
    ඇය කියනා සත්‍ය නොතේරීම ගැන දොස් කිව යුත්තේද එම අඩුපාඩු ඇතිව මැවූ දෙවියන්ටමය.

    ඇයට කර්මය ගැන ඇත්තේද වැරදි වැටහීමකි. එය කවුරුන් විසින් හෝ කරනා දෙයක් නොව. ශක්ති විශේෂයකි. සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ක්‍රියාවක් ඇති බව විද්යාවේද පිළිගැනේ. අප කරනා සෑම ක්‍රියාවකටම යම් ශක්තියක් යෙදිය යුතු වේ. එම ශක්තිය එක් රැස් වී ශුන්‍ය වනතුරු
    නැවත විපාක ලැබීම විද්‍යාවටද පටහැනි නැත.නමුත් මැය කියා ඇති මරණින් පසු යන ලෝකය ඇත්තේ ඔවුන්ගේ පොතේ පමණි. මුහමුද්ට ලිවීමේ කියවීමේ හැකියාව නොමැති නිසා මෙය වෙනකෙකු ලියා ඇති බව බොහෝ අයගේ මතයය. එසේ ලියද්දීද මෙයට ලියු අයගේ මතවාද එකතු වී තිබිය හැක. ඒ කුමක් වුවද පොතේ තිබු නිසා එය සත්‍ය විය යුතුය යන පිළිතුර තාර්කික
    එකක් නොවේ. එහි කිසි විද්යානුකූලභාවයක් නැත. එය කිසිදින විද්‍යාවෙන් ඔප්පු කල හැකි මතයක්ද නොවේය:(.

    අසාධාරණයෙන් බිදක්

    poverty1.jpg

    images

    fighting-poverty.jpg

    muslim-woman-stoned-to-death-for-adultery-300x226.jpg

    flash-flood-victims.jpg

    Philippines-flood31.jpg

    baha.jpg

    Japan-Earthquake-And-Tsunami.jpg

    thousands_dead_bodies.gif

    මට දැන් තමයි තේරෙන්නේ ලෝකයේ මිනිස්සු අල්ලා ට කොච්චර අපහස කරනවද කියලා .
    1. අල්ලා විසින් පරීක්ෂණ සඳහා මුස්ලිම් මිනිසුන් හට සිදු කරන සියලු රෝග ප්‍රතිකාර කර සුව කිරීම අල්ලා ට කරන අපහාසයකි
    2. භූමි කම්පා , ලැවූ ගිනි ,සුනාමි , මගින් මුස්ලිම් මිනිසුන් පරීක්ෂා කරන අතර විපතට පත් වූ වන්ට උදවු කිරීම මගින් අල්ලාගෙ පරීක්ෂණ නොසලකා හැරීම අල්ලාට කරන අපහාසයකි .
    3. රිසානා ඝාතනය අල්ලා ගේ කැමැත්ත වන අතර ශ්‍රීලංකා රජය එයට මැදිහත් වීම මගින් අල්ලාට අපහාස වීමේ අවස්තාව නූලෙන් මගහැරෙන ලදී .
    ඉහත කරුණු වලදී කනගාටු වනු වෙනුවට අල්ලා ගේ පරීක්ෂණයෙන් සමත් වීම පිලිබඳ සන්තෝෂය පළකිරීම සුදුසු බව මගේ හැගීමයි
    මෙවැනි අල්ලාට අපහාස වීම් බොහෝ විට අන්යාගමිකයන් මගින් සිදුවන අතර ආගමික සහජීවනය සඳහා මින්පසුවත් මෙවැනි වැරදි අල්ලා හට නොකර සිටීම වැදගත් වේ .

    ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්‍රශ්නයකි.:(

    බොරු දාලා ලියන අයගේ දේවල් වල එල්ලෙන්නේ මොකද?

    ඇය මේවා බොරු ලෙස හුවා දැක්වුවද ඇය කියනා දේවලට වඩා මේවායේ තාර්කික බවක් ඇති යයි සිතේ. ඇයට අනුව මේ ලෝකයේ සිදුවන සියල්ලක්ම දෙවියන්ගේ පරීක්ෂාවකි. එය එසේ නම් දෙවියන්ගේ කැමැත්ත වන රෝගාබාධ හා ව්‍යසන වලට විරුද්ධ වීම සුදුසුද යන්න ඇසීම සාධාරණ විය යුතුය. පොතට වහල් වූ විට තාර්කික දෑ බොරු මෙන් පෙනීම පුදුමයක් නොව:D

    Last edited:
    • Like
    Reactions: 121221