වහිනවා වහිනවා හොදටම වහිනවා..
පායන පාටක් තව නෑනේ.........
හුලගත් එනවා.... ගස් හෙලවෙනවා....
හීතල නිදිමතමයි දුන්නේ...........
එස් එල් ටී එක වැඩ කිඩ දාලා ...
වැස්සට ජාලය හිර වෙන්නේ......
ඩොන්ගල් එකටත් ඒ සෙත ලැබුනයි...
ආතල් කුඩු වී මං ඉන්නේ............
රෑ ජාමේ ඉදලා පොඩි පොදයක්..
තිබුනා ගෙදරින් පැවසෙන්නේ..........
රෑට ගහපු ජින් බෝතලෙ ඇද යට
තාමත් සුවසේ සැතපෙන්නේ.....
වෙරිමත හින්දා.. නිදිමත කැන්දා...
කෑම නොකා ගුලි වී ඉන්නේ.........
අනේ අනිච්චං බිව්වේ මොකටද...
අයියෝ සල්ලී සිහිවෙන්නේ............
අනෙ මගෙ ඩාලිං සූකිරි බෝලේ..
උයාට මොකදෝ වී ඇත්තේ...........
ඊයේ රෑ ඉදං ටෙක්ස්ට් කරනවා....
එකකටවත් රිප්ලයි නැත්තේ.......
කෙල්ල බර බරේ... ෆෝන් ජරමරේ...
ඒකත් තිත්තම වී ඉන්නේ.........
කෙල්ලයි වැස්සයි දෙකම එකවගේ....
හිතුවක්කාරයි වද දෙන්නේ........
ගැන්සි බහින්නයි චැටක් දාන්නයි....
දවසම ෆුල් ට්රයි එක දැම්මේ.......
පැයගානක් එක දිගටම වැහැලා
විනාඩි දහයයි පායන්නේ...........
හුලං තදවෙලා ගස් අතු කැඩිලා
මොනවැං මොනවද මේ වෙන්නේ.....
එහෙම බලනකොට කෝටිය අරගෙන..
සුපර් ස්ටාලා රෑ රජ වෙන්නේ.........
ලොව කැරකෙනවා..මං කියවනවා...
සෙනසුරාදා ෆුල් අප්සට් නේ......
සීතල හින්දා බෝතලෙ කැන්දා...
පොඩ්ඩක් ඇග රත් කරගන්නේ....
බයිට් එකට ටී වී එක අරගෙන
මොන මොනවා හරි නරඹන්නේ.....
වැස්ස දවසෙවත් ගෙදර ඉදිල්ලා...
ඔන්න මමත් යන්නට යන්නේ.......
පායන පාටක් තව නෑනේ.........
හුලගත් එනවා.... ගස් හෙලවෙනවා....
හීතල නිදිමතමයි දුන්නේ...........
එස් එල් ටී එක වැඩ කිඩ දාලා ...
වැස්සට ජාලය හිර වෙන්නේ......
ඩොන්ගල් එකටත් ඒ සෙත ලැබුනයි...
ආතල් කුඩු වී මං ඉන්නේ............
රෑ ජාමේ ඉදලා පොඩි පොදයක්..
තිබුනා ගෙදරින් පැවසෙන්නේ..........
රෑට ගහපු ජින් බෝතලෙ ඇද යට
තාමත් සුවසේ සැතපෙන්නේ.....
වෙරිමත හින්දා.. නිදිමත කැන්දා...
කෑම නොකා ගුලි වී ඉන්නේ.........
අනේ අනිච්චං බිව්වේ මොකටද...
අයියෝ සල්ලී සිහිවෙන්නේ............
අනෙ මගෙ ඩාලිං සූකිරි බෝලේ..
උයාට මොකදෝ වී ඇත්තේ...........
ඊයේ රෑ ඉදං ටෙක්ස්ට් කරනවා....
එකකටවත් රිප්ලයි නැත්තේ.......
කෙල්ල බර බරේ... ෆෝන් ජරමරේ...
ඒකත් තිත්තම වී ඉන්නේ.........
කෙල්ලයි වැස්සයි දෙකම එකවගේ....
හිතුවක්කාරයි වද දෙන්නේ........
ගැන්සි බහින්නයි චැටක් දාන්නයි....
දවසම ෆුල් ට්රයි එක දැම්මේ.......
පැයගානක් එක දිගටම වැහැලා
විනාඩි දහයයි පායන්නේ...........
හුලං තදවෙලා ගස් අතු කැඩිලා
මොනවැං මොනවද මේ වෙන්නේ.....
එහෙම බලනකොට කෝටිය අරගෙන..
සුපර් ස්ටාලා රෑ රජ වෙන්නේ.........
ලොව කැරකෙනවා..මං කියවනවා...
සෙනසුරාදා ෆුල් අප්සට් නේ......
සීතල හින්දා බෝතලෙ කැන්දා...
පොඩ්ඩක් ඇග රත් කරගන්නේ....
බයිට් එකට ටී වී එක අරගෙන
මොන මොනවා හරි නරඹන්නේ.....
වැස්ස දවසෙවත් ගෙදර ඉදිල්ලා...
ඔන්න මමත් යන්නට යන්නේ.......









