හිතට වදින කමෙන්ට් එකක්
මචන් මේ ලින්ක් එකේ තියෙන කමෙන්ට් එකක් මේක....
බොක්කෙන්ම ලියපු එකක් වගේ බං
https://www.facebook.com/Kaju.Waththa.Eksath/posts/575294315843083
අකිල මල්ලි. මේ උඹට අගෞරවයක් කරන්න ලියන එකක් නෙමේ. උඹට උන් වෙඩි තිබ්බේ උන්ගේ ආසාවට නෙමේ. උන්ට උඩින් ඉන්න අමනයන්ගේ තකතීරු නියෝග නිසා. ඒ නිසා උඹ උන්ට වෛරකරන්න එපා. අපේ රටේ මහලොකු ජාතික මාධ්‍යය කියන එවුන් කිව්වේ උඹත් දේශපාලන ව්‍යාපාරයක එකෙක් කියල. උඹ තාමත් ඉස්කෝලෙ යන ඡන්දෙ දාන්නවත් හිමිකම නැති පොඩි එකෙක් කියල උන් නොදන්නවා නෙමේ, තමන්ගේ හිතුමතේට ආතල් එකට මිනී මරන ගමන් ඊළග ඡන්දෙදිත් ආයෙත් මිනී මරන්න ලයිසන් ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ, උඹේ මරණය ඔය විදිහට මාකට් කලොත් විතරයි.
උඹේ ගෙදර එවුන්ට මහින්ද මාමා හෙට අනිද්දා කෝල් කරයි. සල්ලි ටිකකුත් මිට මොලවයි. සමහර විට උඹේ ගෙදර එවුන් ලොක්කා හොද මනුස්සයෙක් කියයි. හැබැයි ඒ උඹට තියන ආදරයේ අඩුවක් නිසා කියල උඹ වැරදියට හිතන්න එපා. ගෙදර අය උඹට ආදරේ වැඩි නිසා වගේම ඉතුරුවෙලා ඉන්න අනිත් වුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි එහෙම කරන්නේ. මොකෝ ලොක්කට විරුද්ධ වෙලා උඹට වෙච්ච දේම වෙන එකෙකුට වෙයි කියලත්, බොන්න වතුර ඉල්ලලා මැරුණ උඹව උන්ගේ පිළුණු වෙච්ච ජාතික මාධ්‍යයකාරයෝ, දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගහයි කියලත් ගෙදර එවුන් බය වෙයි.
එක අතකින් උන් උඹට ආදරේටද වෙඩි තිබ්බේ කියලත් මට හිතෙනවා. ඇසිඩ් වතුර බීලා, පිළිකා හැදිලා මැරෙනවට වඩා, යුධ නීතියෙන් පාලනය වෙන ඒකාධිපති ආණ්ඩුවක් යටතේ ඉන්නවට වඩා මරල දාන එක හොදයි කියල උන්ටම හිතිලා වෙන්නත් පුළුවන්.
උඹ ජාතික වීරයෙක් කියල මම කියන්නේ නෑ, උඹ මැරුණ එකෙන් මේ ආණ්ඩුවට විරෝධතාවයක් එල්ල වෙන නිසා සතුටක් මට ඇත්තෙම නෑ.
මට දුක උඹට මෙහෙම කරන සමාජයක ජීවත් වෙලා ඉන්න අපි හැමෝටම සිද්ධ වෙච්ච එක ගැන විතරයි. අකිල මල්ලියේ උඹට නිවන් සුව පතනවා!

කතා කරලා වැඩක් නැත..... කෝ මේ ලොවන්නෝ ටික නැද්ද මේ දවස් ටිකේ......?? 