=) මමත් ඕක ගැන හිතුවා Comment කරන්න කලින්. විසදුමක් තිබිච්ච නිසයි Comment එක දාන්න හිතුවේ. GTA IV එකට ගොඩක්ම Patches/Mods දැන් තියෙනවා ඒවා මගින් Game එකේ Textures Quality එක අඩු කරලා ගන්න පුලුවන්. ඒ වගේම Settings Low දැම්මම P4 Machine එකක වුනත් Game එක ගහන්න පුලුවන්. ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. ඊළග ප්‍රශ්ණය තමයි ලංකාවේ Bandwidth එකත් එක්ක Download කරන්නේ කොහොමද කියන එක. මොකද GTA IV 10GB+ පනින game එකක්. ඒකට RIP/Repack ඕන තරම් දැන් තියෙනවා. වැඩ කරන Copy වලින් මම දන්න විදියට අඩුම Size එක තමයි 4GB version එක. එතකොට කාටහරි 4GB වගේ Download කරන්න පුලුවන් නම් හරි.
ඊළග ප්‍රශ්ණය Bandwidth usage එක game එක play කරන කොට එන. මම මේ ගොල්ලන්ගේ Forum එකේ ඉන්නේ Alpha version එකේ ඉදලමයි. මම ඒ කාලේ ඉදලම මේක track කරමින් හිටියේ. bandwidth usage එක ඇත්තටම ගොඩක්ම අඩුයි. මොකද Data Transfer එකේ Sync වෙන්නයි, ඒ කියන්නේ Player ගේ, vehicles වල වගේ. statistics හුවමාරු වෙන්න විතරයි. ඒක එච්චර වැඩි නෑ. එතකොට 512kbps connections එකකදි players 4,5 දෙනෙක් එක්ක ගහන එක අමාරු නෑ.
මෙතන තියෙන්නේ Client Server Architecture එකක් එතකොට user access වෙනවා Server එකට මේ වගේම. කිසිම වෙනසක් නෑ. game එක ලොකු වුනාට. bandwidth usage වෙන්නේ synchronize වෙන්න විතරයි. ඊට අමතර ලෙස players ලගේ statistics හුවමාරු වෙන්න.
synchronize කිරිම කියන්නේ මේකටයි
දැන් හිතන්න අපි ඉන්නවා Game එකේ, අපි ඉන්නේ Hercules Club එකේ 12,12,0 (X,Y,Z, මෙතන මම Z එකට 0 දැම්මේ Z කියන්නේ උසට ගන්න ඛණ්ඩාංකය නිසයි. අපි ඉන්නේ පොළවේ නිසා Z හැම තිස්සේම 0 නමුත් උඩ පැන්නම මේක ධන, වැටුනම මේක සෘණ) කියන ඛණ්ඩාංකයේ, මෙයාගේ ළග තියෙනවා Weapon එකක් 500 Bullets එක්ක , ඒ වගේම මෙයාගේ Health එක 80%, ඒ වගේම අපි Select කරලා ඉන්න Character ගේ ID එක 123 (GTA IV එකේදි හැම Character ට ID එකක් දීලා තියෙනවා San Andreas එකේ වගේම තමයි.) මේ අපේ Character වෙන කෙනෙක්ට දකින්න ඕන නම් මොකක්ද කරන්න ඕනේ? මේ Characters ගේ Data Server එකට යවලා. එතනින් Server එකට connect වෙලා ඉන්න හැම Client ටම මේ Data යවන එකයි කරන්න ඕනේ. මේක කරන්නේ IV:MP Client සහා Server එකෙන්.
එතකොට අපේ Character අනෙක් කෙනාගේ Game එකෙ Hercules Club එකේ 12,12,0 (X,Y,Z) කියන Location එකේ, 80% Health එකක් සහිතව, 500 Bullets එක්ක මතු වෙන්න ගන්නවා. ඒ වගේම එයාගේ Data ත් අපිට එන්න ගන්නවා.
මේකටයි synchronize කිරිම කියන්නේ.
මේ synchronize කිරිමට යන්නේ ගොඩක්ම අඩු Bandwidth එකක් විතරයි. මොකද මෙතන Distribute වෙන්නේ මේ මම ඉහතින් දාලා තිබිච්ච Data වගේ Data විතරක් නිසා, Graphics Distribute වෙන්නේ නෑ. ඉතින් Crysis 3 Multiplayer ගැහුවත් Bandwidth එක යන්නේ ගොඩක් අඩුවෙන්.
ඉතින් ඒක එච්චර ප්‍රශ්ණයක් නෑ. මම Programmer කෙනෙක් නිසයි විස්තර කරේ Technical විදියටම. හිතනවා මේක තේරුම් ගන්න පුලුවන් වේවි කියලා.