2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ආයේ නොඑන්නම යනවා කියන් එපා බන්. ආ ඉදලා හිටලා හරි එනවා කියලා පලයන්.

:yes::yes::yes:
:yes::yes::yes:
234.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කිඹුලා අයියේ ..... ඔයාට යන්නම ඕනද ????
94.gif

අපි හැමෝම මෙච්චර කියත්දිත් නොදැක්ක වගේ අහක බලන් යන්නේ කොහොමද ????????

100.gif

නොයෙන්නම යනවා කියන්නේ බොරුවට නේද ???
sad-crying-smiley-face.gif

අපි හැමෝම දාල එහෙම යන්න පුලුවන්ද ??????

code-06.gif

 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
විශිෂ්ටයන් අතරේ අතිවිශිෂ්ටයෙකු වූ ඔබගේ මේ සමුගැනීම එළකිරි රේඩියෝ ශ්‍රාවකයිගේ අතිමහත් අවාසනාවකි .....
:dull:
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කිඹුලා අයියේ ..... ඔයාට යන්නම ඕනද ????
    94.gif

    අපි හැමෝම මෙච්චර කියත්දිත් නොදැක්ක වගේ අහක බලන් යන්නේ කොහොමද ????????

    100.gif

    නොයෙන්නම යනවා කියන්නේ බොරුවට නේද ???
    sad-crying-smiley-face.gif

    අපි හැමෝම දාල එහෙම යන්න පුලුවන්ද ??????

    code-06.gif

    මොකක් කිබුල යනවා යන්නම! :sorry::sorry::sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ මහා සමුගැනීමයි කියන්න පුලුවන් හෙට උදේ වෙනකොට උතුරු කොරියාවෙන් ඇමරිකාවට එකක් යැව්වනම්.

    :P:P:P
    සිරාවට ගහයිද බන්..උන් එහෙම සීන් එකක් කියලනම් තිබ්බා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    -ඉතිං ආයුබෝවන් සහෝදරයා !!!! චිරං ජයතු -

    -ඉතිං ආයුබෝවන් සහෝදරයා !!!! චිරං ජයතු -
    සුභාවිත රේඩියෝ කලාවේ සාම්ප්‍රදායික මුහුනුවර වෙනස් කරමින්... එළකිරි.කොම් ශ්‍රා‍වකයන්ගේ පහන් සංවේගය උදෙසා දත් කිඹූලා සහෝදරයා විසින් මෙතෙක් කලක් ඔබ හමුවට ගෙන ආ..හද විල කළඹන ගී ජල රේඛා හි අවසාන දිය සලාවට අප එළඹී සිටින්නෙමු.
    එළකිරි.කොම් වෙබ් අඩවියේ කලත් තිස්සේ පැවති.. එහෙත් අතීත දිනකදී නවතා දමන්නට යෙදුනු.. සහ නුදුරු අතීතයේදී නැවතත් අරඹූ එළකිරි රේඩියෝව.. මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන සුවහසක් රසික දනන් රොද බැද තබාගන්නට සමත් වූ බව නොරහසකි.. දිනෙන් දින විවිධාකාර වූ වැඩසටහන් සමගින්. රසිකයන් අතරට පැමිණෙන බැවින්.. කිසිදු කම්මැලිකමක් නොමැතිව.. සැදෑ කාලය විවේකයෙන් සොම්නසින් ගත කිරීමට බොහෝ දෙනෙකු මෙය පරිහීලනය කරත්...
    වත්මන් ආර්ථික රටාව හමුවේ.. අධික ලෙස පීඩිතව සිටින.. පුරා සතියක් වෙහෙස මහන්සි වී අස්වැසිල්ලක් බලාපොරොත්තුවෙන් නිවසට පැමිණෙන විඩාබර සවනට කදිම ප්‍රතිකර්මයක් ලෙස සිකුරාදා රාත්‍රී 8 සිට 10 දක්වා විකාශනය වූ සසල හද විල්තෙර වැඩසටහන දැක්විය හැකිය.
    සුභාවිත ගීයේ පුලුල් මානයන් නොදැනීම මනසට කාවද්දන තියුනු උපක්‍රම රාශියක් නිතැතින්ම අනුගමනය කරමින්... රසික ශ්‍රාවක ජනයාගේ සුභාවිත රසඤතාවය ඔප්නංවාලීමට දත් කිඹුලා කල මෙහෙය ඉමහත්ය...
    "රේඩියෝ වැඩසටහනක් ආවාට ගියාට කරන්න බෑ මල්ලි... මිනිස්සු ගොඩක් වෙහෙස මහන්සි වෙලා එන දවසක් තමා සිකුරාදා.. ඒ අයට ගලාගෙන යන දිය පාරක් වගේ.. එක දිගට ලස්සනට අහන් ඉන්න පුලුවන් වැඩසටහනක් කරන එකයි වැදගත්... "දිනක් ඔහු මා සමග පැවසූයේ එලෙසිනි. වැඩසටහනක් ගුවන්ගත කිරීමට දවස් ගණනාවක් ‍තියා.. අවශ්‍ය ගීත වල මුල් පිටපත් සොයා... අවශ්‍ය ගීත පිරිපහදු කොට... ඒවා පෙල ගස්වා..
    ඉන්පසුව වැඩසටහනේ ස්ක්‍රිප්ට් එක අතින් ලියා.. අදාළ ගීත ඇතුළු වන තැන් වෙනමම පෑනකින් ලියාගෙන.. වැඩසටහනට අවශ්‍ය ජිංගල් සහ ටැග්ස් වෙනමම සාදාගෙන... කටහඩ මිශ්‍ර කරන උපාංග හා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිඹදව සෑහීමකට පත් වෙන තෙක්ම දිවා රෑ නොබලා මහන්සි වෙමින්... ඔබ මේ වෙන මහන්සිය සියැසින් දැකීමට ලැබීම සැබවින්ම මා ලද භාග්‍යයක් කොට සලකමි. අදාළ දේ අදාළ ලෙස හරියාකාරව ඉටු වන තෙක්ම ඔබගේ වෙහෙසේ නිමක් නැත. නිවසට යන වේලාවත් අවිනිශ්චිතය. සැබවින්ම ඒ කුඩා කුටිය ග්‍රවන්විදුලි කුටියක් හා සමානය..
    රේඩියෝ වැඩසටහන ආරම්භයට මොහොතකට පෙර... සුවද හදුන්කූරක් දල්වා.. ආගම ධර්මය සිහි කර සිතේ ධෛර්්‍යය වර්ධනය කර ගනිමින් වැඩසටහනක් කිරීමට මනා පෙර සූදානමක් ඔබ ලබාගන්නා අයුරු .. ඔබ අකමැති වූවත් මෙහි සදහන් කිරීම හූයේ සෙස්සන්ගේ දැනගැනීම පිණිසම වන්නේය.
    ඕනෑම දෙයක් ඇරඹුනොත් එහි අවසානයක්ද දැකිය යුතුමය. අවසානයක් නැතිනම් යලි ආරම්භයක් නැත. කෙටියෙන්ම කීවොත් ඕනෑම දෙයක් ඕනවාට වඩා ඕනෑම නැත. කුමන ගල් මුල් ප්‍රහාර ආවත් .. එළකිරි රේඩියෝ ශ්‍රාවක ජනතාව වෙනුවෙන් ඔබ ඉටුකල අමිල මෙහෙවර අප හදේ සදා රැදෙනු ඇත.
    අයියෙ....
    කිව යුතු ..කිව හැකි... කීමට සිතෙන දේ නම් බොහෝය.වානිජ රේඩියෝ කලාවක දෝලනය වෙන අපට.. රේඩියෝ වැඩසටහනක නියම අරුත සැකෙවින් වටහා දෙන්නට සමත් වූ වර්ථමාන රේඩියෝ පථාක යෝධයෙක් වන් ඔබට... සුභ සමුගැනීමක් පිරිනමමි.

    දෙපා වාරු නැත සමුගෙන යන්නට.... දෙපා වාරු නැත සමුගෙන යන්නට....

    -ඉතිං ආයුබෝවන් සහෝදරයා !!!! චිරං ජයතු -

     
    Status
    Not open for further replies.