පද පේළී - EK LYRICS THREAD PART 2

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
6gke.png
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ හීනය බිඳලා
    ඔයා ගියා මට දුක තියලා
    වේදනා ගින්නෙන් දැවිලා
    මා මියේවී ඔබ හින්දා
    එනුමැන මා කුමරියනේ
    ඔබටයි තවමත් ආදරේ
    මතු මතුවත් සංසාරයේ

    ජීවිතේ ඔබ හින්දා
    ආදරේ වැඩි හින්දා
    හීන මල් පොදි බැන්ඳා
    ආදරෙන් රැකගත්තා
    මා සිහිනෙකවත් සිතුවේ නෑ
    අහිමි වෙයි සිතුවෙ නෑ
    ඔබ දුරයි සිතුවෙ නෑ

    එනුමැන මා ...............

    ආදරේ අරන් එන්න
    ආයෙමත් මගේ වෙන්න
    ප්‍රාර්ථනා ඉටුවෙන්න
    මා හදේ රැජිනිය වෙන්න
    වෙන හිතකට මට දෙන්න බෑ
    ඔබට දුන් ආදරේ
    ඔබ මගේ ආදරී

    එනුමැන මා ...............

    ආදරේ හීනය .............


    ගායනය :- අජිත් බණ්ඩාර
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ස්වප්නා..

    දුහුල් මාරුතේ වෙළී මා ගතේ
    පැතුම් මෝදු ‍වීලා සැඳෑ යාමයේ‍
    හැඟුම් මාවතේ තුරුල් වී හදේ
    මවා ගත්ත ලෝකේ හැබැහී වගේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ..
    ස්වප්නා.. ස්වප්නා...

    ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
    සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ
    හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
    රත්තරන් ආදරයේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ...
    ස්වප්නා.. ස්වප්නා...

    සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ
    නොසිතුව සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ
    ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
    පාළු නෑ මේ දි
    වියේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ...
    ස්වප්නා.. ස්වප්නා...

    -දසුන් මධුශාන්
    සහ ශානිකා මධුමාලි-
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    සිත බිදුනුදා... තරු කඩා වැටුනා...
    මම ඉකි ගසා හැඩුවා ඔබ දන්නේ නෑ
    කුමුදිනිය පෙති ලිහි බොළද මගේ සිත රිදී ...
    කදුලු කැටි ගැසුනා ඔබ දන්නේ නැ
    ඔබ දන්නේ නෑ....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කඳු පාර ඈත අයිනේ....
    සඳ රෑ ක ඈ සිනා සේ....
    වේදනා....සිතාරයේ....
    ඒ ගීත රාවේ ඇසේවා....
    ජීවිතේ පුරා....

    -Milton Mallawarachchi-



    ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
    පාළු නෑ මේ දි
    වියේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ...
    ස්වප්නා.. ස්වප්නා...

    -දසුන් මධුශාන්
    සහ ශානිකා මධුමාලි-
    නියමයි..
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දුහුල් මාරුතේ වෙළී මා ගතේ
    පැතුම් මෝදු ‍වීලා සැඳෑ යාමයේ‍
    හැඟුම් මාවතේ තුරුල් වී හදේ
    මවා ගත්ත ලෝකේ හැබැහී වගේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ..
    ස්වප්නා.. ස්වප්නා...

    ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
    සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ
    හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
    රත්තරන් ආදරයේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ...
    ස්වප්නා.. ස්වප්නා...

    සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ
    නොසිතුව සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ
    ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
    පාළු නෑ මේ දි
    වියේ
    ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
    දෝරේ යයි ආදරේ...
    ස්වප්නා.. ස්වප්නා...

    -දසුන් මධුශාන්
    සහ ශානිකා මධුමාලි-

    පට්ට සෝන්ග් එක...
    11.gif
    රදීෂ වැන්ඳබොනට හොඳ අනාගතයක් තියෙනවා ඉස්සරහට....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියක් උල්පත් මවාදී
    නිසලවම හිඳිනා​
    නමක් නැති මහ කන්ද ඔබ​
    අප්පච්චී... අප්පච්චී.....​




     
    • Like
    Reactions: DAMER

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    සාගරේ තරම් මම ආදරේ අරන්...
    සිත් පුරා පෙරුම් පුරාගෙන හොරෙන්...
    මම එන්න සිතුවා දැන්, ඔබ ඉන්න තැන සොයන්...
    ඔබ ඉන්න තැන සොයන්...

    ළඟින් ළඟට ඇඟිලි තුඩින් පැටලිලා යමින්...
    ටිකෙන් ටිකට සෙමෙන් සෙමෙන් තුරුළුවෙමු ඉතින්...
    සිතින් නැඟෙන හැඟුම් ටිකක් දෙන්න මට ඉතින්...
    සිහිල් පවන් රොදක් ලෙසින්...ගතට ළංවෙමින්...

    අහිංසකව දෑස් තුළින් ගලන පෙම් හැඟුම්...
    බලන් ඉන්න ලෝභ කමක් දැනෙනවා ඉතින්...
    අනන්තයක් වගේ දැනෙන මගේ පෙම් හැඟුම්...
    පුදමි පුදමි තුරුළු කරන්...හිතට ඇති තරම්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මනමාල සිතක් තිබුනද

    මනමාල සිතක් තිබුනද ලගින් උන්නු දා
    සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
    ලගින් ඉන්න පින් මදිවද හදට ඔය නු‍ඹේ
    ඉතින් දෙන්නකෝ අවසර රැදෙන්නට හදේ

    මනමාල සිතක් තිබුනද...

    නල රැලි මත අදිමන් කියු ආදර කතාව කොහෙදෝ
    ලං වෙන්නට නුඹගේ සිත ඇතිවද ‍අද වෙන කෙනෙකුගෙ ඇසුරේ
    බිදක් මතක නම් මං ගැන ඇසුර පෙර ලෙසේ
    සැම දා ඉන්නම් මා...

    මනමාල සිතක් තිබුනද...

    නැත කිසි දින වැටුනේ වෙන ල
    කගෙ ආදර දැහැනේ
    සිත තවමත් එහෙමයි ඔබ ගැන උන් හැටි ලෙස ඉස්සර දවසේ
    වෙන් වෙන්නම් කීවොතින් ඔබේ ඔය මුවෙන්
    හැර යන්නම් මා...

    මනමාල සිතක් තිබුනද...

    -දිනේෂ් තරංග-


    නියමයි..
    11.gif
    11.gif

    පට්ට සෝන්ග් එක...
    11.gif
    රදීෂ වැන්ඳබොනට හොඳ අනාගතයක් තියෙනවා ඉස්සරහට....
    :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඳුලු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිඳු හිත පෑරිලා.....
    ඔබම සො‍යලා රැ‍යම ගෙවිලා
    සිහින අවතැන් වෙලා.....
    හමුවන්න බෑ ඔ‍යා.....සැඟවී මෙදා.....
    තනිවන්න බෑ මගේ.....හුස්මත් ඔ‍යා.....
    කඳුලු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිඳු හිත පෑරිලා.....

    රතු පාට වෙරලේ.....පාපොඩි ති‍යා.....
    පපුවේ තුරුල්ලේ.....සෙනෙහස උරා.....
    හැබැහින්ද කිව්වේ..... ඔබ මගේ තමා.....
    තාමත් අතීතේ.....මා නැවතිලා.....

    ‍යලි නො එන සෙනෙහේ.....මග හමු වෙලා.....
    මට ගැ‍යුව ගීතේ.....ඔහු හා ග‍යා.....
    හිතකින්ද ‍යන්නේ.....ඔබ හිනැහිලා.....
    තාමත් අතීහ්තේ..... මා නැවතිලා.....

    -Udaya Sri Wickramasinghe-
     
    • Like
    Reactions: DAMER

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා..
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා..
    :(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට සිත මගෙ බොලඳ වෙලා..
    අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා..

    කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී
    හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අපවෙත යොමුවී..

    කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතෙයි අත්තටු නැතද ලැබී
    වරම් නොවේ මට ඔබ හමුවන්නට ඈතින් හිඳ හිනැහෙනු මැනවී..
    :(:(:(


     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මේ ගී කාටදැයි,
    මේ ගී කාටදැයි,
    ඔබ දන්නවා ඇති
    හිත මගේ පිදු හැටී
    සිහිවේ නොනැවතී..


    සිතුපැතු අන්දම රෑ දිවා
    අමුතුම ලොවක් මවා
    මට මා අමතක වූවා
    සිහිය පැන දිවා
    බලාපොරොත්තුවෙ කඩතිර ඉරා
    පාළුව විඳදරා
    ඉවසමි දිවිතුරා..

    එකම හිනාවට ගී දහසක්
    බිහිවෙයි මාගෙ මුවින්
    ඇතිවුනි නම් අවබෝධෙ
    අද මේ විලස නොවේ
    කොතැනක හිටියද මෙම ලෝ තලයේ
    රකිමි හැම කලේ
    සිහිවේ හැමවෙලේ........................
    :(:(:(
     
    • Like
    Reactions: DAMER

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    අප හමුවෙන්න කලින්..
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ලඳකි මෙමං..

    ඔබ ලඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
    මා හට නොමැත වරම්..
    මිහිපිට මා හට නැත වෙන සතුටක්
    ඔබෙ රුව දකින තරම්..

    සිත සිත ඔබ ගැන දින දින ලතැවෙමි
    වෙන මා කරන් කුමක්..
    හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
    එය මා සිතට දුකක්..

    සිතු පැතු හැමදේ නෑ ඉටුවන්නේ
    ලොව අප සිතන ලෙසින්..
    මතු හමුවන තුරු වෙන්වී යමු අපි
    ඔබ හට ආයුබෝවන්..

    :(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Skin to bone, steel to rust
    Ash to ashes dust to dust
    Let tomorrow have its way
    With the promises we made
    Skin to bone, steel to rust

    Ash to ashes, dust to dust
    Your deception, my disgust
    When your name is finally drawn
    I'll be happy that you're gone
    Ash to ashes, dust to dust

    ash to ashes, dust to dust
    skin to bone and steel to rust

    Right to left, left to right
    Night to day and day to night
    As the starlight fades to gray,
    I'll be marching far away
    Right to left and left to right

    Let tomorrow have its way?
    With the promises betrayed?
    Skin to bone and steel to rust

    -Linkin park-

    ________________________________________________________________________________________________________________________


    DAMER කුකුලට කොච්චර කිව්වත් රෙප් දෙනකොට නම දාන්නේ නෑනේ......
    හිටුකෝ.....ඊලඟ දවසේ උඹට දෙන්නම් රෙපක් අවුරුදු ගාණකට මතක හිටින්න.......:angry::angry::angry:

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තහනම් ආදරයේ අවසන් බැල්ම දිහා
    මා බැලුවේ කම්පා වී කුමක් කරම්ද කියා..
    උපදින සංසාරේ ඔබ මගෙ කීව නිසා..
    :(:(:(

    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    අප හමුවෙන්න කලින්..
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ලඳකි මෙමං..

    ඔබ ලඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
    මා හට නොමැත වරම්..
    මිහිපිට මා හට නැත වෙන සතුටක්
    ඔබෙ රුව දකින තරම්..

    සිත සිත ඔබ ගැන දින දින ලතැවෙමි
    වෙන මා කරන් කුමක්..
    හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
    එය මා සිතට දුකක්..

    සිතු පැතු හැමදේ නෑ ඉටුවන්නේ
    ලොව අප සිතන ලෙසින්..
    මතු හමුවන තුරු වෙන්වී යමු අපි
    ඔබ හට ආයුබෝවන්..

    :(:(:(



    මට හිතිච්ච දේ මම මේ කියන්නේ... එක ගෑණු ළමයෙක් හිටපු පෙම්වතාගෙන් වෙන්වෙලා වෙන පිරිමි කෙනෙක් එක්ක යාළු වෙලා කසාද බැන්දට පස්සෙත් පරණ පෙම්වතා ගැන හිත හිත ඉන්නවා නම් ඇය "චපල" ගැහැණියක්....! බැඳපු පිරිමියට කරන ලොකුම නිගාවක්.... ඒ වගේ ප්‍රශ්න නිසා තමා පවුල් ආරවුල් දුර දිග ගිහින් අන්තිමේ මිනිහෙක් මැරෙන තැනට වැඩ කටයුතු වෙන්නේ.... ඔනේම කෙනෙකුට අතීතයක් තියෙනවා... හැබැයි ඒ අතීතෙන් මිදිලා අලුත් ලෝකෙකට ගියාට පස්සේ පුරුදු පරිදි අතීතෙම ජීවත් වෙනවා නම් එතන සතුටක් නෑ... වංචාවක් විතරයි. කොච්චර හැඟීම් ආවත් ඉවසගෙන තමන් බැඳපු කෙනත් එක්ක අවංකව සතුටෙන් ඉන්න පුළුවන් නම් ඒකයි හරි දේ....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
    හඬවන්නෙපා මා රිදවන්නෙපා මා
    සුභ මංගලම් කියා පැතුවා සිතින්....

    සිහිනේ අපේ පෙම් මතකේ එදා
    කඳුලෙන් මගේ නෙත් වැසිලා ගියා
    මනමාලියක් වී මදු මල් තොටිල්ලේ
    දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා...

    ආසිරි සිනාවන් මුවගේ රැඳේ
    සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ
    සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා
    අමතන්න ආසයි ආදර නයෝ ඔයා...


    (love the whistle part of the song :)) :love: