පද පේළී - EK LYRICS THREAD PART 2

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
නිම් තෙරක් නොදුටු මේ ලොකයේ
මෘදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී... ජිවිතයේ...............

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී.... සාගරයේ................

සිල්බිඳි මුවන් කැලබු වනේ
බිම නොදා නෙලු පල මාවතේ
සදා ඔබේ ගිම් බෙදා ගනිම් මං
තැවුල් සැඟව යාවී... මාරුතයේ.............

නිම් තෙරක් නොදුටු..............
 
Last edited:

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

මට හිතිච්ච දේ මම මේ කියන්නේ... එක ගෑණු ළමයෙක් හිටපු පෙම්වතාගෙන් වෙන්වෙලා වෙන පිරිමි කෙනෙක් එක්ක යාළු වෙලා කසාද බැන්දට පස්සෙත් පරණ පෙම්වතා ගැන හිත හිත ඉන්නවා නම් ඇය "චපල" ගැහැණියක්....! බැඳපු පිරිමියට කරන ලොකුම නිගාවක්.... ඒ වගේ ප්‍රශ්න නිසා තමා පවුල් ආරවුල් දුර දිග ගිහින් අන්තිමේ මිනිහෙක් මැරෙන තැනට වැඩ කටයුතු වෙන්නේ.... ඔනේම කෙනෙකුට අතීතයක් තියෙනවා... හැබැයි ඒ අතීතෙන් මිදිලා අලුත් ලෝකෙකට ගියාට පස්සේ පුරුදු පරිදි අතීතෙම ජීවත් වෙනවා නම් එතන සතුටක් නෑ... වංචාවක් විතරයි. කොච්චර හැඟීම් ආවත් ඉවසගෙන තමන් බැඳපු කෙනත් එක්ක අවංකව සතුටෙන් ඉන්න පුළුවන් නම් ඒකයි හරි දේ....
:yes::yes:
 
Twinkle24

Member
Jul 12, 2013
1,093
25
0
~upon a cloud~

dude,mata eka digatama ahanna labuna lassana songs tikaka lyrics damma misak,there's no hidden meaning or any shit behind it.ehema jara wada karanna tharam modayekuth nemei mama.
Anyway, thanks advice ekata.ohoma kenek meet wunoth kiyala dennam oyage oya wachana tika.
Afterall, I'm not married.

hithuwena methana song ekak post kalama minissu mechchara pahath thathweta dala hithanawa kiyala
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    නංගි සිංහල තෙරියමා..?????

    මට හිතිච්ච දේ මම මේ කියන්නේ... එක ගෑණු ළමයෙක් හිටපු පෙම්වතාගෙන් වෙන්වෙලා වෙන පිරිමි කෙනෙක් එක්ක යාළු වෙලා කසාද බැන්දට පස්සෙත් පරණ පෙම්වතා ගැන හිත හිත ඉන්නවා නම් ඇය "චපල" ගැහැණියක්....! බැඳපු පිරිමියට කරන ලොකුම නිගාවක්.... ඒ වගේ ප්‍රශ්න නිසා තමා පවුල් ආරවුල් දුර දිග ගිහින් අන්තිමේ මිනිහෙක් මැරෙන තැනට වැඩ කටයුතු වෙන්නේ.... ඔනේම කෙනෙකුට අතීතයක් තියෙනවා... හැබැයි ඒ අතීතෙන් මිදිලා අලුත් ලෝකෙකට ගියාට පස්සේ පුරුදු පරිදි අතීතෙම ජීවත් වෙනවා නම් එතන සතුටක් නෑ... වංචාවක් විතරයි. කොච්චර හැඟීම් ආවත් ඉවසගෙන තමන් බැඳපු කෙනත් එක්ක අවංකව සතුටෙන් ඉන්න පුළුවන් නම් ඒකයි හරි දේ....
    මම මෙතන කොහෙවත් ඔයාට ඇඟිල්ල දික් කරලා මේක මේ ඔයාගේ කථාවක් කියලා කථා කරලා නෑ..... හොඳට ඇස් ගෙඩි දෙක ඇරලා බලන්න.... මට ඔයාගේ post 2 එක ලඟ දැක්කම අද සමාජෙත් එක්ක මගේ හිතට අදහසක් ආවා... මම ඒකයි ලිව්වේ. මම ලියලා තියෙන්නේ සමාජේ එක ගෑණු ළමයෙක් මුල් කරගෙන.. ඒ නිසයි මම " එක ගෑණු ළමයෙක් හිටපු පෙම්වතාගෙන් වෙන්වෙලා " කියලා පටන් ගත්තේ. ඔයා මට - රෙප් දුන්නට මට කිසිම දුකක් කණගාටුවක් නෑ.මම රෙප් හිඟා කන කෙනෙක් නෙමේ.... මම ලියන්න ඕන එක කෙලින් ලියනවා.

    reputation_neg.gif
    පද පේළී - EK LYRICS... 08-26-2013 12:51 AM really got hurt

    i'm really disappointed about this fucking shit..!!! it'z time to leave this thread.... පුරා අවුරුදු ගානක් මම මේ ත්‍රේඩ් එකේ හිටියා.(since 2009 - CHOPPE is ma 2nd ID) හිතට දුකක් සතුටක් දැනුන හැම වෙලේම මම මේ ත්‍රේඩ් එකට ආවා... ඇවිත් ගී පද වැලක් ලියලා ගියා. ගීය උඩින් ඇහුවත් ගීතයේ හරි තේරුම ගොඩක් දැන ගත්තේ මේ Thread එකෙන්. අද වෙනකම් මම කාගෙන්වත් බැනුම් අහලා නෑ.... මේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ අමිල අයියව. පද පේළි 1 ආරම්භයේ ඉඳන් මම හිටියා අද වෙනකන්.... ගොඩක් හොඳ යාළුවො රැසක් අඳුන ගන්න ලැබුනා.පද පේළි 1 සෑහෙන යාළුවෝ ගොඩක් සෙට් උනා. කවදාවත් දැකලා නෑ, ඒත් ගොඩක් හොඳ ගති ගුණ අය... rcccc / DAMER / Rex921 / m3pium / Malinga.. මේ හැමෝටම ගොඩක් ස්තුතියි... මේ Thread එක ඉදිරියට අරං යන්න.හැමෝටම ජය!
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ හිතට දුක දැනෙනා වෙලාවයි
    මේ හිතට දුක හිතෙනා වෙලාවයි
    මේ හිතට දුක දැනෙනා වෙලාවයි
    මේ හිතට කවි හිතෙනා වෙලාවයි

    :oo: What the fuzz Chopps & T24 ..Cmn this is not the real world..:P
     
    • Like
    Reactions: Twinkle24

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදරේ කුරුටු ගෑ.....
    නෙත පුරා කදුළු අතුරලා.....
    හසගනාවියේ ඔබ ගියා.....
    නෙතු මායිමේ දුක තියා...

    පෑදුල් නෙතු විලේ සතපවා
    මා ඔ‍බේ වසගයට ගෙන තබා
    හසගනාවියේ ඔබ ගියා....
    නෙතු මායිමේ දුක තියා....

    රෑ අනත් සිහිනයේ සැඟවිලා
    හිතගාව මතක මල් වැහි සලා
    හසගනාවියේ ඔබ ගියා.....
    නෙතු මායිමේ දුක තියා.....

    -Kasun Kalhara-
    ________________________________________________________________________________________________________________________________

    dude,mata eka digatama ahanna labuna lassana songs tikaka lyrics damma misak................

    මම මෙතන කොහෙවත් ඔයාට ඇඟිල්ල දික් කරලා මේක මේ ඔයාගේ කථාවක් කියලා කථා කරලා නෑ.........
    Public forum එකක ඕනම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න වගේම අනිත් අ‍යගේ අදහස් වලට විරුද්ධ වීමේ හැකි‍යාව ති‍යනවා.......:rolleyes::rolleyes::rolleyes:
    මම නම් දකින්නේ මෙතන වෙලා ති‍යෙන්නෙත් ඒ වගේ පොඩි සිදුවීමක් විතර‍යි......:oo::oo::oo:
    ඒ වගේ පොඩි සිදුවීමක් හින්දා මෙතන වලි දාගන්නවත් thread එක අතෑරලා ‍යන්නවත් අවශ්‍ය නෑනේ......:rofl::rofl::rofl:
    මේවගේ පොඩි දේවල් වලට හිත් රිදීම් වෙනවනම්,thread එක දාලා ‍යන්න හිතෙනවනම් අපිට වැටිලා ති‍යන කේස් වලට මේ වෙනකොට එලකිරි‍යත් දාලා ගිහින් ති‍යෙන්න ඕන......:lol::lol::lol:
    ඔ‍ය සිද්ධි‍ය ගැන තව දුරටත් වාද කරන්න අවශ්‍ය නෑ......:no::no::no:

    "සින්දුවක් කි‍යල ඉමු ආතල් එකේ අද"

    (මගේ පෞද්ගලික අදහස කිව්වේ......)
     
    • Like
    Reactions: rcccc and Twinkle24

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉකි ගසා හඬන අතීතයක
    කදුළු එක්ක ගනුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා

    හීනෙන් හීනැහී තුන්යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා

    රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
    උහුලනු බැරිතැන උනු කඳුළුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා
    මගේම ආදරයක් තිබුනා
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Affa monada me
    Api ewelawata hitata ena songs ne metana post karanne
    Samaharawelawata eke teruma gana hitanne ne song eka lassana nisa post karanawa
    Monada chopz menna ewit song post karanna :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙව් රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ

    දෙව් රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
    මා සිටියා නම්
    සමිඳුනි ඔබ පිළිසරණ පතා
    මම එමි බව'ඳුරු කතර ගෙවා

    සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
    තැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ
    සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්
    නිවී නිවී යන අරුමය කිමදෝ

    දෙව් රම් වෙහෙරේ...

    ජීවමානවම හිමි දැක ගන්නට
    මා නෙත කළ පින් මඳ බව වැටහේ
    එහෙයින් හිමි අනුරුව අබියස සිට
    බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට

    දෙව් රම් වෙහෙරේ...

    -
    වික්ටර් රත්නායක-
     
    • Like
    Reactions: Rex921

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    නංගි සිංහල තෙරියමා..?????

    මම මෙතන කොහෙවත් ඔයාට ඇඟිල්ල දික් කරලා මේක මේ ඔයාගේ කථාවක් කියලා කථා කරලා නෑ..... හොඳට ඇස් ගෙඩි දෙක ඇරලා බලන්න.... මට ඔයාගේ post 2 එක ලඟ දැක්කම අද සමාජෙත් එක්ක මගේ හිතට අදහසක් ආවා... මම ඒකයි ලිව්වේ. මම ලියලා තියෙන්නේ සමාජේ එක ගෑණු ළමයෙක් මුල් කරගෙන.. ඒ නිසයි මම " එක ගෑණු ළමයෙක් හිටපු පෙම්වතාගෙන් වෙන්වෙලා " කියලා පටන් ගත්තේ. ඔයා මට - රෙප් දුන්නට මට කිසිම දුකක් කණගාටුවක් නෑ.මම රෙප් හිඟා කන කෙනෙක් නෙමේ.... මම ලියන්න ඕන එක කෙලින් ලියනවා.

    reputation_neg.gif
    පද පේළී - EK LYRICS... 08-26-2013 12:51 AM really got hurt

    i'm really disappointed about this fucking shit..!!! it'z time to leave this thread.... පුරා අවුරුදු ගානක් මම මේ ත්‍රේඩ් එකේ හිටියා.(since 2009 - CHOPPE is ma 2nd ID) හිතට දුකක් සතුටක් දැනුන හැම වෙලේම මම මේ ත්‍රේඩ් එකට ආවා... ඇවිත් ගී පද වැලක් ලියලා ගියා. ගීය උඩින් ඇහුවත් ගීතයේ හරි තේරුම ගොඩක් දැන ගත්තේ මේ Thread එකෙන්. අද වෙනකම් මම කාගෙන්වත් බැනුම් අහලා නෑ.... මේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ අමිල අයියව. පද පේළි 1 ආරම්භයේ ඉඳන් මම හිටියා අද වෙනකන්.... ගොඩක් හොඳ යාළුවො රැසක් අඳුන ගන්න ලැබුනා.පද පේළි 1 සෑහෙන යාළුවෝ ගොඩක් සෙට් උනා. කවදාවත් දැකලා නෑ, ඒත් ගොඩක් හොඳ ගති ගුණ අය... rcccc / DAMER / Rex921 / m3pium / Malinga.. මේ හැමෝටම ගොඩක් ස්තුතියි... මේ Thread එක ඉදිරියට අරං යන්න.හැමෝටම ජය!

    ඇත්තටම මටයි වැරදි වැටහීමක් වෙලා තියෙන්නෙ.මගේ පෝස්ට්වලට එහෙම කියලා තිබුන නිසයි මට දුක හිතුනෙ.මට සමාවෙන්න, වරද මගෙයි..
    ඒ වුනාට මම නිසා කවුරුවත් ත්‍රෙඩ් එක දාලා යන්න ඕනෙ නෑ,ඔයා පරණම කෙනෙක්
    ඔයාව මේ ත්‍රෙඩ් එකට වටිනවා. ඒත් මම අළුත්, හුඟක් අය නොදන්න කෙනෙක්.
    ඒ නිසා ඔයාව මේ ත්‍රෙඩ් එකට ඕනෙ.
    මම මේකෙ ඉන්නවද නැද්ද කියන එක වැදගත් නෑ මම හිතන්නෙ.
    ඇත්තටම මගෙන් තමයි වරදක් වුනේ.
    මට සමාවෙන්න, මේ ත්‍රෙඩ් එක දාලා යන්න එපා මං නිසා නම්..
    මෙතන ඉන්න යාළුවො හැමෝටම ඔයා මෙතන පෝස්ට් කරන අදහස් හුඟක් වටිනවා.
    ඒ නිසා වෙනදා වගේම මෙහේ එන්න පෝස්ට් දාන්න.
    වැරදි වැටහීමක් ඇතිවුනේ,
    ඒත් මං තේරුම් ගත්තා වරද මගේ..
    මට සමාවෙන්න..
    :(
     
    වෙච්ච කිසිම දෙයක් මම හිතේ තියාගෙන නෑ... අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා... වෙච්ච දේවල් අමතක කරලා ඔයත් වෙනදා වගේ post දාන්න.;)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Marians.......

    සාමේ ඉරේ රැස් ධාරාවේ~
    සාමේ ස‍ඳේ රැස් මාලාවේ..
    ආලෝක ලෝ තුල පැතිරේවා~
    ලෝකෙම ඉන් කල එළිවේවා.!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට මතකයි මනබැන්ඳු~
    සිනා ඔබෙ හද පතුලේ..
    සිහිවෙන්නේ ඔයාවයි~

    සාමේ ඉරේ රැස් ධාරාවේ~
    සාමේ ස‍ඳේ රැස් මාලාවේ..
    ආලෝක ලෝ තුල පැතිරේවා~
    ලෝකෙම ඉන් කල එළිවේවා.!

    පරණ ලස්සන ගීත දෙකක්...
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෑව මල් සිනා ඔබ මට

    පෑව මල් සිනා ඔබ මට මා වශී වුනා ඔබ හට
    තාම මා සිතේ රැඳී තියේ
    වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
    කාරනා පැතුම් අතීතයේ

    නිලන වැසි සමේ ඉකි බිඳ හඬන
    හිත ​මගේ නුඹ ගැන
    හීනය
    හිත යටම නිදි වරයි
    හිතට හිත නැතත් නෙත ළඟ තවම මැවි මැවී නොපෙනෙන
    ජීවිතයට සැනසුම නුඹමයි

    සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව
    මගේ නොවන සිත නුඹේ ළඟයි
    කඳුළු තව තියේ සීතල හඬනවාම නම් දෙනුවන
    මගේ නෙතට හදවත කොඳුරයි

    පෑව මල් සිනා ඔබ මට...

    -
    නිලන්ත රාජේන්ද්‍ර-
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා

    ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ
    පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා
    මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ කඳුලු තොටුපල‍යි සමුගෙන ‍යන්න මට බැරි......
    මේ කඳුලු තොටුපලින් සමුගෙන ‍යන්න ඇ‍යි බැරි.....

    මගෙ ලොවට වෙලා ඔබ පෙම් බස් මුමුණ‍යි සොඳුරු.....
    ඔ‍ය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුලු.....

    මගෙ දෙනෙත් වසන සිතිවිල්ලක ඔබ එන අ‍යුරු.....
    ඔබ තම‍යි මසිත සුවපත් කල ගීත‍ය මි‍යුරු......

    අපි ඉගිල ‍යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරු.....
    පෙම් පුවත ලි‍යමු දිනෙක අපිත් බඳිමින් මැදුරු.....

    දොර කවුලු වැසූ රන් කූඩුවෙ ඉන්නම් සිරවූ.....
    මවු සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් ‍යන්නේ කවුරු.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුරවා ති‍යා හිත පැතුමන් ගොඩක්
    අරගෙන ගියා නුඹ පෙම් හිත දුරක්
    විමසන්නෙ නුඹ ගැන ම මගෙ හිත තවත්
    අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත්
    අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත්

    සැමදා ම ළඟ ඉන්න පැතු ඒ පැතුම්
    දුටු හීන බොඳවීල ගිය හැටි මගෙන්
    දුක් විඳින මේ හිතට නුඹ නැති දුකක්
    උහුලන්නෙ මං කොහොම මගෙ රත්තරන්

    පුරවා තියා ............

    හිනහෙන්න දැවටෙන්න තුරුලේ වෙලී
    ඔබ එන්නෙ නෑ නේද කොහොමත් යලී
    හඬවන්න මගෙ දෑස නුඹ මේ හැටී
    ලංවූයෙ ඇයි මෙහෙම සෙනෙහෙන් බැඳී

    පුරවා තියා ............

    ගායනය :- ශෙහාන් මොහොමඩ්