පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්ද්‍රකින්ණර ජාතකේ කිඳුරිය ලෙසින්
    උඹ පෙම් බැඳන් මට ලංවුණා
    පෙම් බැඳන් ආ කින්ණරාවී
    මගෙ ළඟින් හිඳ වෙන්වුණා

    ගෙට එන්ඩ පෙර කල කී කතා
    උඩුගං බලා ගියෙ‍දෝ මෙදා
    විස හී සරේ පපුවට හෙලා
    නුඹ නාටකේ වෙනසක් කළා

    චන්ද්‍රකින්ණර ජාතකේ ..............

    අත දරුවො ගෙන මහගිරිදඹේ
    තනිවම නඟින්න ද පෙම් කළේ
    කළු කාසියට හදවත් වැසේ
    නුඹ සොයනව ද බරණැස් පුරේ

    චන්ද්‍රකින්ණර ජාතකේ ..............


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    රූප සොබාවට මානෙන් උදම්වන
    ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
    ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
    නුවර ළඳුන් සිටියාද මෙවන්
    හංස විලේ පීනන්න ගොසින්
    මල් දුන්න අරන් නුඹ විද්ද සැනින්
    ගුන්ද ගුදත් ගත ගත් කත දොම්
    මට නින්ද නොයන්නේ මංද ඉතිං

    උන්මාද දෙතොල් සායම් සුවඳින්
    කම්මුල් තෙමන්නෙපා
    මට තුරුළු වෙලා මුදු පිහාටුවෙන්
    කරදර කරන්නෙපා
    පිණි කඳුළු සලා බොරුවට හඬලා
    මගෙ හිත කඩන්නෙපා
    අරවින්ද කැකුළු තුඩ මගේ පපුවේ
    ඉඩ කඩ සොයන්නෙපා

    - නිඳු
    lyrics ගොඩක් ලස්සනයි මේකේ. කව්ද දන් නෑ ලියල තියෙන්නේ?
     
    • Like
    Reactions: amila_90210

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආයිත් නම් මට ඔයාව එපා
    මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
    පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ
    තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ
    අරුමය කරුමයට පෙරළුනේ....
    මාස පහක් මම තනියම හිටියේ....
    දැන්ද ඔයාට මාව මතක උනේ
    වරදිද්දිද මාව ඕනේ උනේ....
    වැඩක් නෑ මම අමතක කෙරුවා....
    ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....
    පූසෙක් වගේ හිටියට කොටි දෙන....
    එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....
    ඔයා ලපටියි ඒත් හරි කපටියි....
    මාව රිද්දන්නට නම් හපනී.....
    බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....
    මම ඔ‍යාගෙ වචන නොඅසමී.....

    කරුමක්කාරී.....මට ඕන නෑ වදකාරී....
    ඇස මානේ ඒ විලාසේ.....
    හිමි වේ මට...//
    විතර‍යි (BEEP)
    කරුමක්කාරී.....

    කරුමාක්කාරි රකින බොරු පතිවත
    ලෝදි‍යට උණුවෙන්නැති හදවත.....
    අකුරු මදි කි‍යන්න උඹ දුන්න කරුමෙ ගැන
    අපා‍යෙ පොත මදි උඹෙ පව් ලි‍යන්න....
    මදි පව් පිරෙනවා මට
    ටික ටික මැරෙනවා මගෙ හිත.....
    කරුමක්කාරි අඬනවා බොරුවට
    රටේ ගෑනු කතා හදනවා ලිඳ ලඟ.....
    බොරු ප්‍රශ්න ගෙනල්ලා
    කෙල්ල ජිනීවා මම උඹෙ ඇඳපු චිත්‍ර‍ය පරණ‍යි
    උඹ මෝනලීසා උඹෙ බොරු බ‍යිලා
    මගෙ ‍යාලුවෝ දැන් call me පිස්සා
    මගෙ හැඟීම් අවුස්සා
    පැන්න මගෙ හිතට ගිනි ති‍යලා රට්ටු හිනස්සා
    සමාවක් නෑ දෙන්න මා ගාව
    හිත දුක ති‍යනවා සමග රචනාව.....

    -Kaizer kaiz-

    ____________________________________________________________________________

    (වචන වැරදිද දන්නේ නෑ.....rcccc සින්දුවේ ලින්කුව දුන්නට පස්සේ ආස හිතිලා දම්මේ......)


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රූප සොබාවට මානෙන් උදම්වන
    ආලෙත් සරී මගේ ප්‍රාණෙත් සරී
    ප්‍රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
    නුවර ළඳුන් සිටියාද මෙවන්
    හංස විලේ පීනන්න ගොසින්
    මල් දුන්න අරන් නුඹ විද්ද සැනින්
    ගුන්ද ගුදත් ගත ගත් කත දොම්
    මට නින්ද නොයන්නේ මංද ඉතිං

    උන්මාද දෙතොල් සායම් සුවඳින්
    කම්මුල් තෙමන්නෙපා
    මට තුරුළු වෙලා මුදු පිහාටුවෙන්
    කරදර කරන්නෙපා
    පිණි කඳුළු සලා බොරුවට හඬලා
    මගෙ හිත කඩන්නෙපා
    අරවින්ද කැකුළු තුඩ මගේ පපුවේ
    ඉඩ කඩ සොයන්නෙපා

    - නිඳු

    එල සෝන්ග් එක
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිරු කිරණ වැද දිලෙන
    නෙත් යුගල අගනා
    නා දලු ලෙසින් ලෙලෙන
    තොල් පෙතිද පෙනුනා
    සුරගන වෙසින් වඩින
    මේ කොමල අඟනා
    මතු දිනෙක හිමි වන්න
    පින් ඇති ද සිතුනා

    සැලෙනා නෙතින් යුතුව
    ආදර වරම් දෙම්
    නෙත ගැටෙන හැම විටම
    නෙත් සිත් බඳින්නෙම්
    සෙනෙහේ නිසා නොවෙද
    ආදර වදන් දෙම්
    නුඹගේ පිනෙන් නොවෙ ද
    මල් සැවොම පිපුණේ

    හිරු කිරණ වැද දිලෙන


    Radiations

    (මෙම ගීතයේ රැප් කොටස් හා ඉංග්‍රීසි පදපේලි අන්තර්ගත නොවේ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විසේකාර නුඹෙ කොඩුකාර සිත
    ඉලන්දාරි මට දෙනව ද සොඳුරිය
    වහන් කරන් ඉන්නට බෑ හදතුළ
    දෝරෙ ගලා යයි ආදර ගං දිය

    සිහින් සිරුර විසිරුණු වරලස නුඹෙ
    ගැස්සෙන පැද්දෙන තාලෙට නැලවෙන
    නුරා බැලුම් වැගිරෙන දිගු නෙතු දැක
    රාග හැඟුම් වසගෙට ගෙන මගෙ සිත
    මීවිත තැවරුණු නුඹෙ දෙතොලේ අග
    රහසක කියවූ මසිත වසඟ කළ
    මත් කොවුලන් සේ ගී ගයමින් දැන්
    වෙස් නැටුමට සැ‍රසෙන්නට

    විසේකාර නුඹෙ .............

    අහිසංකාවියෙ කෝඩාකාර සිත
    ඉලන්දාරි මට දෙනව ද සොඳුරිය


    K-Pound

    (මෙම ගීතයේ රැප් කොටස් හා ඉංග්‍රීසි හා වෙනත් භාෂා පදපේලි අන්තර්ගත නොවේ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත සුන්දර කෝල සිනා රඟ
    සුදු කෙල්ලේ නුඹට කොයින් ඔය
    ආදර දෙවොලේ සිත් මල් දම
    පෙම්ඹරියේ නුඹට පුදන්න ද
    ඔය නෙත් යුග දිලිසෙන තාලෙට
    ‍මගෙ හදවත නැලවෙන හින්දම
    හීනෙන් හෝ ඇවිදින් මා ළඟ
    සැනසෙමු අපි සොඳුරු වෙලාවට

    හිත සුන්දර කෝල සිනා රඟ ........

    සඳපානේ ඇවිදන් යන්නට
    ඔබෙ සියුමැලි සුදු අත දෙනව ද
    සුදු මෘදු මල් එක එක අරගෙන
    ඔබෙ වරලස සරසා ලන්න ද


    V3 Boys

    (මෙම ගීතයේ රැප් කොටස් හා ඉංග්‍රීසි හා වෙනත් භාෂා පදපේලි අන්තර්ගත නොවේ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා හදේ සිතුම් කෝල හැඟුම්
    මට ම ඉඟි කළා
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම්
    හදේ පුරවලා
    මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා
    මා වසඟ කළා
    කියන්න ආදරෙයි ද ආදරෙයි ද
    මහට ළංවෙලා
    සුසුමන් කොහෙද ගිහින්
    නුඹේ දෙනෙත් ළඟ ම නැවතිලා
    හිත හදාගන්න බැරි තරම්ම
    අකීකරු වෙලා
    ඔය අහිංසක ම ආදරබර
    මුහුණ පෙන්වලා
    ඇයි මා වසඟ කළේ පෙම්බර වදන් මුමුණලා
    පෙම්බර වදන් මුමුණලා
    තව වදන් මුමුණලා

    නුඹ නෙතු ගැටුණු ‍දිනේ
    විකසිත වූ පෙම් ප්‍රාර්ථනා
    ළඟ නතර වෙන්න පෙරුම් පුරයි
    ආදරේ පතා
    මෙතරම් ප්‍රේමනීය හදක් තවත්
    නෑ මහට පුදා
    මා ළඟ නතර වෙන්න පෙම් කරන්න
    වෙන් නොවෙම් සදා
    වෙන් නොවෙම් සදා
    මගෙන් වෙන් නොවෙම් සදා

    මා හදේ සිතුම් ..............

    D'Tap

    (මෙ‍ම ගීතයේ හින්දි කොටස් අන්තර්ගත නොවේ)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හිමිහිට මිමිනූවා
    අද හීතල වැහිබිඳු නහවයි මා
    මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    නොයිවසිල්ලෙන් බලා උන්
    වසන්තය ආවේ දැනුයි
    මාවත මලින් පිරී ගොහින්
    හීතල හුළඟේ විසි‍රී
    නුඹත් ළඟ උන්නානම් කියා හිතුනා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ

    දිනයක ඔබ මා ............

    අපි දෙන්නා හිනා වුණූ ගන්තෙර
    තාමත් සිහිල් පවන් හමයි
    හීනයාක් වන් අතීතයේ සුවඳ තවම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මන් නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නේ මන් විතරයි

    දිනයක ඔබ මා ............


    6th Lane
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
    හඳ පානේ . . මඳ අඳුරේ . . .
    අත් පටලා යමු ආයේ . . .

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ . . .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . .

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ ...

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . . .

    - වික්ටර් රත්නායක -
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    ..............................
    මමත් ගොඩක් ආස කරන සින්දුවක්.......:cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අසීමිතයි ආදරේ
    නැවුම් වේවි සිතුම් නිමේෂයෙන් නිමේෂයට
    මිහිරි වේවි පැතුම් නිමේෂයෙන් නිමේෂයට
    අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ
    ඔබ එනතුරු හිඳිම් පුරවා හද හැඟුම්

    සිහිවෙනවා පහස ඔ‍බේ එළඹුනු දා ගිම්හානේ
    ඉවසනු බෑ දෑස තෙමේ සෝ සුසුම් වැල් ගලා හැලේ
    සිහින මවමි සෙමින් සැනසෙන්නට ඔබෙන්

    අසීමිතයි ආදරේ

    රෑ මැදියම නිදි යහනේ සැතපෙනු බෑ නැත සහනේ
    සත් සමුදුරු දිව ඉදලා පැමිණෙන දා මාව සොයා
    ඔබෙ තොල්පෙති පියුම් දස දහස්වරක් සිඹිම්


    B Positive
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් ගොඩක් ආස කරන සින්දුවක්.......:cool::cool::cool:

    :yes::yes: ඒ කාලෙ ආපු ලස්සන සිංදුවක් ඒක. අර්ථයත් හොඳට තියෙනව.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී ලොව ම දැකුම්කලූ...//

    මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්න ලූ
    බිඟු නද විහඟුන් ඉගිල්ලූනේ මිහිරෙ රැඳෙන්න ලූ......

    පුන්සඳ නැඟුනෙත් අහස් තලේ අපට බලන්න ලූ
    දෙනෙතට කඳුළැලි තුරුල් කළේ පෙමට අඬන්න ලූ.......//

    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී ලොව ම දැකුම්කලූ...//

    මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්න ලූ
    දේදුනු ඕවිලි නැවී ගියේ නුවන පිනන්න ලූ ....

    මේ ලොව මා ඉපදුණේ ප‍්රියේ ඔබව ලබන්න ලූ
    ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලූ .....//

    ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
    මා ළඟ ඔබ සිටිනා විට දී ලොව ම දැකුම්කලූ...//


    :love::love::love:

    dep_12447535-Young-loving-couple-embracing-and-smiling-romance.jpg

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිත බැඳි කුමරී

    සිත බැඳි කුමරී නොපෙනී යනවා
    ඇගේ වත ඉල්ලා නෙතුකැන් හැඬුවා
    රිදවා සිත මා අද මා තනි වී
    පෙම් රුව නෑ බොඳ වී

    නිල් නුවන් මතකයට ගෙනා
    හද මගේ රිදවා
    රන් වතක් කොහෙදෝ සැඟවීලා
    නෙත මගේ සොයනවා

    සිත බැඳි කුමරී නොපෙනී යනවා...

    හාදු මල් ඈ මට ගෙනා
    හද ගැබේ සැතපී
    පෙම් කවක් නොමැකී සඳ සේමා
    මා ලොවේ තනි වීලා

    සිත බැඳි කුමරී නොපෙනී යනවා...


    -Rajitha & Rakith-

    ආයිත් නම් මට ඔයාව එපා
    මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
    11.gif

    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    11.gif

    11.gif
    මමත් ආස කරන සිංදු වලින් එකක්..
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වහින්න මුතු වැස්සක්...

    විසිරුනු තරු පත් සිඳුනා
    හිම පිණි පවනක් සැලුනා
    තිගැසියේ යම්තම් සිත මගෙ කිතිකැවුනා
    පිණි නිල්ලේ සිත්තම්වල පෙම් ඉඟි ලැබුනා

    සිතුවිලි කළඹක් මැවිලා
    හද මුදු හැඟුමන් පිරිලා
    සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා
    නෙතු දැල්වී ඇත්නම් මගෙ ලඟ නුඹ සැමදා

    වහින්න මුතු වැස්සක්//
    සිත පහන්ව ඉන්නේ
    පැතුම් ළංවෙලා සඟවා
    වහින්න මුතු වැස්සක්//
    හද වහන්ව ඉන්නේ
    සිතුම් ඉටුවෙලා නොදොඩා

    නෙතු කොනේ කඳුළු ඉනුවේ නැත මා
    පැතු ලෙසේ සුවඳ රැඳුනේ සදා
    හද ගැබේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
    නුඹ මගේ සොඳුරු මතකේ රැඳුනා
    රුව මැවේ දොරක ක්ෂිතිජේ ඉම හා
    දුක හිතේ නුඹව නොලැබේ කියා
    හිත මගේ නුඹට පුද දුන්නේ වසන්තේ
    සඳ රැයේ හැඟුම පවනේ සැළුනා

    වහින්න මුතු වැස්සක්...

    -
    Amarasiri Peiris & Samitha -
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Miss call එකක් තරමටවත්
    මා නොවටින බව දැනුනා:dull:
    හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු
    ඔබේ නම එහි ලිව්වා...:baffled:
    මගේ දෑස
    පුරා ඔබ සෙව්ව කථා
    බොරු බව මට හැඟුනා:growl::angry::growl:
    ඔබ යන්න ගියත් මට දුක නෑ :no:
    එක පාරක් මුණ ගැහිලා......:yes:
    ;):love::cool:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දිනයක ඔබ මා හිරිපොද වැස්සේ
    මල් කුඩේ යටින් පිය මැන්නා
    මොනවද හිමිහිට මිමිනූවා
    අද හීතල වැහිබිඳු නහවයි මා
    මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ

    නොයිවසිල්ලෙන් බලා උන්
    වසන්තය ආවේ දැනුයි
    මාවත මලින් පිරී ගොහින්
    හීතල හුළඟේ විසි‍රී
    නුඹත් ළඟ උන්නානම් කියා හිතුනා
    මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා
    වසන්තේ ඒ ගැන දන්නෑ

    දිනයක ඔබ මා ............

    අපි දෙන්නා හිනා වුණූ ගන්තෙර
    තාමත් සිහිල් පවන් හමයි
    හීනයාක් වන් අතීතයේ සුවඳ තවම ගලනා
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා
    මන් නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි
    නුඹ ගැන දන්නේ මන් විතරයි

    දිනයක ඔබ මා ............


    6th Lane

    :love::love::love:
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිත් යායේ පෙම්මල් පීදී
    අමරසදෝ වෑහෙන්නේ
    වස්සානේ ඇවිදින් වාගේනෙ
    නෙතු මා හදේ

    නිල්මානෙල් පාටයි දෑසේ
    තුරුලේමයි මා ඉන්නේ
    ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා..


    දුක්වින්දේ සුසුමක් ගානේ
    මා හැඩුවේ ඇල්ලක් වාගේ
    මුළු ලෝකේ එරෙහි වූ එදා
    දැනුනේ රස නොයිදුල් දීගේ
    හිනෙන් දුටු පාරාදීසේ
    මියැදෙන්නේ පහසින් දෙනුවන් මා.
    ...

    ත්රං මාගේ ..
    මිත් || අශාන්තී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආයිත් නම් මට ඔයාව එපා
    මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
    පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ
    තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ
    අරුමය කරුමයට පෙරළුනේ....
    මාස පහක් මම තනියම හිටියේ....
    දැන්ද ඔයාට මාව මතක උනේ
    වරදිද්දිද මාව ඕනේ උනේ....
    වැඩක් නෑ මම අමතක කෙරුවා....
    ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....
    පූසෙක් වගේ හිටියට කොටි දෙන....
    එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....
    ඔයා ලපටියි ඒත් හරි කපටියි....
    මාව රිද්දන්නට නම් හපනී.....
    බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....
    මම ඔ‍යාගෙ වචන නොඅසමී.....

    කරුමක්කාරී.....මට ඕන නෑ වදකාරී....
    ඇස මානේ ඒ විලාසේ.....
    හිමි වේ මට...//
    විතර‍යි (BEEP)
    කරුමක්කාරී.....

    කරුමාක්කාරි රකින බොරු පතිවත
    ලෝදි‍යට උණුවෙන්නැති හදවත.....
    අකුරු මදි කි‍යන්න උඹ දුන්න කරුමෙ ගැන
    අපා‍යෙ පොත මදි උඹෙ පව් ලි‍යන්න....
    මදි පව් පිරෙනවා මට
    ටික ටික මැරෙනවා මගෙ හිත.....
    කරුමක්කාරි අඬනවා බොරුවට
    රටේ ගෑනු කතා හදනවා ලිඳ ලඟ.....
    බොරු ප්‍රශ්න ගෙනල්ලා
    කෙල්ල ජිනීවා මම උඹෙ ඇඳපු චිත්‍ර‍ය පරණ‍යි
    උඹ මෝනලීසා උඹෙ බොරු බ‍යිලා
    මගෙ ‍යාලුවෝ දැන් call me පිස්සා
    මගෙ හැඟීම් අවුස්සා
    පැන්න මගෙ හිතට ගිනි ති‍යලා රට්ටු හිනස්සා
    සමාවක් නෑ දෙන්න මා ගාව
    හිත දුක ති‍යනවා සමග රචනාව.....

    -Kaizer kaiz-

    ____________________________________________________________________________

    (වචන වැරදිද දන්නේ නෑ.....rcccc සින්දුවේ ලින්කුව දුන්නට පස්සේ ආස හිතිලා දම්මේ......)


    :eek::lol::lol: පට්ටම ලිරික්ස් ටික..පූසෙක් වගේ හිටියට කොටි දෙන :P