කතරගම~මිත්‍යාව

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    කතරගම ගැන උබ හිතන් ඉන්න හැටි ගොඩක් වැරදි බන් .
    ඕක ආලෝක කරන්න අරකට මේකට ඔය එකතුවෙන සල්ලි ගන්නේ නැ. ඔය ගමම බිමට සමතල උනත් එකදවසින් හදන්න දායක වෙන්න පුළුවන් එක එක ජාතියේ මුදලාලිලා සෙට් එකක් ඉන්නවා .
    උන් තමයි ඕවට ආදාර කරන්නේ . කපුවෝ කියන්නේ මොක්කුද බන් . උන්ට ළමයෙක්ට පතක් පොතක් දෙන්න හිත තියීනවානම් කොහොමද රු 100 පස්සට දාලා රු 5000 ක් පුජ වට්ටියේ තියන් ඉන්න එකාව ඉස්සරහට ගන්නේ, ඔතන ඇවිල්ල ගහන පොල් ටිකෙන් පවා හම්බ කරන කන හැත්තක් ඔකේ ඉන්නේ. දෙවියෝ කියන්නේ සල්ලි උල්පත්, තේරෙන්න කියනවනම් දෙවියෝ කියන්නේ පට්ට business එකක්

    ගොඩක් එඋන්ට හාස්කම් තියෙනවලු . ඕව මොනවද ඇහුවොත් කියයි , පාර වැරදුනාම පාර පෙන්නුවා .තව දුර යන්න බැ කියපු එකාට එතනින් එහාට අඩියක් හොල්ලන බැරිඋන වගේ දේවල් ,
    ඒවා හාස්කම් නෙමෙයි බන්. ඔය තමන්ගේ මොළය වැඩකරන හැටි ..
    ඕව දිගට කතාකරම කියයි පිළිගන්නේ නැති එකෙක්ට කියල වැඩක් නැ කියල :rofl:
    ඒ කතාව ගැන මමත් නොදන්නව නෙමෙයි බං. ඒත් ජාවාරම අස්සෙ පොඩි හරි හොඳ දේකුත් වෙනව .ඒකයි කිව්වෙ මචන් අරම ඔප්පු කරන්න ගේන පොත් ටික ඉස්කෝල වලටයි දහම් පාසල් වලටයි යන්නෙ.දන්න නිසා කියන්නෙ:) පොල් ගෙඩි ටිකට වෙන දේ දන්නව නෙ? පූජා භුමිය අවට තැන් වලට ආධාර නොකෙරනව කියන එක නම් බොරු මචන්. මොකද හුඟක් පින් අතේ වැඩත් කෙරෙනව. ඒත් උඹ කියපු එක ඇත්ත මෙතන ද්වියො පෙන්නල සල්ලි ගරන් කන මාෆියා එකක් තමයි යන්නෙ:baffled:

    මට එහෙම තෙරුම් කරල වැඩක් නෑ කියන්න ඕන නෑ බං.:no: මගේ මතයෙ වරදක් තියනව නම් මම පිළිගන්නව.නමුත් මම ඒ ගැන දෙයක් හොඳට දන්න නිසා කියන්නෙ:)සමහරවිට මම දකින විදිය වෙනස් උඹ දකින විදිය වෙනස් ඒ නිසා වෙන්න ඇති

    ඒත් මේ ඔක්කොමගෙන්ම එළියට ඇවිත් බැළුවම මේ දේවල ඇත්තක් තියනව බං:)

    uba deviyo atvidala tiyenawa kiyapu nisa kiyanne, uba Allah wa wiswasa karanawada ? natuwa ati

    mage middle east wala muslim friends la mata one taram kiyala tiyenawa, unta allah innawa kiyala danenawa kiyala. ay e ?

    hetuwa tamai, taman tadinma mokak hari wiswasa karanawanam tamanta eka danenawa. eka feeling ekak witarai. etanin ehata mokut na.
    විශ්වාසය කියන එක කොහොමත් භක්තියත් එක්ක එනවා. එතනින් එහාට දෙයක් කතා කරන්නවත් නොකරන්නවත් උඹටවත් මටවත් බෑ මචන්. විද්‍යානුකූලව ඒ ගැණ කතා කරන්න බෑ අපි දෙගොල්ලොටම

    ඒත් උඹල විවෘතව හිතනව ඒකට මම ගරු කරනව:)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    මෙතන ගොඩක් අය බුදු දහමේ එන දෙවිවරු ගැන කතාකරනවා. එත් බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ මෙන්න මෙහෙම

    [01] මා අනුස්සවේන – අනුන් කියන නිසා,
    [02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා,
    [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
    [04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින්,
    [05] මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්,
    [06] මා නය හේතු – න්‍යායට එකඟයයි වැටහුනු පමණින්,
    [07] මා ආකාර පරිවිතක්කේන – මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා,
    [08] මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා -කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමාන නිසා,
    [09] මා භබ්බරූපතාය – අවවාද දෙන්නා ගුණවතෙකු වූ පමණින්ම,
    [10] මා සමණෝ නෝගරූති – තම ශ්‍රමණයාණන් වහන්සේගේ කීමක්‌ පමණින්ම,

    ….. යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.

    ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ වචනයට වඩා , බුද්ධ වචනය මට වැදගත්. ලෝකේ කිසිම ආගමක කියල නැති දෙයක් තමා මේ බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ. දැන් හිතල බලන්න දෙවියන් අදහන්නේ මේ කරුණු දහයෙන් කුමක් පදනම් කරගනද? එච්චරයි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොසොල් රජතුමා බුදුන් වහන්සේ බැහැදැක “කිමෙක්‌ද ස්‌වාමීනි දෙවියෝ ඇත්තාහුද? යනුවෙන් විමසා සිටි විට බුදුන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙසේය. “ඇයි මහරජ නුඹ කුමක්‌ හෙයින් දෙවියෝ ඇත්දැයි අසන්නෙහිද? යනුවෙනි. රජුගේ පැනයට නිසි පිළිතුර නොලැබුණද, රජු එයින් සෑහීමකට පත් වී පසුව වෙනත් ප්‍රශ්නයක්‌ ඇසීමෙන් රජුගේ ප්‍රශ්නය නිරාකරණය නොවීම නිසා අටුවාචාරී බුද්ධ ඝෝෂ හිමියෝ සැකය දුරු කරනු සඳහා බුදුන් වහන්සේගේ “පාඨය” මෙසේ විස්‌තර කරන ලද බව මඡ්ජිම නිකායේ “කණ්‌ණ කන්ඵල සූත්‍රයෙන්” එළි දැක්‌වෙයි. “මහරජ ඹබ කුමක්‌ නිසා දෙවියන් ඇත්දැයි අසන්නෙහිද?” යනුවෙන් බුදුන් වහන්සේ වදාළේ චාතුර් මහා රාජික දෙවියෝ ඇත්තාහ. තාවතිංශ, දෙවියෝ ඇත්තාහ, පරහිම්මිත වසවත්ති දෙවියෝ ඇත්තාහ. ඒ දේව විමාන වලට එහායින්ද (උඩින්) දෙවියෝ ඇත්තාහ. යනුවෙන් අර්ථ විවරණය කරමිණි.
    මඡ්ජිම නිකායේ සංගාරව සූත්‍රයට අනුව, සංගාරව බමුණා දෙවියන් ඇත්ද, නැද්ද යනුවෙන් බුදුන් වහන්සේගෙන් විමසා සිටි අතර, බුදුන්වහන්සේ ඊට පිළිතුරු දී ඇත්තේ භාරද්වාජය ” මා විසින් දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැනගන්නා ලදී යනුවෙනි.” මෙම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ සංගාරව බ්‍රාහ්මණයා යළි මෙසේ විමසීය. භගවත් ගෞතමයන් වහන්ස, ඔබ දෙවියන් ඇත්දැයි කාරණයන්ට අනුව දැන ගන්නා ලදැයි කීයෙහිය. මෙසේ ඇති කල්හි ඒ කීම හිස්‌ වූ බොරු කථාවක්‌ නොවන්නේද? ඊටද පිළිතුරු දුන් බුදුන්වහන්සේ භාරද්වාජය, දෙවියෝ ඇත්දැයි අසන ලද්දේ, දෙවියෝ ඇතැයි යමෙක්‌ කියන්නේද එකල්හි නුවණැති පුද්ගලයා දෙවියෝ ඇතැයි ඒකාන්ත වශයෙන් නිශ්චයකට පැමිණිය යුතුයි.” දෙවියෝ ඇත යනු ලෝකයෙහි ඉතා ප්‍රකට සම්මතයේ පවත්නා දෙයක්‌ වගද බුදුන්වහන්සේ අවධාරණය කළහ. මින් ගම්‍ය වන්නේ බුදුවරු ලෝක සම්මතය වෙනස්‌ කිරීමට කටයුතු නොකරන වගකි.
    දෙවියන් පිළිබඳව අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි මෙසේ කියයි. දෙවියන් සම්මුති උප්පත්ති හා විසුද්ධි යනුවෙන් වර්ග තුනකට වෙන්වෙයි. සම්මුති දෙවියෝ යනු රජවරු බිසෝවරු හා රාජකුමාරයන් වෙති. උප්පත්ති දෙවියෝ ලෙස සැලකෙන්නේ චාතුම් මහාරාජික, දෙවියන්ගේ සිට එයින් උඩ සිටින දෙව්ලොව දෙවියන්ය. විසුද්ධි දෙවියෝ නම් රහත් ඵලයට පැමිණි වූවෝය.
    මඡ්ජිම නිකායෙහි මහාසීහ නාද සූත්‍රයට අනුව දෙවියන්ද ඕපපාතික කොටසට වැටෙන්නේය. චාතුර් මහාරාජික දෙවියන්ගේ පටන් ඉහළ දිව්‍ය ලෝකවල දෙවිවරු ඕපපාතිකව උපදින වගට අටුවාචාරීන් වහන්සේලා කියති. පොළවේ වාසය කරන “භූම්මා දේවා” නමින් හැඳින්වෙන දෙවිවරු චතුයෝනිකව (අණඩජ, ජලාඹුජ, සංසේඋජ, හා ඕපපාතික) උපදින වගද මඡ්ජිම නිකායේ අට්‌ඨ කථාවලින් ගම්‍ය වෙයි.
    අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයට අනුව, ආර්යශ්‍රාවක තෙම පටන් ගත් උත්සාහය ඇත්තේ අත්දෙකහි මහන්සියෙන්, දාඩිය මහන්සියෙන්, ධාර්මිකව ලද්දා වූ වස්‌තුව වියදම් කොට සංග්‍රහ පසක්‌ දිය යුතුය. ඒ සංග්‍රහ පහ නම් ඥානිබලි සංග්‍රහය, ආගන්තුක බලි සංග්‍රහය, පේනබලි සංග්‍රහය, රාජබලි සහ දේවතාබලි සංග්‍රයන්ය. මෙහිදී දෙවියන්ට දිය යුතු සංග්‍රහය දේවතා බලිය වන්නේය. මින් ගම්‍ය වන්නේ දෙවියන් උදෙසා කරනු ලබන පුද සත්කාරයන්ය. අතීත ලෝක සමාජයේ වාසය කළ සෘෂීන්, මනුෂ්‍යයන්, ක්‍ෂේත්‍රියයන්, බ්‍රාහ්මණයන් දෙවියන් වෙනුවෙන් යාග හෝම පැවැත් වූ බවත්,ඒ මගින් තමන් අපේක්‍ෂා කළ අභිමතාර්ථයන් ප්‍රාර්ථනයක්‌, සඵල කර ගත් වගද සුත්ත නිපාතයෙන් දැක්‌වෙයි. බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව මිනිස්‌ ලොව මිනිසුන් කුසල් කර ඉන් උපදනා පිං දෙවියන්ට ද අනුමෝදනා කළ යුතු බව පිළිගත යුතු සත්‍යයක්‌ වන්නේය. දෙවියන්ට පිං පැමිණවීමෙන්, එසේ පිට දෙන තැනැත්තා දෙවියන්ගේ අනුකම්පාවට හා සැලකිල්ලට භාජනයවී ඔහුට සෙතක්‌ ශාන්තියක්‌, යහපතක්‌ සලසා දෙනවග මහාවග්ග පාලිය, දීඝ නිකාය, මහා පරිනිබ්බාන සූත්‍රය යනාදියෙන් කියෑවෙයි.
    බුදුන්වහන්සේගේ දේශනා වන්හිදී ඇතැම් කරුණු අනුව දෙවියන් බොහෝ මිට මනුෂයයන්ගේ ජීවිත කෙරෙහි අසීමිත බලයක්‌ දක්‌වන වග නිර්මාණය වෙයි. මිනිස්‌ ලෝකයේ රජවරුන්ගේ ධර්මිෂ්ට, අධර්මිෂ්ට කම් අනුව ලොවට යහපත/ අයහපත් සිදු කරලීමටද ඔවුන් වග බලාගනී. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයෙන් ඒ බව හෙළිකරන්නේ මෙසේය.
    මහණෙනි යම් කළක රජවරු ධාර්මික වෙත්ද, එකල රජයෙහි නියුක්‌ත යෝද ධාර්මික වෙත් පෙ. සමවු වාතය හමත්, එකල දෙවියෝ පැහැදෙත්. දෙවියන් පැහැදුන කළ වර්ෂාව මනාකොට වසිත් එකල ශෂ්‍ය මනාව වැඩෙත් එලවැලඳීමෙන් මනුෂ්‍යයෝ වර්ණවත්ව, බලවත්ව නිරෝගීව ජීවත්වෙති.
    ඇතැම් අවස්‌ථාවලදී දෙවිවරු දෙව්ලොව සිට මිනිස්‌ ලෝකයට පැමිණෙති. සුත්‍රවල දැක්‌වෙන පරිදි ඔවුන් මිසින් ලොවට එන්නේ බුදුන් වහන්සේගෙන් ධර්ම දේශනා අසා දැන ගැනීමටත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග සාකච්ඡා පැවැත්වීමටත්ය. අංගුත්තර නිකායෙහි තික නිපාතයට අනුව එසේ පැමිණෙන දෙවිවරු තම නියම රූපයෙන් පොළවේ සිට ගත නොහැක්‌කේය. සියුම් ආත්ම මවා ගැනීමක්‌ මෙහිදී සිදු කෙරේ.
    මාර දිව්‍ය පුත්‍රයා බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසටත් එරෙහිව කටයුතු කළ අයෙකි. බුද්ධත්වය ලැබීමට පෙර පවා සිදුහත් සමයේ සිට මොහුගෙන් කරදර ඇති විය.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙතන ගොඩක් අය බුදු දහමේ එන දෙවිවරු ගැන කතාකරනවා. එත් බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ මෙන්න මෙහෙම

    [01] මා අනුස්සවේන – අනුන් කියන නිසා,
    [02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා,
    [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
    [04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින්,
    [05] මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්,
    [06] මා නය හේතු – න්‍යායට එකඟයයි වැටහුනු පමණින්,
    [07] මා ආකාර පරිවිතක්කේන – මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා,
    [08] මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා -කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමාන නිසා,
    [09] මා භබ්බරූපතාය – අවවාද දෙන්නා ගුණවතෙකු වූ පමණින්ම,
    [10] මා සමණෝ නෝගරූති – තම ශ්‍රමණයාණන් වහන්සේගේ කීමක්‌ පමණින්ම,

    ….. යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.

    ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ වචනයට වඩා , බුද්ධ වචනය මට වැදගත්. ලෝකේ කිසිම ආගමක කියල නැති දෙයක් තමා මේ බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ. දැන් හිතල බලන්න දෙවියන් අදහන්නේ මේ කරුණු දහයෙන් කුමක් පදනම් කරගනද? එච්චරයි.

    :yes::yes::yes::yes:
     
    දැන් ඔය උබ කියන දේවල් සදහන් වෙන්නෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ
    එනම් ඉහත කරුණු අනුව සිතෙන ඒවායේ මිත්‍යා විශ්වාස තිබිය හැකි බවයි. එහි දස වැනි කරුණට අනුව බුදුරජාණන් වහන්සේ වදාල “පමණින්ම” (එමගින් බුද්ධ වචනය අවිශ්වාස කරන ලෙස නොදැක්වේ, ඉන් අදහස් වෙන්නේ ණුවනින් විමසා බැලීමකින් තොරව නොපිළිගන්නා ලෙසයි) හෝ උන්වහන්සේ වදාලා යැයි කවුරුන් හෝ කිව් පමණින්ම වුවද කිසිවක් එකහෙළාම පිළිනොගන්න ලෙස අරුත් ගැන්වේ.
    උබ කියන විදිහට මුළු ත්‍රිපිටක‍යෙම සදහන් වෙන දෙවිවරු බොරු වෙනව ඒ නිසා බුදුන් වහන්සේ මෙතන දේශනා කරල තියෙන්නෙ නුවණින් විමසන්න කියල නැතුව බොරු කියන්න නෙමෙයි
     
    • Like
    Reactions: MihiCherub

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    exactly mcn. mamat okata samana deyak uda kiwwa.

    :) ඕක තමයි බන් හැමෝම කරන්නේ .
    වෙනස් වෙන්නේ Crystal එකට එක එක නම් Assign කරගන්න එක

    එළකිරි කොල්ලෙක්;15523708 said:
    ඒ කතාව ගැන මමත් නොදන්නව නෙමෙයි බං. ඒත් ජාවාරම අස්සෙ පොඩි හරි හොඳ දේකුත් වෙනව .ඒකයි කිව්වෙ මචන් අරම ඔප්පු කරන්න ගේන පොත් ටික ඉස්කෝල වලටයි දහම් පාසල් වලටයි යන්නෙ.දන්න නිසා කියන්නෙ:) පොල් ගෙඩි ටිකට වෙන දේ දන්නව නෙ? පූජා භුමිය අවට තැන් වලට ආධාර නොකෙරනව කියන එක නම් බොරු මචන්. මොකද හුඟක් පින් අතේ වැඩත් කෙරෙනව. ඒත් උඹ කියපු එක ඇත්ත මෙතන ද්වියො පෙන්නල සල්ලි ගරන් කන මාෆියා එකක් තමයි යන්නෙ:baffled:

    උබට වරදිනකොට ඒ දෙවියෝ කොහෙද හිටියේ ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් ඔය උබ කියන දේවල් සදහන් වෙන්නෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ
    එනම් ඉහත කරුණු අනුව සිතෙන ඒවායේ මිත්‍යා විශ්වාස තිබිය හැකි බවයි. එහි දස වැනි කරුණට අනුව බුදුරජාණන් වහන්සේ වදාල “පමණින්ම” (එමගින් බුද්ධ වචනය අවිශ්වාස කරන ලෙස නොදැක්වේ, ඉන් අදහස් වෙන්නේ ණුවනින් විමසා බැලීමකින් තොරව නොපිළිගන්නා ලෙසයි) හෝ උන්වහන්සේ වදාලා යැයි කවුරුන් හෝ කිව් පමණින්ම වුවද කිසිවක් එකහෙළාම පිළිනොගන්න ලෙස අරුත් ගැන්වේ.
    උබ කියන විදිහට මුළු ත්‍රිපිටක‍යෙම සදහන් වෙන දෙවිවරු බොරු වෙනව ඒ නිසා බුදුන් වහන්සේ මෙතන දේශනා කරල තියෙන්නෙ නුවණින් විමසන්න කියල නැතුව බොරු කියන්න නෙමෙයි

    tripitakaya liwwe budu hamuduruwo enevei. buduhamuduruwo parinirwanaya wela godak kalekata passe. eka nisa tripitakaye waradi tiyenna puluwan.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙවියන් විශ්වාසය ගැන හොද උදාහරණයක් තියෙනවා .. මේක කරපන් සාර්ථකයි .

    crystal බෝලයක් ගනිං. (ටිකක් වටිනා එකක් නැත්නම් අගය නැති වෙනවා )
    එක ටිකක් උඩකින් තියපන් . වදින්න පුළුවන මට්ටමේ ...
    හැමදාම උබ කරන කියන දේවල් ඔය බෝලෙට වදාලා කියපන් . ප්‍රශ්නයක් ආවමත් ඕකට කියපන් .
    උබට මොකක් හරි ඕනේ උනොත් එකත් ඔය බෝලෙට කියපන් ..
    exam එකක් පාස් වෙන්න ඕනෙනම් එකත් crystal එකට කියපන් .
    ටික කාලයක් යනකොට උබට තේරෙයි ඒ Crystal බෝලය උබට අවශ්‍ය දේවල් ලබාදෙනවා කියල .
    එකට කියන නිසා හිතට සැනසීමක් ලැබෙනවා කියල .

    ඕක අත්හදා බලපු සාර්ථක ක්‍රමයක් . . . දෙවියන් යදිමෙන් වෙන්නෙත් ඕකම තමයි

    හරියට හරි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    ඔය කියන්නේ මින්නේරි දෙයියෝ ගැන වෙන්න ඕනා , ඒත් කතරගම දේවලයේ දැනට අදහන්නේ මුරුගන් එහෙම නැත්නම් කන්දස්සාමි එහෙම නැත්නම් කතරගම කියලා පිලිගන්න එක්කෙනා, ඔය නාගර්කෝවිල් වල ඉන්නෙත් එයාම තමයි
    ඔව් මහාසේන් දෙවියන් කදිරදේව වෙලා පස්සෙ කතරගම උනා කියලත් මතයක් තියෙනව. පදිංචිව සිටි කන්ද වැඩිහිටි කන්ද කියලත් කියනව. තවත් මතයක් තියෙනව දුටුගැමුනු රජතුමා යුද්ධයෙන් දිනා කතරගම දෙවොල කරපු බවකුත්..හින්දු ආගම අනුව ඉතිහාස කතාව තවත් වෙනස්.. බුදුදහම අනුව දඹදිව හිටපු දේවතාවෙක් බුදු නියමය පරිදි ලන්කාවට ඇවිත් රට වැසියන්ගෙ හා බුද්ධ ශාසනය ආර්ක්ශා කරන්න බාරගත්ත මතයකුත් තියෙනව. හැබැයි දැන් කවුරුත් කියන විදියට; දැන් කතරගම දෙවියන් කතරගම නෑ.. ඔක්කම්පිටියෙන් එහා ඈත ගල්ගුහාවක් භාවනායෝගීව ඉන්නව කියලත් ගොඩක් හාමුදුරුවරු ප්‍රකාශ කරනව. දැන් පාලන කටයුතුවලට ඉන්නෙ කඩවර දෙවියන්ලු.

    දෙවියන් විශ්වාසය ගැන හොද උදාහරණයක් තියෙනවා .. මේක කරපන් සාර්ථකයි .

    crystal බෝලයක් ගනිං. (ටිකක් වටිනා එකක් නැත්නම් අගය නැති වෙනවා )
    එක ටිකක් උඩකින් තියපන් . වදින්න පුළුවන මට්ටමේ ...
    හැමදාම උබ කරන කියන දේවල් ඔය බෝලෙට වදාලා කියපන් . ප්‍රශ්නයක් ආවමත් ඕකට කියපන් .
    උබට මොකක් හරි ඕනේ උනොත් එකත් ඔය බෝලෙට කියපන් ..
    exam එකක් පාස් වෙන්න ඕනෙනම් එකත් crystal එකට කියපන් .
    ටික කාලයක් යනකොට උබට තේරෙයි ඒ Crystal බෝලය උබට අවශ්‍ය දේවල් ලබාදෙනවා කියල .
    එකට කියන නිසා හිතට සැනසීමක් ලැබෙනවා කියල .

    ඕක අත්හදා බලපු සාර්ථක ක්‍රමයක් . . . දෙවියන් යදිමෙන් වෙන්නෙත් ඕකම තමයි
    මේක නම් හරි මචන්... The secret කියන documentary එකේ මෙහා සමාන දෙයක් තියෙනව. ඊට අමතරව The Science and Spirit of Real Prosperity-Secrets of Success කියන පොතේ තව ගැඹුරට මේ ගැන තියෙනව.. ඕකට crystal බෝලයක්ම ඕන නෑ. කලු ගලක් උනත් පුලුවන් මාත් කාලයක් කලා. බෝලෙ ගන්නෙ විශ්වාසය ලොකු තැනක තියාගන්න ඕනෙ නිසා වෙන්න ඇති. හැබැයි ඔතන Environmental Energy එක Centralize වෙනව කියල මතයක් තියෙනව. ඒ කියන්නෙ අපේම ශක්තිය අපි බෝලෙට කාවද්දනව. පස්සෙ යම් අවස්තාවක ඒ ශක්තිය පසු ප්‍රයෝජනයට ගන්න පුලුවන් කියලත් කියනව. :rolleyes: මට නම් එච්චර කරන්න බැරි උනා.. ඔන්න ඔය හේතුව නිසාමලු හැම ආගමකටම අදාල පුදබිම් ස්වභාවික අනතුරුවලින් ගැලවෙන්නෙ. ගොඩක් කිතුනු ආගමෙත් පිලිම විතරක් බේරුන අවස්තා ගොඩක් තියෙනව. ගොඩක් දෙනෙක්ගෙ ශක්තිය centralize වීම නිසා ආරක්ශාවීමක් වගේ. නැතුව බලයක් නෙමෙ. :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    දැන් ඔය උබ කියන දේවල් සදහන් වෙන්නෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ
    එනම් ඉහත කරුණු අනුව සිතෙන ඒවායේ මිත්‍යා විශ්වාස තිබිය හැකි බවයි. එහි දස වැනි කරුණට අනුව බුදුරජාණන් වහන්සේ වදාල “පමණින්ම” (එමගින් බුද්ධ වචනය අවිශ්වාස කරන ලෙස නොදැක්වේ, ඉන් අදහස් වෙන්නේ ණුවනින් විමසා බැලීමකින් තොරව නොපිළිගන්නා ලෙසයි) හෝ උන්වහන්සේ වදාලා යැයි කවුරුන් හෝ කිව් පමණින්ම වුවද කිසිවක් එකහෙළාම පිළිනොගන්න ලෙස අරුත් ගැන්වේ.
    උබ කියන විදිහට මුළු ත්‍රිපිටක‍යෙම සදහන් වෙන දෙවිවරු බොරු වෙනව ඒ නිසා බුදුන් වහන්සේ මෙතන දේශනා කරල තියෙන්නෙ නුවණින් විමසන්න කියල නැතුව බොරු කියන්න නෙමෙයි

    ඒකම තමයි ඉතින් මාත් කියන්නේ. නුවනින් විමසා තීරණ ගන්න කියන එක තමයි. :nerd:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙතන ගොඩක් අය බුදු දහමේ එන දෙවිවරු ගැන කතාකරනවා. එත් බුදු හාමුදුරුවෝ කාලාම සුත්‍රයේ කියල තියෙන්නේ මෙන්න මෙහෙම

    [01] මා අනුස්සවේන – අනුන් කියන නිසා,
    [02] මා පරම්පරාය – පරම්පරානුගතව පැමිණි නිසා,
    [03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
    [04] මා පිටක සම්පදානේන – සාම්ප්‍රදායිකව ග්‍රන්ථානුගතව පැවත ආ බැවින්,
    [05] මා තක්ක හේතු – තර්කයට එකඟ යෑයි වැටහුනු පමණින්,
    [06] මා නය හේතු – න්‍යායට එකඟයයි වැටහුනු පමණින්,
    [07] මා ආකාර පරිවිතක්කේන – මේ කරුණ යහපත් යෑයි සංකල්පනය කිරීම නිසා,
    [08] මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා -කලින් තීරණය කොට බැසගත් නිගමනයන්ට හා දෘෂ්ඨින්ට සමාන නිසා,
    [09] මා භබ්බරූපතාය – අවවාද දෙන්නා ගුණවතෙකු වූ පමණින්ම,
    [10] මා සමණෝ නෝගරූති – තම ශ්‍රමණයාණන් වහන්සේගේ කීමක්‌ පමණින්ම,

    ….. යන කරුණු දහය කේන්ද්‍රගත කොටගෙන “විවෘත මානසිකත්වයකින් තොරව අවිචාර පූර්වක ලෙස” කිසිවක් පිළිනොගන්න.

    ආනන්ද මයිත්‍රී හාමුදුරුවන්ගේ වචනයට වඩා , බුද්ධ වචනය මට වැදගත්. ලෝකේ කිසිම ආගමක කියල නැති දෙයක් තමා මේ බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ. දැන් හිතල බලන්න දෙවියන් අදහන්නේ මේ කරුණු දහයෙන් කුමක් පදනම් කරගනද? එච්චරයි.

    tripitakaya liwwe budu hamuduruwo enevei. buduhamuduruwo parinirwanaya wela godak kalekata passe. eka nisa tripitakaye waradi tiyenna puluwan.

    එතකොට මචං මේ කරුණු 10ත් බොරුවෙනවනෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේවා තියෙන්නෙ
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    කතරගමට වැඩිය නල්ලූර් කෝවිලේ හාස්කම් තියෙනව කියලා දෙමල මින්ස්සු කියනව. අනේ මන්දා හින්දු කියන්නෙ තනි ආගමක් නෙමෙයි.:no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔව් මහාසේන් දෙවියන් කදිරදේව වෙලා පස්සෙ කතරගම උනා කියලත් මතයක් තියෙනව. පදිංචිව සිටි කන්ද වැඩිහිටි කන්ද කියලත් කියනව. තවත් මතයක් තියෙනව දුටුගැමුනු රජතුමා යුද්ධයෙන් දිනා කතරගම දෙවොල කරපු බවකුත්..හින්දු ආගම අනුව ඉතිහාස කතාව තවත් වෙනස්.. බුදුදහම අනුව දඹදිව හිටපු දේවතාවෙක් බුදු නියමය පරිදි ලන්කාවට ඇවිත් රට වැසියන්ගෙ හා බුද්ධ ශාසනය ආර්ක්ශා කරන්න බාරගත්ත මතයකුත් තියෙනව. හැබැයි දැන් කවුරුත් කියන විදියට; දැන් කතරගම දෙවියන් කතරගම නෑ.. ඔක්කම්පිටියෙන් එහා ඈත ගල්ගුහාවක් භාවනායෝගීව ඉන්නව කියලත් ගොඩක් හාමුදුරුවරු ප්‍රකාශ කරනව. දැන් පාලන කටයුතුවලට ඉන්නෙ කඩවර දෙවියන්ලු.

    කතරගම දේවාලේ දැන් අදහන්නේ හින්දු එක්කෙනා , කොහොම වෙතක් එකක් කියන්න තියෙන්නේ ඒක ව්‍යාපාරයක් කියන එක විතරයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මුන් හිතන් ඉන්නේ කතරගම දෙයියන්ට පලතුරු වට්ටියක් දුන්නහම දෙයියෝ ඒකෙන් බාගයක් කාලා වාහන වලට ඉන්ශුවරන්ස් දානවා කියලා. පිස්සු නැත්තන් සෝක්

    කෙල්ලගේ තාත්තා කතරගම යන් කියලා මම කිව්වා අව්රුද්දක් වාහනේ සීරීමක් වත් නැතුව දිව්වොත් ආයේ යමු පූජාවක් තියන්න, වාහනේට අබමල් රේනුවකවත් දෙයක් උනොත් මාත් එක්ක ගලක් ගහන්න යන්න එන්න ඕනේ කියලා. එකගනන් අපි යන් කිව්වා. මොකෝ මචන් හරි ගියොත් පලතුරු කවන්නයි කෙලවුනොත් සද්ද නැතුව ඉන්නයි දෙකක් බෑනේ. එතනින්ම දේවාල කතාව ලොප්.

    මුන් දෙයියොත් හෑල්ලු කරනවා බන්. දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න පලතුරු කවන්න පොල් ගහන්න ඕනේ නෑ බන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එතකොට මචං මේ කරුණු 10ත් බොරුවෙනවනෙ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේවා තියෙන්නෙ

    deviyo kiyala uba kiyana wachane teruma mokakda kiyala kiyapan mata issella ? e ayata karanna puluwan mona wage ewada ? koheda inne ?
    eeta passe mama kiyannam mage idea eka
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේක නම් හරි මචන්... The secret කියන documentary එකේ මෙහා සමාන දෙයක් තියෙනව. ඊට අමතරව The Science and Spirit of Real Prosperity-Secrets of Success කියන පොතේ තව ගැඹුරට මේ ගැන තියෙනව.. ඕකට crystal බෝලයක්ම ඕන නෑ. කලු ගලක් උනත් පුලුවන් මාත් කාලයක් කලා. බෝලෙ ගන්නෙ විශ්වාසය ලොකු තැනක තියාගන්න ඕනෙ නිසා වෙන්න ඇති. හැබැයි ඔතන Environmental Energy එක Centralize වෙනව කියල මතයක් තියෙනව. ඒ කියන්නෙ අපේම ශක්තිය අපි බෝලෙට කාවද්දනව. පස්සෙ යම් අවස්තාවක ඒ ශක්තිය පසු ප්‍රයෝජනයට ගන්න පුලුවන් කියලත් කියනව. :rolleyes: මට නම් එච්චර කරන්න බැරි උනා.. ඔන්න ඔය හේතුව නිසාමලු හැම ආගමකටම අදාල පුදබිම් ස්වභාවික අනතුරුවලින් ගැලවෙන්නෙ. ගොඩක් කිතුනු ආගමෙත් පිලිම විතරක් බේරුන අවස්තා ගොඩක් තියෙනව. ගොඩක් දෙනෙක්ගෙ ශක්තිය centralize වීම නිසා ආරක්ශාවීමක් වගේ. නැතුව බලයක් නෙමෙ. :yes:

    ඔය මොකක් වත් නෙමෙයි බන් ..ඕකෙන් අපිට හිතාගන්න පුළුවන් කොහෙවත් නැති දෙකට අපි හිතෙන් බැදිලා ඒක විශ්වාස කරල ,පස්සේ එක අපේ ජීවිතේට බලපෑම් කරන්න තරම් තත්වෙකට උස්සල තියන්න අපේ හිතට පුළුවන් කියන එක .
    ඔය මම කිව්වේ අපේ හිත රවට්ට ගන්න ලේසි ක්‍රමයක් . හරියට දෙවියන් විශ්වාස කරනවා වගේ .
    The Gods Must Be Crazy ෆිල්ම් එක අපි හිනා වේවි බැලුවට එකේ යතාර්තයත් ඕකම තමයි
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඒකම තමයි ඉතින් මාත් කියන්නේ. නුවනින් විමසා තීරණ ගන්න කියන එක තමයි. :nerd:

    මිනිස්සු එක එක්කෙනාගේ එක එක තර්ක මචන් තියෙන්නෙ තර්ක කරල උබටවත් මටවත් බුදුදහමේ නිවන් සුව විදින්න බෑ ඒ නිසා මම මේ මාතෘකාවෙන් අයින් වෙනවා උබට වෙලාවක් තියෙනවානම් මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලට හිත යොමු කරන්න... මේ හාමුදුරුවෝ මචන් කැලේකට වෙලා භාවනා කරන භික්ෂු නමක් ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කල පරිදි ජීවත් වන භික්ෂුවක් මෙතන තියෙනවා ඒ හාමුදුරුවො ගැන
    මෙතන තියෙනවා ඒ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා
    :):)
     
    • Like
    Reactions: smother

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    thred eka dapu sahota dewiyo gana thawa hugak igena ganna thiyenawa.
    dan katharagama karana wada dakkama nam onama kenekuta hithenawa boru wadak kiyala..
    namuth balangoda ananda maithree hamuduruwo dewiyan gana kiyapu dewal mama pili gannawa.
    apita aththa kiyala oppu karanna bari hamadeyakma borui kiyala hithana eka moda kamak.
    minissunta manasika suwayak wath labadena dewiyan samaga mini maranna uganwana dewiyan samana kirima itath wada moda kathawak..
    me gana tharka witharka walata yanna mageth danuma madi.
    nula start karapu sahodarayata thanks...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    කතරගම දේවාලේ දැන් අදහන්නේ හින්දු එක්කෙනා , කොහොම වෙතක් එකක් කියන්න තියෙන්නේ ඒක ව්‍යාපාරයක් කියන එක විතරයි.
    ඔව් ව්‍යාපාරයක් වෙන්න ඇති. අනික 1000 නෝට්ටු දෙවොලට දීල පන්සලට 2 කාසිය දෙන එකනම් වැරදී තමා.. :angry: ඒත් මිනිස්සු දෙවියන් ව්‍යාපරයක් කරගත්ත කියල මේ වගේ අසික්කිත ත්‍රෙඩ් දාන එක හරිද බන්? (යොදාගෙන ඇති වචන) සමහරු අවිශ්වාස කරනව. තව අය විස්වාස කරනව. ඒත් මේ බුදුදහම වත් හරියට දන්නෙ නැතුව සමච්චල් කරල පෝස්ට් දාන එකනම් කුජීතයි. විද්‍යාව හා අත්දැකීමෙන් තමා දෙයක් දැනගන්න පුලුවන්.. එහෙම කිසිම දෙයක් නොකර මේ කොහෙන් හරි බුද්ධ වචනයක් පොටක් කරගෙන දගලන එක නම් අනුමත කරන්න බෑ. :no:
     
    • Like
    Reactions: cybernalin