හිතට වදින කමෙන්ට් එකක්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හිතට වදින කමෙන්ට් එකක්

    මචන් මේ ලින්ක් එකේ තියෙන කමෙන්ට් එකක් මේක....
    බොක්කෙන්ම ලියපු එකක් වගේ බං

    https://www.facebook.com/Kaju.Waththa.Eksath/posts/575294315843083

    අකිල මල්ලි. මේ උඹට අගෞරවයක් කරන්න ලියන එකක් නෙමේ. උඹට උන් වෙඩි තිබ්බේ උන්ගේ ආසාවට නෙමේ. උන්ට උඩින් ඉන්න අමනයන්ගේ තකතීරු නියෝග නිසා. ඒ නිසා උඹ උන්ට වෛරකරන්න එපා. අපේ රටේ මහලොකු ජාතික මාධ්‍යය කියන එවුන් කිව්වේ උඹත් දේශපාලන ව්‍යාපාරයක එකෙක් කියල. උඹ තාමත් ඉස්කෝලෙ යන ඡන්දෙ දාන්නවත් හිමිකම නැති පොඩි එකෙක් කියල උන් නොදන්නවා නෙමේ, තමන්ගේ හිතුමතේට ආතල් එකට මිනී මරන ගමන් ඊළග ඡන්දෙදිත් ආයෙත් මිනී මරන්න ලයිසන් ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ, උඹේ මරණය ඔය විදිහට මාකට් කලොත් විතරයි.

    උඹේ ගෙදර එවුන්ට මහින්ද මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි. හැබැයි ඒ උඹට තියන ආදරයේ අඩුවක් නිසා කියල උඹ වැරදියට හිතන්න එපා. ගෙදර අය උඹට ආදරේ වැඩි නිසා වගේම ඉතුරුවෙලා ඉන්න අනිත් වුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කරන්නේ. මොකෝ ලොක්කට විරුද්ධ වෙලා උඹට වෙච්ච දේම වෙන එකෙකුට වෙයි කියලත්, බොන්න වතුර ඉල්ලලා මැරුණ උඹව උන්ගේ පිළුණු වෙච්ච ජාතික මාධ්‍යයකාරයෝ, දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහයි කියලත් ගෙදර එවුන් බය වෙයි.

    එක අතකින් උන් උඹට ආදරේටද වෙඩි තිබ්බේ කියලත් මට හිතෙනවා. ඇසිඩ් වතුර බීලා, පිළිකා හැදිලා මැරෙනවට වඩා, යුධ නීතියෙන් පාලනය වෙන ඒකාධිපති ආණ්ඩුවක් යටතේ ඉන්නවට වඩා මරල දාන එක හොදයි කියල උන්ටම හිතිලා වෙන්නත් පුළුවන්.

    උඹ ජාතික වීරයෙක් කියල මම කියන්නේ නෑ, උඹ මැරුණ එකෙන් මේ ආණ්ඩුවට විරෝධතාවයක් එල්ල වෙන නිසා සතුටක් මට ඇත්තෙම නෑ.

    මට දුක උඹට මෙහෙම කරන සමාජයක ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම සිද්ධ වෙච්ච එක ගැන විතරයි. අකිල මල්ලියේ උඹට නිවන් සුව පතනවා!
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේකත් තිබ්බෙ ඒකෙම තමා...


    ජනාධිපතිගේ අම්මට තියා උගේ තාත්තටවත් , ඌටවත්, උගේ ලමයින්ටවත් ලබන ආත්මේ බොන්න දිය පොදක් නොලැබේවා පිපාසයෙන් මැරේවා !!! මැරේවා !!! මැරේවා !!! කල කම් පලදේවා !!! හෙන 7 ම වදීවා... මේ ආත්මයේදීම ඕකට පලදේවා !!!...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇසිඩ් වතුර බීලා මැරෙන්න බැරි නම් වෙඩි කාලා මැරියල්ලා...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වගේ දෙයක් වුන තුන් වෙනි වතාව..තව සති දෙකකින් අපේ අයට මේක අමතකයි..අයෙත් ගිහින් මහින්ද බල්ලට චන්දෙ ගහයි..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ ගෙදර එවුන්ට මහින්ද මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි.

    වෙළඳ කලාපෙ මැරිච්ච එකාටත් උනේ ඔය ටිකමයි ... රාජ පස්ස සල්ලි ටිකක් මිට මොලවල පිටට තට්ටුවක් දාපු ගමන් ඔක්කොම ප්‍රශ්ණ නිවාරණයි :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ වගේ දෙයක් වුන තුන් වෙනි වතාව..තව සති දෙකකින් අපේ අයට මේක අමතකයි..අයෙත් ගිහින් මහින්ද බල්ලට චන්දෙ ගහයි..

    වෙළඳ කලාපෙ මැරිච්ච එකාටත් උනේ ඔය ටිකමයි ... රාජ පස්ස සල්ලි ටිකක් මිට මොලවල පිටට තට්ටුවක් දාපු ගමන් ඔක්කොම ප්‍රශ්ණ නිවාරණයි :baffled:

    :yes: :( කතා කරලා වැඩක් නැත..... කෝ මේ ලොවන්නෝ ටික නැද්ද මේ දවස් ටිකේ......?? :growl:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Dayasiri... Illan Tinkiri gagaththa wage ne... uuta me wage ethi
    oh_god_why_posterr7b00b1c0fbda42659b0db7-1.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    onna balapan waliveriya seen 1 gana hoyanna janathipathi wenama komisamak pathkaranawa heta aniddama..mathakada ara pahugiya dawas wala deewarayo marune moodu gihin.. ekata mokada dan une..:lol::lol::lol::lol:result eka eddi janathaawa cool wela..:cool::cool::cool:ane huke ape sinhalayo..