What is Honda Dio HET Technology
මමත් මේ දවස් වල මමත් scooter ගැන හොයන නිසා අලුත් වර්ග ගැන ගොඩක් උනන්දුවෙන් විස්තර හෙව්වා.
ඉතින් මෙහෙම යනකොට මට ලොකු ප්‍රශ්නයක් ආවා Honda Dio ද නැත්නම් TVS Wego ද හොඳ කියල.කට්ටියගෙන් ඇහුවම ඔක්කොම කියන්නේ Honda Dio ගන්න කියල.
ඉතින් මම ඒ හැමෝගෙන්ම ඇහුවේ ඇයි ඔයාල Dio එක ගන්න කියන්නේ කියල.ඔක්කොම කියන්නේ හොඳට තෙල් කරනවා කියල විතරයි එකට හේතුව හරියට කියන්නේ නැහැ.
ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැනේ ඒ නිසා මම හිතුව මේ ගැන හොඳට හොයල බලන්න.
මොකද TVS Wego සහ Honda Dio කියල දෙකටම තියන්නේ එකම එන්ජින් ධාරිතාවක්.
පස්සේ මම Honda agent කෙනෙක් හමුවෙලා විස්තරේ ඇහුව. එයාල කියන්නේ.
* එන්ජිමේ ඝර්ෂණය අඩු කළා.
* බයික් එකේ බර අඩු කළා
* තව පොඩි පොඩි fine tune කළා කියලයි.
ඒ උනාට මට ඒවා පිළිගන්න තරම් සාධක උනේ නැහැ.
ඉතින් මම හොයල බලනකොට හමු වුන Honda එකෙන් අලුතින් එකතු කල කියන technology එකක්. එය තමයි මේ Honda Dio එකේ fuel හොඳට කරන්න ප්‍රධාන වශයෙන් බලපාන සාධකය.
HET (Honda Eco Technology)
මේ දවස් වල ඔය hybrid වාහන නිසා Eco කියන වචනය බොහොම ජනප්‍රිය වෙලා තියන්නේ. නමුත් මෙතන Eco කියන්නේ Economical කියන එක.ඒ කියන්නේ ආර්ථික වශයෙන් වාසිදායක බව.
මොකද පරිසරය හා සම්බන්ද Eco කතාව අවොත් අනිවා වාහනය Hybrid වෙන්න ඕන.මොකද වහනයක් කවදාවත් පරිසරයට හිතකර වෙන්නේ නැහැ ඉන්ධන වලින් දුවනකල්.
ඉතින් මේ HET කියන එක හේතුව තමයි මම මෙතන ඉඳල කියන්න යන්නේ.
දැනට අලුතින් ආව Honda Dio වල වර්ග තුනක් තියනවා කියල කට්ටිය දන්නවා ඇති.ඒවා නම්,
* මුලින්ම ආව Dio එකේ දෙපැත්තේ සිග්නල් ලියිට් තැඹිලි පාටයි
* දෙවනියට ආවා Crystal light වගේ ඔක්කොම light සෙට් ආව එක
* අන්තිමට තමයි මේ අලුත් HET එක්ක එක වර්ගය.
අන්තිමට ආව එකේ වම් පැත්තේ Dio බැජ් එකට යටින් HET කියල sticker එකක් අලවල ඇති.ඒ වගේම මීටර් එකෙත් 40kmph වල Eco කියල ගහල තියෙනවා.
HET වල මුලික අදහස උනේ එන්ජිමේ ඝර්ෂණය අඩු කරන එක. මොකද අනිත් ඉන්දියන් scooter එක්ක තරඟ කරන්න Honda එකට ලොකු වෙනසක් කරන්න ඕන උනා. මොකද ඒ වෙනකොටත් TVS Wego එක වෙළඳපොල හොඳටම අල්ලලා තිබ්බේ.
ඉතින් මෙයාල ඝර්ෂණය විශාල වශයෙන් අඩු කරලා එකෙන් ඉන්ධන පිරිමැස්මක් බලාපොරොත්තු උනා.ඉතින් මේ HET හින්ද දැන් Dio එකේ 55kmpl විතර තෙල් වැඩ කරනවා.ඒ කියන්නේ වැඩේ සාර්ථකයි.
ඔය ඉහත ෆොටෝ එකෙන් පෙන්නේ මෙයාල කරලා තියන වැඩේ තමයි.
සාමාන්‍ය crank එක වෙනුවට මෙයාල revised offset crank එකක් අලුතින් හදල.ඉතින් මේක හැදීමේ බලාපොරොත්තුව වන්නේ පිස්ටන් එක සිලින්ඩරයේ ඇතිල්ලීමෙන් හටගන්නා ඝර්ෂණය අඩු කිරීමයි.
හොඳට බලන්න පරණ ක්රමයක බල පහරෙදී (power stroke) පිස්ටනය පහලට තල්ලු කරන කොට බලයේ දිශාව වෙනස් වෙනවා piston rod එක හැරෙන නිසා එකෙන් වෙන්නේ ඊට ප්රතිවිරුද්ධබලයක් හට ගන්නා නිසා පිස්ටන් එක එක පැත්තකට වැඩි බරකින් යුතුව සිලින්ඩරයේ අතිල්ලීගෙන පහලට යන්නේ.මෙතැනදී piston rod එක හැරීම නිසා පහලට ලම්බකව සම්ප්‍රේෂණය කරන්න තිබ්බ බලයත් අඩුවෙලා, බලයේ දිශාවත් වෙනස් වෙලා, ඝර්ෂණය නිසා ඇතිවන ප්‍රතිවිරුද්ධ බලයත් නිසා, බලයේ කාර්යක්ෂමතාව ටිකෙන් ටික අඩු වෙනවා.
ඒ නිසා මෙයාල කලේ crank එක පොඩ්ඩක් මෙහාට කළා බල පහරෙදී (power stroke) ලම්භකව පහලට යන පරිදි වන ලෙස.එතකොට ඝර්ෂණය ඉතාම අඩු වෙනවා.බලය අපතේ යාමත් අඩු වෙනවා.
මොකද බල පහරෙදී තමයි එන්ජිම කරකැවීමට බලය දෙන්නේ , ඉතින් එතනදී වැඩේ හරියට සිදු උනොත් ප්‍රශ්න ගොඩක් අඩුයි.
ඉතින් ඔයාලට හිතෙනවා ඇති අනිත් පැත්තෙන් piston rod එක කැරකිලා එනකොට සැහෙන්න ආනතියක් (angle) සහිතව එන එක ප්‍රශ්නයක් නේද කියල.
එතනදී ප්‍රශ්නයක් වීමට ඇති සම්භාවිතාව අඩුයි. මොකද බල පහරට පසුව උඩට එන්නේ ස්වයන්ක්‍රීයව නිසා.
මට හොඳටම විශ්වාසයි එක්කෝ piston rod එක කොට කරලා හෝ දික් කරලා ඇති ඔය ප්‍රශ්නේ මගහරින්න. scooter එක හරියටම පදින්න ලැබුනොත් ඕක හොයාගන්න පුළුවන් වෙනවා.
ඇත්තම කියනවා නම් කොට කරනවට වඩා දික් කරන එකෙන් තමයි ඔතන ප්‍රශ්නේ මගාරින්න පුළුවන් ලේසිම විදිය.
හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද කට්ටිය කියනවා Honda Dio එක පට්ට pickup ලු.එකෙන් කියවෙන්නේ stroke වැඩි කරලද කියන එකයි.ඉතින් මේ නිසා piston rod එක කොට කරලද කියලත් මට සැකයක් තියෙනවා.
මොකද ගොඩක් reviews වල කියල තියෙනවා top speed එක 80kmph කියල.එකෙනුත් ගන්නදෙයක් තියෙනවා ඔය stroke එක ගැන හිතන්න.ඒවගෙන් වැඩක් නැහැ අපි හරියටම දන්නේ නැහැනේ.
ඉතින් ඔය විදියට තමයි ඔය අලුත් Honda Dio එකේ HET technology එකෙන් ඉන්ධන පිරිමැසුම්දායක තත්වයක් එළිදක්වල තියන්නේ.මම බලපු ලිපි වලට අනුව තව
* carburetor එකේ වෙනස් කම් කීපයකුත් කරලා තියෙනවා.
* Body එක බරත් සැලකියයුතු මට්ටමකින් අඩු කරලා තියෙනවා.(හැබැයි ඒ නිසා 80kmph පැනපු ගමන් විසිවෙන්න ගන්නවා.)
*තව ඇතුලේ CVT (අර බෙල්ට් එක තියෙන යුනිට් එක) එකෙත් වෙනස් කම් වගයක් කරලා.
ඔන්න ඔය කරුණු නිසා තමයි Honda Dio එකේ 55kmpl විතර තෙල් වැඩ කරන්නේ.
ඉතින් මම තව මගේ යාලුවෙකුගෙනුත් ඇහුව, මනුස්සය කිව්වේ හරියටම 40kmph සහ Super petrol ගැහුවොත් 60kmpl විතර වැඩකරනවලු ගම්පහ පැත්තේ.(තැනිතලාව නිසා වෙන්නත් පුළුවන්).
ඉතින් ඔන්න Honda Dio ගන්න බලාගෙන ඉන්න අයට කියන්නේ.ගන්නවා නම් අලුත්ම HET සහිත Dio එක ගන්න. මොකද පරණ ඒවා fail උන නිසා තමයි එයාල මේක revised version එකක් විදියට එලියට දාල තියන්නේ.පරණ එකේ 35kmpl-45kmpl අතරේ තමයි තෙල් වැඩ කරනවා කියල කියන්නේ.
එහෙනම් ඔන්න අදත් වටිනා කරුණු ටිකක් ඔයාලට ගෙනාව.මේකේ මොකක් හරි වරදක් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න සහ ඔයාලගේ මතයත් කියන්න අනිත් අයගේ දැන ගැනීම පිණිස.
බොහෝ කරුණු උපුටා ගත්තේ.....
ඔන්න ඉතින් මම අලුත් දේවල් ටිකක් ගෙනාවා.......
හැමදාම කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මගේ වෙනත් යතුරුපැදි සම්බන්ධ ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F
Latest Scooters From Honda 2013

Last edited: