Acne - කුරුලෑ කුරුලෑ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Acne - කුරුලෑ කුරුලෑ

හරි ගොඩ කාලේකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ මචංලා...:sorry: ටිකක් කාර්‍යයබහුල වෙලයි පහුගිය ටිකේ මම හිටියේ...:yes: කාලෙකට කලින් මගෙන් කීප දෙනෙක් ඉල්ලපු මාතෘකාවක් ගැනයි අද මම කතා කරන්න හැදුවේ..:cool: ඒ හැමෝම දන්න කුරුලෑ ගැන..;) වෙනදා වගේ වැල් වටාරම් ඕනේ නැහැ.. කෙලින්ම බහිමුකෝ අදාල මාතෘකාවට..:love:

මොනාද දැන් ඔය කුරුලෑ කියන්නේ..???:rolleyes:
අපේ ශරීරයේ තියනවා ස්නේහ ස්‍රාවී ග්‍රන්ති (Sebaceous Glands) කියලා ජාතියක්...:shocked: එව්වා පිහිටලා තියෙන්නේ රෝම කූප වල මූලයත් හා සම්බන්ධව සමේ චර්මයට වෙන්නයි... :eek:එව්වා වලින් ස්‍රාවය කරනවා තෙල් වැනි කහ පාට තරලයක්... ඒකට සිංහලෙන් Sebum (ස්නේහ) කියලා තමයි කියන්නේ.. :rofl: ඔය ස්නේහය මඟින් කරන්නේ සමේ තෙතමනය පවත්වාගෙන යෑමත්, බැක්ටීරියා වගේ අහිතකර ක්ෂුද්‍ර ජීවි නාශකයක් ලෙස ක්‍රියා කිරීමත් තමයි...:rolleyes: ඔන්න ඔය ස්නේහ ස්‍රාවී ග්‍රන්ති ආශ්‍රිතව ඇතිවන්නාවූ රෝගී තත්වයකට තමයි කුරුලෑ කියලා කියන්නේ...:angry:

ස්නේහ ස්‍රාවී ග්‍රන්ති ගැන පොඩ්ඩක් වටහා ගන්න මම පහලින් රුපයක් දැම්මා.. මේකේ Sebaceous Gland කියලා තියෙන්නේ අන්න ඒ ග්‍රන්ති තමයි.. ඒ එක්කම රූපයේ පෙන්නලා තියෙනවා ස්නේහය (Sebum) සම මතුපිටට ගමන් ගන්න විදිහ රෝම කූප වල විවර හරහා...:dull:

250px-Hair_follicle-en.svg.png


කුරුලෑ ගත්තම මේකේ විවිධ ප්‍රහේද තියනවා... ඒ අතරින් වඩාත් සුලභ අපි හැමෝම දන්න එකට කියන්නේ Acne Vulgaris කියලා තමයි...:baffled: මේ කුරුලෑ ඇතිවීම ගත්තම ගැහැණු පිරිමි කියන දෙකොට්ඨාසෙටම සමාන අයුරින් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා... :oo:ඒ වගේම කුරුලෑ ඇතිවීමට වඩාත් නැඹුරුවක් තියෙන්නේ වයස අවුරුදු 14-19 යන කාලපරිච්ඡේදය තුලයි...:oo: ඔය උඩින් කිව්ව ස්නෙහ ස්‍රාවි ග්‍රන්ති මුහුණ, උරහිස් සහ පිට කියන ප්‍රදේශ වල බහුලව පැතිරිලා තියෙන නිසා තමයි ප්‍රධාන වශයෙන් කුරුලෑ එම ප්‍රදේශ වල වැඩි වශයෙන තියෙන්නේ....:frown:

ඇයි ඉතින් ඔය කියන විදිහට ග්‍රන්ති ශරීරයට හිතකරනම් කුරුලෑ ඇවිත් වාත වෙන්නේ..??:angry:
ස්නේහ ස්‍රාවී ග්‍රන්ති ශරීරයට අත්‍යයවශ්‍යයයි තමයි.. ඒ වලින් නිපදවන ස්නේහය නැත්නම් සම වියලී යෑමට ලක් වෙනවා..:no: ඔය වියලි සමක් තියෙන අයගේ නිපදවෙන ස්නේහ ප්‍රමාණය අඩුයි. ඒ වගේම තෙල් සහිත සමක් තියෙන අයෙගේ නිපදවෙන ස්නේහය ගොඩාක් වැඩියි..:confused: ඒ නිපදවෙන ප්‍රමාණයන් තීරණය වෙන්න ජානමය හේතු වගේම ශරීරයේ පවතින ලිංගික හෝමෝන මට්ටමත් බලපානවා....:P

ඒ නිසා කුරුලෑ ඇතිවීමට පහත කරුණු බලපානවා

1.ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වලින් නිපදවෙන ස්නේහ ප්‍රමාණය වැඩි වීම - මේ කෙරෙහි බලපාන්නේ ශරීරයේ තිබෙන Androgen වල නිෂ්පාදනයේ වැඩිවීම...:shocked: දැන් අහපල්ලා Androgen කියන්නේ මොනාද කියලා..:angry: Androgen කියන්නේ ලිංගික හෝමෝන කියලා දැනගත්තාම ඇති..:yes: වැඩිපුර නිපදවීම නිසා ග්‍රන්ති වල වැඩි වශයෙන් එකතු වෙන නිසා ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුලුවන්.. වැඩිවියට පත්වීමත් සමග ශරීරයේ සිදුවෙන ද්වීතීයීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්නේ ඔය කියන Androgen මට්ටම වැඩිවීම නිසයි..:no: අන්න ඒකතමයි රජෝ 14-19 යන වයස් වල එවුන්ගේ කුරුලෑ වැඩි.. නමුත් වෙනත් වෙනත් තත්ත්වයන් නිසත් සමහරුන්ගේ ශරීරයේ Androgen මට්ටම වැඩිවීමකට ලක් වීමෙන් පවා කුරුලෑ ඇතිවෙන්න පුලුවන්.:(

2. ස්නේද ස්‍රාවී ග්‍රන්ති වලින් ස්නේහය පිට වෙන විවර අවහිර වීම නිසා - හැමෝම දන්නවා නේද අපේ සම නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතිනවයි කියලා..:shocked: ඒ කිව්වේ සමේ සෛල නිරන්තරයෙන් ගුණනය වෙනවා..:baffled: ඒ වගේම නිරන්තරයෙන් මතුපිට සෛල ස්ථරයෙන් සෛල ගැලවිලා යනවා...:oo: ඔය වර්ධනයේදී ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වල පිටත විවරය අවහිර වීමකට ලක් වීමක් උනොත් ග්‍රන්ති ඇතුලේ නිරන්තරයෙන් නිපදවෙන ස්නේහය එකතු වීමක් වෙලා ආසාත්මිකතාවයක් ඇතිවෙනවා..:oo:

3.බැක්ටීරියා මගින් ඇතිවෙන ආසාදන නිසා - මේ කෙරෙහි හැම බැක්ටීරියවක්ම බලපාන්නේ නැහැ.. :P Propionibacterium acne කියලා බැක්ටීරියාවක් ඉන්නවා..:baffled: ඒ බැක්ටීරියාව මඟින් ශරීරයේ තියෙන ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride) මේද අම්ල (Free Fatty Acids) බවට හරවනවා..:nerd: මේ මේද අම්ල මත ආසාත්මිකතාවයක් ඇතිවීම නිසා කුරුලෑ ඇතිවීමට මෙයත් හේතුවක් තමයි...:(

ඔය ටික තමයි ප්‍රධානම හේතු ටික..:cool: මීට අමතරව ජානමය හේතු, සමහර ඖෂධ වර්ග භාවිතය නිසාත් කුරුලෑ ඇතිවෙන්න පුලුවන්... මෙතනම කියන්නම් දන්නේ නැති අය උදෙසා.. උපත් පාලන පෙති භාවිතයෙනුත් කුරුලෑ ඇති වෙන්න පුලුවන්...:rofl:

මේ තියෙන්නේ කුරුලෑ ආසාධනය වෙන විදිහ ස්නේහ ස්‍රාවී ග්‍රන්ති හරහා රූපයකින් සරලව..
Acne-Pathology.jpeg


කුරුලෑ ගැන වටේ අතගෑවා ඇති දැන් කියන්න තියෙන්නේ කුරුලෑ වලට තියෙන ප්‍රතිකාර ක්‍රම... එයිට කලියෙන් හැමෝම පොදුවේ අහලා තියෙන වචන දෙකක් ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්... නැත්නම් අනිවා පෝස්ට් එකකින් හරි ඒ මොනාද කියලා අහනවාමයි..:rofl::lol: ඒ වචන දෙක තමයි Blackheads and Whiteheads.. හැමෝම වගේ අහලා ඇතිනේ.. අහලා නැත්නම් ලිදේ පැනපියව්...:lol:

මොනාද ඔය Blackheads and Whiteheads කියන්නේ එතකොට..??
Blackheads
Blackheads වලට සිංහලෙන් Open comedones කියලත් කියනවා...:lol: ඒ කියන්නේ ස්නේහය එකතු වෙලා ආසාත්මිකතාවක් ඇති වෙලා.. නමුත් ඒ කුරුලෑ වල ඇසින් දැකිය හැකි තරම් විවරයක් පිටතට විවෘත වෙලා තියනවා..:oo: මෙම ස්ථාන වල එකතු වෙච්ච ස්නේහය සහ මැරුණු සෛල නිසා රසායනික ද්‍රව්‍යය එක් ‍රැස් වීමෙන් ප්‍රතික්‍රීයාවන් සිදු වෙනවා...:no:පිටතට විවෘත නිසා මෙම රසායනික ද්‍රව්‍යය හා ඔක්සිජන් එකතු වෙලා සමේ තියෙන මෙලනින් කියන ද්‍රව්‍යය ඔක්සිකරණය වෙනවා...:rolleyes: එමගින් නිපදවෙන ඵල කලු පැහැයක් ගන්න නිසයි කලු පාටින් දිස්වෙන්නේ.. :frown:දන්නේ නැත්නම් ලිඳේ පනින්න එපා පහලින් දාපු පින්තුරේ බලපල්ලා බැල්ක්හෙඩ්ස් බලාගන්න.;)

How-to-Get-Rid-of-Blackheads-on-Nose.jpg


Whiteheads
Whiteheads වලට සිංහලෙන් Close comedones කියලත් කියනවා... :rofl:ඒ කියන්නේ ස්නේහය එකතු වෙලා ආසාත්මිකතාවක් ඇති වෙලා.. නමුත් ඒ කුරුලෑ වල විවරයක් පිටතට විවෘත වෙලා නැහැ.. ඒ නිසා මෙම ස්ථාන වල එකතු වෙච්ච ස්නේහය සහ මැරුණු සෛල නිසා රසායනික ද්‍රව්‍යය එක් ‍රැස් වීමෙන් ප්‍රතික්‍රීයාවන් සිදු වුනත් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා නොවෙන නිසා සුදු පාටටම පවතිනවා..:P

How-to-Get-Rid-of-White-Heads1.jpg



හරි දැන් එහෙනම් බහිමු වැදගත්ම කොටසට කොහොමද මේකට විසඳුමක් ලබාගන්නේ කියලා..:cool: ඉස්සෙල්ලම කියන්නම ඕනේ දෙයක් තියනවා.. කුරුලෑ කියන එක නිට්ටාවටම සනීප කරන්න බැහැ..:angry: බැහැ කිව්වේ බැරි නිසයි..:frown: කරන්න පුලුවන් එකම දේ කුරුලෑ ඇතිවීම පාලනය කරන්න පුලුවන් එක විතරයි...:no::angry:

ඒ වගේම ඒ කුරුලෑ ඇති වීම නිසා අතපය තියන් ඉන්න බැරුවට :rofl: ඉස්ම මිරිකලා යවන කොට ඇතිවෙන කැලැල් ඇතිවීම වලක්වන එකයි විතරයි...:frown: මේ සඳහා දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍යයයි... තවත් දැනගන්න ඕනේ දෙයක් තියනවා..

සමහරු කියනවා තෙල් සහිත් කෑම කෑවම, චොක්ලට් වගේ පැණිරස කෑවම කුරුලෑ වැඩියෙන් ඇතිවෙනවයි කියලා...:rofl: මට කියන්න තියෙන්නේ වෙසක් දවස් වල බොරු කියන්න හොඳ නැහැ කියන එක විතරයි...:lol::lol: තෙල් කෑමවත් , පැණිරස කෑමවත් සහ කුරුලෑ අතර කිසිම සම්බන්ධයක් නැහැ..

කුරුලෑ වලට ප්‍රතිකාර කරද්දි නිතරම මුහුණ සෝදලා පිරිසිඳුව තියාගන්න ඕනේ..:yes: කබ, හො‍ටු, කැ@# :rofl:, කුනු දූවිලි තියා ගත්තම ආසාත්මිකතා ඇතිවීම වැඩි වෙන නිසා කුරුලෑ ඇතිවීමත් වැඩි වෙනවා....:frown: ඒ නිසා නිතර මුහුණ සෝදලා වැඩිපුර තියෙන තෙල් ගතිය ඉවත් කරගන්න ඕනේ..:growl: එහෙමයි කියලා මුහුණ පොල් මුඩ්ඩක් අරගෙන අතුල්ලන්න එපෝ...
:lol: මේ සඳහා තමුන්ගේ සමට සුදුසු මුහුණ සේදුම් කාරකයක් (Facial Wash එකක්) භාවිතා කරන්න...:oo: මුහුණ සේදුවට පස්සේ පිරිසිඳු වියළි රෙදි කැබැලකින් මුහුණේ තෙත මාත්තු කරගන්න..:yes: හො‍ටුයි, කැ@$, පස්සයි:rofl: ඔක්කොම පිහින තුවාය අරගෙන තෙත පිටින්ම මුහුණේ තෙත මාත්තු කරන්න එපා...:angry: තෙත තුවායක් කියන්නේ බැක්ටීරියා බහුල තැනක්... ඒකයි පිරිසිඳු රෙදි කැබැල්ලක් ඒ සඳහාම තියා ගන්න කිව්වේ... අනික එක පාර අතුල්ලන එපා හෙමීට හෙමීට තෙත මාත්තු කරගන්න.. නැත්නම් කුරුලෑ කැඩුනොත් කැත කැළැල් ඇතිවෙනවා...:D

ඔන්න දැන් තමයි මෙඩිසින් කෑල්ල කියන්න යන්නේ.. මොනවද මේකට දෙන්න පුලුවන් ප්‍රතිකාර... ප්‍රතිකාර ගත්තාම එක කුරුලෑ සහිත ස්ථානයට හා ශරීරයේ අභයයන්තරයට ලබාදිය හැකි ඖෂධ වර්ග තියෙනවා...

කුරුලෑ සහිත ස්ථානයට
11.gif


1.Retinoids and Azelaic aid සහිත සම්මිශ්‍රණ ආලේපන භාවිතා කරන්න පුලුවන්.:oo:
මේ සඳහා අදාල ක්‍රීම් හෝ ජෙල් ආලේප කරන්න පුලුවන්... ජෙල් එක සාමාන්‍යයෙන් තෙත, තෙල් සහිත සමකට තමයි වඩා යෝග්‍යය වෙන්නේ.. මොකද තෙල් සහිත සමකට ක්‍රීම් ආලේප කිරීම එතරම් සාර්ථක නැහැ..:no: Retinoids කියන්නේ හැමෝම දන්න විටමින් A වල රසායනික සංයුතියට සමාන රසායනික ද්‍රව්‍යයක්...:rolleyes: මේ Retinoids මඟින් ස්නේහ නිෂ්පාදනය අඩු කරනවා, ඒ වගේම කුරුලෑ හට ගැනීම එමඟින් අඩු කරනවා.. ඊට අමතරව ප්‍රතිආසාත්මිකකාරකයක් විදිහට ක්‍රියා කරනවා...:cool: මේ සම්මිශ්‍රණ ආලේපන ගත්තාම පහත නම් වලින් ලබාගන්න පුලුවන්...

a.Tretinoin - මේක විටමින් A වල ආම්ලික ස්වරූපය..


retinoids-for-anti-aging.jpg

b.Isotretinoin - මේක Tretinoin වල සමාවයවිකයක්...
c.Adapalene - මේක Retinod වලට සමාන ඖෂධයක්....

adapalene__217_big.jpg

ඔය තුනෙන් වැඩි වශයෙන් භාවිත කරන්නේ Adapalene තමයි... ඒක භාවිතා කරලා කුරුලෑ පාලනය කරගන්න බැරි උනොත්.. ඒ කියන්නේ මාස 6ක් විතර ගාලත් අසාර්ථකයි වගේ නම් තමයි Tretinoin හෝ Isotretinoin වලට යන්නේ..:P කියන්න ඕනේ වැදගත්ම දෙයක් තියනවා.. මේ ක්‍රීම් ආලේප කරන්න සුදුසු රාත්‍රී කාලයේ..:angry: මොකද විටමින් A වලට සමාන සංයුතිය තියෙන නිසා හිරු එළියට නිරාවරණය උනොත් සම කලු වෙනවා...:frown: අනික කුරුලෑවට උඩින් යන්තමින් ටිකක් ගෑවාම හොඳටම ඇති..:angry: අනික මේ ක්‍රීම් දෙකයි පනහේ බියුටි කචල් වල තියෙන 200 - 300 ක්‍රීම් වගේ ලාබ නැහැ රජෝ..:oo: 1000 ක් 1500 ක් වගේ වෙනවා පොඩි ග්‍රැම් 10 -15 ටියුබ් එකත්... :angry:

2.ස්ථානික ප්‍රතිජීවක ආලේපන:oo:
ඒ කිව්වේ ප්‍රතිජීවක ආලේපන ක්‍රීම් තියනවා.. Erythromycin, Clarithromycin වගේ ප්‍රතිජීවක ඖෂධයක් ආලේප කරන්න පුලුවන්.. නමුත් සැලකියයුතුම කරුණක් තියෙනවා.. මේක භාවිතා කරන්න ඕනේ දරුණු ලෙස කුරුලෑ තියෙනම් තමයි..:angry: මොකද නිකරුනේ ප්‍රතිජීවක භාවිතය නිසා සමේ වෙනත් දිලීර ආසාධන ඇතිවෙනවා...:shocked: මේ ක්‍රීම් එක Retinoids and Azelaic aid සහිත සම්මිශ්‍රණ ආලේපනයක් සමග එකවර භාවිතා කරන පුලුවන්.. ඒ කිවේ මේක උදේට අරක රෑට...:P

erythromycin-gel3.JPG

3.Benzoyl Peroxide ආලේපන:rolleyes:
මේකත් ජෙල් හෝ ක්‍රීම් වශයෙන් ගන්න පුලුවන්... මේකෙන් කරන්නේ සමේ පවතින ස්නේහ ස්‍රාවී ග්‍රන්ති විවර අවහිර වුනු ස්ථාන වල තියෙන අමතර සෛල ඉවත් කරලා ස්නේහ ගලා යෑමට සැලැස්වීමයි...:cool: එමඟින් ග්‍රන්ති අවහිර වීම වලක්වලා කුරුලෑ ඇතිවීම පාලනය කරනවා.. වෙළඳපොලේ තියෙන්නේ Brevoxyl Gel or Cream කියලයි...;) හැබැයි රජෝ මේ ක්‍රීම් එක ගාන්න ඕනේ කුරුලෑ එන තැන් වලට විතරයි.. මූන පුරා ගෑවොත් මුහුණේ හම යන්න පුලුවන්...:rofl:

01b53c7334f1268a7ae10d488b49f2bcBREVOXYL 4.jpg

4. Keratinolytics ආලේපන
- මේකෙනුත් කරන්නේ Benzoyl Peroxide ආලේපන මඟින කරන කාර්‍යයමයි...

මේ ක්‍රීම් වර්ග භාවිත කරද්දි සම පතුරු ගැලවී යෑමක් හෝ තුවාල් වීමක්, කැසීම, පලු දැමීමක් සිදු උනොත් වහාම ආලේපනයන් නවත්තන්න ඕනේ....


ශරීරයේ අභයයන්තරයට ලබාදිය හැකි ඖෂධ වර්ග
11.gif


මේකෙන් කියන්නේ ඉතින් ගිලින පෙති ගැනනේ බං...
1.ප්‍රතිජීවක - Doxycyclin, Tetracyclin වගේ ප්‍රතිජීවකයක් ගන්න පුලුවන්... :dull:
doxizen.png


2.Systemic Retinoids - අපි කලින් සඳහන් කරපු ආලේපන Retinoids වල Isotretinoin වගේ ප්‍රභේදයන් ගිලින පෙති වශයෙන් ලබාගන්නත් පුලුවන්... එමඟින් සම මත සෛල ප්‍රගුණනය වීමෙන් ග්‍රන්ථි විවර අවහිර වීම පාලනය කරනවා, ඒ වගේම කුරුලෑ ඇතිවීම කෙරෙහි බලපානවයි කියපු Propionibacterium acne කියන බැක්ටීරියාවට එරෙහිව ක්‍රියා කරනවා..;)

3. හෝමෝන ප්‍රතිකාර - මම කිව්වනේ Androgens වැඩි නම් කුරුලෑ වැඩියි කියලා.. ඒ වගේ අයට Anti-Androgeic හෝමෝන ලබාදෙන්න පුලුවන්...:D

සාමාන්‍යයෙන් කුරුලෑ වලට ලබාදෙන්නේ Adapalene Gel සමග Brevoxyl Gel තමයි.. කුරුලෑ වැඩිනම් ගිලින ප්‍රතිජීවක කරලකුත් දෙන අවස්තා තියෙනවා...:love::love:

අන්තිමට කියන්නම ඕනේ දෙයක් තියෙනවා.. කුරුලෑ සුව කරන්න බෑ.. කරන්න පුලුවන් පාලනය කරන්න පුලුවන් එක විතරයි...:no: කුරුලෑ කඩලා ඉස්ම මිරිකන්න යන්න එපා...:no: කැඩුවොත් ඇතිවෙන කැළැල් මකන්න බැහැ.. :no:මකන්න ඕනේ න
ම් ප්ලාස්ටික් සැත්කමක පිහිට තමයි...:confused: අවසාන වශයෙන් කියන්න ඕනේ දෙයක් තියෙනවා.. කියෝල නිකන් යන්න එපා බම්ප් එකක් දාලා යන්න.. රෙප් නැතුවට කමක් නෑ... :cool:

අනික තමයි එළකිරි එකේ දොස්තරලා ඉන්නවනේ.. ඒ ගොල්ලන්ගෙන් මේ පෝස්ට් එක දැම්මම මට දෝෂාරෝපණ එල්ල වෙන්න පුලුවන්:angry: අවුරුදු පහමාරක් කැම්පස් එකේ නිදිමරන් ඉගෙන ගත්තපුවා මෙහෙම ෆෝරූම් වල නොමිලේ බෙදා හරිනවා කියලා...:rofl: එහෙම දාන දෝෂාරෝපණ වලට මම බය නැහැ පුතේ..:oo: මොකද මමත් ඒ කට්ට කාලා ඉවර වෙච්ච එකෙක් නිසා...:cool: එහෙනම් අපි ගියා හැමෝටම තෙරුවන් සරණයි.....
11.gif
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මෙන්න මගේ කලින් ත්‍රෙඩ් වල ලින්කුව..
http://www.elakiri.com/forum/search....&starteronly=1

බැරි වෙලාවත් ලින්ක් එක වැඩ කරන්නේ නැත්නම් මගේ public ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඒකේ තියෙන statistics tab එකට ගිහින් Find all threads started by luckuluke111 කියන එක click කරන්න.. මගේ ත්‍රෙඩ් සෙට් එකම ලැබෙයි එතකොට. :D


හරි විදිහට අත් සෝදමුද..???
බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III
කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )
ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )
කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??
වඳ භාවය (+18 නොවේ)
ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)
කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප (++ 21)
බල්ලන් සහ ලිංගිකත්වය ( +21 වැඩිහිටියන්ට පමණය&#
ස්වයං වින්දනය....
සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )
සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )
රස සංවේදී හදවතක් ඇත්තවුන් සඳහා පමණයි...
පාරවල් හිටින්න මුහුදේ නැව් යන්නම ඕනෙද.??(+21 පම
කර්ණපටහා පටලය ( +18 )
හැම මනුස්සයෙක්ම මෙහෙම උනා නම්......
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.....:yes::yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    කුරුලෑ වලට දෙන කොළ පාට ටැබ්ලට් එක හෝමෝන පාලනය කරන එකක්ද? දිය කරලා බොන්න කියලා තමා දෙන්නේ. ඒකෙන් අතුරු ආබාධ අතිවෙනවද?
    රෙප් ++
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කුරුලෑ වලට දෙන කොළ පාට ටැබ්ලට් එක හෝමෝන පාලනය කරන එකක්ද? දිය කරලා බොන්න කියලා තමා දෙන්නේ. ඒකෙන් අතුරු ආබාධ අතිවෙනවද?
    රෙප් ++

    doxycyclin.....ඒක antibiotic එකක් මචං.ඕක බීලා තමා මටනම් කෙලවුනේ.....බොනකම් හොදයි ඊට පස්සෙ එන්නෙ පොල් ගෙඩි වගේ ඒවා.මගේ අත්දැකීමත් දාන්නම්...ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගනින් හොදේ...
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    gud thread :D 12+

    කුරුලෑ වලට දෙන කොළ පාට ටැබ්ලට් එක හෝමෝන පාලනය කරන එකක්ද? දිය කරලා බොන්න කියලා තමා දෙන්නේ. ඒකෙන් අතුරු ආබාධ අතිවෙනවද?
    රෙප් ++

    මේක ගැන නේද කිව්වේ..??
    doxizen.png

    මේකට තමයි Doxycycline කියලා කිව්වේ.. මේක දියකරලා බොන්න හේතුව තමයි උගුරේ ඇලෙනවා ලේසියෙන්ම.. ඒ නිසා බිව්ව ගමන් වමනේ එන්න පුලුවන්.. දියකරලා බොන්න ඕනේ නැහැ උනු වතුර කෝප්පයක් එක්ක වතුර ටිකක් වැඩියෙන් බිව්වනම් හරි.. මේකෙන් හෝමෝන වලට බලපෑමක් වෙන්නේ නෑ... මේක ප්‍රතිජීවකයක්....


    machan apita oya beth prescription nativa owa pharmacy walin ganna ba neda

    ක්‍රීම් වර්ග නම් ගන්න පුලුවන් මචං.. ඒත් ප්‍රතිජීවක නම් දෙන්නේ නෑ.. දෙන ෆාමසිත් නැතුව නෙමෙයි...

    තෑන්ක්ස් බ්‍රෝ +3

    pattai machan! rep denna be lu :(

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

     
    • Like
    Reactions: ransing

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Elakiri Niyamai. Godak watinawa mcn
    +5 REP

    doxycyclin.....ඒක antibiotic එකක් මචං.ඕක බීලා තමා මටනම් කෙලවුනේ.....බොනකම් හොදයි ඊට පස්සෙ එන්නෙ පොල් ගෙඩි වගේ ඒවා.මගේ අත්දැකීමත් දාන්නම්...ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගනින් හොදේ...

    මචන් ඇන්ටිබයොටික්ස් බොනවනම් හිතුමනාපෙට බීලා හරියන්නේ නැහැ.. කුරුලෑ වලට ප්‍රතිකාර ගන්න එක දීර්ඝකාලීනව ගන්න ඕනේ...


    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කුරුලෑ වලට දෙන කොළ පාට ටැබ්ලට් එක හෝමෝන පාලනය කරන එකක්ද? දිය කරලා බොන්න කියලා තමා දෙන්නේ. ඒකෙන් අතුරු ආබාධ අතිවෙනවද?
    රෙප් ++

    ඔන්න උඹ අහපු නිසා ඒ කැප්සියුල් එකෙත් පින්තූරයක් දැම්මා Thread එකට...