වැහි විත්ති

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වහිනවා වහිනවා හොදටම වහිනවා..
    පායන පාටක් තව නෑනේ.........
    හුලගත් එනවා.... ගස් හෙලවෙනවා....
    හීතල නිදිමතමයි දුන්නේ...........
    එස් එල් ටී එක වැඩ කිඩ දාලා ...
    වැස්සට ජාලය හිර වෙන්නේ......
    ඩොන්ගල් එකටත් ඒ සෙත ලැබුනයි...
    ආතල් කුඩු වී මං ඉන්නේ............

    රෑ ජාමේ ඉදලා පොඩි පොදයක්..
    තිබුනා ගෙදරින් පැවසෙන්නේ..........
    රෑට ගහපු ජින් බෝතලෙ ඇද යට
    තාමත් සුවසේ සැතපෙන්නේ.....
    වෙරිමත හින්දා.. නිදිමත කැන්දා...
    කෑම නොකා ගුලි වී ඉන්නේ.........
    අනේ අනිච්චං බිව්වේ මොකටද...
    අයියෝ සල්ලී සිහිවෙන්නේ............

    අනෙ මගෙ ඩාලිං සූකිරි බෝලේ..
    උයාට මොකදෝ වී ඇත්තේ...........
    ඊයේ රෑ ඉදං ටෙක්ස්ට් කරනවා....
    එකකටවත් රිප්ලයි නැත්තේ.......
    කෙල්ල බර බරේ... ෆෝන් ජරමරේ...
    ඒකත් තිත්තම වී ඉන්නේ.........
    කෙල්ලයි වැස්සයි දෙකම එකවගේ....
    හිතුවක්කාරයි වද දෙන්නේ........

    ගැන්සි බහින්නයි චැටක් දාන්නයි....
    දවසම ෆුල් ට්‍රයි එක දැම්මේ.......
    පැයගානක් එක දිගටම වැහැලා
    විනාඩි දහයයි පායන්නේ...........
    හුලං තදවෙලා ගස් අතු කැඩිලා
    මොනවැං මොනවද මේ වෙන්නේ.....
    එහෙම බලනකොට කෝටිය අරගෙන..
    සුපර් ස්ටාලා රෑ රජ වෙන්නේ.........

    ලොව කැරකෙනවා..මං කියවනවා...
    සෙනසුරාදා ෆුල් අප්සට් නේ......
    සීතල හින්දා බෝතලෙ කැන්දා...
    පොඩ්ඩක් ඇග රත් කරගන්නේ....
    බයිට් එකට ටී වී එක අරගෙන
    මොන මොනවා හරි නරඹන්නේ.....
    වැස්ස දවසෙවත් ගෙදර ඉදිල්ලා...
    ඔන්න මමත් යන්නට යන්නේ.......:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    patta macho
    බොහොම ස්තූතියි මචං
    11.gif
    :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ එහෙම කියන්න එපා සහො.. මානසිකව වැටෙයි..
    තෙල් ලිදක් හරි තියේ නෙ උන්ටත්
    2.gif

    තෙල් වලින් මූව තෙම්පරාදු කරන්නද සහෝ..
    2.gif
    නාන්න වතුර පොදක් නෑ.. කොහොම නහයක් තියං මු ලග ඉන්න උන් ඉන්නවද මන්ද ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාන්තාරෙට මොන වැසිද.. තෙල් ලිදකට පැනපං :cool::rofl:

    පනින්න ළිදක් වත් නෑ නොවැ උබලට.. තුච්ච ජීවිත
    2.gif

    අනේ එහෙම කියන්න එපා සහො.. මානසිකව වැටෙයි..
    තෙල් ලිදක් හරි තියේ නෙ උන්ටත්
    2.gif

    තෙල් වලින් මූව තෙම්පරාදු කරන්නද සහෝ..
    2.gif
    නාන්න වතුර පොදක් නෑ.. කොහොම නහයක් තියං මු ලග ඉන්න උන් ඉන්නවද මන්ද ..

    වතුර තියෙනවා වැස්සෙ නැති උනාට :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෙල් වලින් මූව තෙම්පරාදු කරන්නද සහෝ..
    2.gif
    නාන්න වතුර පොදක් නෑ.. කොහොම නහයක් තියං මු ලග ඉන්න උන් ඉන්නවද මන්ද ..
    images


    2.gif
    අපා දුකක් විදිනවා මේ මනුස්සයා.. පෑවිල්ලට ඔළුව කොලොප්පං වෙලා.. අර හම්බයො හම්පයන්ට කෙලවන වීඩියො දානවා හම්බ රටේ ඉදං.. මූව උස්සයිද මන්දා :baffled::dull: