
එල එල කෑන් ගණන් තියෙන එකෙන් දාන්නම්කෝ හැමදාම......
හැබැයි මම සර්විස් එකේදි උන් දාපු ඔයිල් එක නම් 90 ට වඩා තුනී වගේ.......
ගියර් ඔයිල් දාමු.


කවර් වෙලා තියන නිසා ග්‍රීස් දාන එක හොදයි කියලයි මං නං හිතන්නේ.

මොකද ඔයිල් දැම්මම චේන් එක ඇදෙන්න බලනව වැඩිපුර.
ග්‍රීස් දාන්න කියල මං කියල තියනව දැක්කොත් කැන්ඩියන් ඇවිත් බෙලල මිරිකයි.


මොකද ග්‍රීස් දැමිල්ල කරන්නම එපා කියල එයා නම් කියන්නේ. ඒත් සාමන්‍ය චේන් එකකට ඒ වැඩේ ඔයිල් දානවට වඩා හොදයි කියල මටනම් හිතෙනවා. ඒ දැකපු දේවල් හින්දයි ඇත්තටම දක්ෂ ගොඩක් කල් බයික් රිපෙයාර් කරපු මං අදුරන කෙනෙකුගෙ අදහස් හින්දයි.
තව එකක් චේන් එක(සාමාන්‍ය එවා) සුද්ද කර කර ලුබ්රිකන්ට් දාන එක හොද වැඩක් නෙමේ කියලයි මගේ අදහස. එතකොට චේන් එක ඉක්මනට ඇදෙන්න බලනවා. මං කලින් ත්‍රේඩ් එකක් දැම්මා චේන් එකට දාන්න ඔනෙ මොනවද කියල අහල. මං හිතුවෙ ග්‍රීස් දැම්ම හින්ද චේන් එක ඇදුන කියල.එත් දැන්නම් හිතෙන්නේ මං භුමි තෙල් වලින් චේන් එක සුද්ද කල නිසා වැඩේ වුනා කියලයි.
මේ මගේ අදහස.

කැන්ඩියන් අයියේ මේක දැක්කොත් මගෙ ඇගට ගොඩවෙන්න එහෙම එපා හොදද.


මං අලුතින් දාපු චේන් එකට ග්‍රීස් දානව. දාල බලනව මොකද තත්වේ කියල. වැඩේ අවුල් වුනොත් කියන්නම් මං. විශ්වාසවන්තව කියන්න පුලුවන් තරම් විස්තර හම්බවෙච්ච නිසයි කිව්වේ. අනිත් එක නොර්මල් චේන් වලට විතරයි මේ කිව්වේ.චේන් එක ගැන ඕනවට වඩා වද වෙන්නත් එපා.
