ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ පීටර් කුරුවිට කියන සූප වේදියා ගැන. පීටර් ඉපදුනේ එංගලන්තේ 1963. පීටර් ගේ තාත්තා ලංකාවේ අම්මා ඔස්ට්‍රියාවේ. මෙයාලා පොඩි කාලෙම 1967 එංගලන්තේ ඉඳලා ඉන්දියාවේ අගට ඇවිත් මන්නාරමෙන් ලංකාවේ කොළඹට ආවා. එතකොට පීටර්ට අවුරුදු 4ක් විතර. කොළඹ හැදුනු වැදුණු පීටර්, පිටර්ගේ ආච්චි නිසා තමයි උයන්ඩ පුරුදු උනේ. ඔහොම ඉන්නකොට තමයි පීටර් ඇතුළු මුළු පවුලම 1974 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල පදිංචියට යන්නේ. සිඩ්නි වල flying fish කියන අවන් හලේ ප්‍රධාන සූප වේදියෙක්.
කොච්චර සල්ලි තිබුනත් පීටර්ගේ දෙවැනි ගෙදර වන අපේ ශ්‍රී ලංකාව අමතක කරේ නෑ. මම මුලින්ම පීටර් ගැන දැනගත්තේ Food Safari - Sri Lanka කියන ඕස්ට්‍රේලියානු රූපවාහිනී වැඩ සටහනෙන්. ඊට පස්සේ ආරංචි උනා පීටර් ලංකාවට ඇවිත් කොටස් 10ක රූපවාහිනී වැඩ සටහනක් කරනවා කියලා My Sri Lanka කියලා. එකේ පීටර් ලංකාව වටේ ගිහින් මේ පුංචි ලංකාවේ සුන්දරත්වය, ලංකාවේ ප්‍රනීත ආහාර මුළු ලෝකෙටම කියලා දෙනවා. පීටර් ලංකාවේ කෑම ගැන පොත් දෙකකුත් ලියලා තියනවා. හදන කෑම දැක්කම ලංකාව කොච්චාර පොඩි උනත් තියන කෑම කොච්චරද කියලා. සමහර ලංකාවේ ඉපදිලා ලංකාවෙන් ගිහින් ලංකාවේ ඇද කුද හොයන මිනිස්සුන්ට ලංකාවේ ඉපදුනේ නැති පීටර් කුරුවිට වගේ පුත්තු තවත් බිහි වෙන්ඩ ඕනේ. මෙන්න පීටර්ගේ පින්තූර ටිකක් හා ලංකාවේ රූප ගත කරපු My Sri Lanka වැඩසටහනේ කොටස්.
https://www.facebook.com/mysrilankawithpeterkuruvita
My Sri Lanka Intro
ගාල්ලේ බිත්තර රෝල්ස් හදන විදිය
යාපනේ කකුළුවෝ හදන විදිය
තලවාකැලේ ඌරු මස් කරිය හදන විදිය
කජු මාළු කරිය
දැල්ලෝ කරිය
එළු මස් කරිය
ඩෙවිල් මාළු කරිය
ඇඹුල් තියල්
හම්බන්තොට පොලේ බීට් රූට් කරිය
නුවර හදපු වට්ටක්කා කරිය
නෙළුම් අල කරිය
ඉඳි ආප්ප, කිරි හොදි සමග පොල් සම්බල්
ආප්ප
බතල
ඉස්සෝ
හුරුල්ලෝ බැදුම