මොනවද මේ බොරු බයිලා, හොටෙල්, ගමනාගමන, restaurant, වගේ දේවල් වලින් හම්බ කරන් කනවා කියන්නේ , රට ඇතුලෙම කැරකෙන සල්ලි වලින් කන්න හදනවා වගේ වැඩක්, කාලයත් එක්ක එහෙම හම්බ කරගෙන කන එක අමාරු වෙනවා, සංවර්ධනය වෙන්න නම් , මොනවා හරි production එකක් රට ඇතුලෙන් හදල එක export කරන්න ඕනි, එහෙම නැතුව අපිට කියල මහා ලොකු ඛනිජ නිධි නැහැනේ. තියෙන ඒව වලිනුත් ප්‍රයෝජන ගන්නෙත් නැහැනේ. මේ දවස වලට මහින්ද ගහන බොරුව තමයි "සංචාරක කර්මාන්තය " මගින් සල්ලි හොයන එක, ඔය කියන විදියට මහා ලොකු අදායමක් සංචාරක කර්මාන්තයෙන් ගන්න බැහැ.
ඕක ගැන හොද idea එකක් ගන්න පුළුවන් , ලක්නාවේ සමස්තයක් වශයෙන් පාරේ දී foreigners ල දකින ප්‍රමාණෙන්.
අනිත් එක මොකද ලංකාවේ ඉන්නේ ගොන්නුද? , මොලේ නැති හරක්ද , තමන්ගේ production එකක් හදල export කරනවට වඩා , පිට රටින් එන මිනිස්සු ගෙනෙන සල්ලි ම කන්න බලාගෙන ඉන්නේ,.
අද කාලේ ලංකාවේ මිනිස්සුන්ගේ idea එක වැඩිය මහන්සියක් වෙන්නේ නැතුව සල්ලි හොයන එක. එක රටක විදියට කරන්න බැරි දෙයක් , ඕනිම රටක් , මිනිස්සුන්ගේ ශ්‍රමය තමයි සල්ලි කරන්නේ. රටක දියුණු වෙන්න මිනිස්සු අනිවා මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ලංකාවේ එහෙම මහන්සි වෙලා කරන්න පුළුවන් දේවල් අනන්තවත් තියෙනවා, අන්න ඒ දේවල් වලට මිනිස්සු උනන්දු කරලා ඒකෙන් රටට අදායමක් ගන්න එක තමයි රටේ පාලකයන් විදියට කරන්න ඕනි. ලක්නාවේ ඉස්සර තිබුන තේ , රබර්, පොල්, කුරුදු , හාල්, වගේ කර්මාන්ත අද වෙන කොට කොහෙද තියෙන්නේ.
ඔය air-port එකට වියදම් කල සල්ලි වලින් භාගයක් වියදම් කරලා , හම්බන්තොට එක්කෝ solar heat power , ekko sea wave power , වගේ මොකක් හරි රටට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් project එකක් කරනං තිබ්බ. එහෙම කලා නම් හෙට අනිද්දට විදුලි බිල් වැඩි කරලා රජයේ වියදම් balance ඕනි වෙන්නේ නැහැ.
හැම රජයක්ම මිනිස්සු පිට විශාල බරක් පටවනවා, එහෙත් මේ වගේ මිනිස්සුන්ව හුරගෙනම කන රජයක් මිට ඉසෙල්ලා බිහි උනේ නැහැ.
ඔය එය්ර් පොර්ට් එක මගින් ලංකාවට මහා ලොකු අදායමක් ලැබෙයි කියල හිතනවා නම් එක මහා මෝඩ කමක් , එහෙම වෙන්න නම් , ලංකාවට එන ගුවන් වර ගණන සැලකිය යුතු ලෙස වැඩි වෙන්න ඕනි, ඒ ඇරෙන්න කොළඹට අපු ටිකම තමයි මත්තලටත් එන්නේ. මෙච්චර කාලෙකට ලංකාවේ airport එකක් overload වුනා කියල දෙයක් අහන්න ලැබිල නැහැ. එහෙම එකේ , මත්තලට අමුතුවෙන ගුවන් වර සැලකිය යුතු ප්‍රමාණයක් ඒවි කියල හිතන්න අමාරුයි. අනික අනිත් රටවල් වලට පිස්සුවක් තියෙනවද airport හදන හදන විදියට ගුවන් ගමන් එකතු කරන්න.
ඔය අලුත් airport එක මර්කෙට් කරගන්න මිනිස්සුන්ට ටොපියක් දුන්නේ ඔන්න ඔය විදියට කොළඹට අපු අදායම හම්බන්තොටට හරවන්න හිතාගෙන. එහෙත් එයින් රටට වෙන සෙතක් නොමැත.
ලංකවේ වෙන වෙන දෙයට අප්පුඩි ගසන මිනිස්සු, ඔය මත්තල ගුවන්තොටුපොලෙනුත් රටට වන සෙතක් නොමැති බව දුටු කල , අහ්හ් එක දීර්ඝ කාලින ව්‍යාපෘතියක් , අපේ මහා රජාගේ ධුර දර්ශි නුවනක මහත යයි සිතා සැනසෙති.