මචන් උඹේ ත්‍රෙඩ් එකේ තියන " බෞද්ධයින් හින්දු දෙවියන් වන්දනා කිරීම වැරදියි " කියන දේ එක්ක මම එකඟයි.
උඹ මේ ත්‍රෙඩ් එකෙන් කියන්න හදන්නේ "දෙවියන් කියා සත්වයින් කොටසක් නැත" + " උඹ භෞතිකවාදියෙක් " නම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි.
එත් " උඹ බෞද්ධයෙක් " + " උඹේ අදහස දෙවියන් කියා සත්ව කොටසක් නැත" නම් ඒක ප්‍රශ්නයක්, මොකද බුදු දහමට අනුව උඹ මිත්යාදෘෂ්ටිකයෙක් වෙනවා.
නත්ති සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත. කියන කරුණ දස වස්තුක මිත්යදෘෂ්ටියේ එක කරුණක්.
(නියත මිත්‍යාදෘෂ්ටික සුත්‍රය - අංගුත්තර නිකාය - දසක නිපාතය)
ඒ අනුව, උඹ බුදුදහමට අනුව මිත්යදෘෂ්ටිකයෙක් නම් පහත බුද්ධ වචන, ග්‍රීක දෙවියන්/ දේව කතා සමග සංසන්දනය කර ඒවා සමච්චලයට ලක්කිරීම මට නම් අරුමයක් නොවේ.
“ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
“මහණෙනි, මාගේ ශ්‍රාවකයන් ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.”