Bhumi Kampa & Buddhism ! ! !

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    74100_413618795381388_1463589766_n.png

    භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ "අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .
    "අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති"
    1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.
    සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්‌ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු"


    2 චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක්‌ බ්‍රාහ්මණයෙක්‌ හෝ මහත් ද්ධි ඇති දෙවියෙක්‌ හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි.
    යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සමපජානො මාතු කුච්äං ඔක්‌කමති, තදායං පඨවි කම්පති, අයං තනියො හෙතු"
    3 බෝසත් තෙමේ සිහිනුවණ ඇතිව තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳගන්නා අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ තෙවන හේතුවයි.
    "යදා බෝධිසත්තො සතො සම්පජානො මාතුකුච්äසමිං නික්‌ඛමති තදායං පඨවි කම්පති, අයං චතුත්ථො හේතු"
    4 බෝසත් තෙමේ සිහිනුවණින් මවුකුසින් නික්‌මෙන කල්හි මේ පොළොව කම්පා වෙයි. මේ සිව්වන හේතුවයි.
    "යදා තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අබිසම්බු-Cධති තදාZයං පඨවි කම්පති, අයං පඤ්චමො හෙතු"
    5 තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ පස්‌වන හේතුවයි.
    "යදා තථාගතො අනුත්තරං ධම්මචක්‌කං පවත්තෙති තදායං පඨවි කම්පති"
    6 තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රය පවත්වන අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ සවන හේතුවයි.
    "යදා තථාගතො සතො සම්පජානො ආයුසංඛාරං ඔස්‌සජති, තදායං පඨවි කම්පති අයං සත්තමො හෙතු"
    7 තථාගතයන් වහන්සේ ආයු සංස්‌කාරය අත්හරින අවස්‌ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ සත්වන හේතුවයි.
    "යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදාZයං පඨවි කම්පති, අයං අට්‌ඨමො හෙතු"
    8 තථාගතයන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන අවස්‌ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ අටවන හේතුවයි.
    ඉදිරියේදී ලංකාද්වීපය තුලද මෙවැනි මහා භූ චලන ඇති වීමට ඉඩ ඇත. එම නිසා ඔබද ස්වභාවික ව්‍යවසන වලින් වැලකීමට අද අදම පවෙන් වැලකි කුසල් දහම් වැඩිමට උත්සහ ගන්න .මෙය අනාවැකියකි

    Source:
    http://www.facebook.com/photo.php?f...89518171124785.100003072140771&type=1&theater
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    වැදගත් දාහම් කරුනු ටිකක් දැනගත්තා මචන්....පින් මචන් උබට...
    REP++++++
     
    • Like
    Reactions: kkr

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa


    ස්තුතියි



    A8zur.png





    වැදගත් දාහම් කරුනු ටිකක් දැනගත්තා මචන්....පින් මචන් උබට...
    REP++++++

    thanks for comments ! ! !
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    2 චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක්‌ බ්‍රාහ්මණයෙක්‌ හෝ මහත් ද්ධි ඇති දෙවියෙක්‌ හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි.

    kauda me aya?? TFS