කියාගන්නට නොහැකිවූ පෙම
සිතට එන හැම හැඟීමම බැහැ
වචන පෙලකට පෙරලගන්නට
නෙතට එන හැම කඳුළු බිඳටම
නොහැක ශෝකය පිට කරන්නට
මුවට එන වදනන් බොහෝමයි
නමුත් ඒවා කියාගන්නට
පෙරුම් පිරුවත් ඉදිරියේ ඔබ
නොහැක වදනන් ගලපගන්නට
අගෙයි ඔබ මට නමුත් ඒ ඇයිදැයි
කියා මට කියාගන්නට
නොහැක කෙතරම් සිතා සිටියත්
ඔබේ ගැන සිත සිතා හැමවිට
සුලඟ සිහිලයි නමුත් කිසිදා
හැකි නොවේ හැබහින් දකින්නට
ඒ වගෙයි මගෙ පෙම සදාකල්
නොහැක මේ වාගෙයි කියන්නට
ඉතින් ලංවී දිනෙක කොඳුරා
මගේ පෙම ඔබ හට කියන්නට
බලාගෙන මග සදාකල්මත්
රඳාගන්නම් ඔබව සිත යට
වචන පෙලකට පෙරලගන්නට
නෙතට එන හැම කඳුළු බිඳටම
නොහැක ශෝකය පිට කරන්නට
මුවට එන වදනන් බොහෝමයි
නමුත් ඒවා කියාගන්නට
පෙරුම් පිරුවත් ඉදිරියේ ඔබ
නොහැක වදනන් ගලපගන්නට
අගෙයි ඔබ මට නමුත් ඒ ඇයිදැයි
කියා මට කියාගන්නට
නොහැක කෙතරම් සිතා සිටියත්
ඔබේ ගැන සිත සිතා හැමවිට
සුලඟ සිහිලයි නමුත් කිසිදා
හැකි නොවේ හැබහින් දකින්නට
ඒ වගෙයි මගෙ පෙම සදාකල්
නොහැක මේ වාගෙයි කියන්නට
ඉතින් ලංවී දිනෙක කොඳුරා
මගේ පෙම ඔබ හට කියන්නට
බලාගෙන මග සදාකල්මත්
රඳාගන්නම් ඔබව සිත යට





