කියාගන්නට නොහැකිවූ පෙම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    කියාගන්නට නොහැකිවූ පෙම

    සිතට එන හැම හැඟීමම බැහැ
    වචන පෙලකට පෙරලගන්නට
    නෙතට එන හැම කඳුළු බිඳටම
    නොහැක ශෝකය පිට කරන්නට
    මුවට එන වදනන් බොහෝමයි
    නමුත් ඒවා කියාගන්නට
    පෙරුම් පිරුවත් ඉදිරියේ ඔබ
    නොහැක වදනන් ගලපගන්නට
    අගෙයි ඔබ මට නමුත් ඒ ඇයිදැයි
    කියා මට කියාගන්නට
    නොහැක කෙතරම් සිතා සිටියත්
    ඔබේ ගැන සිත සිතා හැමවිට
    සුලඟ සිහිලයි නමුත් කිසිදා
    හැකි නොවේ හැබහින් දකින්නට
    ඒ වගෙයි මගෙ පෙම සදාකල්
    නොහැක මේ වාගෙයි කියන්නට
    ඉතින් ලංවී දිනෙක කොඳුරා
    මගේ පෙම ඔබ හට කියන්නට
    බලාගෙන මග සදාකල්මත්
    රඳාගන්නම් ඔබව සිත යට
     
    • Like
    Reactions: Dulanzz

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලස්සනයි මට පොඩි ගැටලුවක් තියනවා... වදනන් ද "වදන්"ද:confused:

    වදනන් මචං. එහෙම කියන්න පුළුවන් වචන වලට

    බලාගෙන මග සදාකල්මත්
    රඳාගන්නම් ඔබව සිත යට
    :(

    :D
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔබේ එක වදනක් වටි කල්ප කාලයක්
    එනමුත් ගොළු වූ රුවක්
    කෙසේ පවසම් සෙනෙහෙ වදනන්